Monday, June 28, 2021

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් වෙනුවෙන් මුහුණු පොතේ පිටුවක් දිගහැරේ

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරන සංවිධාන කීපයක එකතුවෙන් පසුගිය වසරේදී විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් සඳහාවූ එකමුතුව පිහිටුවා ගන්නා ලදි. මේ වන විට මෙම එකමුතුව මඟින් කොවිඩ් 19 තත්වය තුළ අපහසුතාවයට පත්ව සිටින එම එකමුතුවට අයත් දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපණික වැඩසටහන් සහ දනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද සංවිධානය කෙරින. 

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සමාජයේ විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් සේ සලකා කටයුතු කිරීමට මෙම එකමුතුව එකඟවී ඇත. එහි ප්‍රධාන පියවරක් ලෙස මුහුණු පොත හරහා දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භකොට ඇති අතර ඒ සඳහා Collective for Specially Abled නමින් මුහුණු පොතේ පිටුවක් ආරම්භකොට ඇත. 

ඉදිරියේ දී එම පිටුව හරහා විශේෂ හැකියාවන් සහිත පුද්ගලයින් පිළිබඳව පුළුල් කතිකාවතක් ආරම්භකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා සහභාගීවන මෙන් ඔබ සැමට ඇරයුම් කරමු. 

පිටුව සඳහා පහත සබැඳියෙන් පිවිස Like කරන්න.

https://www.facebook.com/pg/Collective-for-Specially-Abled-105988948379026/posts/

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip