Friday, June 12, 2026

‘Playground Builders 10.0’ මඟින් දරුවන්ට නව ක්‍රීඩා පරිසරයක්

‘Playground Builders 10.0’ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරමින් 2026 ජූනි 12 වන දින සිය නව ක්‍රීඩාංගණය විවෘත කරන ලදී. මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා හොංකොං හී චීන YMCA නියෝජනය කළ තරුණ ස්වේච්ඡා සේවකයන් 12 දෙනෙකු සහ නායකයන් දෙදෙනෙකු සහභාගී වූහ. පමුණුගම සහ මීගමුව YMCA සංගම්වල ස්වේච්ඡා සේවකයන්ගේ සහයෝගය ඇතිව ජූනි 7 සිට 10 දක්වා කාලය තුළ මොවුන් ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් මෙම ක්‍රීඩා පහසුකම් ඉදිකරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ සීසෝවක්(seesaw), ලීයෙන් කළ සෙල්ලම් ජීප් රථයක්, සහ ලී පාලමක් YMCA පරිශ්‍රයේ ස්ථාපනය කර ඇත. මෙමගින් දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට විනෝදජනක පරිසරයක් නිර්මාණය වී තිබේ. එසේම, මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ස්වේච්ඡා සේවකයන් සංගමයේ සාමාජික සාමාජිකාවන් අතර මිත්‍රත්වය සහ සංස්කෘතික හුවමාරුව සඳහා අවස්ථාව උදා විය.

විවෘත කිරීමේ උත්සවය සඳහා හොංකොං ස්වේච්ඡා සේවකයන්, පාලක මණ්ඩල සාමාජිකයන්, තරුණ සාමාජිකයන් සහ බාලදක්ෂයන් ඇතුළු 60 දෙනෙකු පමණ සහභාගී වූහ. විවෘත කිරීමෙන් අනතුරුව දරුවන් නව ක්‍රීඩා උපකරණ භාවිත කරමින් සතුටු වූ අතර, හොංකොං ස්වේච්ඡා සේවකයන් සමඟ ගෘහස්ථ ක්‍රියාකාරකම්වල නිරත වූහ.

මෙහිදී හොංකොංහී චීන YMCA සහ මීගමුව YMCA ලබා දුන් සහයෝගය අගයමින් සමරු තිළිණ පිරිනමන ලදී. ‘Playground Builders 10.0’ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ සහ දරුවන් වෙනුවෙන් මෙවැනි වටිනා තෑග්ගක් ලබා දීමට උදව් කළ සැමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සිය කෘතඥතාව පළ කර සිටියි.

පින්තූර සඳහා ක්ලික් කරන්න

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip