Thursday, October 22, 2026

පමුණුගම YMCA හි සඳරු සහ මිනද ජාතික කඳවුරු බැඳීම් සහ පාගමන් පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කරයි

2026 ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වුණු CH3 ජාතික පුහුණු වැඩසටහන සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් සඳරු සහ මිනද සහභාගී වූහ. කඳවුරු බැඳීම් සහ පාගමන් පුහුණු මාලාවේ (Camping and Hiking Programme) තෙවන සහ අවසාන අදියර මෙය වූ අතර, එමගින් 2026 වසර සඳහා වූ සමස්ත පුහුණු වැඩසටහන් මාලාවම (CH1, CH2 සහ CH3) සාර්ථකව නිම කිරීමට ඔවුන් දෙදෙනාට හැකි විය.

CH1 සහ CH2 අදියරයන් සාර්ථකව නිම කළ තරුණ සාමාජිකයින් සඳහා පමණක් විවෘත වූ මෙම CH3 වැඩසටහන, දින දෙකක් පුරා පැවැති අභියෝගාත්මක අත්දැකීමක් විය. ඒ සඳහා කල්මුණේ, මීගමුව, පමුණුගම, නාවලී සහ මඩකලපුව යන තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කරමින් සාමාජිකයින් 15 දෙනෙකු සහභාගී වූහ. 

කළුපහනින් ආරම්භ වී ඔහිය දක්වා ඇදී ගිය මෙම දුෂ්කර පාගමන (Hike) කිලෝමීටර 20 කට ආසන්න දුරකින් සමන්විත විය. එහිදී මනරම් ස්වාභාවික පරිසර පද්ධතීන් හා අභියෝගාත්මක මාර්ග ඔස්සේ ගමන් කළ සහභාගිවන්නන්, අනතුරුව රාත්‍රිය කඳවුරු භූමියක ගත කරන ලදිී. 

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් වන රුවන් (පමුණුගම YMCA), හසිත, තරිඳු සහ තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ ප්‍රධාන ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ලබා දුන් කැපවීම අතිශයින් අගය කළ යුතුය.

මෙම සමස්ත පුහුණු මාලාවම සාර්ථකව නිම කිරීමෙන් සඳරු සහ මිනද ලබාගත් දැනුම, කුසලතා සහ අත්දැකීම්, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි ඉදිරි එළිමහන් තරුණ ක්‍රියාකාරකම් සක්‍රීයව හා සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ඇත.

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip