2026 මාර්තු 14 වන දින, ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව (NCYSL) විසින් කොළඹ YMCA Forum Hall හි “ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව” පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීය. මෙම පුහුණුව වැඩසටහන 2026 වසර සඳහා ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරන පුහුණු සැලැස්මට අයත් එක් පියවරක් වේ. සේව් ද චිල්ඩ්රන් ආයතනයේ නිශාමනී ද සිල්වා වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායිකාව ලෙස සම්බන්ධ විය.
මෙම වැඩමුළුව සඳහා දකුණ, මධ්‍යම සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් තරුණ ක්‍රිස්තියානි සංගම් හතකින් කාර්ය මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන් 29 දෙනෙකු සහභාගි විය. මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්යමණ්ඩලය හය දෙනෙකු සහ ස්වේච්ඡා සාමාජිකයකු සම්බන්ධ විය. වැඩසටහන අතරතුරදී ළමා අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම, ළමා අපයෝජන හඳුනාගැනීම හා වැළැක්වීම, සහ YMCA වැඩසටහන් තුළ ළමයින් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම වැනි මූලික මාතෘකා ආවරණය කරන ලදී.
මෙවැනි වටිනා පුහුණු අවස්ථාවක් ලබා දීම පිළිබඳව ජාතික සභාව වෙත අපගේ කෘතඥතාව පළ කරමු. මෙම පුහුණුවෙන් ලබාගත් දැනුම සහ කුසලතා, පමුනුගම YMCA විසින් ක්‍රියාත්මක කරන මාකලෝස සිහින පාසල, පෙර පාසල, බාලදක්ෂ කයයුතු, ළමා කඳවුරු සහ වැඩසටහන් වැනි කටයුතු සඳහා ඉතා වැදගත් වන අතර, ළමයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සඳහා ඉවහල්වනු ඇත.


No comments:
Post a Comment