මකලෝසා ඩ්‍රීම් ව්‍යාපෘතියේ කාර්ය සාධක කමිටුව 2026 මාර්තු 08 දින Crab Cove හිදී රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි වසර සඳහා ඇති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය.
මෙම කාර්ය කමිටුව ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කාර්ය මණ්ඩලයට සහාය ලබාදෙන අතර සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය පිළිබඳ මාර්ගෝපදේශ ලබාදෙයි. කමිටුවට පලක මණ්ඩල සාමාජිකයෙකු, තරුණ සාමාජිකයෙකු, දෙමාපියන් දෙදෙනෙකු, උපදේශක් මණ්ඩල සාමාජිකයෙකු සහ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය අයත් වේ.
මෙම රැස්වීමේදී ව්‍යාපෘතියේ මෙම වසර සඳහා සකස් කර ඇති වාර්ෂික සැලසුම් සහ ඉලක්ක පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. එසේම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග සහ ඒවා ජයගැනීමේ මාර්ග පිළිබඳවද අදහස් හුවමාරු විය.
මෙම කාර්ය සාධක කමිටුව ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සහ සාමාජිකයින් අතර සබඳතාවය ගොඩනගන පාලම ලෙස කටයුතු කරයි.


No comments:
Post a Comment