2026 ජුනි 25 වන දින, පමුණුගම ෆිෂ් පාර්ක් ආපනශාලාවේදී මකලවුස් සිහිනය වැඩසටහන හා සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී ප්‍රධාන වශයෙන්ම ආබාධිතභාවය පිළිබඳ සංකල්පය අද සමාජය තුළ දකින ආකාරය සහ ඒ පිළිබඳව පවතින වැරදි ආකල්ප දුරු කරගනිමින්, අපේ දරුවන් දෙස වඩාත් ධනාත්මකව බලන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරින. මෙම සාකච්ඡා හරහා අපගේ දරුවන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම, ඒ සම්බන්ධව ඇති ව්‍යාකූලතා දුරු කරගෙන වැඩි ආත්ම විශ්වාසයකින් ඉදිරියට යාමට හැකිවනු ඇතැයි සංගමය විශ්වාස කරයි.
එමෙන්ම, මෙම වැඩමුළුව දෙමාපියන් හට තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම් බෙදාගැනීමට අවස්තාවක් උදාකෙරින. බොහෝ දෙමාපියන්ට රජයේ ආයතන හරහා තම දරුවන්ට ලබාගත හැකි සහන සහ පහසුකම් පිළිබඳව ාඩු අවබෝධයකින් සිටී. එම ගැටලුවට විසඳුමක් ලෙස, රජයේ ආයතන මගින් ආබාධිත පුද්ගලයන් සඳහා ලබා දෙන පහසුකම් මොනවාද සහ එම සේවාවන් ලබා ගැනීමට නිවැරදිව ප්‍රවේශ වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරින. මේ සඳහා මාකලෝසා සිහිනය කාර්ය මණ්ඩලය, පමුණුගම YMCA හි ප්‍රධාන ලේකම් සහ මාකලෝසා සිහිනය කාර්ය සාධක කමිටුවේ සභාපති අරුණ ශාන්ත නෝනිස් මහතා සහභාගී විය.
වැඩමුළුවේ වැදගත්ම කොටස වූයේ අප සැමගේ එකමුතුකම සහ මානසික ශක්තිය පිළිබඳව කතාබහ කිරීමයි. කොතරම් බාධක පැමිණියද, දෙමාපියන් ලෙස අප සැම එකම පවුලක් සේ එක්වී කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සමාජය තුළ සම්පූර්ණයෙන්ම තහවුරු වන තුරු අප නොසැලී, එකාවන්ව පෙනී සිටිය යුතු බව මෙම වැඩසටහන අතරතුර සිහිගන්වන ලදි. මෙම වැඩමුළුව තොරතුරු බෙදාගැනීමෙන් ඔබ්බට ගොස්, දෙමාපියන් අතර තිබූ සුහදත්වය වර්ධනය කිරීමටත්, ඉදිරි අභියෝග ජය ගැනීමට අවශ්‍ය ශක්තිමත් පවුලක් ලෙස එකමුතු වීමටත් ලැබුණු කදිම අවස්ථාවක් විය.



No comments:
Post a Comment