Sunday, May 31, 2026

Pre School Annual Trip - පෙර පාසල් වාර්ෂීක චාරිකාව

On May 28, 2026, the students of YMCA Preschool and their parents set off on a wonderful educational trip. They started their day at the Dehiwala Zoo, where the children were excited to see all the animals. It was a great chance for them to learn about nature and wildlife in a fun, outdoor setting.

After the zoo, they visited Ratmalana Airport. The children were amazed to see the airplanes up close and learned a little bit about how air travel works. It was definitely a highlight of the day, as many of them had a great time seeing how these big machines take to the sky.

They ended their trip with a visit to the sacred Kelaniya Temple. It was a quiet and peaceful way to finish their journey, allowing everyone to experience a beautiful cultural and religious environment. It was a day filled with learning and happy memories for the little ones, and the school is very thankful to all the parents who joined them.

2026 මැයි 28 වන දින, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් පෙර පාසලේ සිසු දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ප්‍රීතිමත් අධ්‍යාපනික චාරිකාවක නිරත විය. ඔවුන් සිය දිනය ආරම්භ කළේ දෙහිවල සත්වෝද්‍යානයෙනි. එහිදී විවිධ සතුන් දැක බලා ගැනීමට ලැබීම දරුවන්ට මහත් සතුටක් ගෙන දුන් අතර, ස්වභාවධර්මය සහ සතුන් පිළිබඳව බොහෝ දේ ඉගෙන ගැනීමට එය කදිම අවස්ථාවක් විය.

සත්වෝද්‍යානයෙන් පසු, ඔවුන් රත්මලාන ගුවන් තොටුපළ වෙත ගියේය. ගුවන් යානා ඉතා සමීපයෙන් දැක ගැනීමට ලැබීම දරුවන් තුළ දැඩි උනන්දුවක් ඇති කළ අතර, ගුවන් යානා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ද ඔවුන්ට මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. ගුවන් යානා අහසට නැඟෙන ආකාරය දැකීම දරුවන්ට සැබවින්ම සුන්දර අත්දැකීමක් විය.

සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ඔවුන් කැලණිය රජමහා විහාරය වෙත පැමිණියෝය. චාරිකාවේ වෙහෙස නිවාලමින් සිතට සැනසීමක් ගෙන දෙන පූජනීය පරිසරයක් තුළ කාලය ගත කිරීමට සියලු දෙනාටම හැකි විය. ඉගෙනුමෙන් සහ අලුත් අද්දැකීම් වලින් පිරුණු මේ දිනය දරුවන්ට අමතක නොවන මතකයක් වූ අතර, මෙම චාරිකාව සාර්ථක කර ගැනීමට සහය වූ සියලුම දෙමාපියන්ට අපගේ ස්තුතිය පුදකර සිටිමු.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip