පමුණුගම YMCA තරුණ ක්‍රිස්තියානි සංගමය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මගින් සංවිධානය කරන ලද ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (GBV) වැළැක්වීම පිළිබඳ දින හතරක පුහුණුකරුවන් පුහුණු කිරීමේ (ToT) වැඩසටහනකට සහභාගී විය.
මෙම පුහුණුව 2026 මාර්තු 24 සිට 27 දක්වා Renuka City Hotel හිදී පැවැත්වුණි. තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව හරහා ලැබුණු මෙම අවස්ථාව සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා සහභාගි විය.
මෙම වැඩසටහන, චර්යා වෙනස් කිරීමේ සන්නිවේදන (BCC) යන තේමාව පාදක කරගනිමින් සකසන ලද මොඩියුල තුනක් පිළිබඳව අවධානය යොමු කෙරිණ. කාන්තාවන් හා ගැහැණු ළමයින්, පුරුෂයින් හා පිරිමි ළමයින්, සහ පුළුල් සමාජය යන කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙම මොඩියුල තුන සකසා තිබිණ. අන්තර්ක්‍රියාකාරී සැසි, ප්‍රායෝගික මෙවලම් සහ කණ්ඩායම් සාකච්ඡා මගින්, සමාජයේ අහිතකර චර්යාවන් අභියෝග කිරීම, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහිව ප්‍රජා මට්ටමේ ප්‍රතිචාර ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා මෙම වැඩමුළුව ඔස්සේ සහභාගීවූවන් හට ලබා දෙන ලදි.
පුහුණුව අවසානයේදී, මෙම වැඩසටහන යටතේ කුඩා ව්‍යාපෘති අරමුදලක් සඳහා අයදුම් කිරීමටද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට අවස්ථාව ලැබුණි.
No comments:
Post a Comment