Thursday, April 2, 2026

A New Hope, A New Beginning - YMCA Easter Programme for Scouts

Under the theme “A New Hope, A New Beginning,” the Scout Group of the YMCA of Pamunugama conducted its Easter programme on 01.04.2026 at the YMCA premises in Pamunugama. A total of 24 Scouts participated in the programme.

Based on the Bible passage of the empty tomb from the Gospel of John 20:1–10, the participants engaged in a study session and a time of personal reflection. In addition, prayers were offered together, seeking a renewed life filled with hope during this Easter season.

The programme concluded with a short drama performed by the children, who were divided into two groups. One group presented the Last Supper, while the other depicted the betrayal of Jesus in the Garden of Gethsemane.

Through this programme, the children were given the opportunity to move beyond the usual Easter traditions and gain a deeper understanding of the true meaning of Easter.

අලුත් බලාපොරොත්තුවක්, අලුත් ආරම්භයක් - සංගමයේ ළමා පාස්කු සැමරුම

අලුත් බලාපොරොත්තුවක්, අලුත් ආරම්භයක් යන තේමාව යටතේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ කණ්ඩායම තම පාස්කු වැඩසටහන 2026. 04. 01 දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පවත්වන ලදි. මේ සඳහා බාල දක්ෂ බාලදක්ෂිකාවන් 24 දෙනෙකු සහභාගී විය. 

ශු. ජොහාන්තුමාගේ සුභාරංචියේ 20: 1-10 ඇති හිස්වූ සොහොන පිළිබඳ ඇති බයිබල් කොටස මූලික කරගනිමින් සහභාගී වූ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ අධ්‍යයනයක සහ ස්වයං ආවර්ජනයක යෙදුනෝය. එමන්ම මෙම පාස්කුව තුල අලුත් බලාපොරොත්තු සහිතව ජීවිත වෙනසක් වෙනුවෙන් එක්ව දෙවිඳුන් යැදීම ද සිදුකෙරින.

වැඩසටහන අවසන් වූයේ දරුවන් කණ්ඩායම් දෙකකට බෙදී සිදුකල කෙටි රංගනයකිනි. එක් කණ්ඩායමක් අවසන් රාත්‍රී භොජනය රඟ දැක්වූ අතර අනෙක් කණ්ඩායම මල් උයනේදී ජේසුතුමන් පාවාදීම රඟ දක්වන ලදි. මෙම වැඩසටහන තුළින් දරුවන් හට සුපුරුදු පාස්කු වතාවන්ගෙන් ඔබ්බට ගොස් පාස්කු මංගල්ලයේ සැබෑ අරුත තේරුම් ගැනීමට අවස්තාවක් විය. 

Monday, March 30, 2026

Makalause Visit to Temple මාකලෝසා දරුවන් ජා ඇල පන්සල බැහැදකී

27th March 2026 was a special day for Makalause children . With the guidance of their teachers and the support of their parents they visited  the Buddhist temple at Jaela. 

The serenity around was very conducive to the event. The breeze  embracing the big trees near the Ja - canal awakened a freshness in all who were present. Makalause children offered flowers and burnt incense sticks and made the place favourable and pleasant. 

They also listened attentively to the " Bana " ( sermon ) of the " podi hamuduruwo " ( the novice monk ) of the temple. They spent several hours in and around the place. After enjoying some cool drinks under the hot sun happily all went back home  with a cool and pleasent mind and heart.

2026 මාර්තු 26 මාකලෝසා දරුවන්ට විශේෂ දවසක් විය. සිය ගුරු මහත්මා මහත්මීන්ගේ මග පෙන්වීමෙන් හා දෙමාපියන්ගේ සහයෝගයෙන් ඔවුහූ ජාඇල පන්සල නරඹන්නට ගියහ.

අවට පරිසරයේ පැවති ශාන්ත බව එම අවස්ථාවට රුකුලක් විය. ජා ඇල අසල වූ විසල් වෘක්ෂයන් සිපගෙන හමා ආ සුළඟ පැමිණ සිටි සියලුදෙනා බැතිමත් නැවුම් හැඟුමකින් ප්‍රබෝධවත් කළේ ය. මාකලෝසා දරුවෝ සුවඳ මල් පුජා කරමින් හා හඳුන් කූරු දල්වමින් පරිසරය සුවඳවත් හා ප්‍රසන්න කළෝ ය. 

පොඩි හාමුදුරුවන්ගේ බණ හා විහාරස්ථානයේ පුරාවත පිළිබඳ විස්තරයට බැතිමත් ව සවන්දුන් ඔවුහූ නමස්කාර පූර්වකව  උන්වහන්සේගෙන් සමුගත්හ. පැය කීපයක් එම ස්ථානයේ සෞන්දර්ය භුක්ති විඳිමින් ගතකළ මාකලෝසා පිරිස දහමින් සිසිල් වූ සිත මෙන් ම දැඩි හිරු රශ්මිය නිසා උණුසුම් ව තිබූ ගත ද සිසිල් බීමකින් නිවා සනහාගෙන යළි නිවෙස් බලා පිටත්ව ගියහ.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (GBV) වැළැක්වීම පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීම

පමුණුගම YMCA තරුණ ක්‍රිස්තියානි සංගමය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මගින් සංවිධානය කරන ලද ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (GBV) වැළැක්වීම පිළිබඳ දින හතරක පුහුණුකරුවන් පුහුණු කිරීමේ (ToT) වැඩසටහනකට සහභාගී විය.

මෙම පුහුණුව 2026 මාර්තු 24 සිට 27 දක්වා Renuka City Hotel හිදී පැවැත්වුණි. තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව හරහා ලැබුණු මෙම අවස්ථාව සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා සහභාගි විය.  

මෙම වැඩසටහන, චර්යා වෙනස් කිරීමේ සන්නිවේදන (BCC) යන තේමාව පාදක කරගනිමින් සකසන ලද මොඩියුල  තුනක් පිළිබඳව අවධානය යොමු කෙරිණ. කාන්තාවන් හා ගැහැණු ළමයින්, පුරුෂයින් හා පිරිමි ළමයින්, සහ පුළුල් සමාජය යන කණ්ඩායම් ඉලක්ක කරගෙන මෙම මොඩියුල තුන සකසා තිබිණ. අන්තර්ක්‍රියාකාරී සැසි, ප්‍රායෝගික මෙවලම් සහ කණ්ඩායම් සාකච්ඡා මගින්, සමාජයේ අහිතකර චර්යාවන් අභියෝග කිරීම, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහිව ප්‍රජා මට්ටමේ ප්‍රතිචාර ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා මෙම වැඩමුළුව ඔස්සේ සහභාගීවූවන් හට ලබා දෙන ලදි. 

පුහුණුව අවසානයේදී, මෙම වැඩසටහන යටතේ කුඩා ව්‍යාපෘති අරමුදලක් සඳහා අයදුම් කිරීමටද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට අවස්ථාව ලැබුණි.

Strengthening Action Against GBV: YMCA of Pamunugama at UNFPA ToT Programme

The YMCA of Pamunugama participated in a four-day Training of Trainers (ToT) programme on the prevention of Gender-Based Violence (GBV), organized by the United Nations Population Fund (UNFPA).

The training was held from 24th to 27th March 2026, at the Renuka City Hotel. This opportunity was facilitated through the National Council of YMCAs of Sri Lanka, enabling the General Secretary of YMCA of Pamunugama to take part in this important experience.

The programme focused on three Behaviour Change Communication (BCC) modules, targeting: Women and girls, Men and boys, The wider community. Through interactive sessions, practical tools, and group discussions, participants gained valuable knowledge and skills to address harmful social norms, promote gender equality, and strengthen community-based responses to GBV.

Importantly, the training emphasized the role of community organizations such as YMCAs, Civil Society Organizations (CSOs), Women’s Rights Organizations (WROs), and Faith-Based Organizations (FBOs) in driving sustainable change at grassroots level.

At the conclusion of the programme, YMCA of Pamunugama was also provided with the opportunity to apply for a small grant under this initiative. This opens a pathway for the YMCA to further expand its work in preventing GBV and promoting safer, more inclusive communities.

Friday, March 20, 2026

ළමා ආරක්ෂණය සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ පුහුණු වැඩසටහනක්

2026 මාර්තු 14 වන දින, ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව (NCYSL) විසින් කොළඹ YMCA Forum Hall හි “ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව” පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීය. මෙම පුහුණුව වැඩසටහන 2026 වසර සඳහා ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරන පුහුණු සැලැස්මට අයත් එක් පියවරක් වේ. සේව් ද චිල්ඩ්රන් ආයතනයේ නිශාමනී ද සිල්වා වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායිකාව ලෙස සම්බන්ධ විය. 

මෙම වැඩමුළුව සඳහා දකුණ, මධ්‍යම සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් තරුණ ක්‍රිස්තියානි සංගම් හතකින් කාර්ය මණ්ඩලය සහ සාමාජික සාමාජිකාවන් 29 දෙනෙකු සහභාගි විය. මෙම වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ කාර්යමණ්ඩලය හය දෙනෙකු සහ ස්වේච්ඡා සාමාජිකයකු සම්බන්ධ විය. වැඩසටහන අතරතුරදී ළමා අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් ලබා දීම, ළමා අපයෝජන හඳුනාගැනීම හා වැළැක්වීම, සහ YMCA වැඩසටහන් තුළ ළමයින් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම වැනි මූලික මාතෘකා ආවරණය කරන ලදී.  

මෙවැනි වටිනා පුහුණු අවස්ථාවක් ලබා දීම පිළිබඳව ජාතික සභාව වෙත අපගේ කෘතඥතාව පළ කරමු. මෙම පුහුණුවෙන් ලබාගත් දැනුම සහ කුසලතා, පමුනුගම YMCA විසින් ක්‍රියාත්මක කරන මාකලෝස සිහින පාසල, පෙර පාසල, බාලදක්ෂ කයයුතු, ළමා කඳවුරු සහ වැඩසටහන් වැනි කටයුතු සඳහා ඉතා වැදගත් වන අතර, ළමයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සඳහා ඉවහල්වනු ඇත.  

Training on Child Rights and Child Safety

On 14 March 2026, the National Council of YMCAs of Sri Lanka (NCYSL) hosted a workshop on Child Rights and Child Safety at the YMCA of Colombo Forum Hall. This training was part of NCYSL’s ongoing 2026 training schedule aimed at equipping YMCA staff and volunteers with knowledge and practical skills to safeguard children in all YMCA activities. Ms Nishamani De Silva from Save the Children was the facilitator of the event.  

The workshop brought together 29 participants representing 7 YMCAs from Western, Southern and Central Regions of the country. From the YMCA of Pamunugama, 6 members, including 5 staff and a volunteer, participated actively in the training.

The sessions covered essential topics such as understanding child rights, recognizing and preventing child abuse, creating safe environments for children within YMCA programs. Participants engaged in interactive discussions and scenario-based activities, which provided practical guidance on handling real-life situations responsibly.

We are grateful to NCYSL for this valuable training opportunity. The knowledge and skills gained are highly relevant to the ongoing work of the YMCA of Pamunugama, especially in programs like the Makalause Dream School, Scouting, Pre-School and Camping where ensuring the safety and well-being of children is central to our mission.

Sunday, March 8, 2026

මකලෝසා ඩ්‍රීම් කාර්ය සාධක කමිටුව රැස්වේ

මකලෝසා ඩ්‍රීම් ව්‍යාපෘතියේ කාර්ය සාධක කමිටුව 2026 මාර්තු 08 දින Crab Cove හිදී රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ඉදිරි වසර සඳහා ඇති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම කාර්ය කමිටුව ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කාර්ය මණ්ඩලයට සහාය ලබාදෙන අතර සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය පිළිබඳ මාර්ගෝපදේශ ලබාදෙයි. කමිටුවට පලක මණ්ඩල සාමාජිකයෙකු, තරුණ සාමාජිකයෙකු, දෙමාපියන් දෙදෙනෙකු, උපදේශක් මණ්ඩල සාමාජිකයෙකු සහ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය අයත් වේ.

මෙම රැස්වීමේදී ව්‍යාපෘතියේ මෙම වසර සඳහා සකස් කර ඇති වාර්ෂික සැලසුම් සහ ඉලක්ක පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. එසේම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග සහ ඒවා ජයගැනීමේ මාර්ග පිළිබඳවද අදහස් හුවමාරු විය.

මෙම කාර්ය සාධක කමිටුව ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සහ සාමාජිකයින් අතර සබඳතාවය ගොඩනගන පාලම ලෙස කටයුතු කරයි.

Makalause Dream Task Committee Meets to discuss the proceedings

The Makalause Dream Task Committee met on 08 March 2026 at Crab Cove to review the progress of the project and plan the activities for the year.

The Task Committee supports the project staff in running the programme smoothly by providing guidance in planning, implementation, and monitoring. The committee includes a Board Member, a Youth Member, two parents, an Advisor, and project staff, bringing different perspectives to the project.

During the meeting, the group discussed the annual plans of the project in detail, focusing on how to achieve the targets outlined for this year. Members also discussed some of the challenges faced in implementing the project and shared ideas on how to overcome them.

The meeting helped strengthen the collaboration between the committee and the staff as they continue working together to successfully carry out the Makalause Dream Project.

Sunday, February 22, 2026

ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමේ පමුණුගම සංචාරය

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සහ නෝර්වේ රාජ්‍යයේහී ඇස්කර් බාලදක්ෂ කණ්ඩායම අතර 2005 වසරේ සිට ඉතා සමීප මිතුදමක් පවතී. පසුගිය වසර 20 ක කාලය තුල දෙපාර්ශයවය එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති අතර එකිනෙකා වෙත සංචාර ගණනාවක් සිදු කොට ඇත.  වසර විස්සක මිතුදම සමරමින් ඇස්කර් බාල දක්ෂ කණ්ඩායමේ බාල දක්ෂයින් පහළොස් දෙනෙකු සමග රොල්ෆ්, පියුතේ, ශර්ලොත්තෙ සහ වෙන්කෙ යන නායක නායිකාවන් හතර දෙනකුගෙන් යුත් කණ්ඩායමක් 2026 පෙබරවාරි මස 15 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කලහ. 

පෙබරවාරි 15 වන දින මධ්‍යම රාත්‍රියේ ලංකාවට පැමිණි ඔවුන් 16 වන දින උදෑසන විවේකීව ගත කළ අතර දිවා අහාරයෙන් අනතුරුව මුතුරාජවෙල සහ මීගමු කලපුවේ බෝට්ටු සවාරියක් සඳහා එක්වූහ. ඉන් අනතුරුව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත පැමිණි ඔවුන්ව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාල දක්ෂ බාලදක්ෂිකාවන්, සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය විසින් සාදරයෙන් පිළිගත්හ. මෙහිදී ඔවුන් සුහද කතාබහක යෙදීමෙන් අනතුරුව බාලදක්ෂ රැලිය පවත්වා දෙරටේ ධජයන් ඔසවා ඊට ආචාර කිරීමෙන් අනතුරුව ජාතික ගීත ගායනා කලහ. ඉන්  අනතුරුව  ක්‍රියාකාරකම් කිහිපයක් ඔස්සේ එකිනෙකා හඳුනා ගැනීම සිදු විය. පළමු දිනයේ පින්තූර

පෙබරවාරි 17 වන දින ඔවුන් දියතලාව වෙත පිටත්විය. මේ ගමන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂයින් 3 දෙනෙකු, නායකයින් දෙදෙනෙකු සහ ප්‍රධාන ලේකම් ද සම්බන්ධවිය.  දෙවන දිනයේ පින්තූර පෙබරවාරි 18 වන දින ඔවුන් ඇල්ල ප්‍රදේශයේ සංචාරයක යෙදුන අතර එහිදී ඔවුන් දෝව පන්සල, සහ ආරුක්කු නවයේ පාලම දැක බලා ගත්හ. ඇල්ල සංචාරයේ පින්තූර

පසුදින ඔවුන් හපුතලයේ ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක් දැක බලා ගනිමින් ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පිළිබඳව තොරතුරු දැනගත්හ.  තේ කර්මාන්තශාලාවේ පින්තූර ඉන් පසු ඔවුන් කලුපහණ ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල කන්ද තරණය කල අතර ඊට යාබද වංගෙඩි කන්ද කඳු මුදුනද තරණය කරන ලදි. එදින (19) රාත්‍රිය වංගෙඩි කන්දේ තනාගත් කූඩාරම් තුල ගත කරන ලදි. මෙය ඉතා සුන්දර මෙන්ම පාරිසරික අත්දැකීමක් වූ අතර සියළු දෙනා ඉතා සතුටින් මෙම වික්‍රමාන්විතය සමග අත්වින්දහ. වංගෙඩිගල තරණයේ පින්තූර

පසුදින ඔවුන් කොලඹ වෙත පැමිණි අතර එදින සවස වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයේ විවිධ දෑ මිලදී ගනිමින් සහ රාත්‍රී අහාරය ලබාගනිමින් කාලය ගතකලහ. 

පෙබරවාරි 21 වන දින උදෑසන පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත පැමිණි ඔවුන් 22 වන දිනට යෙදී ඇති ලෝක බාලදක්ෂ දිනය සමරන ලදි. මෙහිදී ඔවුන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බලදක්ෂ බාලදක්ෂිකාවන් 29 දෙනෙකු හා සමග එක්ව බාලදක්ෂ ඉතිහාසය පිළිබඳව කරුණු සඳහන් පසල් එකලස් කිරීමේ ක්‍රියාකාරකමට එක්වූහ. ඉන් අනතුරුව ඔවුන් විනෝද ක්‍රීඩා කීපයකට මෙන්ම එක්ව සමර චිත්‍රයක් ඇඳීමට එක්වූහ. බාලදක්ෂ දිනය සැමරීමේ පින්තූර 

වැඩසටහනේ වැදගත්ම මෙන්ම අවසන් ක්‍රියාකාරකම වූයේ 20 වසරක මිතුදම සැමරීමේ උත්සවයයි. ඒ සඳහා ඇස්කර් බාලදක්ෂ කණ්ඩායම, පමුණුගම බාලදක්ෂ බාලදක්ෂිකාවන්, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 80 දෙනෙකු සහභාගී විය. එහිදී ඔවුන් සමරු කේක් එක කැපීම, දෙපාර්ශවයේම බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් ඉදිරිපත් කල නර්තනයන් සහ රංගනයන් රසවිඳීම සිදු කරන ලදි. එමෙන්ම පැමිණි සිටි පිරිස ආමන්ත්‍රණය කළ ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමේ නායක රොල්ෆ් ෆැල්කන්බර්ග් මහතා සහ සංගමයේ සභාපති අජිත් හෙට්ටිආරච්චි මහතා විසින් පැමිණ සිටි පිරිස අමතමින් 20 වසරක මිතුදම පිළිබඳව මතකයන් සහ අත්දැකීම් බෙදා ගනිමින් එකිනෙකා වෙත ගෞරවය පුදකරන ලදි. එමෙන්ම වසර 20 ක මතකය අළුත් කරමින් පින්තූර පෙළක්ද ඉදිරිපත් කරනලදි. 

මෙම වැඩසටහනට සමගාමීව පෙබරවාරි 22 දිනට යෙදී තිබුන ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමේ නායක රොල්ෆ් ෆැල්කන්බර්ග් මහතාගේ උපන්දිනය සමරීමද මෙහිදී සිදුවිය. රොල්ෆ් මහතා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සමග ඉතා සමීපව කටයුතු කරන අයෙක් වන අතර මෙම වැඩසටහන අතර ඔහුගේ 50 වන උපන්දිනය සැමරීමට ලැබීම ඉතා විශේෂ අවස්ථාවක් විය. මෙහිදී උපන් දින කේක් එකක් කැපීමෙන් ඔහුට සුබ පැතීමට සියලු දෙනා එක්වූහ.  ඉන් අනතුරුව ඔහු පිළිබඳව ඔහුගේ මිතුරන් වන පියුතේ (ඇස්කර් බාලදක්ෂ නායක), අරුණ ශාන්ත නෝනිස් (සංගමයේ උපදේශක) සහ ධණුක ජයමාන්න (සංගමයේ සාමාජික) ඉතා සංවේදී සුබපැතුම් කතා ඉදිරිපත් කරන ලදි. රොල්ෆ් මහතාගේ මිතුරු මිතුරියන් විසින් ඔහු පිළිබඳව ලියන ලද ලිපි ඇතුලත් පින්තූර ඇල්බමයක් මෙහිදී උපන්දින ත්‍යාගයක් ලෙස රොල්ෆ් මහතාහට පිරිනමන ලදි. 
මෙම සංචාරය දෙපාර්ශවය අතර පවතින අඛණ්ඩ මිතුදමට තවත් බොහෝ මතකයන් රැසක් එකතු කිරීමට හැකිවූ අතර වෙනත් සංස්කෘතීන් පිළිබඳව බාලදක්ෂ බාලදක්ෂයින් හට දැනගැනීමට මෙන්ම නව මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාවක් විය. මේ අයුරින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට පැමිණීම වෙනුවෙන් සංගමයේ ස්තූතිය ඇස්කර් බාලදක්ෂ කණ්ඩායමට පිරිනැමේ. සංවත්සරයේ සහ උපන්දිනයේ පින්තූර

Visit of the Asker Scout Group to Pamunugama

A strong and meaningful friendship has existed between the YMCA of Pamunugama and the Asker YMCA/YWCA Scout Group of Norway since 2005. Over the past 20 years, both parties have worked together to implement numerous joint programmes and have taken part in several exchange visits, strengthening bonds of trust, friendship, and shared values.

To celebrate this 20-year-long friendship, a group consisting of 15 Scouts from the Asker Scout Group, along with four Scout leaders - Rolf, Pute, Charlotte, and Wenke visited Sri Lanka from 15th to 21st February 2026.

The group arrived in Sri Lanka at midnight on 15th February. The following morning was spent resting after their journey, and in the afternoon they took part in a boat safari through the Muthurajawela wetlands and the Negombo Lagoon. Later that day, they arrived at the YMCA of Pamunugama, where they were warmly welcomed by Scouts, members, and staff of the YMCA. After a friendly interaction, a Scout assembly was held, during which the national flags of both countries were hoisted and the national anthems were sung. Several interactive activities followed, allowing participants from both countries to get to know each other better. Pictures from day 1

On 17th February, the group travelled to Diyathalawa. Three Scouts, two Scout leaders, and the General Secretary of the YMCA of Pamunugama joined the journey. Pictures from day 2

On 18th February, the group explored the Ella area, visiting the historic Dowa Temple and the iconic Nine Arches Bridge. Pictures from Ella Visit

The following day, the Scouts visited a tea factory and learnt about tea production. Pictures from the Visit to Tea Factory Then joined on an adventurous hike to Wangedigala Mountain in the Kalupahana area and also climbed the nearby peak. The night of 19th February was spent camping in tents set up on the mountain. This experience offered a truly memorable environmental and outdoor learning opportunity, enjoyed enthusiastically by all participants. Pictures from the Hike to Wangedigala

On 20th February, the group returned to Colombo and spent the evening at One Galle Face Shopping Mall, where they enjoyed shopping and dinner together.

On the morning of 21st February, the group returned to the YMCA of Pamunugama to celebrate World Scout Day, which falls on 22nd February. Together with 29 Scouts and Guides from the YMCA of Pamunugama, they participated in an activity focused on the history of Scouting, creating educational displays. This was followed by recreational games and a collaborative group art activity. Pictures from the BP Day Celebration

The highlight and concluding event of the visit was the celebration of 20 years of friendship between the Asker Scout Group and the YMCA of Pamunugama. Around 80 participants, including Scouts from both groups, YMCA members, and staff, took part in this special occasion. The celebration included the cutting of a commemorative cake and cultural performances such as dances and dramas presented by Scouts from both countries.

Addressing the gathering, Rolf Falkenberg, Scout Leader of the Asker Scout Group, and Ajith Hettiarachchi, President of the YMCA of Pamunugama, shared memories and reflections on the 20-year journey of friendship, highlighting its impact and significance. A photo presentation showcasing memorable moments from the past two decades was also presented.

Alongside this celebration, the birthday of Rolf Falkenberg, which falls on 22nd February, was also celebrated.  Rolf, who has worked very closely with the YMCA of Pamunugama over the years, celebrated his 50th birthday during this visit—making the occasion even more special. A birthday cake was cut, and heartfelt speeches were delivered by his close friends and colleagues, including Pute (Scout Leader, Asker), Mr. Arun Shantha Nonis (Advisor of the YMCA), and Mr. Danuka Jayamanna (Member of the YMCA). A photo album containing letters written by Mr. Rolf’s friends was presented to him as a birthday gift. And also a song was sung by two of the scouts for Rolf. 

This visit added many unforgettable memories to the long-standing friendship between the two organizations. It also provided an invaluable opportunity for Scouts to learn about different cultures, build new friendships, and strengthen international understanding. The YMCA of Pamunugama extends its sincere gratitude to the Asker Scout Group for visiting and for continuing this meaningful partnership. Pictures from Celebration and Birthday

Thursday, February 5, 2026

Swimming Day for Makalause

The children of Makalause Dream School participated in a joyful swimming program held today at the Amaluna Hotel, Kapungoda. Seven students took part and thoroughly enjoyed the experience together with their friends and staff.

Adding special value to the day, Mr. Signar, a volunteer from Norway, also joined the program and shared the fun with the children.

The day concluded with a shared lunch at the YMCA of Pamunugama, bringing everyone together in a spirit of friendship and happiness. This meaningful program was made possible with the generous sponsorship of the Little Romel Found, whose support contributed greatly to its success.


මාකලෝසා සිහින පාසලේ දරුවන්ගේ පිහිණුම් දිනය

මාලකෝසා සිහින පාසලේ දරුවෝ අද දින කැපුන්ගොඩ අමලූනා හෝටලයේ පිහිණුම් වැඩසටහනකට සහභාගී වූහ.  මෙම වැඩසටහනට සිසුන් 7 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුහු තම මිතුරු මිතුරියන් සහ කාර්ය මණ්ඩලය සමඟ විනෝදයෙන් කාලය ගත කළහ.

විශේෂත්වයක් ලෙස, නෝර්වේ සිට පැමිණි ස්වේච්ඡා සේවක සිග්නාර් මහතාද ද මෙම වැඩසටහනට එක්විය.  

වැඩසටහන අවසානයේ, සියලු දෙනා පමුණුගම YMCA හි එක්ව දවල් ආහාරයක් භුක්ති විඳිමින් දිනය සාර්ථකව නිම කළහ. දිනය සාර්ථක කරගැනීම සඳහා ලිට්ල් රොමෙල් අරමුදල මඟින් අනුග්‍රහය ලබාදෙන ලදි. 


Wednesday, February 4, 2026

78 වන නිදහස් දින වැඩසටහන

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සමරමින්, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මේ සඳහා ළමුන් 35 දෙනෙකු සහභාගී වූ අතර, ඊට මාකලෝසා සිහින පාසලේ ළමුන් 6 දෙනෙකු සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ළමුන් 29 දෙනෙකු ඇතුළත් විය. මීට අමතරව කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් කීප දෙනෙක්ද එක්ව සිටියහ. මීට අමතරව ස්වේච්ඡා සේවකයෙකු වන නෝර්වේ සිට පැමුණ සිටින සින්ග්නා ක්‍රිස්ටෝෆෙර්සන් මහතාද සම්බන්ධ විය. මෙම උත්සවය පෙබරවාරි 04 වන දින පෙරවරුවේ, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් පරිශ්‍රයේදී පැවැත්විය.

වැඩසටහන ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් ආරම්භ වූ අතර, අනතුරුව නිදහස පිළිබඳ කෙටි අධ්‍යාපනික වීඩියෝවක් නරඹා ඒ පිළිබඳ කෙටි සාකච්ඡාවක් පැවැත්විණි. පසුව ළමුන් කණ්ඩායම් පහකට බෙදී, ශ්‍රී ලංකා සිතියම එකලස් කිරීමේ පසල් අභියෝගයකට සහභාගී විය. එමඟින් කණ්ඩායම් හැඟීම, එකමුතුකම සහ සහයෝගීත්වය වර්ධනය විය. ඉන් අනතුරුව දරුවන් ක්‍රියාදාම ගීත දෙකට සම්බන්ධවීමෙන් පසු සියළු දෙනා එක්ව අයිස් ක්‍රීම‍යක රස බැලීය.

මින් අනතුරුව පැවැතියේ කණ්ඩායමක් ලෙස එක්ව චිත්‍රයක් ඇඳීමයි.  එහිදී ඔවුන් නිදහස පිළිබඳව ඔවුන්ට ඇති සිතුවුළි වර්ණවත් සිතුවමක් ලෙස කණ්ඩායම් සිතුවමක් බවට පත්කරන ලදි. 

ශ්‍රී ලංකාවේ නිදහස සිහිපත් කරමින්, ළමුන් අතර මිතුරත්වය, අන්තර්කරණය සහ එකමුතුබව වර්ධනය කළ මෙය වැඩසටහන මතක රැඳෙන දිනක් වනු ඇත.

78th Independence Day Celebration at YMCA of Pamunugama

The YMCA of Pamunugama organized a special event to mark the 78th Independence Day of Sri Lanka, bringing together children, staff, volunteers, and parents in a meaningful celebration. Event was held on 04 February morning at the YMCA of Pamunugama. 

The programme began with hoisting the national flag and singing the National Anthem, followed by a short educational video on independence and a brief discussion. Children then took part in a group puzzle challenge, where five groups worked together to assemble the map of Sri Lanka, promoting teamwork and cooperation.

A total of 35 children attended the event, including 6 children from Makalause Dream School and 29 from the YMCA of Pamunugama Scout Group. The celebration continued with action songs and dancing, after which the children enjoyed ice cream.

As a creative activity, the children worked in groups to create team paintings expressing what independence means to them, resulting in colourful and meaningful artworks. Then they had lunch together. 

The event was attended by YMCA staff, Makalause Dream School staff, parents, and Signa, a volunteer from Norway. It was a memorable day of remembering independence while strengthening friendship, inclusiveness, and unity among the children.

Saturday, January 31, 2026

NCYSL තරුණ පුහුණු වැඩසටහන් (LS1 සහ Y Media) සඳහා පමුණුගම තරුණයන්ගේ සහභාගීත්වය

ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව (NCYSL) විසින් “Be Your Best, Live Your Best” යන තේමාව යටතේ 2026 වර්ෂය පුරා ක්‍රියාත්මක කරන තරුණ පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මඟින් YMCA තරුණ තරුණින්ගේ ප්‍රායෝගික කුසලතා සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වේ.

මෙම ජාතික පුහුණු වැඩසටහන් මාලාව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණ තරුණියන් 20 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වූ තරුණ ක්‍රිස්තියානි සංගම් වලින් එකකි. 

පළමු පුහුණු වැඩසටහන, LS1 නමින්, 2026 ජනවාරි 17 වැනි දින කොල්ලුපිටිය, ශාන්ත මයිකල් දේවස්ථාන ශාලාවේ පැවැත්විය. මෙම පුහුණුවේදී ජල ආරක්ෂාව සහ CPR (Cardiopulmonary Resuscitation) පිළිබඳ අත්‍යවශ්‍ය ජීවිත රැක ගැනීමේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබා දෙන ලදී. මෙම පුහුණුව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණයන් 6 දෙනෙකු සහභාගී විය.

දෙවන පුහුණු වැඩසටහන, Y Media, පුහුණුව විය. Zoom මඟින් පැවැත්වූ මාර්ගගත සැසි තුනක් ලෙස 2026 ජනවාරි 21, 28 සහ 31 දිනවල මෙම වැඩසටහන පවැත්වින. මෙම පුහුණුව මඟින් මූලික ඡායාරූපකරණය සහ ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ දැනුම ලබා දෙන ලදී. එහිදී රූප සැකසුම, ආලෝකය භාවිතා කිරීම සහ ජංගම දුරකථන භාවිතයෙන් මාධ්‍ය කරණය පිළිබඳ අවබෝධයක්  ලබාදෙන ලදි. 

මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් පමුණුගම YMCA තරුණයන්ගේ කුසලතා, විශ්වාසය සහ සමාජ වගකීම තවදුරටත් ශක්තිමත් වන බව අපි විශ්වාස කරමු. තරුණ තරුණියන් සඳහා 2026 වසර පුරාවට මෙවැනි පුහුණු අවස්ථා සලසා දීමට නායකත්වය ගත් ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවට පමුණුගම YMCA සිය කෘතඥතාව පළ කරයි.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip