Sunday, May 31, 2026

Training for Real Life for Makalause Students - දෛනික ජීවිතේ වැඩ කටයුතු සඳහා මාකලෝසා දරුවන් පුහුණු කිරීම

The train excursion organized for the children of the Makalosa Program Center of the Pamunugama Young Men’s Christian Association (YMCA) was held with great enthusiasm on Friday, May 29th. Starting from the Ja-Ela railway station, the highlight of this trip was providing the children with practical, real-life experiences. From the very beginning, the children actively participated in every step of the journey, including going to the ticket counter, paying for their tickets, waiting for the train, and enjoying the scenic rail ride to their destination.

Upon arriving at the Negombo railway station, the children proceeded to the beautiful Rajapaksa Park, where they spent a wonderful time enjoying the surroundings and engaging in various games. In the evening, the group visited Pizza Hut in Negombo to enjoy some delicious pizza, sharing their experiences of the day with bright, happy smiles. The trip, in which nine children participated, concluded with everyone returning home filled with immense satisfaction. This successful outing was made possible largely due to the guidance of the Makalosa teaching staff and the unwavering support provided by the parents.

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මාකලෝසා වැඩසටහන් මධ්‍යස්ථානයේ දරුවන් වෙනුවෙන් සංවිධානය කළ දුම්රිය චාරිකාව පසුගිය මැයි 29 වැනි සිකුරාදා ඉතා පැවැත්විණි. ජා-ඇල දුම්රිය ස්ථානයෙන් ඇරඹි මෙම චාරිකාවේ විශේෂත්වය වූයේ දරුවන් හට එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ප්‍රායෝගිකව ලබා දීමයි. ඒ අනුව දුම්රිය ප්‍රවේශපත්‍ර කවුන්ටරය වෙත ගොස් මුදල් ගෙවා තමන්ගේ ටිකට් පත මිලදී ගැනීමේ සිට, දුම්රිය පැමිණෙන තෙක් රැඳී සිටීම සහ ගමනාන්තය දක්වා දුම්රිය ගමනේ අසිරිය විඳගැනීම දක්වා වූ සියලුම අවස්ථාවන්ට දරුවෝ ඉතා උනන්දුවෙන් හා ක්‍රියාකාරීව සහභාගි වූහ.

මීගමුව දුම්රිය ස්ථානයට ළඟා වූ දරුවන් පසුව නගරයේ පිහිටි රාජපක්ෂ උද්‍යානය වෙත ගමන් කළේ ඉමහත් සතුටකිනි. එහිදී පරිසරයේ සුන්දරත්වය නරඹමින් සහ විවිධ ක්‍රීඩාවල නිරත වෙමින් දරුවන් ගත කළේ ඉතා ප්‍රීතිමත් කාලයකි. සවස් යාමයේ මීගමුව පීසා හට් (Pizza Hut) වෙත ගොඩවැදුණු ඔවුන් එහිදී පීසා රස බලමින් සිය දිනයේ අත්දැකීම් බෙදාහදා ගත්තේ සතුට මුසු වූ මුවින්. ඉමහත් තෘප්තියකින් යුතුව නැවත නිවෙස් බලා පිටත් වූ මෙම චාරිකාව සඳහා දරුවන් නව දෙනෙකු සහභාගි වූ අතර, මාකලෝසා මධ්‍යස්ථානයේ ඇදුරු මඬුල්ලේ මඟපෙන්වීම සහ දෙමාපියන්ගේ නොමඳ සහයෝගය මෙම සාර්ථක චාරිකාව පිටුපස තිබූ ප්‍රධානතම ශක්තිය විය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip