තරුණ හවුල නියෝජනය කරන මලීෂ පෙරේරා සහ ශිනේෂ් නෝනිස් ගේ මෙහෙයවීමෙන් පැවැති ආධ්‍යාත්මික මෙනෙහි කිරීමකින් රැස්වීම ආරම්භ විය. තරුණ ක්‍රිස්තියානි සංගමය වශයෙන් අප කරන්නා වූ සියළු වැඩකටයුතු තුළ ඊට සම්බන්ධවන සියළු දෙනා හට ක්‍රිස්තුන්වහන්සේ නම් වූ දොරටුව තුළින් ඇතුළු වීමට අවශ්‍ය අධ්‍යාතිමික පරිසරය සැකසීමේ වැදගත්කම මෙනෙහිකිරීම තුළ පසක් කරන ලදි. එමෙන්ම සංගමයේ සියලු සේවාවන් දේව ප්‍රශංසාව උදෙසා සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. අනතුරුව 2025 වසරේදී දිවියෙන් සමුගත් සංගමයේ සාමාජික සාමාජිකාවන් අනුස්මරණය කරමින් විශේෂ යැදුමක්ද පවත්වන ලදී.
පසුගිය වසර තුළ සංගමය මගින් ක්‍රියාත්මක කළ ළමා හා බාලදක්ෂ අංශයේ ප්‍රගතිය, පෙර පාසල් කටයුතු, තරුණ වැඩසටහන්, මාකලෝසා සිහින පාසලේ සංවර්ධන කටයුතු, ජාත්‍යන්තර වැඩසටහන්, කිතුනු මෙහෙවර වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන්, පාරිසරික වැඩසටහන්, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ හිංසනය පිටුදැකීම පිළිබඳව පුහුණු, ආපදා ප්‍රතිචාර වැඩසටහන් ඇතුළු වැඩකටයුතු පිළිබඳ වාර්තා සහ ගිණුම් වාර්තා සභාවට ඉදිරිපත් කෙරිණි.
2025-2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමද මෙහිදී සිදු වූ අතර, එහි නිලතල මෙසේය:
සංගමයේ ඉදිරි කටයුතු සඳහා පාලක මණ්ඩල සාමාජිකයන් ලෙස ජසින්තා පීරිස්, නිර්මා සෙනාසි, රොෂාන් ප්‍රනාන්දු, මිනද සන්තුජ, ශිනේෂ් හිරුෂ සහ ඉසුරු පීරිස් යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
ඉදිරි වසර සඳහා සැලසුම් අනුමත කිරීම ද මා සභා රැස්වීම තුළදී සිදුකෙරෙන.


No comments:
Post a Comment