පවුල් සුරක්ෂිතභාවය ගොඩනැගීම සහ දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ ව්යාපෘතිය යටතේ, පමුණුගම තරුණ ක්රිස්තියානි සංගමය විසින් සංවිධානය කරන ලද දෙදින නේවාසික වැඩමුළුව දෙමාපියන්, තරුණ තරුණියන් සහ සංගමයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 30 දෙනෙකුගෙන් යුත් පිරිසකගේ සහභාගීත්වයෙන් ඔක්තෝම්බර් මසා 17 සහ 18 යන දිනයන්හිදී කැපුන්ගොඩ Sanctuary House හිදී සාර්ථකව පවත්වන ලදී. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ සමාජ සංවර්ධනය සඳහා වූ පදනම (FISD) මඟින් තරුණ ක්රිස්තියානි සංගම් ජාතික සභාව හරහා මෙම ව්යාපෘතිය සඳහා අනුග්රහය දක්වයි.
මෙම වැඩසටහනේ ප්රධාන සම්පත්දායකයා ලෙස අරුණ ශාන්ත නෝනිස් මහතා සම්බන්ධ වූ අතර, ඔහුගේ මඟපෙන්වීම වැඩමුළුවේ සාර්ථකත්වයට සුවිශේෂී රුකුලක් විය.
දෙදින පුරා පැවැති මෙම වැඩසටහනේදී UNFPA විසින් සකසන ලද "ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා චර්යා වෙනසක් සඳහා වන ප්රජා ක්රියාකාරීත්වය" මැනුවලයේ සඳහන් ක්රියාකාරකම් යොදාගන්නා ලදී. එම මැනුවලයේ අඩංගු ක්රියාකාරකම් පදනම් කරගනිමින්, අනන්යතාවය, ආත්ම විශ්වාසය, ලිංගිකත්වය, සමාජය විසින් ගොඩනඟා ඇති පීඩාකාරී සම්මතයන්, බලය බෙදීයාම සහ හානිකර භාවිතයන් හඳුනා ගැනීමට සහභාගිවන්නන්ට අවස්ථාව හිමි විය.
එමෙන්ම ස්ත්රී පුරුෂ සමාජ භාවය හා බැඳුණු හානිකර සම්මතයන් නිසා පීඩාවට පත්වන කාන්තාවන් සහ පිරිස් බලසතු කිරීම (Empowerment) මඟින් පවතින මිත්යාවන් ප්රතික්ෂේප කිරීමටත්, හිංසනයෙන් තොර සමාජයක් උදෙසා කැපවීමටත් සහභාගිවන්නන් බලගන්වන ලදී. මැනුවලයේ අඩංගු ප්රායෝගික හා නිර්මාණාත්මක ක්රියාකාරකම් මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීමට ඉතා ප්රයෝජනවත් විය.
මෙම නේවාසික වැඩමුළුව මඟින් සහභාගී වූවන් තුළ තමා පිළිබඳ ආත්ම විශ්වාසය සහ දැනුවත් භාවයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව වර්ධනය වූ අතර, සමාජයේ පවතින හානිකර සම්මතයන් හඳුනාගෙන ඒවා ප්රශ්න කිරීමට ඔවුන් යොමු කෙරිණි. මෙවැනි දැනුවත් කිරීම් සහ වි බල ගැන්වීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම තුළින් මිත්යා මතයන් ප්රතික්ෂේප කිරීමටත්, නිවස සහ සමාජය තුළ අන්යෝන්ය ගෞරවය හා ආරක්ෂාව තහවුරු කෙරෙන සුරක්ෂිත පවුල් සංස්කෘතියක් ගොඩනැගීමටත් සුවිශේෂී පිටිවහලක් ලැබෙන බව වැඩසටහන අවසානයේ සහභාගී වන්නන් විසින් බෙදාගත් අදහස් තුළින් පැහැදිලි විය.




No comments:
Post a Comment