Tuesday, March 19, 2019

මෙහෙවර වැඩසටහන 2019

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය හා ජර්මනියේ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමය එක්ව මෙහෙයවු මෙහෙවර වැඩසටහන තෙවන වරටත් ඉතා සාර්ථක අන්දමින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පැවැත්විණි. මියුනිච් තරුණ තරුණියන් නව  දෙනෙකුගේ සහභාගීත්වයෙන් (ගැහැණු 04 සහ පිරිමි 05) මාර්තු මස 06 වන දින සිට  මාර්තු මස 16 වන දින දක්වා පැවති මෙම වැඩසටහන සදහා ජර්මන් (මියුනිච්) කණ්ඩායමෙි නායකත්වය දරණු ලැබුවෙි 2017 වසරේ මෙවැනිම මෙහෙවර වැඩසටහනක් සඳහා සහභාගි වී අත්දැකිමි ලත් තරුණ නායකයෙකු වන බස්ති තරුණ නායකයා විසිනි. 

මෙම වැඩසටහනේ ප්‍රධානතම අංගයක් ලෙස තරුණ තරුණියන් සඳහා පැවැත්වු මෙහෙවර කඳවුර සූවිශේෂි විය. මාර්තු මස 08-10 දිනයන්හී පැවති මෙම කඳවුර සඳහා මියුනිචි තරුණ තරුණියන්ට අමතරව  පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය , වවිනියාව තරුණ ක්‍රිස්තියානි සංගමය සහ වැලිසර ඵක්සත් නැමදුමි දෙවිමැඳුර නියෝජනය කරමින් තරුණ තරුණියන් 28  දෙනෙකුගේ සහභාගීිත්වය දක්නට ලැබිණි. මෙම කඳවුර ප්‍රධාන වශයෙන්ම විශ්වාසය, ආදරය, බලාපොරොත්තුව හා අනුගාමිකත්වය යන තේමාවන්ට මුුුූලිකත්වය ලබා දෙමින් පැවති අතර එහිදී ගිණිමැලයක්, බයිබල් අධ්‍යයන කීපයක්, කණ්ඩායකම් ක්‍රියාකාරකම් සහ වන්දනා සඳැවක්ද සංවිධානය කොට තිබිණි.

මාර්තු මස 11 වන දින මියුනිච් තරුණ කණ්ඩායම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට අයත් මාකලෝසා සිහිනය පාසල නැරඹීමට එක්වූ අතර එහිදී එම පාසලේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන් සමග ගීත, නර්ථන හා ක්‍රීඩා කටයුතු සඳහා යොමු වූයේ ඉතා උද්යෝගීමත් ලෙසය. එදින සැඳැභාගය වෙන්ව තිබුනේ මියුනිච් තරුණ පිරිස සමග මීගමුව කළපු තීරයේ අසිරිය නෑරඹීම සඳහා වූ බොට්ටු සවාරියක් සඳහාය. මාර්තු මස 13 වන දින ඔවුන් පිලිකුත්තුව රජමහා විහාරය නැරඹීමට යොමුවූ අතර එහිදී ලාංක්‍රීය බෞද්ධ සංස්කෘතිය පිළිබඳව යම් හඳුනාගැනීමක් සිදුවිය. තවද ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය නරඹමින් එදින සෑඳෑව ගතකරන්නට ඔවුන්ට හැකිවිය.

මාර්තු මස 14 වන දින ඔවුන් කොළඹ නගරය දැකබලා ගැනීමේ
චාරිකාවකට එක්විය. එහිදී ඔවුන් කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය දැක බලාගැනීමටද එහි සාමාජික සාමාජීකාවන් කීපදෙනෙකු මුණගැසීමටද අවස්ථාව උදාකරගන්නා ලදි. එදින සවස පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේදී මියුනිච් තරුණ පිරිස හා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට අයත් සාමාජිකයන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වන්දනා සැඳෑවක් පැවැත්විණි.

මාර්තු මස 15 වන දින සවස පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේදී වර්ණවත් සංස්කෘතික ප්‍රදර්ශනයක් පැවති අතර ඒ සඳහා මියුනිච් තරුණ තරුණියන්, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට අයත් ළමා හවුල, බාලදක්ෂ හා බාලදක්ෂිකා කණ්ඩායම, පෙර පාසල සහ මාකලෝසා සිහිනය විශේෂ දරුවන් සඳහා වූ පාසලේ දරුදැරියන්ගේද දක්ෂතා දක්නට ලැබිණී. එහිදී සිංහල ගීතයකට රංගනයේ යෙදුනු මියුනිච් තරුණ කණ්ඩායම කාගේත් අවධානය දිනාගන්නට සමත්විය. මෙම වැඩසටහන සඳහා නරඹන්නන් 150 දෙනෙකුගේ පමණ සහභාගීත්වය දක්නට ලැබිණි. 

මාර්තු මස 16 වන දින මියුනිච් තරුණ සංචාරයේ අවසන් දිනය විය. එදින ඔවුන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් සමග ක්‍රීඩා හා ක්‍රියාකාරකම් කරමින් සතුටින් කාලය ගතකළ අතර එය අප දරුවන්ටද නව අත්දැකීමක් බවට පත්විය.

ඒ අනුව ඉතා සාර්ථක සංචාරයක් නිමාකරමින් මියුනිච් තරුණ කැළ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට ස්තූතිය සහ සුභපැතුම් පිරිනමමින් සිය රට බලා පිටත්වූයේ අපිරිමිතවූ අත්දැකීම් සමුදායක් පමුණුගම සහ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගම් දෙක හට ඉතිරි කරමිනි.



තවත් පින්තූර

හිමල්ෂා චමෝදි

Sunday, March 17, 2019

Christian Mission Programme - 2019

YMCA of Pamunugama together with YMCA of Munich conducted a the Christian Mission Programme for the 3rd consecutive year. 9 young people (5 boys and 4 girls) from Munich arrived at YMCA of Pamunugama on 6th March and stayed till 16th March attending various programme organized by two YMCAs together. Group was led by Basti who was a participant on the Christian Mission Programme two years back in 2017.

Major focus of the visit was the Christian Mission Camp for young people held from 8 - 10 March 2019. 28 young people representing Pamunugama YMCA, Vavuniya YMCA and Union Church Welisara attended the programme. Major topics of the camp was faith, love, hope and heavenly justice. There were bible studies, Campfire, biblical inputs group discussion, worship sessions and fun activities during the camp led by Munich youth.

On 11th March Munich YMCA youth visited Makalause Dream School and spent time playing, singing and praying with the students. Later in the afternoon had a Boat Trip in the Negombo lagoon to enjoy the nature. On the following day on 12th group had preparations for the cultural show and painted the YMCA Main Hall. Group also had a chance of visiting a Buddhist temple on 13th March where they visited the Pilikuttuwa temple and learnt about how Buddhism is being practiced in Sri Lanka. Group also visited Henaratgoda Botanical Garden in Gampaha during this day out. 

On 14th Group had a visit to Colombo. They had a city tour and later had a lunch meeting at the YMCA of Colombo and met few Board Members and staff of Colombo YMCA. On the same day evening YMCA of Pamunugama members joined Munich YMCA youth at the Worship evening. There were around 30 members from Pamunugama YMCA attended.

On 15th March evening there was a joint cultural show. Both Pamunugama YMCA and Munich YMCA members including the students of YMCA Pre-School and Makalause Dream School performed several items including a Christian sketch, drama and several dances. Dance by Munich YMCA members to a Sinhala song was the highlight of the event while all the other items were enjoyed by a crowd of over 150.

16th March was the last day of the programme where Munich YMCA youth spent time with the children of Pamunugama YMCA. They also used some of the spare times during other days also to play with kids. They also taught bible stories had a wonderful time of fellowship together.

YMCA of Pamunugama would like to extend its gratitude to Munich YMCA for accepting the invitation for the Christian Mission Programme 2019 and also thank all the youth who came from Munich who has made a tremendous contribution to the programme with a strong Christian faith.





















Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip