Thursday, December 28, 2023

Makalause Dream School Fair - මාකලෝසා සිහින පාසල් වාර්ෂික පොළ

Makalause Dream School had their Annual Fair on 7th December 2023. It was held parallel to the chuch feast of St. Nicholas, the patron saint of children at Bopitiya church premises. 

Children of Makalause Dream School with the help of their teachers and parents worked hard to make it a success. Different items made by them including refreshing snacks were sold at the event. 

The parish priest of Bopitiya  and the parish priest of neighbouring Pamunugama parish supported the event by giving a special space in the church premises and making public announcements requesting the support of the devotees.

2023.දෙසැම්බර් 7 දින මාකලෝසා සිහින පාසල එහි වාර්ෂික පොළ පැවැත්වී ය. දරුවන්ගේ සාන්තුවරයා හා නත්තල් සීයා යන විරුදාවලිය ලත් ශා. නික්ලස් මුනිතුමන්ගේ මංගල්‍යයට සමගාමීව බෝපිටිය දේවස්ථාන පරිශ්‍රයේ එය පවත්වන ලදී. 

මාකලෝසා දරුවෝ ඔවුන්ගේ ගුරුවරියන් හා මාපියන්ගේ ආධාරය හා උපකාරය ඇතිව එය සාර්ථක කර ගනු පිණිස ඉතා වෙහෙස වී වැඩ කටයුතු කළහ. දරුවන්ගේ නිර්මාණ, අත්කම් හා ආහාරපාන දරුවන්ගේ සහභාගිත්වය හා ක්‍රියාකාරී  දායකත්වය ඇතිව අලෙවි කරන ලදී.

බෝපිටිය මීසම්භාර පියතුමා හා අසල්වාසී පමුණුගම මීසම් භාර පියතුමා අදාළ ස්ථානය ලබාදීම හා දේවස්ථානයන්හි නිවේදන ඔස්සේ අවස්ථාවට ප්‍රචාරය ලබා දීම මගින් මාකලෝසාවට සිය නොමඳ සහය පළ කළහ.

Sunday, December 24, 2023

සංගමයේ දරුවන්ගේ කැරොල් සංචාරය - Spreading Christmas Cheer: Youth Share Peace and Joy

සාමයේ කුමරු ගේ පැමිණීමේ පණිවිඩය රැගෙන පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරු දැරියන් තරුණ ක්‍රිස්තියානි සංගමය අවට නිවෙස් වෙතට තම කැරොල් සංචාරය 2023 නම්බර් මස 21 වන දින සිදුකෙරිණ.  මේ සඳහා දරු දැරියන් විසිපස් දෙනෙකු පමණ එක් වූ අතර තරුණ හවුලේ සාමාජික සාමාජිකාවන්ගේ නායකත්වය හිමි විය. කැරොල් ගීත ගායනා කරමින් දරුවන් වීදි පුරා ගමන් ගත් අතර ඔවුන් බැහැ දැකි නිවෙස් වල සිටි අය වෙත ත්‍යාග ලබාදීම ද මෙහිදී සිදු විය. 

A group of young boys and girls from the YMCA of Pamunugama embraced the Christmas spirit in a special way. Led by the YMCA youth, they went from house to house, singing carols and giving gifts on 21 December 2023. Their mission was clear: to spread the message of peace that comes with Jesus' arrival at Christmas.

With smiles and songs, they brought joy to each doorstep, sharing gifts and the timeless reminder that Christmas embodies peace and goodwill.

2023 වර්ෂ අවසාන සාමාජික සුහද හමුව.

වාර්ෂිකව පැවැත්වෙන පමුණුගම තරුණු ක්‍රිස්තියානි සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සුහද හමුව මෙවරද දෙසැම්බර් මස 22 වන දින තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ දී පැවැත්විණ. ඒ සඳහා  සංගමයේ කාර්යමණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන් ඇතුළු පනස් දෙනෙකු පමණ සහභාගි විය. එහිදී කැරොල් ගීත ගායනා කරමින් විවිධ විනෝද තරග සඳහා එක්වෙමින් සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය විනෝද විය.

වසර පුරාවට විශේෂ ආකාරයෙන් දායකත්වය දැක්වූයේ සැනසුම සුභසාධන සේවයේ නායක නායිකාවන් අගය කිරීම සහ පොදු මුළුතැන්ගෙය ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දුන් දෙමාපියන් ඇගයීමද මෙම එකමුතුවේදී සිදුවිය. 


Year End Members Get-together

December 22nd, 2023, lit up with joy and appreciation as 50 YMCA of Pamunugama members and staff united for the year end Christmas gathering. 

Laughter filled the air as games were played and songs were sung, creating an atmosphere bursting with warmth and unity.

But it was more than just fun; it was a day to appreciate those who made incredible contributions. Leaders of the Senasuma Welfare Project were thanked for their hard work. Parents who supported the Community Kitchen project were recognized. Their help kept the community strong during tough times, and they, both received tokens of appreciation.

Beyond the activities, the day focused on bonding and reminding us of our values: unity, service, and caring for one another.


Sunday, December 17, 2023

YMCA of Pamunugama Year End Concert

The Pamunugama YMCA's year-end concert illuminated the community on Sunday, December 14, highlighting the talents of its child and youth members. The Main Hall filled with the vibrant performances of children from the Preschool, Scout Group, and Makalause Dream School, showcasing their acting, dancing, and singing tallents. Also the youth of the YMCA joined with carols and singing. Over two hundred and fifty local residents attended to vitness the event.  

Amidst these wonderful displays, the evening held a significant announcement: the upcoming fiftieth anniversary celebration of the Pamunugama Youth Christian Association in 2024. This unveiling included the official logo, marking the start of a journey toward this meaningful milestone. 

The evening also saw deserving children being recognized for their active involvement throughout the year, receiving prizes as a token of appreciation for their commitment.

Mr. Niranga Fernando, National General Secretary of the National Council of YMCAs of Sri Lanka (NCYSL), Mr. Richard Jans, Vice President of NCYSL, Mr. Ramesh Kanna, General Secretary of Negombo YMCA, Mr. Dhanuka Jayamanna, President of Pamunugama YMCA, along with Aruna Nonis (Advisor, Pamunugama YMCA) and the respected Board of Directors, graced the event as guests. 

Click for more pictures

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරු දැරියන්ගේ හැකියාවන් කලඑළි ගැන්වෙනි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය


පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ විවිධ වැඩසටහන් හා සම්බන්ධ වන දුවා දරුවන්ගේ හැකියාවන් එළිදැක්දැවෙන වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය දෙසැම්බර් මස 14 වන ඉරුදින සංගම් ශාලාවේ දී පැවැත්විණ. එහිදී සංගමයේ පෙර පාසලේ, බාලදක්ෂ බාලදක්ෂිකා කණ්ඩායමේ සහ මාකලෝසා සිහින පාසලේ දරු දැරියන්ගේ හැකියාවන් රංගනය, නර්තනය, සහ ගායනා අංශ වලින් ඉදිරිපත් කෙරිණ. එමෙන්ම සංගමයේ තරුණ සාමාජික සාමාජිකාවන්ද කැරොල් සහ ගීත ගායනයකින් සම්බන්ධ විය. මෙම වැඩසටහන නැරඹීමට දෙසියපනහකට අධික ප්‍රදේශවාසීහු සහභාගි විය. 

වැඩසටහන අතරතුරු තවත් විශේෂ සිදුවීමක් විය. එනම් 2024 වසරේදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය තම පනස්වන සංවත්සරය සමරන බවට ද ප්‍රකාශයට පත් කෙරූ අතර පනස් වන සංවත්සර නිල ලාංඡනයදීම එළිදැක්වින. 

මෙම ප්‍රසංගය සඳහා ආරාධිත අමුත්තන් ලෙස තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ ප්‍රධාන ලේකම් නිරංග ප්‍රනාන්දු මහතා, උප සභාපති, රිචඩ් ජෑන්ස් මහතා, මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් රමේෂ් කන්නා මහතා, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සභාපති ධනුක ජයමාන්න මහතා ඇතුළු උපදේශක මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහභාගි විය.

වසර පුරාවටම සංගමයේ වැඩසටහන් සමඟ සම්බන්ධ වූයේ සියලු දරු දැරියන් හට ත්‍යාග ලබාදීම ද මෙහිදී සිදු විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

Wednesday, December 13, 2023

ශුද්ධ වූ දේශයේ පවතින දිගු කාලීන අර්බුදය පිළිබඳව YMCA සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීම

මේ මොහොත වන විට ශුද්ධ වූ දේශයේ  එනම් පලස්තීන භූමියේ පවතින ගැටුම් පිළිබඳව තරුණ ක්‍රිස්තියානි සංගම් සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීම සඳහා පමුණුගම YMCA  විසින් දෙසැම්බර් 12 වන දින Zoom රැස්වීමක් සංවිධානය කරන ලදී. YMCA සාමාජිකයින් 30 කට වැඩි පිරිසක් ඒ සඳහා සම්බන්ධ විය.

එහිදී ඔවුන් පහත මාතෘකා ඔස්සේ සංවාදය පවත්වන ලදී. 

  • ගැටුමේ පසුබිම තේරුම් ගැනීම: අජිත් හැඩ්ලි, ගැටුම ආරම්භ වූ ආකාරය පැහැදිලි කළ අතර, එහි ඉතිහාසය සහ එය මෙතරම් සංකීර්ණ වන්නේ මන්දැයි සැකෙවින්ම පැහැදිලි කරන ලදී. 
  • පලස්තීන ප්‍රතිරෝධය සහ  ගැන ඉගෙනීම: ෂෙල්ටන් පීරිස් පලස්තීනුවන් ප්‍රතිරෝධය දක්වන ආකාරය ගැන කතා කළ අතර පලස්තීන විමුක්ති සංවිධානය (PLO) සහ හමාස් සංවිධානය හඳුන්වා දුන් අතර, අරගලය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට මෙම පැහැදිලි කිරීම උපකාරී විය. 
  • විවෘත සංවාදය: ගැටලු ඉදිරිපත් කිරීම සහ අපැහැදිලි තැන් පිළිබඳව වටහා ගැනීම සංවාදයේදි සිදු විය. මෙමගින් විවිධ අදහස් හුවමාරු කර ගනිමින් සෑම දෙනාටම මාතෘකාව වඩාත් ගැඹුරින් අවබෝධ කර ගැනීමට හැකි විය.
  • පලස්තීනය පිළිබඳ ලෝක YMCA හි ස්ථාවරය: ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවෙහි ප්‍රධාන ලේකම් නිරංග ප්‍රනාන්දු, මෙම ගැටලුව පිළිබඳව ලෝක තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්ථාවරය බෙදා ගත්තේය. ලොව පුරා සාමය ඇති කිරීමට YMCA උපකාර කිරීම කොතරම් වැදගත්ද යන්න ඔහු අවධාරණය කළේය. 
  • අපගේ වගකීම: සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලක්ප්‍රිය නානායක්කාර අදහස් බෙදා ගනිමින් ප්‍රකාශ කර සිටියේ ලොව කොහේ ජීවත් වුවද අර්බුධයක් තුළ අප සැමදෙනා හටමින් වගකීමක් පැවරෙන බවයි.  එහිදී විශේෂයෙන් BDS ව්‍යාපාරය පිළිබඳව අදහස් බෙදා ගැනීමක් සිදුකර අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රායලය වෙත බලපෑම් සිදුකර හැකි හොඳම ආකාරය BDS ව්‍යාපාරය හා සම්බන්ධ වීම බව පැහැදිලි කරන ලදී. 

මෙම සංවාදය තවදුරටත් ඉදිරියට කරගත කරගෙන යා යුතු බව සහභාගී වූවන්ගේ අදහස විය. කුඩා ක්‍රියාකාරී කණ්ඩායමක් ලෙස මෙම මාතෘකාව පිළිබඳව දිගින් දිගට ම කටයුතු කිරීමට එකඟ වීමෙන් සංවාදය අවසන් විය.

Global Chat on the Conflict in Holy Land

The YMCA of Pamunugama recently hosted an insightful Zoom meeting aimed at educating youth on the ongoing conflict in the Holy Land. The session, which took place on December 12th, saw an impressive turnout with over 30 YMCA members

The agenda was prepared in order to get an understanding on the complex situation:

  • Background to the Conflict: Ajith Hadley expertly laid the foundation by delving into the historical backdrop of the conflict, offering participants crucial insights into its origins and complexities.
  • Palestinian Resistance and Introduction to PLO: Shelton Peiris shed light on the Palestinian resistance movements, notably introducing the Palestine Liberation Organization (PLO), and Hamas providing a deeper understanding of the struggle.
  • Open Discussion (Q&A): The session fostered an engaging dialogue, allowing participants to seek clarifications and exchange perspectives, fostering a more nuanced understanding among attendees.
  • World YMCA Stance on Palestine: Niranga Fernando, General Secretary of YMCA of Sri Lanka, provided valuable insights into the global movement's stance on the issue, emphasizing the role and responsibility of YMCA in contributing to global peace.
  • Activism and Solidarity: Lakpriya Nanayakkara, an activist, presented tangible actions the YMCA community could take in solidarity. The discussion included an introduction to BDS (Boycott, Divestment, Sanctions) and various solidarity activities that can be undertaken as a YMCA family.

The session not only aimed to inform but also to inspire action. It encouraged participants to contemplate their roles in advocating for peace and justice in the region.

As we move forward, let us continue these conversations, amplifying our collective voices in pursuit of peace, justice, and solidarity for all.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ පැවැති නත්තල් ඉටිපන්දම් දැල්වීමේ උත්සවය 2023

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන නත්තල් ඉටිපන්දම් දැල්වීමේ උත්සවය 2023 දෙසැම්බර් 11 වන දින කොළඹ 7, විජේරාම පාරේ පිහිටි තානාපති කාර්යාල පරිශ්‍රයේදී විවෘත විය.

පලස්තීනයේ, විශේෂයෙන් ගාසා තීරයේ, ඊශ්‍රායල හමුදාවන්ගේ අඛණ්ඩ ප්‍රහාරවලින් පලස්තීනුවන්ගේ දුක් වේදනා තීව්‍ර කර ඇති අතර, උග්‍රවෙමින් පවතින තත්වය මෙම වැඩසටහනේ අවධානයට ලක් වූ බැවින්, මෙම වසරේ නත්තල් ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහන වෙනස් මුහුණුවරක් ගන්නා ලදී.

මෙම උත්සවය සහයෝගීතාවයේ වේදිකාවක් ලෙස ක්‍රියා කළ අතර, පවතින කැලඹිලි මධ්‍යයේ පලස්තීනයේ ජනතාවට ඔවුන්ගේ සහයෝගය සහ සැලකිල්ල ප්‍රකාශ කිරීමට විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින්ට පලස්තීන තානාපති කාර්යාලය විසින් ආරාධනා කර තිබිණ. මේ අතර පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ කණ්ඩායමද විය. මේ වන විට පලස්තීනයේ සිදුවන මහා විනාශයේ කෲරත්වය පිළිබඳ කියැවෙන ගීතයක් ගායනා කරන ලදි.

කොළඹ කතෝලික රදගුරු පදවියේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ගෞරවනීය පියතුමන්ලා, සොහොයුරියන්, මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ සංවිධානවල නායකයින් ඇතුළු සම්භාවනීය පුද්ගලයින් මෙම අවස්ථාවට පැමිණ තම සහයෝගය පලස්තීන ජනතාව වෙත පළ කරන ලදි.

තම සංවේදී දේශනය අතරතුර පලස්තීන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් දක්වන ලද නොසැලෙන සහයෝගීතාවයට කෘතඥතාව පළ කරමින්, පවතින ගැටුම් හේතුවෙන් ඇති වී ඇති ගැඹුරු දුක් වේදනා පිළිබඳව බෙදා ගන්නා ලදී . නිදහස් පලස්තීනය පිළිබඳ දැක්ම සඳහා යාඥා කරන ලෙස තානාපතිවරයා සියල්ලන්ගෙන්ම ආයාචනා කළේය.

'Lighting the Christmas Candles' event with the embassy of Palestine

The yearly 'Lighting the Christmas Candles' event, hosted by the Embassy of the State of Palestine in Sri Lanka, unfolded on December 11, 2023, at the embassy premises on Wijerama Road, Colombo 7.

Traditionally a gathering to celebrate the season, this year's event took a somber turn as it spotlighted the escalating situation in Palestine, especially in Gaza, where continuous attacks by the Israel Forces have intensified the suffering of Palestinians.

The event served as a platform for solidarity, inviting various groups and individuals to express their support and concern for the people of Palestine amidst the ongoing turmoil. Among them, the Pamunugama YMCA, along with other attendees, passionately conveyed their plea for an end to the attacks through a moving song directed at those responsible for the violence.

Distinguished figures, such as His Eminence Malcolm Cardinal Ranjith, the Archbishop of Colombo Catholic Diocese, esteemed Reverend Fathers, Sisters, High Commissioners, Ambassadors, Members of Parliament, and leaders from Civil Society Organizations, graced the event, lending their presence and support.

In a heartfelt address, the Ambassador of the State of Palestine in Sri Lanka shed light on the profound suffering inflicted by the ongoing conflict, expressing gratitude for the unwavering solidarity shown by the people of Sri Lanka. The ambassador appealed for prayers toward the vision of a free Palestine.

Reflecting on this gathering, it becomes ever more apparent that compassionate action is vital in addressing humanitarian crises of such magnitude.

Memorial Service - මළවුන් සිහිකිරීමේ දිව්‍යාගය

නොවැම්බර් මස කතෝලිකයන් විසින් තම පවුල් හී මියගිය හිතවතුන් සහ ඥාතීන් සිහිකරමින් විවිධ ආගමික කටයුතුවල නිරත වෙයි. මීට සමගාමීව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සැනසුම සුබසාධන සේවයේ මූලිකත්වයෙන් වාර්ෂිකව දිව්‍යාගයක් කැපුම්ගොඩ සාන්ත අන්තෝනි දෙව් මැදුරේදී සංවිධානය කරයි. නොවැම්බර් මස 19 ඉරුදින පැවැති මෙම දිව්‍යයාගේ සියලු සංවිධාන කටයුතුයි සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් සිදුකළ අතර කියවීම්, පිරිසිදු කිරීම්, සහ පඬුරු පෙරහැර සංවිධානය මෙහිදී ඔවුන් අතින් සිදු විය.  

In November, Catholics honor their departed loved ones through various religious observances. Among these traditions, the YMCA of Pamunugama hosts an annual Church service at Kapumgoda St. Anthony's Church, led by the Senasuma Welfare Service. This year, on November 19, 2024, the association members organized the service, All the activities including the readings, cleaning, and procession of offerings were led by the members of the YMCA of Pamunugama. 

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip