ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාව (NCYSL) විසින් “Be Your Best, Live Your Best” යන තේමාව යටතේ 2026 වර්ෂය පුරා ක්‍රියාත්මක කරන තරුණ පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මඟින් YMCA තරුණ තරුණින්ගේ ප්‍රායෝගික කුසලතා සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වේ.
මෙම ජාතික පුහුණු වැඩසටහන් මාලාව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණ තරුණියන් 20 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වූ තරුණ ක්‍රිස්තියානි සංගම් වලින් එකකි.
පළමු පුහුණු වැඩසටහන, LS1 නමින්, 2026 ජනවාරි 17 වැනි දින කොල්ලුපිටිය, ශාන්ත මයිකල් දේවස්ථාන ශාලාවේ පැවැත්විය. මෙම පුහුණුවේදී ජල ආරක්ෂාව සහ CPR (Cardiopulmonary Resuscitation) පිළිබඳ අත්‍යවශ්‍ය ජීවිත රැක ගැනීමේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබා දෙන ලදී. මෙම පුහුණුව සඳහා පමුණුගම YMCA නියෝජනය කරමින් තරුණයන් 6 දෙනෙකු සහභාගී විය.
දෙවන පුහුණු වැඩසටහන, Y Media, පුහුණුව විය. Zoom මඟින් පැවැත්වූ මාර්ගගත සැසි තුනක් ලෙස 2026 ජනවාරි 21, 28 සහ 31 දිනවල මෙම වැඩසටහන පවැත්වින. මෙම පුහුණුව මඟින් මූලික ඡායාරූපකරණය සහ ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ දැනුම ලබා දෙන ලදී. එහිදී රූප සැකසුම, ආලෝකය භාවිතා කිරීම සහ ජංගම දුරකථන භාවිතයෙන් මාධ්‍ය කරණය පිළිබඳ අවබෝධයක් ලබාදෙන ලදි.
මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් පමුණුගම YMCA තරුණයන්ගේ කුසලතා, විශ්වාසය සහ සමාජ වගකීම තවදුරටත් ශක්තිමත් වන බව අපි විශ්වාස කරමු. තරුණ තරුණියන් සඳහා 2026 වසර පුරාවට මෙවැනි පුහුණු අවස්ථා සලසා දීමට නායකත්වය ගත් ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවට පමුණුගම YMCA සිය කෘතඥතාව පළ කරයි.




No comments:
Post a Comment