පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය 2026 ජූනි 06 වන දිනට යෙදුණු 182 වන YMCA දිනය සමරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා බාලදක්ෂ බාලදක්ශිකාවන් 28 දෙනෙකු, මාකලෝසා සිහිනය මධ්‍යස්ථානයේ දරුවන් 9 දෙනෙකු මෙන්ම අපගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ තරුණ පිරිස ඇතුළු 55 දෙනෙකු උද්යෝගයෙන් එක්වූහ. සැමදෙනා එකම අරමුණකින් යුතුව එක්රොක් වූ මෙම අවස්ථාව, එකිනෙකා අතර පවතින බැඳීම සහ සමාජ සේවයට ඇති කැපවීම මනාව විදහා දැක්වීය.
උත්සවයේ සමාරම්භය සනිටුහන් වූයේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ දියුණුව, ලෝක සාමය සහ දරුවන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් පැවති විශේෂ යාඥා සැසියෙනි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරා ලෝකය පුරා තරුණ ක්‍රිස්තියානි සංගමය මඟින් සිදු කරන මෙහෙවර මෙහිදී සිහිපත් කෙළ අතර මෙතෙක් ආ ගමන වෙනුවෙන් දෙවිපියාණන් හට ප්‍රශංසා පුද කරන ලදි.
මීලඟට දිනයේ විශේෂාංගයක් ලෙස "YMCA යනු මට කුමක්ද?" යන තේමාව ඔස්සේ පෝස්ටරයක් කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස සිදු කරන ලදි. අනතුරුව YMCA හි මූලික හරය වන 'පැරිස් පදනම' (Paris Basis) ලේඛනයට සියලු සහභාගීවන්නන් සිය අත්සන තබමින්, අපගේ පොදු මෙහෙවර ඉදිරියටත් නොපසුබටව ඉටු කරන බවට ප්‍රතිඥා දුන් අතර 122 වන උපන්දිනය සමරමින් අලංකාරවත් කේක් එකක් කපා සංග්‍රහයක් බුක්තිවිඳ වැඩසටහන නිමා කෙරින.



No comments:
Post a Comment