Sunday, December 17, 2023

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරු දැරියන්ගේ හැකියාවන් කලඑළි ගැන්වෙනි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය


පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ විවිධ වැඩසටහන් හා සම්බන්ධ වන දුවා දරුවන්ගේ හැකියාවන් එළිදැක්දැවෙන වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය දෙසැම්බර් මස 14 වන ඉරුදින සංගම් ශාලාවේ දී පැවැත්විණ. එහිදී සංගමයේ පෙර පාසලේ, බාලදක්ෂ බාලදක්ෂිකා කණ්ඩායමේ සහ මාකලෝසා සිහින පාසලේ දරු දැරියන්ගේ හැකියාවන් රංගනය, නර්තනය, සහ ගායනා අංශ වලින් ඉදිරිපත් කෙරිණ. එමෙන්ම සංගමයේ තරුණ සාමාජික සාමාජිකාවන්ද කැරොල් සහ ගීත ගායනයකින් සම්බන්ධ විය. මෙම වැඩසටහන නැරඹීමට දෙසියපනහකට අධික ප්‍රදේශවාසීහු සහභාගි විය. 

වැඩසටහන අතරතුරු තවත් විශේෂ සිදුවීමක් විය. එනම් 2024 වසරේදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය තම පනස්වන සංවත්සරය සමරන බවට ද ප්‍රකාශයට පත් කෙරූ අතර පනස් වන සංවත්සර නිල ලාංඡනයදීම එළිදැක්වින. 

මෙම ප්‍රසංගය සඳහා ආරාධිත අමුත්තන් ලෙස තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ ප්‍රධාන ලේකම් නිරංග ප්‍රනාන්දු මහතා, උප සභාපති, රිචඩ් ජෑන්ස් මහතා, මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් රමේෂ් කන්නා මහතා, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සභාපති ධනුක ජයමාන්න මහතා ඇතුළු උපදේශක මණ්ඩලයේ සහ පාලක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහභාගි විය.

වසර පුරාවටම සංගමයේ වැඩසටහන් සමඟ සම්බන්ධ වූයේ සියලු දරු දැරියන් හට ත්‍යාග ලබාදීම ද මෙහිදී සිදු විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip