Tuesday, April 28, 2026

මාකලෝසා දරුවන්ගේ ගුරුගේ උද්‍යාන සංචාරය

2026.04.28 මාකලෝසා දරුවන් 12ක් හා ගුරුමහත්මා මහත්මීහූ වැලිගම්පිටියේ ගුරුගේ උද්‍යානයට ගියහ. මව්වරුන් කීපදෙනෙක් ද ඔවුන්ගේ සහයට පැමිණ සිටියහ. 

එහි මූලික පරමාර්ථය වූයේ පිහිනුම් තඩාග ආශ්‍රිත විනෝදය ය. එහෙත් ඊට ප්‍රථමයෙන් ඔවුහූ විව්ධ පක්ෂීන් සත්ත්වයන් නරඹමින් විනෝද වූහ. තවද එම ස්ථානයේ දඬුකඳේ ගැසීම, කම්මල හා පැරැණි භාණ්ඩ හා මිනුම් වැනිදෑ පිළිබඳ දැනුම ද එක්කර ගත්හ.  

අනතුරුව පිහිනුම් තඩාග අතුරෙන් දරුවන් සඳහාම වෙන්වූ ක්‍රියාකාරකම් සපිරි තඩාගයන්හී පුරා පැයගණනාවක් ම ඔවුහූ විනෝද වූහ. පසුව ප්‍රණීත ආහාර වේලක් භුක්ති විඳි සියලු දෙනා මහා වැසි මගින් හදවත වසා පැවති සතුට දියකර හරින්නට පෙර ආපසු නිවෙස් බලා යෑමට වෑන් රියට ගොඩ වූහ. 

ලිට්ල් රොමෙන් අරමුදල නිසාවෙන් ලැබූ එම අවස්ථාව ගැන කෘතඥපූර්වකව මාකලෝසා සියල්ලෝ ඉමහත් සුන්දර අවස්ථාවක් අත්වින්දහ.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip