අලුත් බලාපොරොත්තුවක්, අලුත් ආරම්භයක් යන තේමාව යටතේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂ කණ්ඩායම තම පාස්කු වැඩසටහන 2026. 04. 01 දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී පවත්වන ලදි. මේ සඳහා බාල දක්ෂ බාලදක්ෂිකාවන් 24 දෙනෙකු සහභාගී විය.
ශු. ජොහාන්තුමාගේ සුභාරංචියේ 20: 1-10 ඇති හිස්වූ සොහොන පිළිබඳ ඇති බයිබල් කොටස මූලික කරගනිමින් සහභාගී වූ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ අධ්‍යයනයක සහ ස්වයං ආවර්ජනයක යෙදුනෝය. එමන්ම මෙම පාස්කුව තුල අලුත් බලාපොරොත්තු සහිතව ජීවිත වෙනසක් වෙනුවෙන් එක්ව දෙවිඳුන් යැදීම ද සිදුකෙරින.
වැඩසටහන අවසන් වූයේ දරුවන් කණ්ඩායම් දෙකකට බෙදී සිදුකල කෙටි රංගනයකිනි. එක් කණ්ඩායමක් අවසන් රාත්‍රී භොජනය රඟ දැක්වූ අතර අනෙක් කණ්ඩායම මල් උයනේදී ජේසුතුමන් පාවාදීම රඟ දක්වන ලදි. මෙම වැඩසටහන තුළින් දරුවන් හට සුපුරුදු පාස්කු වතාවන්ගෙන් ඔබ්බට ගොස් පාස්කු මංගල්ලයේ සැබෑ අරුත තේරුම් ගැනීමට අවස්තාවක් විය.



No comments:
Post a Comment