Saturday, October 3, 2026

වන මැද දවසක්: විල්පත්තුව ජාතික උද්‍යානයේ ළමා දින චාරිකාව

​ළමා දිනය සැමරීම වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානය වෙත අමතක නොවන චාරිකාවක් සංවිධානය කරන ලදී. මාකලෝසා සිහිනය මධ්‍යස්තානයේ දරුවන් 8 දෙනෙකු, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂයින් 23 දෙනෙකු, මව්පියන් 3 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හා යොවුන් නායකයින් 7 දෙනෙකු ඇතුළුව මුළු පිරිස 41 දෙනෙකුගෙන් මෙම සංචාරය සමන්විත විය.

​කණ්ඩායම උදෑසන 6.00 ට පමුණුගමෙන් පිටත්වීමත් සමඟ දවස ආරම්භ විය. අපගේ පළමු නැවතුම වූයේ ආනවිලුන්දාව වන අතර, එහිදී අපි කෙටි පාද චාරිකාවක නිරත වෙමින් තෙත්බිම වටා රැස්ව සිටින විවිධ පක්ෂීන් නරඹන ලදී. උතුරු දෙසට ගමන් කරන අතරමඟදී, මුහුදු ජලය අප දිනපතා භාවිත කරන ලුණු බවට පත්වන ආකාරය දරුවන්ට දැකගත හැකි වූ පුත්තලම, පාලවිය ලුණු ලේවාය වෙත ගොඩ වැදුනෙමු. එහිදී අව්වට දිළිසෙන සුදු ලුණු නිධි දරුවන් දැක බලා ගත්හ. ඉන්පසුව, පුත්තලම කලපු උද්‍යානයේදී සුළු විවේකයක් ලබාගත් අපි, නැවුම් වාතය සහ ජල තලයේ සුන්දරත්වය විඳිමින් අපගේ ගමන ඉදිරියට ගියෙමු.

​චාරිකාවේ වඩාත්ම කැපී පෙනෙන අවස්ථාව උදා වූයේ දහවල් 1.00 සිට සවස 5.30 දක්වා සෆාරි රථ පහක නැඟී විල්පත්තුවේ කළ සෆාරි සංචාරයයි. විල්පත්තුවේ වනාන්තර මාර්ග සහ ස්වභාවික විල් අපට විවිධ වනජීවී අත්දැකීම් රැසක් ලබා දුන්නේය. එහිදී අපට නරියන් යුවළක්, හාවෙකු, වලිකුකුළන්, මුවන් කිහිප දෙනෙකු, මොනරුම් සහ ජලය අසල විවේකීව සිටින කිඹුලන් ද දැකගත හැකි විය. එමෙන්ම 'කැදැත්තා' සහ 'රාජාලියා' ඇතුළු පක්ෂි විශේෂ රාශියක් දැකගැනීමේ භාග්‍යය ද ලැබුණි.

​සියලු දෙනා නිහඬ කරමින් පුදුමයට පත් කළ විශේෂම අවස්ථාව වූයේ සෙවනක ලැග සිටි දිවියෙකු දැකගැනීමට ලැබීමයි. මෙවැනි දුර්ලභ සතෙකු ඔහුගේ ස්වභාවික වාසභූමියේදී දැකගැනීම දරුවන්ට දිගු කලක් මතකයේ රැඳෙනු ඇත.

​නව අත්දැකීම් රැසක් පිරුණු දවසකින් පසු, අපි වෙහෙසට පත්ව සිටියද ඉමහත් සතුටින් යුතුව ප්‍රමාද වී පමුණුගම වෙත ආපසු පැමිණියෙමු.

​මෙම චාරිකාව හුදෙක් දිනක සංචාරයකට වඩා වැඩි යමක් ලබා දුන්නේය. එය අපගේ දරුවන්ට සොබාදහම සමඟ සම්බන්ධ වීමටත්, වනජීවී සහ පරිසර සංරක්ෂණය පිළිබඳව ඉගෙන ගැනීමටත්, පවුලක් මෙන් එකට සතුටු වීමටත් කදිම අවස්ථාවක් විය. මෙම විශේෂ ළමා දිනය යථාර්ථයක් බවට පත් කළ මව්පියන්ට, කාර්ය මණ්ඩලයට සහ යොවුන් නායකයින්ට අපගේ ස්තූතිය පුද කරමු.

පින්තූර සඳහා ක්ලික් කරන්න

A Day in the Wild: Children's Day Adventure at Wilpattu National Park

To celebrate Children's Day, the YMCA of Pamunugama organized an unforgettable trip to Wilpattu National Park, Sri Lanka's largest national park. The group of 41 included 8 children from Makalause Dream, 23 scouts from the YMCA of Pamunugama Scout group, 3 parents, and 7 staff and youth leaders.

The day began at 6.00 am as the group left Pamunugama, full of excitement. Our first stop was Anavilundawa, where we took a peaceful walk and watched the many birds that gather around the wetland. On the way north, we stopped at the salt farm in Palaviya, where the children saw how sea water is turned into the salt we use every day and watched the white salt heaps glittering in the sun. 

We then took a short break at the Puttalam Lagoon Park, enjoying the fresh air and the view over the water before continuing the journey.

The highlight of the day came in the afternoon, when the group set out on a safari from 1.00 pm to 5.30 pm in five off-road safari vehicles. Wilpattu's forest tracks and natural lakes gave us a wonderful variety of wildlife. We saw a pair of foxes, a rabbit, jungle fowl, several deer, peacocks, and crocodiles resting by the water. Birdwatchers were rewarded with many species, including the Kedeththa and the snake eagle.

The most special moment was spotting a big cat(leopard) lying in the shade, which left the whole group silent and wide-eyed. Seeing such a rare animal in its natural home is something the children will remember for a long time.

After a full day of discovery, we returned to Pamunugama late in the evening, tired but happy. The trip was more than a day out. It gave our children a chance to connect with nature, learn about wildlife and conservation, and enjoy the day together as one big family. We thank the parents, staff, and youth leaders who made this special Children's Day possible.

Thursday, October 1, 2026

Makalause Children & "Eda Re" මාකලෝසා සිහින පාසල එදා රෑ

​On Wednesday, September 30, 2026, the children of Makalause Dream visited the Cinemax Cinema in Ja-Ela to watch the musical film story "Eda Re". 

The film, based on the life and songs of the singer Milton Mallawarachchi, was an exceptional creation. 14 children participated in this event under the guidance of their two teachers and the manager of Makalause Dream. 

After watching the movie, they also had the opportunity to enjoy a snack and cool drinks. 

මාකලෝසා සිහින පාසලේ දරුවෝ 2026.09.30 බදාදා ජා ඇල සින්මැක්ස් සිනමාහලට ගියේ " එදා රෑ " නම් වූ ගීත සිනමා කතාව නැරඹීමට ය. 

මිල්ටන් මල්ලවාරච්චි නම් වූ ගායකයාගේ ජීවිතය හා ගීත පදනම් කරගත් එම චිත්‍රපටය ඉතා අගනා නිර්මාණයක් විය. ගුරුමහත්මා මහත්මීන් ගේ මගපෙන්වීම මත දරුවන් 14 දෙනෙක් ඊට සහභාගි වූහ.

 චිත්‍රපටය නැරඹීමෙන් පසු කෙටි ආහරයක් සමග සිසිල් බීම භුක්ති විඳින්නට ද අවස්ථාව ලැබිණි. 

Sunday, September 27, 2026

පවුල් සුරක්ෂිතභාවය ගොඩනැගීම: දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන

පවුල් සුරක්ෂිතභාවය ගොඩනැගීම: දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම යන ව්‍යාපෘතිය යටතේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා දෙමාපියන් 32 දෙනෙකු සහ තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ සාමාජිකයන් 9 දෙනෙකු සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය UNFPA, FISD සහ NCYSL යන සංවිධාන ත්‍රිත්වය සමඟ එක්ව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි අරමුණ වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම තුළින් දරුවන් සඳහා වඩාත් ආරක්ෂිත සහ ධනාත්මක පවුල් පරිසරයක් නිර්මාණය කිරීමයි.

ආචාර්ය ඇලෙක්ස් පෙරේරා මහතා විසින් මෙහෙයවන ලද මෙම සැසිය, දෙමාපියන්ට තම දරුවන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඔවුන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනදා ගැනීමට උපකාරී විය. දරුවන් සමඟ ධනාත්මක ලෙස කටයුතු කිරීම, දරුවන්ගේ හැසිරීම් තේරුම් ගැනීම, දරුවන්ට ප්‍රතිචාර දැක්වීමේදී තමන්ගේ හැඟීම් පාලනය කර ගැනීම සහ නිවසේදී ආදර්ශමත් දෙමාපියන් වීම සම්බන්ධයෙන් ඔහු මගපෙන්වීම් සිදු කළේය. තවද, තවද සිත සහ කය සන්සුන් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි සරල ආශ්වාස-ප්‍රාශ්වාස අභ්‍යාසයක් ද දෙමාපියන් හට හඳුන්වා දෙන ලදී.

දරුවාගේ හැසිරීම පමණක් දෙස බලා නොසදා, එම හැසිරීම පසුපස ඇති සැබෑ හේතුව, එනම් දරුවා තුළ පවතින හැඟීම්, අවශ්‍යතා හෝ අත්දැකීම් මොනවාදැයි සොයා බැලීම මෙම සැසියේ ප්‍රධාන පණිවිඩයක් විය. ඉවසීම, විවෘත සංවාදය, අන්‍යෝන්‍ය ගෞරවය සහ ධනාත්මක දෙමාපිය මඟපෙන්වීම යනු ආරක්ෂිත පවුල් පරිසරයක පදනම බව මෙහිදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.

දෙමාපියන් ඉතා උනන්දුවෙන් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, සැසිය අවසානයේ බොහෝ දෙනෙක් තම අදහස් බෙදාහදා ගත්හ. වැඩසටහන තමන්ව දැඩි ලෙස සංවේදී කළ බවත්, තම දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට එය පෙළඹවීමක් වූ බවත් කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ. වඩාත් ධනාත්මක ලෙස දරුවන් ඇති දැඩි කිරීමට අවශ්‍ය මෙවලම් මෙම සැසියෙන් ලැබුණු බවත් බොහෝ දෙනෙක් පැවසූහ. පවුල්වලට අත්‍යවශ්‍ය මෙවැනි වැදගත් මාතෘකා යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද දෙමාපියන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට සිය කෘතඥතාව පළ කළහ.

මෙම වැඩසටහන මඟින් සමාජය වෙනස් වීමේ මූලාරම්භය නිවසින්ම සකස් විය යුතු බව නැවත වරක් තහවුරු විය. දරුවන්ගේ අභ්‍යන්තර ලෝකය තේරුම් ගැනීමට, තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීමට සහ ආදර්ශවත් මඟපෙන්වීමක් ලබා දීමට දෙමාපියන් දැනුවත් කිරීම හරහා, වඩාත් සමබර පවුල් සංස්කෘතියක් ගොඩනැගීමටත්, දරුවන්ට ගෞරවය, කරුණාව සහ ආරක්ෂාව ලැබෙන සුන්දර පරිසරයක් උරුම කර දීමටත් මෙම ව්‍යාපෘතිය දායල වේ. 

පින්තූර සඳහා ක්ලික් කරන්න

Building Safe Families: Empowering Parents for Child Wellbeing

As part of the project "Building Safe Families: Preventing Gender-Based Violence for Child Wellbeing," the YMCA of Pamunugama held an awareness programme for parents at the YMCA Main Hall on 27 Sep 2026, bringing together 32 parents and 9 YMCA youth members.

The project is carried out by the YMCA of Pamunugama in partnership with UNFPA, FISD and NCYSL, and aims to build safer, more supportive family environments for children.

The session, facilitated by Dr. Alex Perera, focused on helping parents understand their children better and build stronger relationships with them. He guided participants through positive ways of working with children, understanding children's behaviour, managing their own emotions when responding to their kids, and being positive role models at home. 

Dr. Perera also introduced the parents to simple breathing exercises to help calm the body and mind — practical techniques they could use in the middle of a stressful moment with their children.

A key message of the session was to look past the behaviour itself and ask what's driving it — what feelings, needs or experiences a child might be carrying. Patience, open communication, respect and positive parenting were all emphasized as the foundation of a safe family environment.

Parents took part enthusiastically, and many shared their thoughts at the end of the session. Several said the programme moved them and pushed them to reflect on how they treat their own children. Many spoke of wanting to make real changes at home, and felt the session gave them tools to raise their children in a more supportive way. Parents also thanked the YMCA of Pamunugama for continuing to run programmes that address issues that matter so much to families.

The programme was a reminder that change starts at home. By helping parents understand their children, manage their own reactions and lead by example, the project is helping build healthier families and a safer space for children to grow up with dignity, respect and care.

Building Safe Families starts with understanding, honest communication, and parents willing to be the example they want their children to follow.

Saturday, September 19, 2026

Women Come Together to Learn, Discuss and Act Against Gender-Based Violence

On 19 September 2026, 45 women from the village gathered at the YMCA of Pamunugama Main Hall for an awareness programme on Gender-Based Violence (GBV), organized by the youth of the YMCA together with YMCA staff. 

The event was part of the project Youth Action to Prevent GBV, carried out in cooperation with the National Council of YMCAs of Sri Lanka.The session was facilitated by Mr. Aruna Shantha Nonis, a long-standing YMCA member and trainer. He guided the participants through three key topics:

  • Understanding Gender: How society shapes the roles and expectations placed on women and men.
  • Understanding Harmful Gender Norms: how deep-rooted beliefs and traditions can limit women's opportunities and contribute to discrimination and violence.
  • The Importance of Women's Empowerment: why empowered women strengthen families and communities, and the practical steps women can take to empower themselves.

The programme was not only a lecture. Group activities and open discussions gave the women space to share their experiences, ask questions and learn from one another. These conversations turned ideas into real-life understanding and encouraged participants to see themselves as agents of change.

At the end of the programme, the group agreed to work with the YMCA and to use it as a centre for their empowerment. This decision shows the trust the community has placed in the YMCA and the women's readiness to continue learning and growing together.

The event was organized by young people, which shows what youth can do when they take action on issues that affect their communities. Preventing GBV requires the involvement of everyone, and the YMCA is proud to see young people leading conversations that challenge harmful norms and build a safer, more equal society.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට පිටුදැකීම පිළිබඳව දැනුවත්වීන සඳහා කාන්තාවෝ එක්වෙති

​තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම සඳහා වන තරුණ මැදිහත්වීම" (Youth Action to Prevent GBV) ව්‍යාපෘතිය යටතේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ තරුණ පිරිස සහ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (GBV) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ගම්මානයේ කාන්තාවන් 45 දෙනෙක් 2026 සැප්තැම්බර් 19 වන දින  පමුණුගම තරුණ ක්‍රිස්තියානි සකංගම් ශාලාවට රැස් වූහ.

​සමාජ ක්‍රියාකාරකම් හී  සහ YMCA වැඩසටහන් තුළ අත්දැකීම් බහුල  පුහුණුකරුවකු වන අරුණ ශාන්ත නෝනිස් මහතා විසින් මෙම සැසිය මෙහෙයවන ලදී. මෙම සැසිය ප්‍රධාන මාතෘකා තුනක් යටතේ ක්‍රියාත්මක විය.

  • ​ස්ත්‍රී පුරුෂ සමාජභාවය අවබෝධ කර ගැනීම: ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංකල්පය තේරුම් ගැනීම සහ සමාජය විසින් කාන්තාවන්ට සහ පිරිමින්ට පවරනු ලබන භූමිකාවන් සහ අපේක්ෂාවන් හැඩගස්වන ආකාරය.
  • ​හානිකර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සම්ප්‍රදායන් අවබෝධ කර ගැනීම: ගැඹුරින් මුල් බැස ඇති විශ්වාසයන් සහ සම්ප්‍රදායන් කාන්තාවන්ගේ අවස්ථා සීමා කරන්නේ කෙසේද සහ නොසලකා හැරීම් හිංසනයන්ට දායක වන්නේ කෙසේද යන්න.
  • කාන්තා සවිබල ගැන්වීමේ වැදගත්කම: සවිබල ගැන්වූ කාන්තාවන් පවුල් සහ ප්‍රජාවන් ශක්තිමත් කරන්නේ මන්ද යන්න සහ කාන්තාවන්ට තමන්වම සවිබල ගැන්වීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර.

​මෙම වැඩසටහන හුදෙක් දේශනයකට පමණක් සීමා නොවීය. ක්‍රියාකාරකම් සහ විවෘත සාකච්ඡා හරහා කාන්තාවන්ට තම අත්දැකීම් බෙදා ගැනීමටත්, ප්‍රශ්න ඇසීමටත්, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමටත් අවකාශය හිමි විය. මෙම සාකච්ඡා අදහස් සැබෑ ජීවිතය පිළිබඳ අවබෝධයක් බවට පත් කෙරින.

​වැඩසටහන අවසානයේදී, සහභාගී වූ පිරිස, තරුණ ක්‍රිස්තියානි සංගමය සමග ඉදිරියට කටයුතු කිරීමටත් එය වටා පවතින මානව අහ බෞතීක සම්පත් තම තමන් සවිබල ගැන්වීන සඳහා අවස්තාවක් ලෙස භාවිතා කිරීමටත් එකඟතාවකට පැමිණියෝය. 

​ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා සැමගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වන අතර, හානිකර සම්ප්‍රදායන් අභියෝගයට ලක් කරමින් ආරක්ෂිත සහ වඩාත් සමානාත්මතාවයෙන් යුත් සමාජයක් ගොඩනඟන සංවාදවලට තරුණයන් නායකත්වය ලබාදීම පිළිබඳව තරුණ ක්‍රිස්තියානි සංගම් සාමාජික සාමාජිකාවන් වශයෙන් අපි ආඩම්බර වෙමු.

Monday, September 14, 2026

තරුණ ස්වේච්ඡා නායකත්ව පුහුණු වැඩසටහන – 2026

තරුණ ස්වේච්ඡා නයකයන්ගේ කුසලතා සහ නායකත්ව ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව මඟින් අධියර තුනකින් යුතු පුහුණු වැඩසටහන් මාලාකක් සංවිධානය කරන ලදි.

• ​V1 – ව්‍යාපෘති කළමනාකරණය (Project Management): ජුනි මාසයේදී මාර්ගගත ක්‍රමයට (Online) සැසි තුනකින් යුතුව පවත්වන ලදී. ජාතික සභාවේ ප්‍රධාන ලේකම් වන නිරංග ප්‍රනාන්දු මහතා විසින් මෙහෙයවන ලද මෙම පුහුණුව මඟින් ව්‍යාපෘති කළමනාකරණයේ ප්‍රධාන සංකල්ප සහ ප්‍රායෝගික ප්‍රවේශයන් පිළිබඳව සහභාගී වන්නන් හඳුන්වා දෙන ලදී.

• ​V2 – අරමුදල් රැස්කිරීම (Fundraising): ජූලි මාසයේදී සැසි හතරකින් යුත් මාර්ගගත වැඩසටහනක් ලෙස අරුණ ශාන්ත නොනිස් මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්විණි. තරුණ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නවල සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය අරමුදල් රැස්කිරීමේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි.

• ​V3 – තරුණ ස්වේච්ඡා නායකත්වය (Youth Volunteer Leadership): V1 සහ V2 සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් වෙනුවෙන් අවධි අදියර වන V3 වැඩසටහන 2026 සැප්තැම්බර් 12 සහ 13 යන දිනවල පවත්වන ලදී. නිරංග ප්‍රනාන්දු මහතා සහ ආචාර්ය ඇලෙක්ස් පෙරේරා මහතා විසින් මෙහෙයවන ලද මෙම දින දෙකක වැඩසටහනට නායකත්වය, YMCA පරිපාලනය (Governance) සහ YMCA හි අනාගතය හැඩගැස්වීමේදී තරුණ තරුණියන්ගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කළ ආකර්ෂණීය සාකච්ඡා සහ ක්‍රියාකාරකම් ඇතුළත් විය.
​මීගමුව, පමුණුගම, මහනුවර, නුගේගොඩ සහ අම්පාර YMCA නියෝජනය කරමින් තරුණ ස්වේච්ඡා සේවකයන් 11 දෙනෙක් V3 සඳහා සහභාගී වූහ.

​තරුණු ස්වේච්ඡා නායකත්ව පුහුණු වැඩසටහනේ අදියර තුනම සාර්ථකව අවසන් කළ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ  මිනද, රයිනි සහ සදරු හට අපගේ සුභපැතුම් එක්කරමු.

​YMCA ව්‍යාපාරය තුළ වැඩි නායකත්වයක් සහ වගකීමක් භාර ගැනීමට තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා මෙම වැඩසටහන තවත් වැදගත් පියවරක් සනිටුහන් කරයි.

Youth Volunteer Leadership Training Programme – 2026

Under the youth programmes for the year 2026 the National Council of YMCAs of Sri Lanka organized a Volunteer Leadership Training Programme as a three-stage learning journey designed to strengthen the skills and leadership capacities of young volunteers.

Volunteer 2 (V1) Training – Project Management was conducted online in June as a three-session programme, facilitated by Mr. Niranga Fernando, NGS of NCY. The training introduced participants to key concepts and practical approaches to project management.

Volunteer 2 (V2) – Fundraising followed in July as a four-session online programme facilitated by Mr. Aruna Shantha Nonis, focusing on fundraising knowledge and practical skills essential for successful youth-led initiatives.

The final stage, Volunteer 3 (V3) – Youth Volunteer Leadership, was held on 12th and 13th September 2026 for youth who successfully completed V1 and V2. Facilitated by Mr. Niranga Fernando and Dr. Alex Perera, the two-day programme included engaging discussions and activities focused on leadership, YMCA governance, and the role of young people in shaping the future of the YMCA.

A total of 11 young volunteers from the Negombo, Pamunugama, Kandy, Nugegoda, and Ampara YMCAs participated in V3.

Special recognition goes to Minanda, Raini, and Sadaru, who successfully completed all three stages of the Youth Volunteer Leadership Training Programme representing the YMCA of Pamunugama.

The programme marks another important step in empowering young people to take greater leadership and responsibility within the YMCA movement.

Monday, September 7, 2026

Empowering the Next Generation: Youth Action to Prevent GBV in Sri Lanka

YMCA of Pamunugama and the YMCA of Negombo, in partnership with the National Council of YMCAs of Sri Lanka recently hosted a comprehensive two-session training program engaging 42 young people under the Youth Action to Prevent GBV Project. Held on August 30 and September 5, the initiative brought together a diverse group of participants representing the Sri Vimukthi Youth Group, SYU, Shramabhimani, and both local YMCAs. 

The first session laid a crucial foundation by exploring basic concepts of gender, sex, and related topics through interactive study sessions, dynamic group presentations, and engaging hands-on activities designed to spark critical thinking and open dialogue among the participants.

Building upon this foundational knowledge, the second session delved directly into Gender-Based Violence (GBV), helping participants deeply understand the issue and its societal impacts using an insightful "GBV tree" model to visualize root causes, manifestations, and consequences. 

To measure the tangible impact of these workshops, facilitators implemented pre- and post-evaluations, which impressively revealed that the overall knowledge level of the attendees surged from 50% to 78%. 

At the conclusion of the program, all young people who successfully completed both sessions were awarded certificates of participation to recognize their dedication and commitment to creating safer communities.

Building on this momentum, organizers and participants mutually agreed to conduct further training sessions as the project continues to expand its reach and depth in the coming months. By equipping these young leaders with the right tools, knowledge, and collaborative spaces, the initiative is laying a strong groundwork for sustainable advocacy and a future free from gender-based violence.

Sunday, September 6, 2026

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා තරුණ පරපුර සවිබල ගැන්වීම

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් (YMCA), ශ්‍රී ලංකා ජාතික තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ (NCYSL) හවුල්කාරීත්වයෙන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ තරුණ මැදිහත්වීම ව්‍යාපෘතිය (Youth Action to Prevent GBV Project) යටතේ තරුණ තරුණියන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෑතකදී දින දෙකක පුහුණු සැසි දෙකක් පවත්වන ලදී. 

අගෝස්තු 30 සහ සැප්තැම්බර් 5 යන දිනවල පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා ශ්‍රී විමුක්ති තරුණ කණ්ඩායම, SYU, ශ්‍රමභිමානී සහ මීගමුව සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කරමින් විවිධ පරාසයක තරුණ පිරිසක් එක්වූහ. 

විචාරවත්ස හ විවෘත සංවාද ඇති කිරීම සඳහා නිර්මාණය කරන ලද අන්තර්ක්‍රියාකාරී අධ්‍යයන සැසි, කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සහ ක්‍රියාකාරකම් හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය සහ ඒ ආශ්‍රිත මූලික සංකල්ප ගවේෂණය කරමින් පළමු සැසිය පවත්වන ලදී.  

මෙම මූලික දැනුම මත පදනම් වෙමින්, දෙවන සැසිය මඟින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (GBV) පිළිබඳව සාකච්ඡා කළ අතර, එහි මූල හේතු, ප්‍රකාශනයන් සහ ප්‍රතිවිපාක තේරුම් ගැනීම සඳහා "GBV වෘක්ෂය" භාවිතා කරමින් මෙම ගැටළුව සහ එහි සමාජීය බලපෑම් ගැඹුරින් අවබෝධ කර ගැනීමට සහභාගී වූවන්ට හැකි විය.

මෙම වැඩමුළුවල සැබෑ බලපෑම මැන බැලීම සඳහා පූර්ව සහ පසු ඇගයීම් පත්‍රිකාවක් භාවිතා කරන ලද අතර, ඒ අනුව සහභාගී වූවන්ගේ සමස්ත දැනුම් මට්ටම 50% සිට 78% දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව තහවුරු විය. සැසි දෙකම සාර්ථකව අවසන් කළ සියලුම තරුණ තරුණියන්ට සහභාගීත්ව සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී. 

මෙම ප්‍රගතිය මත පදනම් වෙමින්, ඉදිරි මාසවලදී ව්‍යාපෘතියේ ඔස්සේ පුහුණු සැසි පැවැත්වීමට සංවිධායකයින් සහ සහභාගී වූවන් එකඟතාවයකට පැමිණියහ.

Sunday, August 16, 2026

එක්ව අත්නොහැර - තෙදින බාලදල්ෂ කඳවුර

අගෝස්තු 14 සිට 16 දක්වා, YMCA බාලදක්ෂ සාමාජික සාමාජිකාවන් 25 දෙනෙකු, මකාලෝසා සිහිනය (Makalause Dream) සාමාජිකයන් 12 දෙනෙකු, කාර්ය මණ්ඩලය, තරුණ නායක නායිකාවන් සහ දෙමාපියන් ඇතුළු මුළු සහභාගී වන්නන් 50 දෙනෙකු එකතු කරමින් "එක්ව අත්නොහැර" (Leaving No One Behind) කඳවුර සාර්ථකව පවත්වන ලදී.

පළමු දිනය සූදානම් වීම් සහ ක්‍රියාකාරකම් කිහිපයකින්  සමන්විත වූ අතර, සියලු දෙනා එකතු වී කඳවුරු භූමිය තැනීම, ආහාර පිසීම සහ පිරිසිදු කිරීම සිදු කළහ. කඳවුරු ගී ගායනා කිරීම, කඳවුරු නැටුම ඉගෙන ගැනීම, ගෘහස්ථ ක්‍රීඩා සහ කැරම් ක්‍රීඩා කිරීම, කඳවුරු බැනරයක් නිර්මාණය කිරීම සහ දිනය අවසන් කිරීමට පෙර චිත්‍රපටයක් නැරඹීම මගින් පළමු දිනය අවසන් විය. 

අමලුනා රිසෝට් (Amaluna Resort) හි උදෑසන පිහිනුම් තටාක සවාරියක්, ප්‍රජා සේවා වැඩ, බිත්ති පුවත්පත නිර්මාණය කිරීම සහ සියලු කණ්ඩායම් අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කළ සන්ධ්‍යා කණ්ඩායම් ක්‍රීඩා සමඟින් දෙවන දිනය ද උද්යෝගයෙන් ගෙවී ගියේය. අපගේ අවසන් දිනය වන අගෝස්තු 16 වෙනි දින, සහභාගී වන්නන් භූමිය හොඳින් පිරිසිදු කළ අතර, සියලු දෙනා සතුටින් මෙම දින තුනේ වික්‍රමාන්විතය අවසන් කරන ලදී. විනෝදයට සහ ක්‍රීඩාවට එහා ගිය මෙම කඳවුර, සැබෑ අන්තර්කරණය පෝෂණය කිරීම, සමාජ බාධක බිඳ දැමීම සහ YMCA හා මාකලෝසා සිහිනය නියෝජනය කළ දරු දැරියන් අතර ගැඹුරු අන්‍යෝන්‍ය ගෞරවයක් ගොඩනැංවීම තුළින් ගැඹුරු බලපෑමක් ඇති කළේය.

මෙම කඳවුර අතිශයින් සාර්ථක කර ගැනීම සඳහා උද්යෝගයෙන් හා කැපවීමෙන් දායක වූ, බාලදක්ෂ බාලදක්ෂිකාවන්, කාර්ය මණ්ඩලය, තරුණ නායක නායිකාවන් සහ දෙමාපියන් ඇතුළු සියලුම සහභාගී වන්නන් 50 දෙනා වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව පුද කරමු. 

එපමණක් නොව, 'මාකලෝසා සිහිනය 2026' අරමුදල් හරහා මෙම කඳවුර යථාර්ථයක් කර ගැනීමට අනුග්‍රහය දැක්වූ බ්‍රොනොයිසුන්ඩ් හි YMCA YWCA බාලදක්ෂ කණ්ඩායමය අපගේ විශේෂ ස්තූතිය පුද කරමු. අඛණ්ඩ හවුල්කාරිත්වය සහ පරිත්‍යාගශීලීත්වය ඔස්සේ කිසිදු අයෙකු අතනොහැරීමේ අපගේ මෙහෙවර ඉදිරියටත් සාර්ථකව ක්‍රියාවට නංවාගත හැකි බව මෙයින් මනාව පැහැදිලි වේ.

Leaving No One Behind: Unity, Adventure, and Inclusion at Our 3-Day Scout Camp

From August 14 to 16, 2026, our community came together for the "Leaving No One Behind" Inclusive Scout Camp, uniting 25 YMCA Scouts, 12 Scouts from Makalause Dream, staff, youth leaders, and parents for a total of 50 participants. 

The first day was a vibrant mix of preparation and celebration as everyone worked together to build the campsite, cook, and clean. 

Laughter filled the air as the scouts sang traditional songs, learned camp dances, played indoor games and carrom, painted a custom camp banner, and enjoyed a cozy movie before heading to bed. Day 2 brought even more excitement with a refreshing morning swim at Amaluna Resort, hands-on community service projects, the creation of a collaborative wall newspaper, and engaging evening team-building games that strengthened friendships across all groups.

On our final day, August 16, participants worked hand-in-hand to thoroughly clean and pack up the campsite, concluding the three-day adventure with big smiles and wonderful memories. Beyond the fun and games, this camp created a profound impact by fostering genuine inclusion, breaking down social barriers, and building deep mutual respect between YMCA Scouts and the Makalause Dream participants. 

Through shared responsibilities, creative expression, and collaborative teamwork, the youth developed greater self-confidence, leadership skills, and a true sense of belonging that will extend far beyond the campsite.

We extend our deepest gratitude to all 50 participants—the scouts, staff, leaders, and parents—whose enthusiasm and energy made this gathering truly special. We also offer our most sincere appreciation to the YMCA YWCA Scouts of Brønnøysund for making this transformative camp possible through the Makalause Dream 2026 Funding, proving that with continued partnership and generosity, we can successfully live out our mission of leaving no one behind.

Sunday, August 2, 2026

මකලාවුස් දරුවන්ට ප්‍රීතිමත් දිනයක් A Day of Joy tp Makalause

2026 ජූලි 31 වනදා ශ්‍රී ලංකාවේ පමුණුගම මාකලෝසා (Makalause) දරුවන්ට අමතක නොවන දිනයක් විය.ඔවුන් විනෝද වීම සඳහා පමුණුගම ලේක් විව් රිසෝර්ට් (Lake View Resort) වෙත ගියහ.

එහිදී ඔවුන් පිහිනුම් තටාකයේ විනෝද වූ අතර ඉන්පසුව නැටුම් සැසියක්ද පැවැත්විණි. උත්සවය අවසානයේදී ඔවුහූ සැවොම එක්ව රසවත් දිවා ආහාරයක් භුක්ති වින්දහ. 

මෙම අවස්ථාව සඳහා දරුවන් 8 දෙනෙකු, ඔවුන්ගේ ගුරුවරුන් සහ විශේෂ අවධානයක් අවශ්‍ය දරුවන් වෙනුවෙන් දෙමාපියෝ කීපදෙනෙක් ද  සහභාගී වූහ. ලිට්ල් රොමෙල් අරමුදලට (Little Romel Fund) අපගේ විශේෂ ස්තූතිය හිමිවේ.

31st July 2026 was an unforgettable day for Makalause children at Pamunugama, Sri Lanka.

They went to the Lake View Resort, Pamunugama to have fun in the sun. They enjoyed the swimming pool followed by a dancing session.

Towards the end of the event they also enjoyed a delicious lunch as a bunch. 8 children with their teachers and guardians for weaker children took part in the event. 

A big thank goes to Little Romel Fund.

Saturday, July 25, 2026

වෙනස්කම් අගය කරමින්, සැමට සමාන ගෞරවයක්: දැනුවත් වීම සඳහා පමුණුගම සහ මීගමුව YMCA දරුවන් එකට එක්වෙයි

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම්වල (YMCA) දරුවන් 43 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, අහිතකර ස්ත්‍රී පුරුෂ සමාජභාවී සම්ප්‍රදායන් සහ ඒකාකෘතික මතවලට අභියෝග කිරීම අරමුණු කරගත්  දින දෙකක පුහුණු කඳවුරක් 2026 ජූලි 25 සහ 26 යන දිනවල පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පවත්වන ලදී. 

ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ (NCYSL) "ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ හිංසනය වැළැක්වීම සඳහා වන යෞවන ක්‍රියාකාරීත්වය යන ව්‍යාපෘතියේ (Project Youth Action to Prevent GBV) කොටසක් ලෙස සංවිධානය කරන ලද මෙම කඳවුර, ප්‍රායෝගික ඉගෙනුම් ක්‍රම හරහා සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ නව අදහස් ගවේෂණය කිරීමට දරුවන්ට ආරක්ෂිත සහ මිත්‍රශීලී පරිසරයක් ලබා දුන්නේය.

මෙම වැඩසටහනේ සහභාගී වන්නන් සරල සාකච්ඡා, නිර්මාණාත්මක කතාන්දර කීම සහ පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් එකට එක්ව කටයුතු කළ ක්‍රියාකාරකම් රාශියකට සහභාගී වූහ. එකට එකතු වී ආහාර පිසීමේ සිට ක්‍රීඩා සහ විනෝදාස්වාදයන් දක්වා, දරුවන් බෙදීම්වලින් තොරව එකමුතුකමේ අගය ප්‍රායෝගිකව අත්විඳින ලදී. 

සමාජයේ පවතින පීඩනයන් ජය ගනිමින් ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට තම අරමුණු සාක්ෂාත් කරගත හැකි ආකාරය පිළිබඳ අර්ථවත් සාකච්ඡාවකට මග පෑදුණු, Dangal චිත්‍රපටයේ කොටසක් නැරඹීම මෙම වැඩසටහනේ විශේෂ අවස්ථාවක් විය.

මෙම සමස්ත වැඩසටහනේ සාර්ථකත්වය රඳා පැවතුනේ, දරුවන්ට තේමාවන් පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි සෑම සැසියක්ම කල්පනාකාරීව සැලසුම් කර ඉදිරිපත් කළ තරුණ ක්‍රිස්තියානි සංගම් දෙකෙහි කැපවූ තරුණ නායක නායිකාවන් 15 දෙනෙකුගේ දායකත්වය මතය.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip