මෙවර සැමරුම පැවැත්වූයේ ළමුන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. මාකලෝසා සිහිනය පාසලේ සහ සංගමයේ බාලදක්ෂයින් මේ සඳහා එක්වී සිටියහ.
එදින ළමුන් විවිධ ක්රීඩා සහ විනෝද වැඩසටහන් වලට සහභාගී වූ අතර චිත්රපටයක්ද නරඹමින් සතුටු විය.
මෙවර සැමරුම පැවැත්වූයේ ළමුන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙනි. මාකලෝසා සිහිනය පාසලේ සහ සංගමයේ බාලදක්ෂයින් මේ සඳහා එක්වී සිටියහ.
එදින ළමුන් විවිධ ක්රීඩා සහ විනෝද වැඩසටහන් වලට සහභාගී වූ අතර චිත්රපටයක්ද නරඹමින් සතුටු විය.
There were around 70 kites from the children attached to YMCA programmes and also from neighboring villages. Cash prices were awarded to first 3 places, Rs 10,000/=, 7,000/= & Rs 5,000/= respectively. There were also more cash prices to next best 15 selected kites. Crowd of over 500 came to the beach to witness this colorful event.


"නිහඬ" පමුණුගම තරුණ ක්රිස්තියානි සංගමයේ නිළ පුවත් ලිපියයි. නිහඬ පළමු කලාපය 1978 වසරේ මැයි මස 01 දින පළකෙරිණ. එතැන් පටන් නිහඬ ආ දිගු ගමනේ පනස්වන පියවර 2020 අගෝස්තු මස 30 වන දින පමුණුගම තරුණ ක්රිස්තියානි සංගම් ප්රධාන ශාලාවේදී එළිදැක්වින. නිහඬ පනස්වන කලාපය පසුගිය කලාප වලින් උපුටාගත් ලිපි සහ නිර්මාණවල එකතුවකින් සමන්විත පොතක් වශයෙන් ඉදිරිපත්කොට ඇත.මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා සංගමයේ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන්, ක්රියාකාරී සාමාජිකාවන්, නිහඬ සඳහා ලිපි සකසමින් සහ සංස්කරණයේ යෙදෙමින් සහයවූවන් ඇතුළු ආරාධීතයින් පිරිසක් සහභාගී විය.
මෙහිදි, "නිහඬ" ආ ගමන සහ ලැබූ අද්දැකීම් පිළිබඳව නැවත හැරී බැලිමක් සිදු කෙරිණ. මීට අමතරව නීතීඥ වින්සන් බූලත්සිංහල මහතා විසින් ප්රධාන දේශනය "සිවිල් සමාජ වගකීම් සහ මාධ්යයේ කාර්යයභාරය" යන මැයින් ප්රධාන දේශනය පවත්වනු ලැබින.
1978 වසරේ සිට 50 වන පියවර තෙක් නිහඬ සංස්කරණය කරමින් දායකවී තිබූ පැරණි සහ වර්තමාන සාමාජික සාමාජිකාවන් 7 දෙනෙකු ද අගයමින් සමරු තිළිණ ප්රධානයක්ද සිදු කෙරුනු අතර නිහඬ 50 වන පියවරේ මුල් පිටපත් ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා වෙනුවෙන් නීතීඥ වින්සන් බුලත්සිංහල මහතාට පුදකරන ලදි.
මෙම චාම් උත්සවය වර්ණවත් කරමින් සංගමයේ ළමා සහ තරුණ සාමාජික සාමාජිකාවන් විසින් නර්තනයක් සහ ගීතයක් ඉදිරිපත් කෙරිණ.
