Thursday, June 25, 2026

මාකලෝසා සිහිනව වැඩසටහනේ දෙමාපියන් වෙනුවෙන් පැවති පුහුණු හමුව

2026 ජුනි 25 වන දින, පමුණුගම ෆිෂ් පාර්ක් ආපනශාලාවේදී මාකලෝසා සිහිනය වැඩසටහන හා සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ප්‍රධාන වශයෙන්ම ආබාධිතභාවය පිළිබඳ සංකල්පය අද සමාජය තුළ දකින ආකාරය සහ ඒ පිළිබඳව පවතින වැරදි ආකල්ප දුරු කරගනිමින්, අපේ දරුවන් දෙස වඩාත් ධනාත්මකව බලන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරින. මෙම සාකච්ඡා හරහා අපගේ දරුවන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම, ඒ සම්බන්ධව ඇති ව්‍යාකූලතා දුරු කරගෙන වැඩි ආත්ම විශ්වාසයකින් ඉදිරියට යාමට හැකිවනු ඇතැයි සංගමය විශ්වාස කරයි.

එමෙන්ම, මෙම වැඩමුළුව දෙමාපියන් හට තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම් බෙදාගැනීමට අවස්තාවක් උදාකෙරින. බොහෝ දෙමාපියන්ට රජයේ ආයතන හරහා තම දරුවන්ට ලබාගත හැකි සහන සහ පහසුකම් පිළිබඳව අඩු අවබෝධයකින් සිටී. එම ගැටලුවට විසඳුමක් ලෙස, රජයේ ආයතන මගින් ආබාධිත පුද්ගලයන් සඳහා ලබා දෙන පහසුකම් මොනවාද සහ එම සේවාවන් ලබා ගැනීමට නිවැරදිව ප්‍රවේශ වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරින. මේ සඳහා මාකලෝසා සිහිනය කාර්ය මණ්ඩලය, පමුණුගම YMCA හි ප්‍රධාන ලේකම් සහ මාකලෝසා සිහිනය කාර්ය සාධක කමිටුවේ සභාපති අරුණ ශාන්ත නෝනිස් මහතා සහභාගී විය. 

වැඩමුළුවේ වැදගත්ම කොටස වූයේ අප සැමගේ එකමුතුකම සහ මානසික ශක්තිය පිළිබඳව කතාබහ කිරීමයි. කොතරම් බාධක පැමිණියද, දෙමාපියන් ලෙස අප සැම එකම පවුලක් සේ එක්වී කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සමාජය තුළ සම්පූර්ණයෙන්ම තහවුරු වන තුරු අප නොසැලී, එකාවන්ව පෙනී සිටිය යුතු බව මෙම වැඩසටහන අතරතුර සිහිගන්වන ලදි. මෙම වැඩමුළුව තොරතුරු බෙදාගැනීමෙන් ඔබ්බට ගොස්, දෙමාපියන් අතර තිබූ සුහදත්වය වර්ධනය කිරීමටත්, ඉදිරි අභියෝග ජය ගැනීමට අවශ්‍ය ශක්තිමත් පවුලක් ලෙස එකමුතු වීමටත් ලැබුණු කදිම අවස්ථාවක් විය.

A Meaningful Day of Connection for Makalause Dream School Parents

On June 25, 2026, 15 parents from the Makalause Dream School met at the Fish Park Restaurant in Pamunugama for a day of shared learning and community building. We spent a good portion of our time digging into what the concept of disability really means today. It was a great opportunity to raise awareness and move past common misconceptions, helping us all gain a clearer, more positive perspective on our children’s lives. By talking these things through together, we were able to break down some of the confusion and feel more confident in how we understand our children’s needs.

The conversation also got very practical. Many parents are often unsure about what support is actually out there, so we spent time going over the specific facilities and resources available through government institutions. We learned exactly how to approach these offices and how to go about securing the help our families need. Having the Makalause staff, the General Secretary of the YMCA of Pamunugama, and our Task Committee Chairman, Mr. Aruna Shantha Nonis, with us was a big help, as they were able to offer clear advice on navigating these systems.

Beyond the information, the real heart of the day was about standing together. We spoke a lot about the importance of building resilience and staying strong as a group, no matter how tough things get. It was a powerful reminder that we don't have to face these challenges alone; by staying united and persistent, we can push forward until the rights of persons with disabilities are fully recognized and respected. More than anything, the day was a chance for us to connect with one another, share our own experiences, and build a stronger support network that will help us all keep going for the long haul.

Sunday, June 21, 2026

Empowering Communities: Training on the Right to Information and Mediation

The Pamunugama YMCA, in collaboration with World Vision, hosted a training workshop as part of their ongoing "Social Dialogue for Conflict Prevention and Peace" project. Held on Sunday, June 21, 2026, at the YMCA of Pamunugama hall, the training brought together community members from 9:15 a.m. to 1:30 p.m. with the goal of strengthening grassroots advocacy and mediation skills.

The workshop was structured into two sessions. In the first, Additional District Secretary Mr. Sugath Kithsiri provided a clear, accessible breakdown of the Right to Information (RTI) Act, showing participants how to effectively use the law to advocate for their communities. This was followed by a session led by trainer Mr. Aruna Shantha Nonis, in Advocacy. He focused on the different types of advocacy and the practical steps one should take to intervene constructively to resolve social problems.

A total of 55 people attended, including members of the Pamunugama YMCA, local residents and a community groups from the Wattala area affiliated with World Vision. 

By the end of the day, the feedback was positive. Participants emphasized that the training was timely and practical. Several expressed that the knowledge they gained would be essential for their future social work, particularly when stepping in to help resolve local issues. 

තොරතුරු දැනගැනීමේ පනත සහ මැදිහත්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් වර්ල්ඩ් විශන් (World Vision) ආයතනය සමඟ එක්ව "ගැටුම් වැළැක්වීම සහ සාමය සඳහා වන සමාජ කතිකාවත" යන ව්‍යාපෘතිය යටතේ පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වනු ලැබීය. 2026 ජුනි මස 21 වන ඉරුදින සෙත්තප්පඩුව YMCA ශාලාවේදී පෙ.ව. 9.15 සිට ප.ව. 1.30 දක්වා පැවති මෙම වැඩසටහන, ප්‍රජා මට්ටමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට සහ ගැටුම් නිරාකරණය සඳහා මැදිහත්කරුවන් සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කෙරිණි.

මෙම වැඩසටහන කෙටි සැසි දෙකකින් සමන්විත විය. එහි පළමු සැසියේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි මහතා විසින් තොරතුරු දැනගැනීමේ පනතේ වැදගත්කම සහ එය ප්‍රජාවගේ අවශ්‍යතා සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙන ලදී. දෙවන සැසියේදී පුහුණු උපදේශක අරුණ ශාන්ත නෝනිස් මහතා විසින් ලබාගත් තොරතුරු මත පදනම්ව යම් සමාජ ගැටළුවකට මැදිහත් වීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්, මැදිහත්කරණයේ විවිධ වර්ග සහ ඒවා කාර්යක්ෂමව සිදු කරන ආකාරය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සාමාජික සාමාජිකාවන්, ගම්වාසීන් සහ වර්ල්ඩ් විශන් ආයතනය හා සම්බන්ධ වත්තල ප්‍රදේශයේ ප්‍රජා කණ්ඩායම් ඇතුළු විවිධ සංවිධාන නියෝජනය කරමින් 55 දෙනෙකු සහභාගී වූහ. විවිධ පාර්ශ්වයන්ගේ සහභාගීත්වය මෙම වැඩසටහන වඩාත් අර්ථවත් කිරීමට බෙහෙවින් ඉවහල් විය.

වැඩසටහන අවසානයේ සහභාගිවන්නන් සාකච්ඡා කළ විෂයයන් අතිශයින්ම කාලීන සහ ප්‍රයෝජනවත් බව අගය කළහ. ලබාගත් දැනුම සිය ඉදිරි සමාජ කටයුතු සහ ප්‍රජා ගැටළු විසඳීමේදී මැදිහත්කරුවන් ලෙස කටයුතු කිරීමේදී ඉතා වැදගත් වනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ. ප්‍රජාව සවිබල ගැන්වීම සහ සාමකාමී සමාජයක් ගොඩනැගීම උදෙසා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ගන්නා මෙම උත්සාහය තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස සනිටුහන් විය.

Wednesday, June 17, 2026

'Laudato Si' (වේ ප්‍රශංසා) - මිහිතලය රැකගැනීම සඳහා වන කිතුනු කැඳවීම

2015 වසරේදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්තුමන් විසින් නිකුත් කරන ලද 'Laudato Si'' (වේ ප්‍රශංසා) යනු, අපගේ පොදු නිවහන වන මිහිතලය රැකබලා ගැනීම පිළිබඳව ලියැවුණු සුවිශේෂී විශ්ව ලේඛනයකි (Encyclical). 

විශ්ව ලේඛනයක් යනු කතෝලික සභාවේ ප්‍රධානියා වන පාප්තුමන් විසින් ලොව පුරා විසිරී සිටින රදගුරු වරුන්, පූජක පක්ෂය සහ සමස්ත ඇදහිලිවන්තයන් වෙත යොමු කරනු ලබන මඟ පෙන්වීමකි. මෙවැනි ලේඛන සභාවේ මූලික ඉගැන්වීම්, සමාජීය ගැටලු සහ සදාචාරාත්මක අභියෝග හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරයි.

'Laudato Si'' (වේ ප්‍රශංසා) මෙම ලේඛනය පරිච්ඡේද හයකින් සමන්විත වේ:

  1. අපගේ පොදු නිවහන වන පරිසරයට සිදුවන දේ: පාරිසරික අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව විග්‍රහ කිරීම.

  2. මැවීමේ ශුභාරංචිය: මැවීම පිළිබඳ බයිබලීය දැක්ම ගවේෂණය කිරීම.

  3. පාරිසරික අර්බුදයේ මනුෂ්‍ය සබඳතා: මිනිසාගේ ආකල්ප සහ තාක්ෂණික දියුණුවේ බලපෑම පැහැදිලි කිරීම.

  4. සමස්ත පරිසර විද්‍යාව: ජීවිතයේ පාරිසරික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අංශ එකිනෙකට සම්බන්ධ කරන "සමස්ත පරිසර විද්‍යාවක්" (Integral ecology) පිළිබඳව සංවාදයට බඳුන් කිරීම.

  5. සංවාදය සහ ක්‍රියාමාර්ග: පාරිසරික ගැටලු සඳහා ගෝලීය වශයෙන් ගත යුතු පියවර යෝජනා කිරීම.

  6. පාරිසරික අධ්‍යාපනය සහ අධ්‍යාත්මිකත්වය: තිරසාර ජීවන රටාවකට හැඩගැසීම සඳහා කිතුණු සභාවට අභියෝග කිරීම.

මෙවැනි ඉගැන්වීම ජනගත නොවන්නේ මන්ද? 'Laudato Si'' ඉදිරිපත් කර වසර ගණනාවක් ගතවී ඇතත්, එය තවමත් බිම් මට්ටමේ කිතුණු ජනතාවගේ ජීවන දර්ශනයක් බවට පත් වී නොමැත. බොහෝ විට මෙවැනි ලේඛන හුදු ශාස්ත්‍රීය ලේඛන ලෙස පමණක් හඳුනා ගැනීම නිසා, ඒවායේ හරය ඉහළ සිට පහළට ප්‍රායෝගිකව ගලා නොයයි.

මෙය ජනතාවට සරලව පහදා දීමේ වගකීම සභාවේ නායකත්වයට පැවරී ඇතත්, බොහෝ දේවස්ථානවලින් ඒ සඳහා ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවේ. ඊට හේතුව, මෙම ඉගැන්වීම් දේවස්ථානවල පවතින සාම්ප්‍රදායික වත්පිළිවෙත් සහ ඇතැම් ආකල්පවලට අභියෝගයක් වීම විය හැකිය. එසේත් නොමැති නම්, සභා නායකත්වයන් තුළ පවතින නොදැනුවත්භාවය හෝ දේවස්ථාන හරහා සිදුවන වත්පිළිවෙත් තුළ ඇති කිතුණු වටිනාකම් පිළිබඳව නැවත සිතා බැලීමට ඇති අකමැත්ත මෙයට හේතු විය හැක.

අධික පරිභෝජනය වැනි තත්ත්වයන් 'වේ ප්‍රශංසා' ලේඛනය විසින් ප්‍රතික්ෂේප කරයි. එහෙත්, දේවස්ථාන ආශ්‍රිත උත්සව සහ මංගල්‍ය වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය වියදම් සහ භෞතිකවාදී සැරසිලිවල අඩුවක් නොමැත. සැරසිලි සඳහා තවමත් පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය සිදුවන්නේ අපගේ පාරිසරික දැනුවත්භාවයේ ඇති මඳ බව මනාව පිළිබිඹු කරමිනි. උස් හඬින් දේශනා සහ යාඥා විකාශය කරන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අසල්වැසියාට සිදු කරන බාධා, 'වේ ප්‍රශංසා' ලේඛනයෙන් අපේක්ෂා කරන යහපත් සබඳතාවලට පටහැනි වේ.

මෙවැනි ක්‍රියා මැවිල්ලට එරෙහි ක්‍රියාවන් බව පිළිගැනීමට ඇති අකමැත්ත හෝ ඒ පිළිබඳ පියතුමන්ලා ජනතාව දැනුවත් නොකිරීම, සභාව තුළ පවතින නිහඬ අර්බුදයකි. තැනින් තැන පවත්වන කෙටි වැඩසටහන් හෝ සංකේතාත්මක ගස් සිටුවීම්වලින් පමණක් පෘථිවිය රැකගත නොහැකි බව සභා නායකත්වය වටහා ගත යුතුය. අවශ්‍ය වන්නේ පුළුල් ජීවන රටා වෙනසක් උදෙසා ගෙනයන සක්‍රීය අධ්‍යාත්මික නායකත්වයකි. කෙසේ වෙතත්, වර්තමානයේ එවැනි සූදානමක් ප්‍රමාණවත් මට්ටමක පවතින බවක් පෙනෙන්නට නැත.

'Laudato Si'' යනු පාප්තුමාට පමණක් සීමා වූ ලේඛනයක් නොව, මිහිතලය මත වෙසෙන සියලුම මනුෂ්‍යයන් වෙනුවෙන් නිකුත් කළ කැඳවුමකි. එබැවින්, සභාවේ පැවිදි නායකත්වයේ මඟ පෙන්වීම එනතුරු බලා නොසිට, ගිහියන් ලෙස අප මෙම කාර්යභාරය අතට ගත යුතුය.

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ලෙස, අපි අපගේ තරුණ කණ්ඩායම සමඟ එක්ව මේ පිළිබඳ ගැඹුරු සංවාදයක නිරත වී සිටිමු. තිරසාර ලෝකයක් පිළිබඳ සිහින දකින සංවිධානයක් වශයෙන්, අපි දැනටමත් අපගේ සාමාජිකත්වය සමඟ එක්ව අවට පාරිසරික අර්බුද සඳහා ධනාත්මක විසඳුම් සෙවීමට වැඩ කරමින් සිටින්නෙමු. අපගේ අත්දැකීම් සහ දැනුම අනෙක් සියලුම දෙනා සමඟ බෙදා ගැනීමට අපි සූදානමින් සිටිමු. මෙම උතුම් අරමුණ ඉටු කර ගැනීමට ඔබත් අප සමඟ එක්වන ලෙස අපි ආරාධනා කරමු.

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය. 17. 06. 2026

Tuesday, June 16, 2026

"ලඔඩාටෝ සී (Laudato Si) - අපගේ පොදු නිවහන රැකගැනීම" පිළිබඳ තරුණ සංවාදය

2026 ජුනි 16 වන දින, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී ලඔඩාටෝ සී (Laudato Si) විශ්ව ලේඛනය කේන්ද්‍ර කරගත් තරුණ සංවාදයක් පවත්වන ලදී. වර්ල්ඩ් විෂන් (World Vision) ආයතනය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ කිතුණු දැක්ම අවධාරණය කළ අතර, ඒ සඳහා තරුණ තරුණියන් 15 දෙනෙකු සහභාගී විය.

ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය සඳුනි මහේශා මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලද අතර, ඇය විසින් මෙම ලේඛනයේ පසුබිම පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. ලඔඩාටෝ සී යනු පරිසරය සම්බන්ධයෙන් මඟ පෙන්වීම සඳහා පාප් වහන්සේ විසින් නිකුත් කරනු ලබන ප්‍රධාන ඉගැන්වීම් ලේඛනයක් (Encyclical) බව මෙහිදී පැහැදිලි කෙරිණි. පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳව මෙම ලේඛනය මගින් අවධාරණය කෙරෙන ආකාරය ද සාකච්ඡා විය. මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයක් ලෙස විශ්ව ලේඛනයේ පරිච්ඡේද හය පිළිබඳව හැඳින්වීමක් සිදු කරන ලදී:

  • පළමු පරිච්ඡේදය: දූෂණය, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අඩුවීම වැනි අපගේ පොදු නිවහනට සිදුවෙමින් පවතින දේ පිළිබඳව විමසා බලයි.
  • දෙවන පරිච්ඡේදය: ස්වභාවධර්මය කෙරෙහි මිනිසාගේ වගකීම පිළිබඳ බයිබලානුකුල දෘෂ්ටිකෝණය අවධාරණය කරමින් මැවීමේ ශුභාරංචිය ගවේෂණය කරයි.
  • තෙවන පරිච්ඡේදය: තාක්ෂණය, මානව කේන්ද්‍රීයවාදය සහ වර්තමාන ආර්ථික ආකෘතිය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික අර්බුදයේ මානව මූලයන් පරීක්ෂා කරයි.
  • සිව්වන පරිච්ඡේදය: ජීවිතයේ පාරිසරික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අංශ එකිනෙකට සම්බන්ධ කරන "සමස්ත පරිසර විද්‍යාවක්" (Integral ecology) යෝජනා කරයි.
  • පස්වන පරිච්ඡේදය: පාරිසරික ගැටුම් විසඳීම සඳහා සංවාදය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව ප්‍රවේශයන් සහ ක්‍රියාමාර්ග සාකච්ඡා කරයි.
  • හයවන පරිච්ඡේදය: ජීවන රටාව සහ පරිභෝජනය වෙනස් කිරීම දිරිමත් කරමින් පාරිසරික අධ්‍යාපනය සහ අධ්‍යාත්මිකත්වය ඉස්මතු කරයි.

මෙම සංවාදය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ අරමුණින් අවසන් විය. සම වයසේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා ෆේස්බුක් (Facebook) පෝස්ට් මාලාවක් නිර්මාණය කිරීමටත්, දේවස්ථානය හරහා මෙම තොරතුරු බෙදා හැරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමටත් කණ්ඩායම තීරණය කෙරන ලදි.

Youth Dialogue on "Laudato Si’ – Care for Our Common Home"

On June 16, 2026, a youth dialogue centered on the encyclical Laudato Si’ was successfully conducted at the YMCA of Pamunugama. Organized in partnership with World Vision, the session focused on the Christian vision for environmental protection and drew the participation of 15 young individuals.

The presentation, delivered by Ms. Sanduni Mahesha, a lecturer at Aquinas College of Higher Studies, provided a comprehensive overview of the background of the document. It was explained that Laudato Si’ is an encyclical, which serves as a major teaching document issued by the Pope to provide guidance on significant moral and social issues. 

The session highlighted the document's origins, detailing how it addresses the urgent need for global solidarity in protecting the environment. A central component of the session was the introduction of the encyclical's six chapters:

  • Chapter 1 addresses what is happening to our common home, specifically regarding pollution, climate change, and the loss of biodiversity.

  • Chapter 2 explores the Gospel of creation, emphasizing the biblical perspective on the responsibility of humans toward nature.

  • Chapter 3 examines the human roots of the ecological crisis, focusing on technology, anthropocentrism, and the current economic model.

  • Chapter 4 proposes an "integral ecology" that connects environmental, economic, social, and cultural aspects of life.

  • Chapter 5 discusses lines of approach and action, suggesting how dialogue can be used to resolve environmental conflicts.

  • Chapter 6 highlights ecological education and spirituality, encouraging a transformation in lifestyle and consumption.

The dialogue concluded with a commitment to continue to raise awareness among peers through a series of educational Facebook posts, and further agreed to explore the possibility of disseminating this information through the parish church.

Friday, June 12, 2026

‘Playground Builders 10.0’ මඟින් දරුවන්ට නව ක්‍රීඩා පරිසරයක්

‘Playground Builders 10.0’ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරමින් 2026 ජූනි 12 වන දින සිය නව ක්‍රීඩාංගණය විවෘත කරන ලදී. මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා හොංකොං හී චීන YMCA නියෝජනය කළ තරුණ ස්වේච්ඡා සේවකයන් 12 දෙනෙකු සහ නායකයන් දෙදෙනෙකු සහභාගී වූහ. පමුණුගම සහ මීගමුව YMCA සංගම්වල ස්වේච්ඡා සේවකයන්ගේ සහයෝගය ඇතිව ජූනි 7 සිට 10 දක්වා කාලය තුළ මොවුන් ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් මෙම ක්‍රීඩා පහසුකම් ඉදිකරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ සීසෝවක්(seesaw), ලීයෙන් කළ සෙල්ලම් ජීප් රථයක්, සහ ලී පාලමක් YMCA පරිශ්‍රයේ ස්ථාපනය කර ඇත. මෙමගින් දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට විනෝදජනක පරිසරයක් නිර්මාණය වී තිබේ. එසේම, මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ස්වේච්ඡා සේවකයන් සංගමයේ සාමාජික සාමාජිකාවන් අතර මිත්‍රත්වය සහ සංස්කෘතික හුවමාරුව සඳහා අවස්ථාව උදා විය.

විවෘත කිරීමේ උත්සවය සඳහා හොංකොං ස්වේච්ඡා සේවකයන්, පාලක මණ්ඩල සාමාජිකයන්, තරුණ සාමාජිකයන් සහ බාලදක්ෂයන් ඇතුළු 60 දෙනෙකු පමණ සහභාගී වූහ. විවෘත කිරීමෙන් අනතුරුව දරුවන් නව ක්‍රීඩා උපකරණ භාවිත කරමින් සතුටු වූ අතර, හොංකොං ස්වේච්ඡා සේවකයන් සමඟ ගෘහස්ථ ක්‍රියාකාරකම්වල නිරත වූහ.

මෙහිදී හොංකොංහී චීන YMCA සහ මීගමුව YMCA ලබා දුන් සහයෝගය අගයමින් සමරු තිළිණ පිරිනමන ලදී. ‘Playground Builders 10.0’ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ සහ දරුවන් වෙනුවෙන් මෙවැනි වටිනා තෑග්ගක් ලබා දීමට උදව් කළ සැමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සිය කෘතඥතාව පළ කර සිටියි.

පින්තූර සඳහා ක්ලික් කරන්න

Playground Builders 10.0 Creates Lasting Gift for Children of Pamunugama

The YMCA of Pamunugama celebrated the opening of its new playground on 12 June 2026, marking the successful completion of Playground Builders 10.0. The project was facilitated by the YMCA of Negombo and brought together 12 youth volunteers and 2 leaders from the Chinese YMCA of Hong Kong, with support from volunteers of the YMCA of Pamunugama and the YMCA of Negombo. The volunteers worked on the project from 7 to 10 June, building new play facilities for the children of the community.

As part of the project, a seesaw, a wooden toy car, and a wooden bridge were installed at the YMCA premises. These additions have created a fun and welcoming space where children can enjoy outdoor play and spend time with their friends. The project also provided an opportunity for friendship, learning, and cultural exchange between the visiting volunteers and the local YMCA community.

The opening ceremony was attended by around 60 people, including volunteers from Hong Kong, board members, youth members, scouts, children, and community members of the YMCA of Pamunugama. Following the opening, children enjoyed playing on the new playground equipment and took part in indoor activities with the Hong Kong volunteers, making the day a memorable one for everyone involved.

During the ceremony, tokens of appreciation were presented to the Chinese YMCA of Hong Kong and the YMCA of Negombo in recognition of their support and partnership. The YMCA of Pamunugama is grateful to all those who contributed to the success of Playground Builders 10.0 and helped create a lasting gift for the children of the community.

Saturday, June 6, 2026

182 වන YMCA නිර්මාතෘ දින සැමරුම

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය 2026 ජූනි 06 වන දිනට යෙදුණු 182 වන YMCA දිනය සමරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා බාලදක්ෂ බාලදක්ශිකාවන් 28 දෙනෙකු, මාකලෝසා සිහිනය මධ්‍යස්ථානයේ දරුවන් 9 දෙනෙකු මෙන්ම අපගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ තරුණ පිරිස ඇතුළු 55 දෙනෙකු උද්යෝගයෙන් එක්වූහ. සැමදෙනා එකම අරමුණකින් යුතුව එක්රොක් වූ මෙම අවස්ථාව, එකිනෙකා අතර පවතින බැඳීම සහ සමාජ සේවයට ඇති කැපවීම මනාව විදහා දැක්වීය.

උත්සවයේ සමාරම්භය සනිටුහන් වූයේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ දියුණුව, ලෝක සාමය සහ දරුවන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් පැවති විශේෂ යාඥා සැසියෙනි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරා ලෝකය පුරා තරුණ ක්‍රිස්තියානි සංගමය මඟින් සිදු කරන මෙහෙවර මෙහිදී සිහිපත් කෙළ අතර මෙතෙක් ආ ගමන වෙනුවෙන් දෙවිපියාණන් හට ප්‍රශංසා පුද කරන ලදි. 

මීලඟට දිනයේ විශේෂාංගයක් ලෙස "YMCA යනු මට කුමක්ද?" යන තේමාව ඔස්සේ පෝස්ටරයක් කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස සිදු කරන ලදි. අනතුරුව YMCA හි මූලික හරය වන 'පැරිස් පදනම' (Paris Basis) ලේඛනයට සියලු සහභාගීවන්නන් සිය අත්සන තබමින්, අපගේ පොදු මෙහෙවර ඉදිරියටත් නොපසුබටව ඉටු කරන බවට ප්‍රතිඥා දුන් අතර 122 වන උපන්දිනය සමරමින් අලංකාරවත් කේක් එකක් කපා සංග්‍රහයක් බුක්තිවිඳ වැඩසටහන නිමා කෙරින. 

Celebrating 182 Years of YMCA Impact in Pamunugama

The YMCA of Pamunugama marked the 182nd YMCA Founder’s Day on June 6, 2026. A diverse group of 28 scouts, nine wonderful participants from Makalause Dream, and several of our board and youth members attended this celebration. Seeing everyone gathered together underscored the very heart of the movement: building a space where everyone belongs and can serve their community side-by-side.

Event started with a shared prayer session, focusing our thoughts on the YMCA movement, global peace, and the wellbeing of children. It was a grounding start to the day, reminding us all of the values that have held the YMCA together for nearly two centuries.

After the prayer, we held an inclusive workshop where youth and adults teamed up to create posters titled "What the YMCA Means to Me." It was inspiring to watch the younger scouts and our experienced board members collaborate.

To wrap things up, everyone in attendance signed a copy of the Paris Basis as a pledge to carry our core mission forward. We then finished the day on a high note, coming together to cut the birthday cake. It was a simple yet meaningful celebration of 182 years of history, leaving us all feeling closer as a community and ready to tackle the work ahead.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip