පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA) නියෝජනය කරමින් සඳරු, ඉසුරු සහ මිනද 2026 පෙබරවාරි 14 වන දින ලී දසනායක බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු CH1 කඳවුරු බැඳීමේ සහ පා ගමන් පිළිබඳ ජාතික පුහුණු වැඩසටහනට සහභාගී වූහ. "එළිමහන් ජීවිතය" (Outdoor Living) පුහුණු වැඩසටහන යටතේ ආරම්භ වූ මෙම එක්දින පුහුණුව සඳහා දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් 54 දෙනෙකු එක්ව සිටියහ. එහිදී එළිමහන් ජීවිතයකට අවශ්‍ය මූලික කුසලතා සහ නායකත්වය පිළිබඳව ඔවුන් පුහුණුව ලැබෝය.
මූලික අදියර සාර්ථකව අවසන් කිරීමෙන් පසු මෙම නියෝජිතයින් තිදෙනා 2026 මාර්තු 21 වන දින පැවැත්වුණු CH2 ජාතික පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූහ. මහනුවරදී ආරම්භ වූ මෙම වැඩසටහන මඟින් සිතියම් කියවීම සහ ගැට (Knots) පිළිබඳව විශේෂ තාක්ෂණික පුහුණුවක් ලබා දෙන ලදී. ඉන් අනතුරුව ලූල්කඳුර තේ වතුයායේ සිට කොණ්ඩගල ගල මුදුන දක්වා කිලෝමීටර් 9ක දුෂ්කර පා ගමනක් ක්‍රියාත්මක වූ අතර, සහභාගිවන්නන් කුඩා කණ්ඩායම් වලට බෙදී සිය සන්නිවේදන සහ ගැටලු විසඳීමේ හැකියාවන් එහිදී ප්‍රායෝගිකව පරීක්ෂාවට ලක් කළහ.
විවිධ ප්‍රාදේශවක තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කළ තරුණ තරුණියන් 28 දෙනෙකු අතර කලාපීය සහයෝගීතාවය වර්ධනය කරමින් මෙම පුහුණුව අවසන් විය. ලහිරු, රුවන්, හසිත සහ රමේෂ් යන මහත්වරුන් සම්පත් දායකයින් ලෙස මෙම අදියර දෙක පුරාම තාක්ෂණික මගපෙන්වීම් ලබා දුන්හ. ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවෙන් විසින් සංවිධානය කළ මෙම පුහුණු වැඩසටහන් දෙකට සහභාගී වූ සඳරු, ඉසුරු සහ මිනද ලබාගත් අත්දැකීම් සහ කුසලතා ඉදිරියේදී පමුණුගම YMCA මඟින් සංවිධානය කරන තරුණ එළිමහන් ක්‍රියාකාරකම් සඳහා විශාල ශක්තියක් වනු ඇත.



No comments:
Post a Comment