Tuesday, April 21, 2026

ඉතිහාසය, දැක්ම, මෙහෙවර 1 සහ 2 තරුණ පුහුණු වැඩසටහන සඳහා මීගමුව සහ පමුණුගම එක්වෙයි

2026 අප්‍රේල් 21 වන දින සන්ධ්‍යාවේදී, මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමය සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ලද HVM 1 සහ 2 (ඉතිහාසය, දැක්ම, මෙහෙවර 1 සහ 2) වැඩසටහන පමුණුගම YMCA පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ 2026 වසර සඳහා වන තරුණ පුහුණු වැඩසටහන් මාලාව්‍රෙ එක් පියවරක් වශයෙන්  මෙම වැඩසටහන ප්‍රාදේශීයව  සංවිධානය කෙරින..

මෙම වැඩසටහන සඳහා මීගමුව YMCA වෙතින් තරුණ තරුණිය  8 දෙනෙකු සහ පමුණුගම YMCA වෙතින් තරුණ තරුණියන් 7 දෙනෙකු ඇතුළුව 15 දෙනෙකුගෙන් යුත් උද්යෝගිමත් කණ්ඩායමක් සහභාගී වූහ. මීගමුව YMCA හී ප්‍රධාන ලේකම් රමේෂ් කන්නා සහ පමුණුගම YMCA හි ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා විසින් පහසුකම් සපයන ලද මෙම වැඩසටහන මගින් ලෝක මට්ටමින් මෙන්ම ශ්‍රී ලංකාව තුළ YMCA ව්‍යාපාරයේ ඉතිහාසය සහ එහි ව්‍යාප්තිය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

YMCA හි පදනම වන 'පැරිස් සම්මුතිය' (Paris Basis) සහ එහි මූලධර්ම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, අතීතය මෙන්ම අනාගතය පිළිබඳවද සාකච්ඡා විය. ඒ අනුව 'Vision 2030' (2030 දැක්ම) ඔස්සේ වර්තමාන සමාජය තුළ YMCA හි කාර්යභාරය සහ එම දිගුකාලීන ඉලක්ක සපුරා ගැනීම සඳහා තරුණ තරුණියන්ගේ දායකත්වය ලබාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

අසල්වැසි සංගම් දෙකක් වන මීගමුව සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් අතර සහෝදරත්වය සහ මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින්, වැඩසටහන අවසානයේ කණ්ඩායම එක්ව රාත්‍රී ආහාරය ලබාගන්නා ලදි. මෙම වැඩසටහනේ දෙවන පියවර ලෙස ඉදිරියේදී YMCA හි නූතන ක්‍රිස්තියානි මෙහෙවර පිළිබඳව අවධානය යොමු කෙරෙන HVM 3 වැඩසටහන පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip