Sunday, October 18, 2026

Building Safe Families: Preventing Gender-Based Violence for Child Wellbeing — Two-Day Residential Workshop by YMCA Pamunugama

On October 17 and 18, the YMCA of Pamunugama held a two-day residential workshop for 30 parents, local youth, and staff members at Sanctuary House in Kapungoda. The workshop was organized under our project “Building Safe Families: Preventing Gender-Based Violence for Child Wellbeing.”

The project is supported by the United Nations Population Fund (UNFPA) and the Foundation for Innovative Social Development (FISD), in partnership with the National Council of YMCAs of Sri Lanka.

Mr. Aruna Shantha Nonis served as the main resource person and led the sessions. His interactive approach helped participants feel comfortable sharing their thoughts and reflecting on difficult issues.

The sessions drew on UNFPA’s manual, Community Action for Behavior Change to Prevent Gender-Based Violence. The activities covered personal identity, self-worth, sexuality, and the power dynamics that shape everyday life. Participants also examined the social expectations, stereotypes, and unspoken norms that can cause distress within families and communities.

The program focused on empowering women and everyone affected by rigid gender roles. By discussing common myths and questioning long-held assumptions, participants were encouraged to speak out against violence and to promote healthy, respectful relationships. The hands-on exercises kept participants engaged and helped make the concepts easier to relate to.

The residential setting gave participants time to connect and speak openly. In the closing reflections, participants said the workshop had given them new perspectives, and that challenging harmful habits and treating one another with respect can help create safer homes where families can thrive.

පවුල් සුරක්ෂිතභාවය උදෙසා දෙදින නේවාසික වැඩමුළුව සාර්ථකව නිමාවට

පවුල් සුරක්ෂිතභාවය ගොඩනැගීම සහ දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරන ලද දෙදින නේවාසික වැඩමුළුව දෙමාපියන්, තරුණ තරුණියන් සහ සංගමයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 30 දෙනෙකුගෙන් යුත් පිරිසකගේ සහභාගීත්වයෙන් ඔක්තෝම්බර් මසා 17 සහ 18 යන දිනයන්හිදී කැපුන්ගොඩ Sanctuary House හිදී සාර්ථකව පවත්වන ලදී. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ සමාජ සංවර්ධනය සඳහා වූ පදනම (FISD) මඟින් තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව හරහා  මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වයි. 

මෙම වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායකයා ලෙස අරුණ ශාන්ත නෝනිස් මහතා සම්බන්ධ වූ අතර, ඔහුගේ මඟපෙන්වීම වැඩමුළුවේ සාර්ථකත්වයට සුවිශේෂී රුකුලක් විය.

​දෙදින පුරා පැවැති මෙම වැඩසටහනේදී UNFPA විසින් සකසන ලද "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා චර්යා වෙනසක් සඳහා වන ප්‍රජා ක්‍රියාකාරීත්වය" මැනුවලයේ සඳහන් ක්‍රියාකාරකම් යොදාගන්නා ලදී. එම මැනුවලයේ අඩංගු ක්‍රියාකාරකම් පදනම් කරගනිමින්, අනන්‍යතාවය, ආත්ම විශ්වාසය, ලිංගිකත්වය, සමාජය විසින් ගොඩනඟා ඇති පීඩාකාරී සම්මතයන්, බලය බෙදීයාම සහ හානිකර භාවිතයන් හඳුනා ගැනීමට සහභාගිවන්නන්ට අවස්ථාව හිමි විය.

​එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා බැඳුණු හානිකර සම්මතයන් නිසා පීඩාවට පත්වන කාන්තාවන් සහ පිරිස් බලසතු කිරීම (Empowerment) මඟින් පවතින මිත්‍යාවන් ප්‍රතික්ෂේප කිරීමටත්, හිංසනයෙන් තොර සමාජයක් උදෙසා කැපවීමටත් සහභාගිවන්නන් බලගන්වන ලදී. මැනුවලයේ අඩංගු ප්‍රායෝගික හා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් විය.  

​මෙම නේවාසික වැඩමුළුව මඟින් සහභාගී වූවන් තුළ තමා පිළිබඳ ආත්ම විශ්වාසය සහ දැනුවත් භාවයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වූ අතර, සමාජයේ පවතින හානිකර සම්මතයන් හඳුනාගෙන ඒවා ප්‍රශ්න කිරීමට ඔවුන් යොමු කෙරිණි. මෙවැනි දැනුවත් කිරීම් සහ වි බල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් මිත්‍යා මතයන් ප්‍රතික්ෂේප කිරීමටත්, නිවස සහ සමාජය තුළ අන්‍යෝන්‍ය ගෞරවය හා ආරක්ෂාව තහවුරු කෙරෙන සුරක්ෂිත පවුල් සංස්කෘතියක් ගොඩනැගීමටත් සුවිශේෂී පිටිවහලක් ලැබෙන බව වැඩසටහන අවසානයේ සහභාගී වන්නන් විසින් බෙදාගත් අදහස් තුළින් පැහැදිලි විය.

Saturday, October 3, 2026

වන මැද දවසක්: විල්පත්තුව ජාතික උද්‍යානයේ ළමා දින චාරිකාව

​ළමා දිනය සැමරීම වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානය වෙත අමතක නොවන චාරිකාවක් සංවිධානය කරන ලදී. මාකලෝසා සිහිනය මධ්‍යස්තානයේ දරුවන් 8 දෙනෙකු, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂයින් 23 දෙනෙකු, මව්පියන් 3 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හා යොවුන් නායකයින් 7 දෙනෙකු ඇතුළුව මුළු පිරිස 41 දෙනෙකුගෙන් මෙම සංචාරය සමන්විත විය.

​කණ්ඩායම උදෑසන 6.00 ට පමුණුගමෙන් පිටත්වීමත් සමඟ දවස ආරම්භ විය. අපගේ පළමු නැවතුම වූයේ ආනවිලුන්දාව වන අතර, එහිදී අපි කෙටි පාද චාරිකාවක නිරත වෙමින් තෙත්බිම වටා රැස්ව සිටින විවිධ පක්ෂීන් නරඹන ලදී. උතුරු දෙසට ගමන් කරන අතරමඟදී, මුහුදු ජලය අප දිනපතා භාවිත කරන ලුණු බවට පත්වන ආකාරය දරුවන්ට දැකගත හැකි වූ පුත්තලම, පාලවිය ලුණු ලේවාය වෙත ගොඩ වැදුනෙමු. එහිදී අව්වට දිළිසෙන සුදු ලුණු නිධි දරුවන් දැක බලා ගත්හ. ඉන්පසුව, පුත්තලම කලපු උද්‍යානයේදී සුළු විවේකයක් ලබාගත් අපි, නැවුම් වාතය සහ ජල තලයේ සුන්දරත්වය විඳිමින් අපගේ ගමන ඉදිරියට ගියෙමු.

​චාරිකාවේ වඩාත්ම කැපී පෙනෙන අවස්ථාව උදා වූයේ දහවල් 1.00 සිට සවස 5.30 දක්වා සෆාරි රථ පහක නැඟී විල්පත්තුවේ කළ සෆාරි සංචාරයයි. විල්පත්තුවේ වනාන්තර මාර්ග සහ ස්වභාවික විල් අපට විවිධ වනජීවී අත්දැකීම් රැසක් ලබා දුන්නේය. එහිදී අපට නරියන් යුවළක්, හාවෙකු, වලිකුකුළන්, මුවන් කිහිප දෙනෙකු, මොනරුම් සහ ජලය අසල විවේකීව සිටින කිඹුලන් ද දැකගත හැකි විය. එමෙන්ම 'කැදැත්තා' සහ 'රාජාලියා' ඇතුළු පක්ෂි විශේෂ රාශියක් දැකගැනීමේ භාග්‍යය ද ලැබුණි.

​සියලු දෙනා නිහඬ කරමින් පුදුමයට පත් කළ විශේෂම අවස්ථාව වූයේ සෙවනක ලැග සිටි දිවියෙකු දැකගැනීමට ලැබීමයි. මෙවැනි දුර්ලභ සතෙකු ඔහුගේ ස්වභාවික වාසභූමියේදී දැකගැනීම දරුවන්ට දිගු කලක් මතකයේ රැඳෙනු ඇත.

​නව අත්දැකීම් රැසක් පිරුණු දවසකින් පසු, අපි වෙහෙසට පත්ව සිටියද ඉමහත් සතුටින් යුතුව ප්‍රමාද වී පමුණුගම වෙත ආපසු පැමිණියෙමු.

​මෙම චාරිකාව හුදෙක් දිනක සංචාරයකට වඩා වැඩි යමක් ලබා දුන්නේය. එය අපගේ දරුවන්ට සොබාදහම සමඟ සම්බන්ධ වීමටත්, වනජීවී සහ පරිසර සංරක්ෂණය පිළිබඳව ඉගෙන ගැනීමටත්, පවුලක් මෙන් එකට සතුටු වීමටත් කදිම අවස්ථාවක් විය. මෙම විශේෂ ළමා දිනය යථාර්ථයක් බවට පත් කළ මව්පියන්ට, කාර්ය මණ්ඩලයට සහ යොවුන් නායකයින්ට අපගේ ස්තූතිය පුද කරමු.

පින්තූර සඳහා ක්ලික් කරන්න

A Day in the Wild: Children's Day Adventure at Wilpattu National Park

To celebrate Children's Day, the YMCA of Pamunugama organized an unforgettable trip to Wilpattu National Park, Sri Lanka's largest national park. The group of 41 included 8 children from Makalause Dream, 23 scouts from the YMCA of Pamunugama Scout group, 3 parents, and 7 staff and youth leaders.

The day began at 6.00 am as the group left Pamunugama, full of excitement. Our first stop was Anavilundawa, where we took a peaceful walk and watched the many birds that gather around the wetland. On the way north, we stopped at the salt farm in Palaviya, where the children saw how sea water is turned into the salt we use every day and watched the white salt heaps glittering in the sun. 

We then took a short break at the Puttalam Lagoon Park, enjoying the fresh air and the view over the water before continuing the journey.

The highlight of the day came in the afternoon, when the group set out on a safari from 1.00 pm to 5.30 pm in five off-road safari vehicles. Wilpattu's forest tracks and natural lakes gave us a wonderful variety of wildlife. We saw a pair of foxes, a rabbit, jungle fowl, several deer, peacocks, and crocodiles resting by the water. Birdwatchers were rewarded with many species, including the Kedeththa and the snake eagle.

The most special moment was spotting a big cat(leopard) lying in the shade, which left the whole group silent and wide-eyed. Seeing such a rare animal in its natural home is something the children will remember for a long time.

After a full day of discovery, we returned to Pamunugama late in the evening, tired but happy. The trip was more than a day out. It gave our children a chance to connect with nature, learn about wildlife and conservation, and enjoy the day together as one big family. We thank the parents, staff, and youth leaders who made this special Children's Day possible.

Thursday, October 1, 2026

Makalause Children & "Eda Re" මාකලෝසා සිහින පාසල එදා රෑ

​On Wednesday, September 30, 2026, the children of Makalause Dream visited the Cinemax Cinema in Ja-Ela to watch the musical film story "Eda Re". 

The film, based on the life and songs of the singer Milton Mallawarachchi, was an exceptional creation. 14 children participated in this event under the guidance of their two teachers and the manager of Makalause Dream. 

After watching the movie, they also had the opportunity to enjoy a snack and cool drinks. 

මාකලෝසා සිහින පාසලේ දරුවෝ 2026.09.30 බදාදා ජා ඇල සින්මැක්ස් සිනමාහලට ගියේ " එදා රෑ " නම් වූ ගීත සිනමා කතාව නැරඹීමට ය. 

මිල්ටන් මල්ලවාරච්චි නම් වූ ගායකයාගේ ජීවිතය හා ගීත පදනම් කරගත් එම චිත්‍රපටය ඉතා අගනා නිර්මාණයක් විය. ගුරුමහත්මා මහත්මීන් ගේ මගපෙන්වීම මත දරුවන් 14 දෙනෙක් ඊට සහභාගි වූහ.

 චිත්‍රපටය නැරඹීමෙන් පසු කෙටි ආහරයක් සමග සිසිල් බීම භුක්ති විඳින්නට ද අවස්ථාව ලැබිණි. 

Sunday, September 27, 2026

පවුල් සුරක්ෂිතභාවය ගොඩනැගීම: දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

පවුල් සුරක්ෂිතභාවය ගොඩනැගීම: දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම යන ව්‍යාපෘතිය යටතේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා දෙමාපියන් 32 දෙනෙකු සහ තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ සාමාජිකයන් 9 දෙනෙකු සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය UNFPA, FISD සහ NCYSL යන සංවිධාන ත්‍රිත්වය සමඟ එක්ව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි අරමුණ වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම තුළින් දරුවන් සඳහා වඩාත් ආරක්ෂිත සහ ධනාත්මක පවුල් පරිසරයක් නිර්මාණය කිරීමයි.

ආචාර්ය ඇලෙක්ස් පෙරේරා මහතා විසින් මෙහෙයවන ලද මෙම සැසිය, දෙමාපියන්ට තම දරුවන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඔවුන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනදා ගැනීමට උපකාරී විය. දරුවන් සමඟ ධනාත්මක ලෙස කටයුතු කිරීම, දරුවන්ගේ හැසිරීම් තේරුම් ගැනීම, දරුවන්ට ප්‍රතිචාර දැක්වීමේදී තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීම සහ නිවසේදී ආදර්ශමත් දෙමාපියන් වීම සම්බන්ධයෙන් ඔහු මගපෙන්වීම් සිදු කළේය. තවද, තවද සිත සහ කය සන්සුන් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි සරල ආශ්වාස-ප්‍රාශ්වාස අභ්‍යාසයක් ද දෙමාපියන් හට හඳුන්වා දෙන ලදී.

දරුවාගේ හැසිරීම පමණක් දෙස බලා නොසදා, එම හැසිරීම පසුපස ඇති සැබෑ හේතුව, එනම් දරුවා තුළ පවතින හැඟීම්, අවශ්‍යතා හෝ අත්දැකීම් මොනවාදැයි සොයා බැලීම මෙම සැසියේ ප්‍රධාන පණිවිඩයක් විය. ඉවසීම, විවෘත සංවාදය, අන්‍යෝන්‍ය ගෞරවය සහ ධනාත්මක දෙමාපිය මඟපෙන්වීම යනු ආරක්ෂිත පවුල් පරිසරයක පදනම බව මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.

දෙමාපියන් ඉතා උනන්දුවෙන් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, සැසිය අවසානයේ බොහෝ දෙනෙක් තම අදහස් බෙදාහදා ගත්හ. වැඩසටහන තමන්ව දැඩි ලෙස සංවේදී කළ බවත්, තම දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට එය පෙළඹවීමක් වූ බවත් කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ. වඩාත් ධනාත්මක ලෙස දරුවන් ඇති දැඩි කිරීමට අවශ්‍ය මෙවලම් මෙම සැසියෙන් ලැබුණු බවත් බොහෝ දෙනෙක් පැවසූහ. පවුල්වලට අත්‍යවශ්‍ය මෙවැනි වැදගත් මාතෘකා යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද දෙමාපියන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට සිය කෘතඥතාව පළ කළහ.

මෙම වැඩසටහන මඟින් සමාජය වෙනස් වීමේ මූලාරම්භය නිවසින්ම සකස් විය යුතු බව නැවත වරක් තහවුරු විය. දරුවන්ගේ අභ්‍යන්තර ලෝකය තේරුම් ගැනීමට, තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීමට සහ ආදර්ශවත් මඟපෙන්වීමක් ලබා දීමට දෙමාපියන් දැනුවත් කිරීම හරහා, වඩාත් සමබර පවුල් සංස්කෘතියක් ගොඩනැගීමටත්, දරුවන්ට ගෞරවය, කරුණාව සහ ආරක්ෂාව ලැබෙන සුන්දර පරිසරයක් උරුම කර දීමටත් මෙම ව්‍යාපෘතිය දායල වේ. 

පින්තූර සඳහා ක්ලික් කරන්න

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip