Monday, December 26, 2022

Carrol Visit after preparing the crib - ගවලෙන සෑදීමෙන් පසු කැරොල් සංචාරයේ යෙදුණු සංගමයේ දරුවන්

With the support of Youth a beautiful crib was made at the YMCA. Maleesha, Hirusha and Shinesh who are senior scouts worked a full day to make it. After making the crib, children of YMCA went from home to home share the good news of the birth of our saviour Jesus Christ.

During the visit they sang carols and shared gifts with the children of families they visited. 

සංගමය වැඩිහිටි බාලදක්ෂයන්ගේ මැදිහත්වීමෙන් ඉතා සුන්දර ගවලෙනක් සංගම් භූමියේ දී නිර්මාණය කෙරිණ. මෙම ගවලෙන් නිර්මාණය කිරීම සඳහා සම්පූර්ණ දිනයක් වැය වූ අතර  මලීෂ, ශිනේෂ් සහ හිරුෂ මේ සඳහා නායකත්වය ගන්නා ලදී.

ඉන් අනතුරුව සංගමයේ ළමා සාමාජික සාමාජිකාවන් කැරොල් ගායනා කරමින් ගම පුරා වීදි සංචාරය කෙරින.

මෙහිදී ඔවුන් නිවාස බොහොමයක් බැහැදුටු අතර එම නිවාස වල දරුවන් සමග ත්‍යාග ලබාදෙමින් සහ කැරොල් ගීත ගායනා කරමින් සුභාරංචියේ සතුට බෙදා බෙදාගන්නා ලදී. 



Annual Gifts for Children of YMCA and Pamunugama Girls Home - දරුවන් සඳහා නත්තල් ත්‍යාග පෙට්ටි මෙවරත්

With the support of a Christian Group from Australia (Help Orphans Now) YMCA distributed gift boxes to the the children of the Pamunugama Girls Home and  the children who attend different YMCA programmes (Pre-School, Makalause Dream School, Scout Group).

Pre-school kids and the children with disabilities of Makalause Dream School received their gifts on 20 December. Scouts received their gifts at their year end gathering held on 23 December and the gifts for the girls home were distributed on 24the December.

This event brought a lot of joy to the children in Pamunugama as the boxes were filled with valuable and interesting gifts including clothing, stationery, toys and sanitory items. YMCA of Pamunugama extend its gratitude to Help Orphans Now for carrying this generous act annually.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කිතුණු කණ්ඩායමකින් සැදුම්ලත් Help Orphans Now සංවිධානයේ මැදිහත්වීමෙන් පමුණුගම ළමා නිවාසයේ දරුවන් සඳහා සහ සංගමයේ බාලදක්ෂ වැඩසටහන්, පෙර පාසල සහ මාකලෝසා සිහිනය පාසලේ දරුවන් හට ත්‍යාග පාර්සල් ලබාදීම මෙවර සිදුවිය.

මාකලෝසා සිහින පාසලේ සහ පෙර පාසලේ දරුවන් සඳහා ත්‍යාග දෙසැම්බර් 20 දින ලබාදුන් අතර දෙසැම්බර් 22 දින පැවති වර්ෂ අවසාන එකමුතුවේදී බාලදක්ෂ බාලදක්ෂිකාවන් හට ඔවුන්ගේ ත්‍යාග ප්‍රධානය සිදුකෙරින. පමුණුගම ළමා නිවාසයේ දරුවන් හට දෙසැම්බර් 24 දින ත්‍යාග බෙදාදින.

ඇඳුම්, ලිපිද්‍රව්‍ය, සෙල්ලම් භාන්ඩ වලින් ත්‍යාග පාර්සල් සැදුම්ලත්ව තිබූ අතර මෙම ත්‍යාග ලැබීමෙන් දරුවන් බොහෝසේ සතුටු විය. මෙම කාරුණික ක්‍රියාව වාර්ෂිකව සිදුකරන Help Orphans Now සංවිධානය වෙත සංගමයේ ස්තූතිය පුදකරමු.

Members get-together 2022 - වර්ෂ අවසාන සාමාජික එකමුතුව

Annual get-together of YMCA of Pamunugama was held on 22 December at the YMCA main hall with the participation of over 50 active members.

During the gathering members enjoyed the joy of Christmas by singing carrols / songs, taking part on games and having a fellowship dinner.

සංගමයේ සාමාජිකයින්ගේ වර්ෂ අවසාන එකමුතුව 2022 දෙසැම්බර් මස 22 වන දින සංගම් ශාලාවේදී පැවැත්වින. මේ සඳහා සංගමයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් 50 කට අධික පිරිසක් සහභාගීවිය.

මෙහිදී සාමාජික සාමාජිකාවන් කැරොල් සහ ගීත ගායනා කරමින්, විනෝද ක්‍රියාකාරකම් වල යෙදෙමින් සහ රාත්‍රී අහාරය ලබාගනිම්න් සතුටු විය.

"පිබිදෙන දෑත්" - අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය - Exibition of Makalause Dream School

මාකලෝසා සිහිනය පාසලේ ආබාධ සහිත දරුවන්ගේ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් 2022 දෙසැම්බර් මස 20 දින දවස පුරා දෑලතුර පිහිටි පාසල් පරිශ්‍රයේදී පැවැත්වින.

මෙම ප්‍රදර්ශනය සඳහා ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් දරුවන් මාස කීපයක සිට සූදානම් වූ අතර දරුවන් හට ලබාදෙන වෘත්තීය පුහුණු වැඩසටහන හරහා දරුවන් හට ලබාදුන් හැකියාවන් එළිදැක්වීමද මෙහිදී සිදුවිය.

ප්‍රදර්ශනයේ අරාධීත අමුත්තන් ලෙස සංගමයේ සභාපති ධනුක ජයමාන්න මහතා සහ දැලතුර දේවස්ථානයේ මීසම් සේවක පියතුමන්ද සහභාගීවිය. ප්‍රදර්ශනය නැරඹීම සඳහා සංගමයේ සමාජික සාමාජිකාවන්, පෙර පාසලේ සිසුවියන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Exhibition of handicrafts made by the students of Makalause Dream School "YMCA school for the children with disabilities" was held on 20, December 2022 at the school premises.

Children prepared for this exibition for last several months with the support of teachers and parents. This event was also an opportunity showcase the outcome of the  knowledge provided through the livelihood training programme.


Danuka Jayamanne, Preesident of Pamunugama YMCA and the pries of Delathura Church graced the occasion as guests. Several villagers, members of Pamunugama YMCA, pre-school children visited the exhibition.

Sunday, December 18, 2022

Street Musical Show with artists from Singapore - සිංගප්පූරු සංගීත කණ්ඩායමක් සමඟ ජාත්‍යන්තර සංගීත් අත්දැකීම්ක්

A group of young street musicians arrived in the island for a short visit from 15 - 18 December during their world tour. Three months prior, this group connected to the YMCA of Pamunugama and together with Negombo and Moratuwa YMCAs, 3 shows were organized covering 3 areas.

First show was held at Reality Plaza shopping Center Ja-Ela on 17 December 2022. Show went on for over 1 hour. There were an audience over 150 and many hundreds of customers who visited the shopping mall was able to witness this international musical experience. At the end of the show a lunch was hosted by the YMCA of Pamunugama for the Musical group and the core-group who supported the event.

Born to Win Institution, Headway School of Languages and Nikon Studio at Reality Plaza gave an immense support to cordinate the show at the venue. YMCA expresses it gratitude to all those who assisted the event, Musical and management group from Singapore and Mr. Lesli Karunaratne who has coordinated the visitors with YMCA. 

ජාත්‍යන්තර සංගීත සංචාරයක යෙදෙන සිංගප්පූරු තරුණ වීදි සංගීත් කණ්ඩායම්ක් දෙෙසැම්බර් මස 15 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදින. මෙම කණ්ඩායම මීට මාස තුනකට පමණ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය හා සම්බන්ධ වූ අතර ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර පැවැත්වෙන සංගීත සංදර්ශන සම්බන්ධීකරණය කිරීමේ කටයුතු අප වෙත භාර කෙරිණි. මෙහිදී මීගමුව සහ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම්ද අප හා ඒකාබද්ධ වූ අතර ප්‍රදේශ තුන නියෝජනය වන පරිදි සංගීත සංදර්ශන තුනක් පැවැත්විණ.

එහි ප්‍රථම සඳ සංදර්ශනය දෙසැම්බර් මස 17 වන සෙනසුරාදා දින රියලිටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ දී පැවැත්විණ.  උදෑසන 11 ට ආරම්භවූ මෙම සංදර්ශනය පැයකට අධික කාලයක් පැවති අතර එය නැරඹීමට එකසිය පනහකට අධික පිරිසක් මෙන්ම රියලිටි ප්ලාසා වෙළඳෙළඳ මධ්‍යස්ථානයට පැමිණි පාරිභෝගිකයින් සිය ගණනක් හටද මෙම ජාත්‍යන්තර සංගීත් අත්දැකීම් රස රසවිඳීමට අවස්ථා උදාවිය. සන්දර්ශන අවසානයේ සංගීත් කණ්ඩායම සහ සහය දැක්වූ අයව ය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වින. 

මෙම වැඩ වැඩසටහන් සාරාර්ථක කර ගැනීමට රියලිටි ප්ලාසා වෙළද මධ්‍යස්ථානයේ තම ආයතන පවත්වාගෙන යන නිකෝන් ස්ටූඩියෝ, හෙඩ්වේ ස්කූල් ඔෆ් ලැන්වේජස් සහ බෝර්න් ටු වින් යන ආයතන මහඟු සහයෝගයක් දක්වන ලදී. ඔවුන් සියළු දෙනා හට මෙන්ම සිංගප්පූරු සංගීත කණ්ඩායමේ තරුණ තරුණියන් හට, ඔවුන් අපහා සම්බන්ධීකරණය කරනු ලැබූලෙස්ලි කරුණාරත්න මහතා හට සංගමයේ ප්‍රණාමය.

Investiture of Scouts - නවක බාලදක්ෂයින්යින් සඳහා පදක්කම් පැළඳ පැළඳවීම

Investiture ceremony of New Scouts was held on 10 December at the YMCA of Pamunugama. 15 Scouts of the YMCA Pamunugama gave oath as scouts and received their membership badges. 7 out of 15 new scouts were from the Makalause Dream School which is the YMCA of Pamunugama school for the children with disabilities. 

Parents, scout leaders and staff of the YMCA attended the ceremony. YMCA wish all the new scouts a great scout life and looking forward to their company in upcoming scout activities. 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ කණ්ඩායම්ට සම්බන්ධ වූ නවකයින් හට පදක්කම් පැළඳ පැළඳවීමේ උත්සවයක් ලෙස දෙසැම්බර් මස 10 වන දින සංගම් භූමියේදී පැවැත්විණ.

මෙහිදී නවකයින් පහළොස් දෙනෙකු පදක්කම් පැළඳි අතර මීට මාකලෝසා සිහින පාසලට අයත් ආබාධ සහිත සිසුන් හත්දෙනකුද අයත් විය. මෙම උත් උත්සවය සඳහා සංගමයේ බාලදක්ෂ නායකයින්, මාකලෝසා සිහිනය පාසලේ ගුරු ගුරුතුමියක් සහ දෙමාපියන් සහභාගි විය. පදක්කම් පැළඳි නවක බාලදක්ෂයින්යින් හට සංගමය සුභ පැතුම් එක් කරන අතර ඉදිරියේ දී පැවැත්වෙන බාලදක්ෂ වැඩ වැඩසටහන් සමඟ දිගින් දිගටම සම්බන්ධ වනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.



Monday, December 5, 2022

Year End Concert of the YMCA held colorfully - වර්ණවත්ව පැවති පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ වර්ෂා අවසාන ප්‍රසංගය

Year End Concert of the YMCA of Pamunugama was held on 04 December 2022 at the YMCA Main Hall. Due to the prevailed crisis situation in the country, the concert was not held physically last year. Instead YMCA produced a YouTube video to present the skills of the children attending various programmes of the YMCA of Pamunugama.

Over 70 Children from YMCA Scouts Group, Pre-School, Dancing Class and Makalause Dream School performed number of acts, dances and ballet dance in front of a large crowd of over 500 invitees, parents an villagers. Rev Fr. Mahesh Krishn Fernando o Kepungoda St. Antony's Church and Mr. Jayathilake the Community Police Officer of Dungalpitiya Police Station attended as special guests of the event. 

YMCA extend the gratitude to all who were present, parents, teachers who trained students and members who have helped in various means to make the event a successful and a memorable one.

රට තුළ පැවති අර්බුදකාරී තත්වය හේතුවෙන් වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය වසර දෙක තුළ දී පැවැත්වීමට නොහැකි විය.  කෙසේ නමුත් දරුවන්ගේ හැකියාවන් යූටියුබ් වීඩියෝවක් හරහා ඉදිරිපත් කිරීම්ට 2021 වස්රේදී සංගමය කටයුතු කරන ලදී. 2022 වර්ෂා අවසාන විවිධ ප්‍රසංගය දෙසැම්බර් මස 4 වන ඉරුදින සංගම් ප්‍රධාන ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 

වැඩ සටහනේ ප් ප්‍රධාන ආරාධිතයින් ලෙස කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මීසම් පාලක පිය පියතුමාණන් වන ක්‍රිශාන් මහේෂ් ප්‍රනාන්දු පියතුමන් සහ දුන්ගාල්පිටිය පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ස්ථානාධිපති ජයතිලක මහතා ද සහභාගි විය. මීට අමතරව සංඝ සංගමයේ පාලක මණ්ඩලය සාමාජික සාමාජිකාවන්, දරු දැරියන්ගේ දෙමාපියන් ඇතුළු ගම්වාසී විශාල පිරිසක් ප්‍රසංගය නැරඹීමට සහ සහභාගි විය.

සංගමයේ බාලදක්ෂකා කණ්ඩායම, පෙර පාසල, නැටුම් කණ්ඩායම් සහ මාකලෝසා සිහින පාසල නියෝජනය කරමින් දරු දැරියන් හැත්තෑවකට අධික පිරිසක් තමන්ගේ දක්ෂතාවයන් විවිධ රංගනයන්, නර්තනයන්, ගායනයන් ඔස්සේ ඉදිරිපත් කරන ලදි. 

ප්‍රසංගය සාර්ථක කරගැනීමට විවිධාකාරයෙන් සහය දැක්වූ දෙමාපියන්, ගුරුතුමියත්, සාමාකජික සාමාජිකාව, නැරඹීම්ට පැමිණි විශේෂ ආරාධිත අමුත්තන් සහ සියලුම හිතවතුන් වෙත සංගමයේ ස්තුතිය පිරිනමමු.

මාකලෝසා සිහින පාසලේ දෙමාපියන් සඳහා වූ වැඩසටහන - Parent's get together and Evaluation for Makalause Dream School

වාර්ෂිකව පවත්වනු ලබන මාකලෝසා සිහිනය පාසලේ දෙමාපියන්ගේ එකමුතුව සහ වර්ෂ අවසාන පසුවිපරම් වැඩසටහන නොවැම්බර් මස 30 වන දින තලාහේන ක්‍රැබ් කෝව් ආපන ශාලාවේදී පැවැත්වින. මේ සඳහා හදෙමාපියන් 9 දෙනෙකු, ගුරුතුමියන් සහ ප්‍රධාන ලේකම් ඇතුළු කණ්ඩායමක් එක්විය.

වසර පුරා පාසල ක්‍රියාත්මක වූ ආකාරය, තම දරුවන් හට පාසලේ ඇති වැදගත්කම මෙන්ම ඉදිරි වසර සඳහා පාසලේ ගමන් මහ පිළිබඳව ඉතා වැදගත් අදහස් බෙදා ගැනීමක් මෙහිදී සිදුවිය. මාකලෝසා සිහින පාසලේ ක්‍රියාකාරී කමිටු සභාපති අරුණ ශාන්ත නෝනිස් මහතා විසින් සාකච්ඡාව මෙහෙයවන ලදි. ඒ අනුව උගත් පාඩම් සළකා බලා ඉදිරි වසරේ වැඩකටයුතු සැළසුම් කිරීමට නියමිතව ඇත.

Parents get-together and the evaluation meeting of the Makalause Dream School was held on 30 November, 2022. Programme held at Crabs Cove Restaurent was attended by 9 parents, 2 teachers and General Secretary.

During the programme, an evaluation on schools activities for the year 2022 was held. Number of learnings and areas to be improved was discussed. Based on the findings, the year 2023 will be planned. Programme was facilitated by Mr. Aruna Shantha Nonis, Chairman of the Makalause Dream Task Committee. 




Sunday, October 23, 2022

හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය නායක වැඩමුළුව - Prefects Training at Hapugoda St. Mary's Model School

පාසලේ ශිෂ්‍ය නායකයා නායිකාවන් පුහුණු කිරීම් සඳහා නායකත්වය කඳවුරක් පැවැත්වීමට හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලය විසින් කටයුතු යොදා තිබිණ. මෙම වැඩ වැඩසටහන් සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 35 දෙනෙකු සහභාගි වූ අතර  ඔක්තෝම්බර් මස 22 සහ 23 යන දිනයන්හි දී පාසැල් භූමිය තුළ වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙම වැඩසටහනේ පළමු දින පුරාවටම පැවති ක්‍රියාකාරකම් මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය වෙතයි. මෙම වගකීම් ඉටුකිරීම සඳහා සංගමය සමඟ The Born to Win Relationships ආයතනයද අත්වැල් බැඳගත් අතර, දිනය පුරා දරුවන්ගේ නායකත්වය ප්‍රවර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා BTWRs  ආයතනයේ වන්නිආරච්චි මහතා,  සංගමයේ උපදේශක අරුණ ශාන්ත නෝනිස් මහතා සහ ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලදී. 

මෙම ක්‍රියාකාරකම් තුලින් නායකත්වය හඳුනා ගැනීම, අරමුණු සහ ඉලක්ක ඉටුකර ගැනීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු කාරණා තේරුම් ගැනීම, නායකත්ව හැකියාවන් ප්‍රවර්ධනය කිරීම යන අංශ කෙරෙහි අවධානය යොමු විය.  දිනය අවසානයේ ගිනිමැලයක් සංවිධානය කොට තිබූ අතර ගිනිමැලයක් සංවිධානය කිරීම පිළිබඳව පුහුණුවක්ද ශිෂ්‍ය නායක නායිකාවන් වෙත ලබා දෙන ලදී.

සංගමයේ හිටපු සභාපතිනියක මෙන්ම එම පාසලේ ගුරු මණ්ඩලයේ සාමාජිකාව වන රසිකා තිසේරා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ ආරාධනායෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මෙම පුහුණු වැඩ සටහන් සඳහා සම්බන්ධ විය.

YMCA of Pamunugama together with The Born to Win Relationships extended the support to St.Mary's Model School to train their prefects at the Prefects Training Workshop held from 22 - 23 October at the School premises. There were 35 prefects were trained in the programme.

On an invitation received from the School, Mr. Dileepa Wanniarachchi of BTWR, Mr. Aruna Nonis and Ridma Fonseka from Pamunugama YMCA joined the programme as facilitators and led sessions through out the 1st day. 

During the day, children attended number of activities where they experienced different aspects of leadership. Understanding leadership and qualities required to become a leader, priorities for a leader were among highlighted topics during the day. At the end of the day, there was a session on conducting a campfire and also a campfire where the prefects had the opportunity to entertained themselves as well as the staff and parents who attended.

Monday, October 10, 2022

සනීපාරක්ෂාව සඳහා කාන්තාවන්ට ඇති අයිතිය තහවුරු කරමු - Securing Women Rights for Hygiene Facilities

සනීපාරක්ෂක තුවා මිල අතිෂයින් ඉහල යෑමත් සමඟ කාන්තාවම දැඩි අපහසුතාවයන්ට මුහුණපාමින් සිටී. විශේෂයෙන් පාසල් යන වයසේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මෙම තත්වය බලපා ඇති බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ. එක් පසකින් මෙය කාන්තාවන්ට පමණක් සුවිශේෂී කාරණයක් මෙන්ම ජන සමාජය තුළ විවෘතව කතා නොකෙරෙන මාතෘකාවක් බැවින් බොහෝදෙනාගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ අනුව කාන්තාවන් හට සනීපාරක්ෂාව සඳහා ඇති අයිතිය දැඩි ලෙස අවදානමකට ලක්වී ඇත.

මෙම තත්වය යටතේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ඩෙන්මාර්කයේ ශාන්තා ජෝර්ජ් වැඩිහිටි බාලදක්ෂ කණ්ඩායම හා එක්ව නැවත භාවිතාකල හැකි සනීපාරක්ෂක තුවා කට්ටල පාසල් යන වයසේ සිසුන් 95 දෙනෙකුට ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි. මීට සමගාමීව පාසල් යන වයසේ දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්වද කාන්තා සනීපාරක්ෂාව සහ යහපත් මානව සබඳතා ගොඩනගා ගැනීම හරහා දරුවන් ආරක්ෂා කරගැනීම පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදුවේ.

මෙහි පලමු අදියර 2022 ඔක්තොම්බර් මස 8 වන දින මීගමුව ජනාවබෝද කේන්ද්‍රයේ දී පැවති අතර, මෙම වැඩසටහ සඳහා ජනාවබෝද කේන්ද්‍රය හා සම්බන්ධ කාන්තා සමිති නියෝජනය කරමින් ගැහෑනු දරුවන් සහ දෙමාපියන් 50 කට ආසන්න පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහන සඳහා සංගමයේ නියෝජිතයින් 6 දෙනකු සහ ජනාවබෝද කේන්ද්‍රයේ ප්‍රධාන ලේක්ම්තුමියද සහභාගී විය. දෙවන පියවර ඔක්තෝම්බර් මස 15 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දී පැවැති අතර එහිදී සංගමයට සම්බන්ධ දැරියන් 15 දෙනකු සහ ඔවුන්ගේ මව්වරුන් දැනුවත් කිරීම් සහ සනීපාරක්ෂක තුවා කට්ටල බෙදාදීම සිදුවිය. මෙම වැඩ වැඩසටහන් දෙකෙහිම දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ හිමල්ෂා චමෝදි මහත්මිය විසින් සිදුකල අතර මේ වනවිට සනීපාරක්ෂක තුවා කට්ටල 45 ක් බෙදාදීම සිදුකර ඇත.

Increasing prices of sanitary napkins, has become an added burden to the women in Sri Lanka among many other hardships they are going through at the moment . It is reported from many areas that this situation has also affected the education of girls. Due to the nature of the issue and cultural barriers in discussing openly, this has been neglected by many responsible parties. As a result, women's right to sanitation is severely compromised.

Under this situation, Young Men's Christian Association of Pamunugama started a program to provide reusable sanitary napkin sets to 95 school age students in collaboration and sponsorship of Sct. George Gilderne (Fellowship of Adult Scouts) in Denmark.

Along with this distribution, girls in school age as well as their parents are also educated on menstrual hygiene related issues and the importance of maintaining a good child-parent relationship.

The first phase of this was held on the 8th of October 2022 at the Janavaboda Kendraya in Negombo. Nearly 50 mothers and girls and parents participated in this program representing the Women's Groups associated to the Janavaboda Kendraya. 6 representatives YMCA and the Chief Executive Officer of Janavaboda Kendra also participated in this program. Second phase of the distribution and the awareness was held at the YMCA of Pamunugama for 15 girls and their parents attached to various YMCA programmes. Mrs. Himalsha Chamodi of the YMCA of Pamunugama joined as the resource person to raise awareness on both events. 46 sets of sanitory pads are distributed so far. We extend a special thank to Ms. Gitte Staehr for coordinating this kind and timely action.

Tuesday, October 4, 2022

ළමා දිනය සැමරූ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් - Children of Pamunugama YMCA celebrates the Children's Day

ඔක්තෝම්බර් පළවෙනි දිනට යෙදෙන ළමා දිනය පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් වාර්ෂික වැඩසටහන් කැලැන්ඩරේ අනිවාර්ය අංගයකි. දරුවන් සඳහා වෙන් කර ඇති මෙම සුවිශේෂී දිනය සැමරීම සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ හවුලේ නායකත්වයෙන් එක්දින කඳවුරක් ඔක්තෝම්බර් 1 වන දින පැවැත්විණ. 

මෙම කඳවුර සඳහා සංගමයේ ආබාධ සහිත දරුවන් සඳහා වූ පාසල,  බාලදක්ෂ කණ්ඩායම, නැටුම් කණ්ඩායම ඇතුළු වැඩසටහන් හා සම්බන්ධ වන දරුවන් 55 දෙනෙකු සහභාගි වූ අතර තරුණ හවුලේ සාමාජික සාමාජිකාවන් දස දෙනෙකුගේ සහයෝගය මෙම කඳුර සඳහා ලැබිණ.

සහභාගි වූ දරුවන්ගේ විනෝද විනෝදාස්වාදය උදෙසා විවිධ ක්‍රියා ක්‍රියාකාරකම්, කණ්ඩායම් ක්‍රීඩා මෙන්ම හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ අංගයන්ගෙන් මෙම වැඩසටහන සමන්විත විය. උදෑසන වරුවේ ක්‍රියාකාරකම් සංගම් භූමියේ දී පැවති අතර සවස්ව වරුවේ  ක්‍රියාකාරකම් සංවිධානය කොට තිබුණේ සරක්කුව වෙරළ තීරයේ දී ය. 

Children's Day is one of the main calendar events of the YMCA of Pamunugama. With the leadership of Youth Club, day camp was organized to mark this special day on 01 October 2022.

55 children representing the Scout Group, School for Children with Disabilities, Dancing Group attended the event while10 leaders from the Youth Club gave leadership to different activities at the event.

Number of games, group activities and adventure activities were organized during the day to entertain the participants on this special day dedicated for children. Activities during the morning session was held at the YMCA and the evening activities were held at the Sarakkuwa Beach.

Monday, September 19, 2022

YMCA Kite Festival 2022 - YMCA සරුංගල් උළෙල 2022

Kite Festival is an Annual Event organized by the YMCA of Pamunugama during the kiting season in Pamunugama area. This year the Festival was held at Kepungoda Beach on 18 September 2022 with a participation over colorful 100 kites. There was also a crowd over 500 gathered to fly and to see kites at the beach.

Youth of the YMCA of Pamunugama organized the event with the theme "We All Fly in the Same Sky". It was an event for the people in the area to enjoy and to relaxed among all the hardships that people are going through at the moment due to economic crisis.

Best three kites received cash prices of Rs 15,000/=, Rs 10,000/= and Rs 5,000/= respectively and five more kites received Rs 1,000/= each as complimentary gifts. Winners also received a certificate. YMCA of Pamunugama extend a special thank to the Police Station of Dungalpitiya for their cooperation in organizing the event and their support in selecting winners. We also thank Mr. Martin Knoerich and friends from Munich for their support to present cash prices to winners. 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සරුංගල් උළෙල මෙවර කැපුන්ගොඩ වෙරළ තීරයේදී 2022 සැප්තැම්බර් මස් 18 වන දින පැවැත්වින. වාර්ෂිකව පවත්වන මෙම වැඩසටහන් සඳහා මෙවර සරුංගල් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වී තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම අවස්ථාව නැරඹීමට පන්සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

සංගමයේ තරුණ සාමාජිකත්වයෙන් මැදි මැදිහත්වීමෙන් එකම අහසක සැවොම පියඹමු යන තේමාවයි යටතේ මෙවර පැවැති සරුංගල් උලෙල පවතින ආර්ථික අපහසුතා හමුවේ පීඩාවට පත්ව තිබූ ජනතාවගේ සිත් වල ප්‍රීතියක් ඇති කිරීමට ඉවහල් වූ බව සහ සහභාගිවූවන් පවසන ලදී.

ප්‍රථම ස්ථාන තුන සඳහා රුපියල් 15,000/=, 10,000/= සහ 5,000/= ලෙස මුදල් ත්‍යාග ලබාදුන් අතර තවත් ජයග්‍රහකයින් පස්දෙන දෙනකු සඳහා රුපියල් දහස බැගින් සැනසිලි ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කරන ලදී. සරුංගල් උළෙල පැවැත්වීම සඳහා විශේෂ සහයෝගයක් දැක්වූ දුන්ගල්පිටිය පොලිසිය වෙත සංගමය ස්තූතිය පුදකරන අතර ජයග්‍රහකයින් හට මුදල් ත්‍යාග ලබාගැනීමේදීම සඳහා මාටින් කැනොරිච් ඇතුළු මියුනිච් මිතුරන් දැක්වූ සහය විශේෂයෙන් අගය කරමු.  

Monday, August 29, 2022

YMCA Youth Camp 2022 in Mirigama - මීරිගම YMCA තරුණ කඳවුර 2022

YMCAs of Moratuwa, Pamunugama and Negombo jointly organized a Youth Camp from 26 - 28 August at the Lee Dasanayake Scout Training Center. Prior to the physical programma an online preparatory programme was held on 24 August with the registered participants.

There were 42 young people representing the 3 YMCAs attended the event and it was a rare opportunity for young people after a couple of years. Covid 19 pandemic from 2020 and lately the economic and political crisis situation in Sri Lanka have not created opportunities for such gatherings. 

Activities of the camp were designed to raise awareness on the YMCA and to redefine the mission of the YMCA in the current context while safeguarding its identities and Christian values. There were discussions to understand the current crisis context in Sri Lanka. Participants have listed a number of justice and youth related issues as well as activities that young people could take up the leadership in responding those issues.

Participants also spent time in getting to know each other through activities and dialogues on different topics resulting a good relationship among the participants of 3 YMCAs. Special session on Music and Young people held to encourage young people to use art in a meaningful manner in YMCA work and in their lives. There was an introduction session to the game Kubb and participants had fun playing it.

Participants have agreed to discuss the decisions taken at the Camp in their respective youth club meetings and to update other groups at a Zoom meeting to be held within 2 weeks to evaluate the progress.

පමුණුගම, මොරටුව සහ මීගමුව යන තරුණ ක්‍රිස්තියානි සංගම්හී එකමුතුවෙන් සංවිධානය කෙරුණ 2022 තරුණ කඳවුර මීරිගම ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී අගෝස්තු මස 26 සිට 28 දක්වා දිනයන්හීදී පැවැත්වින.

2020 වසරේ සිට කොවිඩ් 19 වසංගතය සහ පසුව ඇතිවූ ආර්ථීක සහ දේශපාලනික ගැටළු හේතුවෙන් මෙවැනි අවස්තාවක් තරුණයින් හට හිම්වූයේ බොහෝ කලකට පසු වීම විශේෂත්වයකි. මෙම වැඩසටහන සඳහා තරුණ ක්‍රිස්තියානි සංගම් තුන නියෝජනය කරමින් තරුණ තරුණියන් 42 ක් සහභාගීවිය.

තරුණ ක්‍රිස්තියානි සංගමය පිළිබඳව දැනුවත් වීම සහ එහි අරමුණු හඳුනා ගැනීම සඳහා සාකච්ඡා පැවති අතර, රටෙහි පවතින ගැටළුකාරී තත්වය හමුවේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ මැදිහත්වීම කෙබඳු විය යුතුද යන්න මෙන්ම ගැටළු හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම පිළිබඳවද සාකච්ඡා සිදු කෙරින. 

වැඩසටහන සඳහා සහභාගීවූ තරුණ ක්‍රිස්තියානි සංගම් අතර සුහදතාවය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් කීපයක්ම සිදුකිරීමට අවස්ථාව හිමි වූ අතර ගීතය සහ තාරුණ්‍යය පිළිබඳව සංවාදශීලී වැඩසටහනක් මෙන්ම බොහෝ දෙනෙකුට අලුත් ක්‍රීඩාවක් වූ කුබ් ක්‍රීඩාව හඳුන්වාදීමද මෙහිදී සිදුකෙරින. 

වැඩසටහන අතර තුර සිදුවූ එකඟතාවයන් පිළිබඳව තම තනන්ගේ තරුණ කණ්ඩායම් අතර සාකච්ඡා කොට ප්‍රගතිය පිළිබඳව සංගම් තුන අතර බෙදා ගැනීම සඳහා පසු විපරම් වැඩසටහනක් ඉදිරියේදී Zoom ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇත.

Monday, August 22, 2022

යළි ඇරඹුණු පස්වරු පාසල - Afternoon YMCA School

YMCA Afternoon School Programme started to provides educational support to students who had only 3 days a week of school until 12 August 2022 due to ongoing economic crisis in the country.

There are volunteer teachers on every afternoon on week days and Saturdays mornings in the YMCA providing assistance with different subjects.

Depending on the developments in the educational sector the future of the afternoon school will be decided by the YMCA leadership.

පවතිය වාතාවරණය හමුවේ අඩපණ වී ඇති දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීන සඳහා YMCA පස්වරු පාසල අරඹා ඇත. සතියේ සෑම දිනකම සහ සෙනසුරාදා උදෑසනයන්හීදී විවිධ විශයන් ආවරණය කරමින් ස්වේච්ඡා ගුරුවරුන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.

2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විශයන් කිහිපයක්ම ආවරණය වන පරිදි පන්ති  පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අගෝස්තු මස 12 දක්වා දින සතියකට දින තුනක් පමණක් පැවති පාසල් දින පහ පුරාවටම පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉදිරියේදී සිදුවන වෙනස්කම් නිරීක්ෂනය කිරීමෙන් අනතුරුව පස්වරු පාසල පවත්වාගෙන යෑම පිළිබඳව තීරණය කිරීමට නියමිතව ඇත. 




සෙනසුරාදා දින දිවා ආහාර වැඩසටහන - Lunch for YMCA Saturday Programme participants

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සෙනසුරාදා දිනයන්හි පැවැත්වෙන ළමා වැඩසටහන් සඳහා සහභාගි වන සියලුම දරුවන් හට දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් ජූලි මස 9 වන දින සිට ආරම්භ විය.

රටෙහි පවතින ආර්ථික අපහසුතා හමුවේ දරුවන්ගේ පෝෂණ මට මට්ටම සීඝ්‍රයෙන්යෙන් පහළ වැටී ඇති බවට වාර්තා වේ. මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් දරුවන්ගේ පෝෂණ මට්ටම් සුළු වශයෙන් හෝ නගා සිටුවීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩ වැඩසටහන් ක්‍රියාත්මක වේ.  

මූලික අදියර යටතේ මාස තුනක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදා ඇති අතර ඒ සඳහා මූල්‍යමය සහය මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමය සහ ඇස්කර් තරුණ ක්‍රිස්තියානි සංගම් බාලදක්ෂ කණ්ඩායම විසින් ලබා දෙයි.

ආහාර පිසීම සඳහා ස්වේච්ඡා දායකත්වය දෙමාපියන් විසින් ලබා දෙන  අතර දිවා ආහාරය සමබර ආහාර වේලක් ලෙස ලබාදීමට යුහුසුළුව කටයුතු කරයි.

මේ වන විට මෙම වැඩසටහන සති හතක් පුරාවට ක්‍රියාත්මක වූ අතර සෑම සතියක ම පාහේ ආහාර වේල් 45ත් - 50ත් අතර ප්‍රමාණයක් පිළියෙල කෙරේ.

Community Kitchen Project is a new initiative of Pamunugama YMCA together with the YMCA YWCA Scouts of Asker in Norway and Munich YMCA. With the economic crisis in Sri Lanka it is reported that the nutrition levels of the children in Sri Lanka are deteriorating. 

Responding the the situation YMCA launched this project to provide children with a balanced meal on every Saturday at the YMCA premises.

Lunch has been provided for 7 weeks so far on every Saturdays since 9th of July and will be continued for 3 months under the initial stage. Proximately 45 - 50 meals are prepared every week and parents of the YMCA children members give their fullest support to prepare meals as volunteers. 

Thursday, August 11, 2022

National Declaration on Disability Inclusion - ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණය පිළිබඳව ජාතික ප්‍රකාශනය

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුබ සුභසාධක සංගමය සමග  එක්ව දියත් කළ අන්තර්කරණය සඳහා වූ ව්‍යාපෘතියේ වැදගත් පියවරක් ලෙස එකගතා ප්‍රකාශනය එළිදැක්වීම් 2022 ජුලි මස් 06 වන දින Zoom ඔස්සේ පැවැත්විණ. මේ සඳහා අන්තර්තර් කරණය සඳහා වූ ජාතික එකමුතුවේ සාමාජික සාමාජිකාවන් ඇතුළු සමාජ ක්‍රියාධරයින් තිස් දෙනෙකු පමණ සහභාගී විය.

In order to continue the long term activities for Disability Inclusion a document comprise of concerns and  agreements were declared by the National Collective for Disability Inclusion (NCFDI) at an event held on 06 July via zoom. Over 30 members representing the National Collective For Disability Inclusion and social activists attended the event.

Thursday, July 7, 2022

ගෙවතු වගාව පිළිබඳව සංගමයේ බාලදක්ෂයින් දැනුවත් කිරීම් - Training on Home Gardening for YMCA Scouts

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ  ආදර්ශ වූ ගෙවතු වගාව ව්‍යාපෘතියට සමගාමීව බාලදක්ෂ බාලදක්ෂිකාවන් දැනුවත් කිරීමේ වැඩ වැඩසටහනක් ජුනි මස 2 වන සෙනසුරාදා සංගමයේ දී පැවැත්විණ. 

පළමුව දේශනයක් මාර්ගයෙන් දරුවන්ව දැනුවත් කිරීම සිදුකළ අතර සංගමයේ දැනට පවත්වාගෙන යනු ලබන ආදර්ශ ගෙවත්ත භාවිතා කරමින් එම දැනුම් ප්‍රායෝගිකව අත්හදා බැලීම්ටද දරුවන්ට මෙහිදී අවස්ථාව හිමි විය. මේ සඳහා සම්පත්දායක ලෙස කෘෂි උපදේශක සුසිල් ප්‍රසන්ත මහතා සහභාගී විය.

මෙම වැඩ වැඩසටහන් සඳහා බාලදක්ෂ බාලදක්ෂිකාවන් තිස් දෙනෙකු සහභාගි වූ අතර මීට් සම සමගාමීව දරුවන්ගේ නිවෙස් වල ගෙවතු වගා ආරම්භ කිරීමට උනන්දු කරවීම සඳහා පැල කට්ට ලබාදීමටද කටයුතු යොදමින් සිටී.

YMCA of Pamunugama organized a home gardening training programme for the scouts of the YMCA of Pamunugama on 02 July, 2022 at the YMCA of Pamunugama premises. This was organized as an extention of the Model Farm Project of the YMCA of Pamunugama which was started early 2022 to response to the current economic crisis.

Children were educated through a presentation and a practical session at the YMCA model farm by Mr Susil Prasantha  who is an agriculture advisor. 

30 scouts attended the event and as a follow-up YMCA have made arrangements to distribute a set of plants among the participants to encourage them to start their own home gardens.

Monday, June 13, 2022

ශ්‍රී ලංකාවේ පවතින තත්වයවය පිළිබඳව "ගෝලීය කතාබහ" - Global Chat on Sri Lanka

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් සංවිධානය කරන ගෝලීය කතිකාවතේ තුන්වැනි අදියර ජුනි මස 10 වන සිකුරාදා Zoom ඔස්සේ පැවැත්විණ. මෙවර සංවාදයටට බඳුන් වූයේ සිරි ලංකාවේ දැනට පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුද පිළිබඳවයි. 

මෙම සංවාදය සඳහා රටවල් කිහිපයක් නියෝජනය කරමින් 25 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සහභාගී විය. සංවාදශීලී වැඩ වැඩසටහන්ක් වූ මෙහි මූලික අදහස් දැක්වීම් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ලදී. ඉන් අනතුරුව සහභාගි වන්නන් ගේ අදහස් සහ ගැටලු ඉදිරිපත් වූ අතර ඒ  සඳහා ද ඇය විසින් ප්‍රතිචාර දක්වන ලදී.

රටෙහි පවතින ආර්ථික අවපාතය, දේශපාලනික අස්ථාවරත්වය සහ ඊට බලපෑම් කරුණු මෙන්ම පවතින තත්ත්වයෙන් මිදීමට නම් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම වැඩ වැඩසටහන් අතරතුරදී සංවාදයට ලක් විය.

The third phase of the global dialogue organized by the Pamunugama Young Christian Association was held on Friday, June 10 on Zoom. This time the discussion focused on the current economic and political crisis in Sri Lanka.

The discussion was attended by about 25 people representing several countries. The keynote address was delivered by Dr. Harini Amarasuriya, Member of Parliament. The participants comments andquestions were then presented and she responded to them as well.

During the program, discussions were held on the economic downturn in the country, political instability and its implications, as well as the measures to be taken to overcome the current situation.

Friday, June 10, 2022

ආබාධ සහිත පුරවැසියන් අන්තර්කරනය පිළිබඳව මාධ්‍ය හරහා දැනුවත් කිරීම් - Awareness Through Media on Disability Inclusion

Talk Show at ITN
ආබාධ සහිත පුරවැසියන් අන්තර්කරනය සඳහා  වූ ව්‍යාපෘතිය යටතේ ජනතාව දැනුවත් කිරීම සඳහා රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් භාවිතා කරමින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කෙරිණි.

එහි පළමු පියවර ලෙස රජරට සේවයේ පාරාදීසිය නමින් වැඩසටහන් තුනක් ජුනි මස 6, 13 සහ 20 යන දිනයන්හි විකාශනය විය. ලක්හඬ ගුවන් සේවය ඔස්සේ සංවාදාත්මක වැඩසටහනක් ජුනි මස 12 වන ඉරිදා විකාශනය විය. සෙත් එෆ් ඓම් හී ශනිදා උදෑසන වැඩසටහනක් වන අන්තෝනි මාමා වැඩසටහන තුළින් ද ජුනි 21 වන දින බාධ සහිතාධ සහිත ප්‍රජාව අන්තර්කරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පැයක වැඩසටහනක් ක්‍රියාත්මක විය.

තවද ස්වාධීන රූපවාහිනි සේවය සමග පැවති සංවාදාත්මක වැඩසටහනක් ජුනි මස හත් වන දින විකාශනය විය. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නායකත්වයෙන් බිහි කරනු ලැබූ අන්තර්කරණය සඳහා වූ ජාතික එක්මුතුවෙහි අරමුණු සහ ක්‍රියාකාරකම්ව ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම්ට මෙම රූපවාහිනී වැඩ වැඩසටහන් මහඟු අවස්ථාවක් විය. මෙම වැඩ වැඩසටහන් ඳහා  අන්තර්කරණය සඳහා  වු ජාතික එකමුතුවේ නියෝජිතයින් සහභාගී විය.

With Lakhanda
රජරට සේවය  ගුවන් විදුලි වැඩ වැඩසටහන: සරත් පීරිස් පියතුමන්, අරුන ශාන්ත නොනිස් මහතා, එම්.කමලාවති මහත්මිය හා චමින්ද මහතා
ලක්හඬ ගුවන් විදුලියේ වැඩ වැඩසටහන:  නිශා ශෙරිෆ්, ඩ්. එම්. තිලකරත්න
ස්වාධීන  රූපවාහිනී සේවය: එම්.අන්තාස් මොහොමඩ් යෙඊශ් මහතා, චන්දිමා හර්ශනි මෙනෙවිය, හසන්ගි සෙනෙවිරත්න මෙනෙවිය.

ඉහත වැඩ වැඩසටහන් නෑ නැරඹීම් සඳහා YMCA of Pamunugama යූටියුබ් පිටුවට පිවිසෙන්න. 

Under the Project of Inclusion of People with Disabilities of the YMCA of Pamunugama together with the Sri Lanka Welfare Society of the Blind, several programs were organized on television and radio stations to educate the public.

There were 3 episodes of "Paradise" Radio Programme were aired on 6th, 13th and 20th June on Rajarata Sevaya. Meanwhile a radio interview on disability inclusion was aired on Lakhanda Radio Station on 12 June 2022. "Antony Mama" a morning radio show on Seth FM on Disability Inclusion was aired on 21 June. (Antony mama is an adult funny character comes to the morning show and deliver a special message to the public on every Saturday morning). 

Also, a 15 minutes talk show with the Independent Television Network aired on 7 June which was a great opportunity for the National Collective For Disability Inclusion to expose its activities to a widet public.

During these radio and television programmes, the issues of the people with disabilities and their human rights problems and solution to overcome the issues through inclusion were discussed. Representatives of the National Collective for Disability Inclusion attended the discussions.

Please visit YMCA of Pamunugama Youtube page to watch all the above programmes.

Radio Programme with Rajarata Sevaya


Monday, June 6, 2022

Scouts celebrates YMCA Founder's day - බාලදක්ෂයින් YMCA පුරෝගාමී දිනය සමර

YMCA family in the world celebrated its 178th Founders day on 06 June 2022. To mark this special moment YMCA Scouts had a 2 day Camp at the YMCA premises from 4 - 6 June 2022. 

33 Scouts from YMCA of Pamunugama and Makalause Dream School (School for students with disabilities) attended the event. During the camp scouts learnt scout skills as a part of their training. Campfire, games, bible studies were among the other activities held during the camp. 

තරුණ ක්‍රිස්තියානි සංගමයේ පුරෝගාමී දිනය නොහොත් එහි උපන්දිනය උපන් දිනය ජුනි මස 6 වන දිනට යෙදී ඇත. ලෝක තරුණ ක්‍රිස්තියානි සංගම් පවුල මෙම විශේෂ අවස්ථාව මෙවර සැමරුවේ එහි 178 වන වතාවටයි. 

මීට සමගාමීව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය බාලදක්ෂයන් බාලදක්ෂයින් ජුනි මස 4 සහ 5 යන දිනයන්හි දී සංගම් භූමියේ දී කඳවුරක් පැවැත්විණ. බාලදක්ෂ දැනුම සහ හැකියාවන් පිළිබඳව පුහුණුවක් මෙම දින දෙක තුළ දරුවන්ට ලබාදුන් අතර ගිනිමැලයක් සඳහා සහ බයිබල් අධ්‍යයනයන් සඳහාද මෙම කදවුර අතරතුර දරුවන් සහභාගී විය.








Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip