Thursday, December 30, 2021

වාර්ෂික සුහද හමුව 2021 Members Gathering 2021

සංගමයේ කොඳු නාරටිය වන්නේ සාමාජික සාමාජිකාවන්ය. ඔවුන් විවිධ අයුරින් සංගමයේ ක්‍රියාකාරීත්වය සඳහා දායකවේ. බොහෝවිට සංගමයේ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වන්නේ එම වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන සාමාජිකයිනි. එම නිසා ඔවුන් සියළු දෙනා හට හමුවීමට අවස්ථාව ලැබෙන්නේ අවස්ථා කීපයකදී පමණි. වාර්ෂික සුහද හමුව ඊට කදිම අවස්ථාවකි. 

2021 සාමාජික සුහද හමුව දෙසැම්බර් මස 22 වන දින සංගම් ශාලාවේදී පැවැත්වුනේ සාමාජික සාමාජිකාවන් 35 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි. මෙහිදී සාමාජික සාමාජිකාවන් විවිධ විනෝධ ක්‍රීඩා වලට සහභාගී වෙමින්, රාත්‍රි ආහාරය එක්ව ලබාගනිමින්, කැරෝකේ කීත ගායනා කරමින් සහ සංගමයේ දරුවන්ගේ හැකියාවන් රසවිඳිමින් ඉතා සුන්දර සැඳෑ කාලයක් ගතකරන ලදි. 

Members are the back born of the association. They contributes to the success of the YMCA in various ways. Different members attend deferent activities through out the year and there are only few occations for them all to meet together. Members gathering is one of them. 

This year the members gathering was held on 22 December at the YMCA main hall with participation of over 35 members. During the gathering members had a great time, playing fun games, singing karaoke songs, having dinner and enjoying the talents of YMCA children.
















බාලදක්ෂයින් අතින් හැඩවූ සංගමයේ ගවලෙන - Crib made by scouts at YMCA of Pamunugama

මාලීෂ පෙරේරාගේ නායකත්වයෙන් යුතුව බාලදක්ෂයින් විසින් මෙවර සංගම් භූමිය තුළ ගවලෙන නිර්මාණය කෙරින. විවිධ වැඩසටහන් සමඟ පැවති කාර්යය බහුල තත්වය තුල වුවද ඉතා නිර්මාණශීලී ලෙස කෙටි කාලකය් යොදාගනිමින් මෙවර ගවලෙන සංගමයේ බාලදක්ෂයින් විසින් ඉදිකොට තිබින.

This year the crib was made by Scouts of Pamunugama YMCA with the leadership of Maleesha. Due to the busy schedule children had with all the programmes planned during the year end scouts had a very short time to complete the crib. Even within this short time the group was able to make a beautiful and creative crib at the YMCA premises. 



Carol tour around the village - සංගමයේ දරුවන් කැරොල් සංචාරයේ -

As Christmas arrives, every year the Children of Pamunugama YMCA visit homes in the village to spread the good news of our Lord Jesus Christs arrival to this world. Due to Covid 19 restrictions, this long standing tradition of Pamunugama YMCA could not be followed last year. 

With the lifting of restrictions children were able to visit homes singing carols this year. A group of 25 children of Pamunugama YMCA visited several homes in the village, handing over gifts to children and singing carols on 21 December 2021.   

සැම වසරකම පාහේ නත්තල උදාවත්ම, සංගමයේ දරුවන් කැරොල් ගීත ගායනා කරමින් ග්‍රාමය පුරා සාමයේ කුමරාගේ ආගමනයේ පණිවුඩය සහ අසිරිය රැගෙන සංචාරයේ යෙදේ. කොවිඩ් 19 හේතුවෙන් පසුගිය වසරේදී මෙම කාර්යය සිදු කිරීමට නොහැකි වුවද කොවිඩ් 19 රෙගුලාසි ලිහිල් වීමත් සමඟ මෙවර එම අවස්ථාව දරුවන්ට හිමිවිය.

සංගමයේ දරුවන් 25 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් ග්‍රාමය පුරා 2021 දෙසැම්බර් මස 21 වන දින සවස කැරොල් සංචාරයේ යෙදුනේ වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ ඒ සුන්දර සම්ප්‍රදාය ආරක්ෂා කරමිනි. මෙම සංචාරය අතර තුරදී ඔවුන් නිවසින් නිවසට ගොස් කැරොල් ගීත ගායනා කරමින් එම නිවෙස්වල සිටි දරුචන් හට ත්‍යාග පිරිනමන ලදි.




Thursday, December 23, 2021

New YMCA Initiative to promote the rights of people with disabilities - ආබාධ සහිත පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් YMCA කැපවෙයි

YMCA of Pamunugama together with the Sri Lanka Welfare Society of the Blind (SLWSB) launched a new advocacy project to promote the inclusion and the rights of the people with disabilities in Sri Lanka. Through this project it is intended to mobilize civil society groups and youth groups to take hand in hand with the organizations for the people with disabilities to promote the rights of people with disabilities. There have been several one to one meetings and the first collective meeting was held on 21 December via zoom. During the meeting participating groups agreed to work together in the future.

This short term project will consist of number of activities and campaign events to initiate a dialogue in the society on the right based issues of people with disabilities in Sri Lanka as there no enough dialogue taking place at the moment. Participation for the Global Disability Summit (GDS) Scheduled for February also one of the highlight events of this projects. Couple of awareness Building programmes and a National Summit is planned within the project activities as a lead-up for the GDS.

YMCA and the SLWSB are very excited with the positive responses and enthusiasm shown by different groups so far. ATLAS (umbrella organization for DPOs in Norway) is supporting the project through Y global which is the International arm of the YMCA/YWCA of Norway. 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සහ ‍ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුභසාධන සංගමය ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සිටින ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම් වෙනුවෙන් අලුත් බලපෑම් ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. මෙම ව්‍යාපෘතිය හරහා සිවිල් සංවිධාන, තරුණ සංවිධාන සහ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන ඒකරාශී කොට ගෙන පොදු වැඩපිළිවෙළලක් ඔස්සේ ආබාධ සහිත ප්‍රජාව ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා බලපෑම් ක්‍රියාවලියක් සිදු කිරීම සැලසුම් කොට ඇත.

මේ වනවිටත් බොහොමයක් සංවිධාන සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර පළමු පොදු සාකච්ඡාව Zoom ඔස්සේ 2021 දෙසැම්බර් මස 21 පවත්වන ලදී. ඒ සඳහා සහ සහභාගීවූ සියලුම සංවිධාන ඉදිරියේ දී ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟතාවය පලකොට ඇත.
ශ්‍රී ලංකාවේ සිටින ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිලි පිළිබඳව ප්‍රමාණවත් සංවාදයක් සමාජය තුළ නොමැති බව පැහැදිලිය. මෙම තත්වය හමුවේ යෝජිත ව්‍යාපෘති ක්‍රියාකාරකම් හරහා මාජය තුළ ප්‍රමාණවත් කතිකාවතක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.  එමෙන්ම 2022 පෙබරවාරි මාසයේ පැවැත්වීමටට නියමිත ආබාධ සහිත ප්‍රජාව සඳහා වූ ගෝලීය සමුළුවට සහහභාගි වීමද මෙම ව්‍යාපෘතියේ එක් වැදගත් ක්‍රියාකාරකම් වේ.  ඒ සඳහා සූදානම් වීමට දැනුවත් කිරීමේ වැඩ සටහන් කිහිපයක් මෙන්ම ජාතික සමුළුවක් සංවිධානයකි කිරීමට ද බලාපොරොත්තුවෙන් පසුවෙමු. 
 
මෙම නව ව්‍යාපෘතියය සම්බන්ධයෙන් මේ වන විට විවිධ සංවිධාන සමඟ ඇති වී තිබෙන ඉතා ධනාත්මක එකඟතාවයන් පිළිබඳව අපි උද්‍යෝගයෙන් පසු වන්නෙමු.   මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම් සඳහා තරුණ  ක්‍රිස්තියානි සංගමයේ ජාත්‍යන්තර පාර්ශවකරුවෙකු වන y global ආයතනය අපට සහාය වන අතර Y Global ආයතනය සමඟ නෝර්වේ රාජ්‍යයේ ආබාධ සහිත ප්‍රජාව ගේ  සංවිධානවල මව් සංවිධානායේ සංවිධානය ලෙස කටයුතු කරන ATLAS නම් සංවිධානය සම්බන්ධයෙන් වී සිටී.

Monday, December 13, 2021

එක්දින ළමා කඳවුර Day Camp for Children

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමේ ළමා හමුවේ දරුවන් සඳහා එක්දින කඳවුරක් 2021 දෙසැම්බර් මස 11වන දින පැවැත්විණ. 

ඒ සඳහා දරුවන් 25 දෙනෙකු සහභාගි වූ අතර දවස පුරා විවිධ ක්‍රියාකාරකම් පැවැත්විණි.  එදින පැවති ක්‍රියාකාරකම් අතර නාට්‍ය අනුසාරයෙන් දේව වචනය අධ්‍යයනය කිරීම, කණ්ඩායම් ක්‍රියාකරකම් සහ එක්ව ආහාර ගැනීම සිදුවිය. 

කොවිඩ් 19 තත්වය හමුවේ බොහෝ කලක් නිවෙස් වල සිරවී සිටි දරුවන් හට සෞඛ්‍ය නිර්නායක අනුව එකරාශි වීමට සහ සාමාන්‍ය පරිදි ළමා වැඩසටහන් පවත්වාගෙන යාමට අවස්ථාව උදාවීම දරුවන්ගේ මානසික සුවතාවයට මහත් පිටුවහලක් වනු ඇත.

Children of Pamunugama YMCA had a day Camp at the YMCA premises on 11 December 2021. 25 Scouts and Children's Club members attended this camp. 

Children started the day with a biblical reflection where they also performed the same bible story which they reflect in groups as a short drama. Then they had number of group activities including making Christmas cards, group games and singing. Children also were able to enjoy a nice lunch together as a YMCA family after a while.

Being able to conduct regular gatherings and activities after Covid 19 restrictions, will help to ease-up the mental stress that children have been experiencing since the pandemic began. 









Tuesday, November 30, 2021

Digital mapping of Negombo lagoon pollution sources

The Collective to protect Negombo Lagoon was formed by fishermen, organizations, and interested individuals in the Negombo Lagoon area to work as a people's movement to save the Negombo Lagoon which is becoming a dead zoon due to human activities. Janawabodha Kendra a leading Civil Society Organization in Negombo area took the initiative to build this movement and at present the YMCA of Pamunugama is also taking part in its activities.

Collective has already intervened on several occasions to prevent environmental damage around the Negombo Lagoon. In order to assist the interventions collective decided a prepare a digital map of the Negombo lagoon which indicates the places with pollution sources in and around Negombo lagoon. Four young people interested in the environment, the staff of the Janawabodha Kendra and the YMCA of Pamunugama are currently contributing to the initial phase of the work.

Accordingly, a preliminary planning discussion on the mapping program was held on 23rd October 2021 at the YMCA of Pamunugama. Then the volunteers travelled around the Negombo lagoon on November 21, 2021 in two groups to gather information such as mangrove deforestation, land invasions, buildings and docks built illegally. This information is currently being computerized with the help of the Google My Map application.

Further information will be gathered and the map will continue to be updated. Further action on the data and information obtained will be taken with the intervention of the Collective. 

(Translated from Sinhala to English using google translation)






Monday, November 29, 2021

සිතියම්ගත කෙරෙන මීගමු කළපුවේ පාරිසරික විනාශයන්

මීගමු කළපුව අවට ප්‍රදේශයන්හී ධීවරයින්, සංවිධාන, සහ උනන්දුවක් දක්වන පුද්ගලයින් එක්ව මීගමු කලපුව සුරැකීමේ සංවිධානය ගොඩනගා ගනු ලැබූවේ විනාශ වෙමින් පවතින මීගමු කලපුව සුරැකීම සඳහා වූ ජනතා ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමටයි. මෙම ව්‍යාපාරය ගොඩනගා ගැනීම සඳහා මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය මූලිකත්වය ගෙන කටයුතු කළ අතර මේ වන විට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයද එහි පාරශවකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටී.

මීගමු කලපුව සුරැකීමේ සංවිධානය මඟින් මීගමු කලපුව අවට සිදුවන පාරිසරික හානි වලක්වා ගැනීම සඳහා මේ වන විටත් අවස්ථා කීපයකදීම මැදිත්වී ඇති අතර එම ක්‍රියාවලියට සහය වීමට සහ ක්‍රමවත් කිරීම සඳහා කලපුව අවට සිදුවන පාරිසරික හානි ඩිජිටල් සතියම්ගත කිරීමට තිරණය කරන ලදි. එම සිතියම්ගත කිරීමේ ක්‍රියාවලියේදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මූලික පාර්ශව කරුවෙකු ලෙස කටයුතු කරයි. පරිසරය පිළිබඳව උනන්දුවක් දක්වන තරුණයින් 4 දෙනෙකු, ජනාවබොධ කේන්ද්‍රයේ සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්යය මණ්ඩලය මේ වන විට මූලික අධියරේ වැඩකටයුතු සඳහා දායකවෙමින් සිටී. 

මේ අනුව සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව මූලික සැළසුම් කිරීමේ සාකච්ඡාවක් 2021 ඔක්තොම්බර් මස 23 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පැවැත්වින. ඉන් අනතුරුව 2021 නොවැම්බර් මස  21 වන දින කණ්ඩායම් දෙකක් වශයෙන් තොරතුරු රැස් කිරීම සඳහා කළපුව වටා සංචාරය කරන ලදි. මෙහිදී කලපුව ආශ්‍රීත කඩොලාන කැපීම්, කළපුවට සම්බන්ධ කොට ඇති කානු පද්ධති, කලපුව ආක්‍රමණය කරමින් ඉදිකොට ඇති ජැටි, තාප්ප, බැම් වැනි දෑ පිළිබඳව තොරතුරු ඒකරාශී කරගන්නා ලදි. මෙම තොරතුරු මේ වන විට "ගූගල් මයි මැප්" යොදවුම ආධාරයෙන් පරිගණක ගතකරමින් සිට්. 

තවදුරටත් තොරතුරු රැස් කිරීමට නියමිත අතර දිගින් දිගටම සිතියම යාවත්කාලීන කිරීමට බලාපොරොත්තුවේ. ලබාගත් දත්ත සහ තොරතුරු මත ඉදිරි ක්‍රියාමාර්ග කළපුව සැරැකීමේ සංවිධානයේ මැදිහත්වීමෙන් සිදු කිරීමට නියමිතව ඇත.





Thursday, November 4, 2021

YMCA starts a Dancing Group - යලිත් ඇරඹුනු YMCA නැටුම් කණ්ඩයම

YMCA of Pamunugama has been providing children with various opportunities to showcase their talents since its inception. Dancing has been one of the areas where Pamunugama children showcased their talents at various stages and won several competitions as well. After the relaxation of Covid 19 restrictions, YMCA Pamunugama started a new dancing class for the children in the area. 

First session was held 02 November 2021 at the YMCA hall and classes are scheduled for every Tuesdays of the week. YMCA invites all interested children and youth to join the group and be a part of the YMCA of Pamunugama dancing group. Ms. Chemika Lakshani is working as the dancing instructor of the group.

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය එහි ආරම්භයේ සිටම ප්‍රදේශෙයේ දරුවන් හට තම හැකියාවන් සහ කුසලතාවයන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පරිසරය සකසාදුන් අවස්ථා අප්‍රමාණය. නැටුම් ඉන් ප්‍රධාන අංගයක් වූ අතර සංගමයේ දරු දැරියන් අවස්ථා බොහෝමයකදී දක්ෂතාවයන් ඉදිරිපත් කොට ඇති අතර තරඟ රැසකින්ද ජයග්‍රහනය ලබා ඇත.

නැවතත් සංගමයේ නැටුම් අංශය ශක්තිමත් කරමින් නර්ථන කණ්ඩායමක් ආරම්භ කෙරින. එහි ප්‍රථම හමුව නොවැම්බර් මස 02 අඟහරුවාදා පැවති අතර සෑම අඟහරුවාදා දිනකම සවස 3.15 ට සංගම් ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා උනන්දුවක් දක්වන සියළුම ළමා සහ තරුණ ප්‍රජාවට ඇරයුම් කොට සිටිමු. නර්ථන ආචාරය චෙමිකා ලක්ෂානි මෙනවිය විසින් නර්ථන කණ්ඩායම මෙහෙයවනු ලබයි.

Monday, October 18, 2021

"දරුවන් වෙනුවෙන් යහපත් ලෝකයක්" මැයින් සංවිධාන කීපයක් එක්ව සැමරූ ශ්‍රී ලංකා ළමා දිනය.

සෑම වසරකම ඔක්තොම්බර් මස 1 වන දිනය ලාංකීය දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නම්කොට ඇති අතර එදින රට පුරා දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පවත්වනු ලබයි. කෙසේ වෙතත් පවතින කොවිඩ් තත්වයන් හේතුවෙන් මෙවර සැමරුම් සුපුරුදු පරිදි පැවැත්වීමට නොහැකිවිය. පවතින අභියෝගාත්මක තත්වයන් අභිබවා යමින් දරුවන් වෙනුවෙන් විශේෂිත ඔනලියින් ලෝක ළමා දින සමරු වැඩසටහනක් පැවැත්වීමය සංවිධාන කීපයක් එක්ව කටයුතු කරණු ලැබුවේ කිසිදු තත්වයක් හමුවේ දරුවන් නොසළකා හැරිය නොහැකි බව සියළුදෙනාටම පසක් කරමිනි. 

මේ සඳහා නායකත්වය ගනු ලැබූයේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය, නැප්සෝ, බෝර්න් ටු වින් සහ අසයිලම් ඩෙස්ක් යන සංවිධානයි. ඔක්තොම්බර් මස 15 සහ 16 යන දින දෙක පුරා විවිධ වැඩසටහන් පැවති අතර විවිධ ප්‍රදේශ සහ කණ්ඩායම් නියෝජනය කරමින් දරුවන් 80 ක් පමණ සහ දෙමාපියන් 60 ක් පමණ වැඩසටහන් සඳහා එක්විය. මෙහිදී දරුවන් හට තම හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර, විනෝදය, දැනුම, හැකියාවන් සහ ආකල්ප වර්ධනය වන අයුරින් විවිධත්වයකින් යුතු වැඩසටහන් පැවති අතර දෙමාපියන් වෙනුවෙන්ද ද විශේෂ වැඩසටහනක් පැවැත්වින.

කෙටි ආරම්භක උළෙලකින් වැඩසටහ ආරම්භවූ අතර එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීන රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා එක්වූ අතර විවිධත්වය තුළ ලෝකය අලංකාර වන්නේ කෙසේද යැයි දරුවන්ට ආකර්ෂනීය ලෙස කෙටි පණිවුඩයක් 
ඉදිරිපත් කෙරින. එම ඉදිරිපත් කිරීම පිළිබඳව වැඩි දුර කියවීමය මෙම දිගුව වෙත යොමු වන්න. වැඩිදුර කියවීමට

ඉන් අනතුරුව පැවතියේ අසේල නිලන්ත මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ ඔරිගාමී වැඩසටහනයි. සූම් තාක්ෂණය ඔස්සේ මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම කෙතරම් අභියා්ගාත්මක වුවද ඉතා සංයමයෙන් ඉදිරිපත් කෙරුණු මෙම වැඩසටහන සාර්ථක වූ බව දරුවන් විසින් සිදුකරනු ලැබූ නිර්මාණයන්ගෙන් පිළිඹිබු විය. ඉන් අනතුරුව දරුවන්ග් ආකල්ප වර්ධනය කරමින් ජීවිතය කෙරෙහි දැක්මක් සහ ඉල්ක ඇතිකරගැනීමට දරුවන් පොළඹවමින් විශන් බෝඩ් එකක් නිර්මාණය කරගන්නා ආකාරය ප්‍රවින දේශක දිලීප වන්නිආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලදි. එම වැඩසටහනේ දිගුවක් පසුදින පැවතුනේ සහභාගී වූ දරවන් විසින් එවන ලදි විශන් බෝඩ් සියළුදෙනා හට දකින්නට සළස්වමින් ඒවායේ සාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා කරමිනි.

මෙම වැඩසටහන සඳහා මීගමුව අවට සරණාගත තත්වය අපේක්ෂාවෙන් ජීවත්වන විදේශීය දරුවන් සමූහයක්ද එක්වූ අතර, දෙවන දින උදෑසන වෙන්වූයේ ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීම සඳහාය. එහිදී ඔවුන්ගේ ගායන, නර්ථන සහ අත්කම් හැකියාවන් සිටළුදෙනා හට දක්නට ලබුනු අතර ඔවන්ද සැමගේ අවධානයට ලක්විය යුතු දරුවන් කොට්ඨාශයක් බව පසක් කෙරින. 

ඉන් අනතුරුව, දෙමාපියන් සඳහා විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර එහි සම්පත් ලෙස ප්‍රවීන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක එක්වූ අතර පවතින කොවිඩ් තත්වය තුළ දරුවන් කෙරෙහි සංවේදීව දෙමා පියන් ඇතුළු වැඩිහිටියන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දනුවත් කෙරින. මෙම වැඩසටහන ඉතා ආකර්ශනීය ලෙස සරළව සිදු කිරීම සැමදෙනගේ පැසසුමට ලක්විය. දෙවන දින උදෑසන වැඩසටහන් එයින් නිමා විය.

එදිනම සවස් වරුවේ වැඩසටහන් ආරම්භ වූයේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මිත්‍ර බාලදක්ෂ කණ්ඩායමක් වන නෝර්වේ රාජ්‍යයේ ඇස්කර වයි. එම්. සී. ඒ / වයි, ඩබ්. සී. ඒ. බාලදක්ෂ කණ්ඩායම විසින් සජීවීව ඉදිරිපත් කරණු ලැබූ ඔස්ලෝ නගරයේ පා ගමනත් සමඟයි. මෙම වැඩසටහන ඉතා නැවුම් අත්දැකීමක් වැඩසටහනට එක්වූ අතර යුරෝපානු නගරයක සජීවීව ඇවිද යන්නා සේ අපූර්ව අත්දැකීමක් දරුවන්ට මෙහිදී හිමිවය. මෙම පාගමන අතරතුරදී නොර්වේජියානු පාර්ලිමේන්තුව, ඔස්ලෝ විශ්වවිද්‍යාලා, නෝර්වේජියානු ජාතික රඟහල, කාල් යොහාන් ප්‍රධාන වීදිය මෙන්ම නෝර්වේජියානු රජ මාලිගය දරුවන්ද දැකබලා ගැනීමේ හැකියාව දරුවන් හිමිවිය.

ඉන් අනතුරුව රවීන් දල්පදාදු තරුණ දුනු විදීමේ ක්‍රීඩකයා දරුවන් සමඟ එක්වුයේ විශේෂ සංවාදයකටයි. රවීන් ලංකාවේ ප්‍රමුඛ පෙලේ දුනු විදීමේ ක්‍රීඩකයෙකු වන අතර 2017 යොවුන්
ඔලිම්පික් උලෙල ලංකාව නියෝකනය කරමින් 06 වන ස්ථානයෙන් තරඟය අවසන් කරන ලදි. එහිදී ඔහු ලොව 03 ස්ථානය සිටින ජපානු ක්‍රීඩකයෙකුද පරාජය කිරීමට සමත්විය. මෙම සංවාදයේ දී රවීන් විසින් දුනු විදීමේ කයීඩාව පිළිබඳව, ලංකා නියෝජනය කිරීම පිළිබඳවව අත්දෑකීම් මෙන්ම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකු ලෙස අභියෝග වලට මුහුණු දීම පිළිබඳව වැදගත් අදහස් රැසක් සහභාගී වි සිටි දරුවන් සමඟ බෙදාගන්නා ලදි. 

වැඩසටහන අවසන් වූයේ සවස 07 ට ආරම්භ වූ අවසාන ප්‍රසංගයත් සමඟයි. මෙම ප්‍රසංගය සඳහා වැඩසටහන සංවිධානය කරණු ලැබූ සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූ දරුවන්ගේ නර්තන, ගායන සහ රංගමන හැකියාවන් ඉදිරිපත් කෙරුනු අතර ඊට පරිබාහිරව නුවර තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන්, කුරුණෑගම මලියදේව ආදර්ශ විද්‍යාලයේ දරුවන්, ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත්වේල් හී ශ්‍රී ලංකීය එකමුතුව, ඇස්කර බාලදක්ෂ කණ්ඩායම සහ ජර්මනියේ මියුනිච් නුවර ලාංකීය සමූහය තම හැකියාවන් ඉදිරිපත් කෙරින. 

කිසිදු තත්වයක් හමුවේ දරුවන් අමතක කළ නොහැකි බවත්, දරුවන් වෙනුවෙන් යහපත් වර්තමානයක් මෙන්ම අනාගතයක් බිහිකිරීම සියළුම දෙනාගේ වගකීම බවත් සිහිගන්වමින් මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයවූ සියළුදෙනාට ස්තූතිය පුදකරමින් වැඩසටහන නිමා විය.

Saturday, September 18, 2021

Peace Maker Journalism, Beyond Reporting - Introduction Session

"Peacemaker is a global movement built up by young people of many groups from different countries, cultures and regions who fight for global justice and peace. Peacemakers fight global injustices and policies that are unfavorable and unjust."

Peacemaker journalism is one of the important elements within the peacemaker programme. Introduction session to this novel topic was organized by the Born to Win Relationships together with YMCA of Pamunugama on 17 September, 2021 via zoom from 7 - 8 pm. There were 18 interested individuals including journalists and activists attended the event 

Mr. Fredrik Glad-Gjerns the director of Y Global of Norway participated the event as the resource person to introduce the concept. Mr. Fredrik has been giving leadership to the Peace Maker movements from its birth. During his sharing Mr. Fredrik mentioned that "information plays a vital role in peace making and fighting for justice. Peace maker journalism goes beyond just reporting an incident. It is about reporting on injustice and exploitations from the perspective of victims. It is supposed to pave the way and create the opportunities for action for peace and justice." 

Mr. Evan also joined from Tanzania to share his ground experiences on peacemaker journalism specially around the exploitations by multinational mining companies in Tanzania. Mr, Evan also mentioned the important ground rules that journalists should follow when engaging in peacemaker journalism such as authenticity of the information.

Both resource persons shared the importance of understanding of the ground situation and local contexts to secure the safety of peacemaker journalists since the peace maker journalism can be visible as offending towards the perpetrators and people who are corrupter with power. 

It was an interactive session with comments and questions from participants. Mr. Dileepa of BTWR facilitated the meeting. YMCA of Pamunugama together with Born to Win Relationships are looking forward to explore more on the concept and to build-up a network for peacemaker activities and peacemaker journalism.

Note: Those who are interested to read more about the session a detailed report will be available soon and send us a mail to pamunugama_icy@yahoo.com or arunathushari@gmail.com. We will forward it to you.





Wednesday, July 28, 2021

බෙනඩික්ට් ලූෂන් (බෙනී) - අගැයුමක්

හේතු කිහිපයක් නිසා 70 දශකය මෙරටට අතිශයදන් වැදගත් වෙයි. වාමාංශික කන්ඩායම් එකතුවී සමගි පෙරමුණු රජයක් බිහි කළෙත්, ජේවීපී කැරැල්ල පැන නැංගේත් බටහිර ගැති ඊනියා ලිබරල් ආරථික ක්‍රමයක් හඳුන්වා දුන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදි පැවැත්ම උඩු යටිකූරු වුනෙත් මේ දශකය තූළදීය. 

තලාහේන පේරුවේ ගම්වලටත් මේ සියලු බලපෑම්වලට මුහුණ දීමට සිදුවිය. ධීවර අස්වැන්නට යහපත් මිළක් නොලැබීමත්, වෙනත් අදායම් මාර්ග නොමැතිවීමත්, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය වැනි සේවාවන් බිඳවැටීමත් නිසා සාමාන්‍ය ජන ජීවිතය හෙල්ලුම්කා තිබුනි.

මෙම පූර්විකාව නොමැතිව බෙනී ගැන සටහනක් තැබිය නොහැකිය. 1974දී තරුණ පිරිසක් විසින් "සැනසුම"  තරුණ සමාජය බිහිකරන්නේ මෙම දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මිනිසුන්ට සහය වීමටය. බෙනී "සැනසුම"  අරම්භක සාමාජිකයකු පමණක් නොව එහි බර දරා සිටි සවිමත් කූළුනක්ද විය.

ඔහු සමූහයක් අතරදී කැපි පෙනෙන්නට කැමති චරිතයක් නොවූ අතර තරමක ලජ්ජාශීලි බවක්ද පළ කළේය. එහෙත් අසාධාරණයක්, අකටයුත්තක් දුටුවිට එවැන්නකට එරෙහිව පෙරට එන්නට තරම් ආත්ම ශක්තියක් ඔහු වෙත විය. මේ 

දර්ශනය පදනම් කරගෙන සැනසුම තරුණ සමාජයේත්, තරුණ ක්‍රිස්තියානි සංගමයේත් ප්‍රධාන ලේකම් ලෙස ක්‍රියා කරමින් ඔහු කළ කාර්යභාරය විශිෂ්ඨය. මුදලාලි ඒකාධිකාරය බිඳ දැමීමට සහ ණය බරින් දුගී ජනතාව මුදාගැනීමේ මගක් ලෙස සෙත්තප්ඩුව ග්‍රාමීය බැංකූව බිහිකිරීමට, ධීවර යාත්‍රා සහ දැල් ආම්පන්න ලබා දෙමින් ධීවරයා සවිමත් කිරීමට, ගැමි දරුවන්ගේ කඩා වැටුනු අධ්‍යාපනය නංවාළන්නට, ළමා සහ තරුණ වැඩසටහන් මගින් ඔවුන්ගේගේ අනාගතය යහපත් කරන්නට, යුද්ධයෙන් බැටකෑ අහිංසක ජනතාවට පිහිට වන්නට තරුණ ක්‍රිස්තියානි සංගමයට (සැනසුම) හැකි වුයේ බෙනී වැන්නන්ගේ උදාර කැපකිරීම් සහ දහදිය මහන්සිය පමණක්ම නිසාය.

කිසිවකූගේ දුකකදී, කරදරයකදී පිහිටට ඒමට බෙනීලාගේ සහෝදරත්වයට ආරාධනා අනවශ්‍ය විය. ලෙඩක, දුකකදී, මරණයකදී ඔවුන් එතැනය. එවන් එකමුතූවක් එතෙක් දකින්නට නොතිබුනි. (දැන්නම් එහි අඩුවක් පෙනේ).

සෙත්තප්පාඩුව දේවමාතා මන්ඩපය ඉදිකිරීමේදී, අවමංගල්‍යාධාර සේවය පිහිටුවීමේදී බෙනීගේ කාර්යභාරය අති මහත්ය. සමහර කාර්යයන්හිදී ඒවායේ සියළු බර තම කර පිටට ගත්තකූ ලෙස ඔහු කටයුතූ කළේය. ඒහැම දෙයකට වඩා වේදනාකාරි හා කටුක අත්දැකීම්වලට බෙනීද මුහුණ දුන්නේ ග්‍රාමීය බැංකූව ලබා ගැනීමේදීය. ඒ සඳහා ගෙනගිය අරගළයේදී ඔහු සිටියේ ඉදිරියෙනි. දේශපාලනය අජීර්ණවූ අය හරහට සිටිද්දී ඒවාට මුහුණ දෙමින් ඔහු කළ මෙහෙයට පුදකළ හැකි හොඳම ගෞරවය නම් ග්‍රාමීය බැංකූවමැයි. බෙනී තුළ සැඟවගත් දාර්ශනික දැනුම ග්‍රාමීය බැංකූ අරගළයේදී සංවිධානය කළ පෝස්ටර් ව්‍යාපාරයේදී ඔහුගේම අත් අකුරින් ලියැවුණු  "ග්‍රාමීය බැංකු මාතාව විලි රුදාවෙන් පෙළෙන්නීය - බිහිවන්නට සිටින දරුවා දුප්පතාගේ රැකවළාය" යන වදනින් ඉස්මතූ විය.

බෙනී වැන්නන් එදා පෙන්වූ එඩිතර බව සහ කැපකිරීම නොවන්නට අද මේ ගම්වල ජනතාව බුක්ති විඳින නොයෙකූත් සේවාවන් ඔවුන්ට නොලැබෙන්නට ඉඩ තිබුනි. එබැවින් මේ ජනතාවගේ  කෘතඥතාවය ඔවුන්ට හිමිවිය යුතූය.

පසුකාලීනව ඔහුගේ ජීවිතය තුළ විශ්මයජනක ලෙස කිතූණු දැක්ම හරවත් කරන අධ්‍යාත්මික පුබුදුවක් ජීවමාන විය. එවැනි තත්ත්වය් හැම දෙනාටම ළඟාකරගත නොහැකිය. ඔහු විශෂ්ඨයකු වන්නේද ඒ නිසාමය.

බෙනී සමගින් බොහෝ දේවල් නික්ම යනු ඇත. ඒ නිසා ඔහුගේ නික්ම යාම එම පවුලට මෙන්ම අපටද අහිමිවීමකි. කාලය විසින් මිනිසුන්ගේ මතකයෙන් අප හැමදෙන ඉවත් කරනු ඇත. එහෙත් අපෙන් අවසන් සගයාත් ජීවත් වනතුරු බෙනී ජීවත් වනු ඇත.

ජීවිතය යනු හමුවීම් සහ වෙන්වීම්ය. සමහර හමුවීම් සහ වෙන්වීම් අපට සංවේදී වන්නේ නැත. එහෙත් බෙනීගේ වෙන්වීම අප සිත් සිදුරු කළ ඊ පහරකි. එය බොහෝ කලක් අපට රිදුම් දෙනවා ඇත. 

බෙනී ඔබ කළණ මිතුරෙකි - නොවෙනස් සහෝදරයෙකි. අපි එක්ව බොහෝ දේ කළෙමු. ඒ දුකටපත් මිනිසුන්ගේ දුක නිවන්නටය. ඒ හැම දෙයකම යහපත් විපාකය ඔබට හිමිවිය යුතුය. 

ඉතින් මිතූර - ගමන් සගය - සොහොයුර ඔබේ ගමන අවසානය.

අපි සමුගනිමු - යළිත් හමුවන්නට.

පමුණුගම තරුණ කිස්තියානි සංගමය

පන්තිකාමරය තුළ කොවිඩ් 19 න් ආරක්ෂා වන්නේ කෙසේද?

මේ වන විට ලංකාව තුළ කොවිඩ් ආසාධිතයින් මෙන්ම මරණ සංඛ්‍යාවේද අඩුවක් නොමැති තත්වයක වුවද රටේ බොහෝ අංශ පූර්ණ වශයෙන් විවෘත කොට ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රය තවමත් විවෘත කොට නොමැති වූවද ඒ පිළිබඳව සාකච්ඡා දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒවැනි තත්වයක් තුළ පාසල් ආරම්භවූ විට කොවිඩ් 19 පන්තිකාමරයෙන් හැකිතාක් තුරන් කරන්නේ කෙසේ දැයි විමසා බැලීම සඳහා පුහුණුවක් 2021 ජුලි මස 28 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වින. 

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් සඳහා වූ එකමුතුව මඟින් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහන සඳහා ඊට අනුබද්ධ මාකලෝසා සිහින පාසල, සන්තෝෂා පදනම සහ කපුවත්ත ඩිවයින් කෙයාර් මධ්‍යස්ථානය නියෝජනය කරමින් ගුරුවර ගුරුවරියන් 7 දෙනෙකු සහභාගීවිය. පාසල ආරම්භ වීමත් සමඟ විශේෂයෙන් සැළකිය යුතු සෞඛ්‍ය පුරුදු මෙන්ම හදිසි අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරින.



How to combat Covid threat within the class room - Training for teachers

Even with rising number of Covid deaths and infected people, Government of Sri Lanka has decided to reopened almost all the sectors except the education. There are continuous discussions going on on the matter and expected to see a gradual start. In the Sri Lankan context, assuring the safety of students within a class room will be challenging and a special programme will be a necessity. 

In order to prepare for the above challenge the Collective for specially abled organized a brainstorming session for the teachers of the schools attached to the collective on 29 July, 2021. Event was held at the YMCA of Pamunugama with the participation of 7 students from YMCA Makalause Dream School, Santosa Foundation and Devine Care Training Center.

During the programme teachers shares thoughts, experiences and listed the safety measures to be followed when restart the regular school activities. YMCA of Pamunugama hosted the programme. 



Friday, July 2, 2021

කොවිඩ් 19 සහ එක්සප්‍රස් පර්ල නෞකාවෙන් හානියට පත් ජනතාවට වියළි සලාක

ප්‍රදේශයේ පවුල් 24 ක් සඳහා වියලි සලාක මළු බෙදාදීම 2021 ජුලි මස 02 වන දින සංගමයේ දී සිදුවිය. වියලි සළාක බෙදා දීමේදී සංගමයේ ළමා වැඩසටහන් සඳහා සහභාවී වන දරුවන්ගේ පවුල් අතරින් කොවිඩ් 19 නිසා සහ එක්සප්‍රස් පර්ල් නෞකාව නිසා ආපදාවට පත් පවුල් අතරින් ප්‍රතිලාභීන් තෝරාගන්නා ලදි. 

එක් ආහාර මල්ලක වටිනාකම රු 2,300 ක් පමණ වන අතර ඒ සඳහා අනුග්‍රහය දක්වනු ලැබූවේ සංවිධානය විසිනි. එම අනුග්‍රහය සම්බන්ධීකරණය කරනු ලැබූයේ ජනාවබෝද කේන්ද්‍රයේ අජිත් හැඩ්ලි මහතා විසින්. ඔවුන් දෙපාර්ශයටම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්තූතිය. 



Dry Rations to Covid 19, 3rd Wave and Xpress Pearl Ship Accident effected families in the village

YMCA of Pamunugama distributed Dry rations packs among 24 families in Seththappaduwa area on 02 July, 2021. When selecting beneficiaries, the priority was given to the fisheries families of children attached to the YMCA Child Development Programmes. 

YMCA received these dry ration packs as a donation from the ITF-NUSS. YMCA take this opportunity to thank ITF-NUSS and Mr. Ajith Hadly of Janavaboda Kendraya for coordinating the donation. Each pack contained with dry rations valued Rs 2,300/=.



Monday, June 28, 2021

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් වෙනුවෙන් මුහුණු පොතේ පිටුවක් දිගහැරේ

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන සංවිධාන කීපයක එකතුවෙන් පසුගිය වසරේදී විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් සඳහාවූ එකමුතුව පිහිටුවා ගන්නා ලදි. මේ වන විට මෙම එකමුතුව මඟින් කොවිඩ් 19 තත්වය තුළ අපහසුතාවයට පත්ව සිටින එම එකමුතුවට අයත් දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපණික වැඩසටහන් සහ දනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද සංවිධානය කෙරින. 

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සමාජයේ විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් සේ සලකා කටයුතු කිරීමට මෙම එකමුතුව එකඟවී ඇත. එහි ප්‍රධාන පියවරක් ලෙස මුහුණු පොත හරහා දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භකොට ඇති අතර ඒ සඳහා Collective for Specially Abled නමින් මුහුණු පොතේ පිටුවක් ආරම්භකොට ඇත. 

ඉදිරියේ දී එම පිටුව හරහා විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් පිළිබඳව පුළුල් කතිකාවතක් ආරම්භකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා සහභාගීවන මෙන් ඔබ සැමට ඇරයුම් කරමු. 

පිටුව සඳහා පහත සබැඳියෙන් පිවිස Like කරන්න.

https://www.facebook.com/pg/Collective-for-Specially-Abled-105988948379026/posts/

සංගමයේ අධ්‍යාපණික වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් ඇරඹි ශාන්තසිරි අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන

අප සංගමය මඟින් දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකරන්නාවූ වැඩකටයුතු තවදුරටත් පුළුල් කරමින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ක්‍රියාත්මක කරන නවතම ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස ශාන්තසිරි හෙට්ටිආරච්චි අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන හදුන්වාදිය හැක.

දුන්ගාල්පිටිය ප්‍රදේශයේ ජිවත්ව දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වන ශාන්තිලාල් හෙට්ටිආරච්චි මහතාගේ පූර්ණ අනුග්‍රයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර තම පියාණන් සිහිවනු පිණිස  මෙම වැඩසටහන ශාන්තසිරි හෙට්ටිආරච්චි අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස නම් කර ඇත.

ශිෂ්‍යත්ව ප්‍රතිලාභීන් ලෙස 2021 වර්ශයේ අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට නියමිත සිසු සිසුවියන් පස්දෙනෙකු තෝරාගනු ලැබූ අතර ඔවුන් තෝරා ගැනීමේදී දරුවන්ගේ අධ්‍යාපන කුසලතා හා පවුලේ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගැනීමක් සිදුවිය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් දරුවකුට රු.2,000/= බැගින් වූ මුදලක් මාසිකව හිමිවේ.

ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරමින් කෙටි ආරම්භක රැස්වීමක් 2021.06.26 වන සෙනසුරාදා දින සවස 2.00 ට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පැවැත්වූ අතර ඒ සඳහා ශාන්තලාල් හෙට්ටිආරච්චි මහාතා ද සූම් තාක්ෂණය ඔස්සේ අප හා සම්බන්ධවිය. එහිදි අදහස් දැක්වූ එතුමා දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය හරහා එතුමා ලබා දෙන සහයෝගය තම අධ්‍යාපණ කටයුතුහී ප්‍රවර්ධනය සඳහා දායක කරගන්නා ලෙසයි. එමෙන්ම ජීවිත අරමුණු ලඟාකර ගැනීම සඳහා අධ්‍යාපනය ඉතා වැදගත්වන බවද එතුමා සිහිගන්වන ලදි. එමෙන්ම මෙම දරුවන් සඳහා ඉදිරියේදී ද හැකි පමණ දායකවීමට එතුමා කැමැත්තෙන් පසුවන බව දන්වාන ලදි.

අප සංගමය හා එක්ව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපණික ප්‍රගමනයෙහි ලා එතුමා දක්වන්නාවු මූල්‍යයමය සහ අදහස්මය දායකත්වය පිළිබඳව සංගමයේ ස්තූතිය එතුමන්හට පුදකර සිටිමු. 

New Facebook Page for Collective for Specially Abled

Collective for Specially Abled is a group of organizations and individuals working for the betterment of the Specially Abeld Community. Makalause Dream School of the YMCA of Pamunugama is a major partner of the group and playing an active role. This collective has conducted several educational programmes lately and also trying the intervene for the right of the specially abled community. 

As a part of the advocacy campaigned of the collective a new Facebook Page has been created. In the future collective will post different materials on the page educating the public on the rights of specially abled as well as the issues  they face as an eye opening for the society to be more sensitive.

We invite you all of you to follow our page.

https://www.facebook.com/pg/Collective-for-Specially-Abled-105988948379026/posts/



Shanthasiri Hettiarachchi Memorial Scholarship - New initiative to support O/L students

Further strengthening the Educational Programme of the YMCA of Pamunugama, a new Scholarship Programme has been launched recently. Through this Scholarship Project, 5 GCE Ordinary Level students who are preparing for their examination at the end of year 2021 will be supported with a monthly scholarship of Rs 2,000/= each. 

This project is fully supported by Mr. Shanthalal Hettiarachchi who is currently living in United Arab Emirates. Mr. Hettiarachchi is originally from Dungalpitiya (neiboring village to where YMCA of Pamunugama locates). Mr. Hettiarachchi has been a well-wisher of Pamunugama YMCA and he has also made contributions in the past to the YMCA of Pamunugama. This new scholarship programme is named as Mr. Shanthasiri Hettiarachchi Memorial Scholarship. Mr. Shanthasiri  is the late father of Mr. Shanthalal. 

Scholarship Project launching meeting was held at the YMCA of Pamunubama on 26 June, 2021 with the participation of students, parents, (Mr. Dhanuka Jayamanne) President of Pamunugama YMCA, (Mr. Aruna Shantha Nonis) Advisor of Pamunugama YMCA and YMCA of Pamunugama staff. Mr. Shanthalal Hettiarachchi also joined this special moment via zoom making this meeting a memorable one. 

Speaking to students and parents Mr. Shanthalal mentioned that education is the best way to achieve life goals and encouraged student to make full use of the support he is providing to students through the YMCA of Pamunugama. He also guaranteed that he will continue to support these students in their further studies as long as it is possible for him. 

We the YMCA of Pamunugama take this opportunity thank Mr. Shanthalal Hettiarachchi for his very generous act as well as his examplinary decision to support younger generation to achieve their educational goals. 

Monday, May 17, 2021

Zoom awareness for the Parents of Specially Abled - 2nd phase

YMCA of Pamunugama together with the Network for Specially Abled are organizing a series of online training for the parents of the Specially Abled Students. This is a part of the Covid 19 Special Educational Programme of the Makaluse Dream School. 

Second phase of the training ws held on 07 May, 2021 with the participation of over 25 parents attached to the different school of the network (Makalause Dream School, Santosa Foundation, Devine Care, Mencap).

During the online session parents were educated on the importance of continuous involvement of the specially abled children in different day today activities in order to keep them active and motivated during the pandemic time. Mr. Anton Dilhn, the main instructor Device Care Canter was the resource person of the session. 


 

Sunday, May 9, 2021

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම - දෙවන අදියර

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සදහා වූ එකමුතුව මගින් සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2021 මැයි මස 7 වන දින Zoom  මාද්‍ය ඔස්සේ පවත්වනු ලැබින.

මෙම වැඩසටහන සදහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමේ මාකලෝසා සිහින පාසල, සන්තෝෂා පදනම, කපුවත්ත ඩිවයින් කෙයා මද්‍යස්තානය, නුවරඑලිය මෙන්කැප් ආයතනය සහ නුවර YMCA යන සංවිධාන වලට සම්බන්ධ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමාපියන් 25 දෙනෙකු පමණ සහභාගි විය.

මෙම online වැඩසටහන අතරතුර දරුවන් සදහා නිවසේදී සිදු කල හැකි ශාරිරීක ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන් හට ප්‍රායෝගික දැනුමක් ලබා දෙන ලදී.වැඩසටහන මෙහෙම වනු ලැබුවේ ඩිවයින් කෙයා මද්‍යස්තානයේ ආචාර්ය දිල්හාන් ඇන්ටන් පෙරේරා විසිනි.



Thursday, April 15, 2021

පෙර පාසල් බක්මහ උළෙල

2021 අප්‍රියල් මස 10 වන සෙනසුරාදා දින YMCA පෙර පාසල් දරුවන්ගේ සිගිති බක් මහ උළෙල පැවැත්විණි. මේ සදහා අප පෙරපාසලේ දරුවන් නව දෙනෙකු සහභාගි වූ අතර දරුවන්ගේ දක්ෂතා නැරැඹීමට දරුවන්ගේ දෙමාපියන් හා ළමා හවුලේ දරුවන් සහභාගි විනි.

බක්මහ සිරිය ගෙනෙන විවිධ තරග රැසකින් මෙම උත්සවය සමන්විත වු අතර තාරා ගමන, හාවන් පැනීම, බිම බීම, යොගට් කෑම, ටොෆී ඇහිදීම හා බෝල ඇහිදිම ඇතුළු විවිධ තරග රැසකින් සමන්විත වු අතර දරුවන් ඉතා උද්යෝගයකින් යුතුව සහභාගි වු අයුරු දක්නට ලැබිණි.

Wednesday, April 7, 2021

New Years comes early to the Pre-School

New Year celebration which falls in the month of April (13th and 14th) is the biggest cultural celebration in Sri Lanka. This has been celebrated by the Sri Lankans for years and years. Cross over of Sun from Mina to Mesha (according to astrology) is considered as New Year in Sri Lanka.

Apart of regular study activities, YMCA Pre-School provides children the opportunity to learn traditions and culture by involving in activities as a group which helps the holistic development of a child. New Year celebrations organized today (07. 04. 2021) by the teachers with the support of parents to provide children with such cultural experience. 

During the programme children experienced number of New Year traditions in the classroom. New Year food, singing, boiling of milk, applying oil on hair were among them. 









Easter Programme of Pamunugama YMCA Children

Easter is the most important celebration of the Christians all around the world as the celebrate the resurrections of Jesus Christ after being crucified on the cross to save the humankind.

Children of Pamunugama YMCA gathered at the YMCA on Saturday 03 April, 2021 to celebrate this feast. 

During the gathering children reflected the gospel, watched movies where they commemorated the suffering and the victory of resurrections. Children also spent time with Jesus praying together.





Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip