Saturday, January 31, 2026

NCYSL තරුණ පුහුණු වැඩසටහන් (LS1 සහ Y Media) සඳහා පමුණුගම තරුණයන්ගේ සහභාගීත්වය

ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව (NCYSL) විසින් “Be Your Best, Live Your Best” යන තේමාව යටතේ 2026 වර්ෂය පුරා ක්‍රියාත්මක කරන තරුණ පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මඟින් YMCA තරුණ තරුණින්ගේ ප්‍රායෝගික කුසලතා සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වේ.

මෙම ජාතික පුහුණු වැඩසටහන් මාලාව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණ තරුණියන් 20 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වූ තරුණ ක්‍රිස්තියානි සංගම් වලින් එකකි. 

පළමු පුහුණු වැඩසටහන, LS1 නමින්, 2026 ජනවාරි 17 වැනි දින කොල්ලුපිටිය, ශාන්ත මයිකල් දේවස්ථාන ශාලාවේ පැවැත්විය. මෙම පුහුණුවේදී ජල ආරක්ෂාව සහ CPR (Cardiopulmonary Resuscitation) පිළිබඳ අත්‍යවශ්‍ය ජීවිත රැක ගැනීමේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබා දෙන ලදී. මෙම පුහුණුව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණයන් 6 දෙනෙකු සහභාගී විය.

දෙවන පුහුණු වැඩසටහන, Y Media, පුහුණුව විය. Zoom මඟින් පැවැත්වූ මාර්ගගත සැසි තුනක් ලෙස 2026 ජනවාරි 21, 28 සහ 31 දිනවල මෙම වැඩසටහන පවැත්වින. මෙම පුහුණුව මඟින් මූලික ඡායාරූපකරණය සහ ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ දැනුම ලබා දෙන ලදී. එහිදී රූප සැකසුම, ආලෝකය භාවිතා කිරීම සහ ජංගම දුරකථන භාවිතයෙන් මාධ්‍ය කරණය පිළිබඳ අවබෝධයක්  ලබාදෙන ලදි. 

මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් පමුණුගම YMCA තරුණයන්ගේ කුසලතා, විශ්වාසය සහ සමාජ වගකීම තවදුරටත් ශක්තිමත් වන බව අපි විශ්වාස කරමු. තරුණ තරුණියන් සඳහා 2026 වසර පුරාවට මෙවැනි පුහුණු අවස්ථා සලසා දීමට නායකත්වය ගත් ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවට පමුණුගම YMCA සිය කෘතඥතාව පළ කරයි.

Pamunugama Youth Attend NCYSL Youth Trainings: LS1 and Y Media

The National Council of YMCAs of Sri Lanka (NCYSL) is organizing a series of youth trainings under the theme “Be Your Best, Live Your Best” throughout the year 2026, with the aim of equipping YMCA young people with practical skills, and leadership capacity.

A total of 20 youth from YMCA of Pamunugama have registered for this national training programme, making Pamunugama YMCA one of the YMCAs with the highest number of registered youth participants in the country. 

The first training, titled LS1, was held on 17th January 2026 at St. Michael’s Church Hall Kollpety. This session focused on Water Safety and CPR (Cardiopulmonary Resuscitation), providing essential life-saving knowledge and practical skills. Six youth from Pamunugama YMCA participated in this training, gaining valuable awareness that can be applied in real-life emergency situations.

The second training, Y Media, was conducted as a series of three online sessions via Zoom on 21st, 28th, and 31st January 2026. This programme focused on basic photography and mobile photography, helping youth understand visual storytelling, framing, lighting, and the effective use of mobile phones for media work. The training was especially relevant for youth involved in documentation, social media, and communication activities within their YMCA and communities. 7 youth from Pamunugama attended this training. 

Through these trainings, Pamunugama YMCA youth continue to strengthen their skills, confidence, and sense of responsibility. YMCA of Pamunugama extends gratitude to NCYSL for taking leadership to provide these training opportunities for young people in local YMCAs. 

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip