Monday, June 28, 2021

සංගමයේ අධ්‍යාපණික වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් ඇරඹි ශාන්තසිරි අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන

අප සංගමය මඟින් දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකරන්නාවූ වැඩකටයුතු තවදුරටත් පුළුල් කරමින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ක්‍රියාත්මක කරන නවතම ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස ශාන්තසිරි හෙට්ටිආරච්චි අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන හදුන්වාදිය හැක.

දුන්ගාල්පිටිය ප්‍රදේශයේ ජිවත්ව දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වන ශාන්තිලාල් හෙට්ටිආරච්චි මහතාගේ පූර්ණ අනුග්‍රයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර තම පියාණන් සිහිවනු පිණිස  මෙම වැඩසටහන ශාන්තසිරි හෙට්ටිආරච්චි අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස නම් කර ඇත.

ශිෂ්‍යත්ව ප්‍රතිලාභීන් ලෙස 2021 වර්ශයේ අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට නියමිත සිසු සිසුවියන් පස්දෙනෙකු තෝරාගනු ලැබූ අතර ඔවුන් තෝරා ගැනීමේදී දරුවන්ගේ අධ්‍යාපන කුසලතා හා පවුලේ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගැනීමක් සිදුවිය. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එක් දරුවකුට රු.2,000/= බැගින් වූ මුදලක් මාසිකව හිමිවේ.

ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරමින් කෙටි ආරම්භක රැස්වීමක් 2021.06.26 වන සෙනසුරාදා දින සවස 2.00 ට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පැවැත්වූ අතර ඒ සඳහා ශාන්තලාල් හෙට්ටිආරච්චි මහාතා ද සූම් තාක්ෂණය ඔස්සේ අප හා සම්බන්ධවිය. එහිදි අදහස් දැක්වූ එතුමා දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය හරහා එතුමා ලබා දෙන සහයෝගය තම අධ්‍යාපණ කටයුතුහී ප්‍රවර්ධනය සඳහා දායක කරගන්නා ලෙසයි. එමෙන්ම ජීවිත අරමුණු ලඟාකර ගැනීම සඳහා අධ්‍යාපනය ඉතා වැදගත්වන බවද එතුමා සිහිගන්වන ලදි. එමෙන්ම මෙම දරුවන් සඳහා ඉදිරියේදී ද හැකි පමණ දායකවීමට එතුමා කැමැත්තෙන් පසුවන බව දන්වාන ලදි.

අප සංගමය හා එක්ව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපණික ප්‍රගමනයෙහි ලා එතුමා දක්වන්නාවු මූල්‍යයමය සහ අදහස්මය දායකත්වය පිළිබඳව සංගමයේ ස්තූතිය එතුමන්හට පුදකර සිටිමු. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip