විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සදහා වූ එකමුතුව මගින් සංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2021 මැයි මස 7 වන දින Zoom මාද්‍ය ඔස්සේ පවත්වනු ලැබින.
මෙම වැඩසටහන සදහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමේ මාකලෝසා සිහින පාසල, සන්තෝෂා පදනම, කපුවත්ත ඩිවයින් කෙයා මද්‍යස්තානය, නුවරඑලිය මෙන්කැප් ආයතනය සහ නුවර YMCA යන සංවිධාන වලට සම්බන්ධ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ දෙමාපියන් 25 දෙනෙකු පමණ සහභාගි විය.
මෙම online වැඩසටහන අතරතුර දරුවන් සදහා නිවසේදී සිදු කල හැකි ශාරිරීක ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන් හට ප්‍රායෝගික දැනුමක් ලබා දෙන ලදී.වැඩසටහන මෙහෙම වනු ලැබුවේ ඩිවයින් කෙයා මද්‍යස්තානයේ ආචාර්ය දිල්හාන් ඇන්ටන් පෙරේරා විසිනි.
No comments:
Post a Comment