Wednesday, December 13, 2023

ශුද්ධ වූ දේශයේ පවතින දිගු කාලීන අර්බුදය පිළිබඳව YMCA සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීම

මේ මොහොත වන විට ශුද්ධ වූ දේශයේ  එනම් පලස්තීන භූමියේ පවතින ගැටුම් පිළිබඳව තරුණ ක්‍රිස්තියානි සංගම් සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීම සඳහා පමුණුගම YMCA  විසින් දෙසැම්බර් 12 වන දින Zoom රැස්වීමක් සංවිධානය කරන ලදී. YMCA සාමාජිකයින් 30 කට වැඩි පිරිසක් ඒ සඳහා සම්බන්ධ විය.

එහිදී ඔවුන් පහත මාතෘකා ඔස්සේ සංවාදය පවත්වන ලදී. 

  • ගැටුමේ පසුබිම තේරුම් ගැනීම: අජිත් හැඩ්ලි, ගැටුම ආරම්භ වූ ආකාරය පැහැදිලි කළ අතර, එහි ඉතිහාසය සහ එය මෙතරම් සංකීර්ණ වන්නේ මන්දැයි සැකෙවින්ම පැහැදිලි කරන ලදී. 
  • පලස්තීන ප්‍රතිරෝධය සහ  ගැන ඉගෙනීම: ෂෙල්ටන් පීරිස් පලස්තීනුවන් ප්‍රතිරෝධය දක්වන ආකාරය ගැන කතා කළ අතර පලස්තීන විමුක්ති සංවිධානය (PLO) සහ හමාස් සංවිධානය හඳුන්වා දුන් අතර, අරගලය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට මෙම පැහැදිලි කිරීම උපකාරී විය. 
  • විවෘත සංවාදය: ගැටලු ඉදිරිපත් කිරීම සහ අපැහැදිලි තැන් පිළිබඳව වටහා ගැනීම සංවාදයේදි සිදු විය. මෙමගින් විවිධ අදහස් හුවමාරු කර ගනිමින් සෑම දෙනාටම මාතෘකාව වඩාත් ගැඹුරින් අවබෝධ කර ගැනීමට හැකි විය.
  • පලස්තීනය පිළිබඳ ලෝක YMCA හි ස්ථාවරය: ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවෙහි ප්‍රධාන ලේකම් නිරංග ප්‍රනාන්දු, මෙම ගැටලුව පිළිබඳව ලෝක තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්ථාවරය බෙදා ගත්තේය. ලොව පුරා සාමය ඇති කිරීමට YMCA උපකාර කිරීම කොතරම් වැදගත්ද යන්න ඔහු අවධාරණය කළේය. 
  • අපගේ වගකීම: සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලක්ප්‍රිය නානායක්කාර අදහස් බෙදා ගනිමින් ප්‍රකාශ කර සිටියේ ලොව කොහේ ජීවත් වුවද අර්බුධයක් තුළ අප සැමදෙනා හටමින් වගකීමක් පැවරෙන බවයි.  එහිදී විශේෂයෙන් BDS ව්‍යාපාරය පිළිබඳව අදහස් බෙදා ගැනීමක් සිදුකර අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රායලය වෙත බලපෑම් සිදුකර හැකි හොඳම ආකාරය BDS ව්‍යාපාරය හා සම්බන්ධ වීම බව පැහැදිලි කරන ලදී. 

මෙම සංවාදය තවදුරටත් ඉදිරියට කරගත කරගෙන යා යුතු බව සහභාගී වූවන්ගේ අදහස විය. කුඩා ක්‍රියාකාරී කණ්ඩායමක් ලෙස මෙම මාතෘකාව පිළිබඳව දිගින් දිගට ම කටයුතු කිරීමට එකඟ වීමෙන් සංවාදය අවසන් විය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip