Thursday, September 3, 2020

කැපුන්ගොඩ අහස වර්ණවත් කළ YMCA සරුංගල් උළෙල

පමණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මීට පෙර අවස්ථා රැසකදී විවිධ ප්‍රදේශයන්හීදී සරුංගල් තරඟ සහ උළෙලවල් සංවිධානය කොට ඇත. මෙවර කැපුන්ගොඩ ගල් බැම්ම අසල වෙරළ තීරයේදී සරුගල් උත්සවය පැවතියේ නොකඩවා තුන් වන වරටය. 

2020 අගෝස්තු මස 30 වන දින සවස පැවති මෙම සරුංගල් උළෙල සඳහා සරුගල් 70 ක් පමණ 
ඉදිරිපත්වී තිබූ අතර එවා විවිධ වර්ණයන්ගෙන් සහ හැඩතළවලින් යුක්ත විය. තරඟය සඳහා සංගමයේ විවිධ වැඩටහන් සඳහා සහභාගීවන ළමුන් සහ සෙත්තප්පාඩුව කැපුන්ගොඩ මෙන්ම අවට ගම්මාන නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වීම විශේෂත්වයකි. 

තරඟ කරුවන්හ ට මූදලින් ත්‍යාග ලබාදීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි 
සංගමය කටයුතු කර තිබින. ප්‍රථම ස්ථානය රු. 10,000/=, දෙවන ස්ථානය රු. 7,000/=, තුන්ව ස්ථානය රු. 5,000/= ලෙස මූදල් ත්‍යාග පිරිනැමුණු අතර තවත් තරඟ කරුවන් 15 දෙනෙකු සඳහා රු. 1,000 බැගින් වූ සැනසිලි ත්‍යාග ලබාදෙන ලදි. සැනසිලි ත්‍යාග පහක් සඳහා බෝර්න් ටු වින් ආයතනය අනුග්‍රහය දක්වන ලදි.

මෙම උළෙල නැරඹීමට පන්සී
කට අධික ජනතාවක් සහභාගී වූ අතර තරුඟ විනිශ්චය සඳහා දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිතුමන් සහ කාර්යය මණ්ඩළ නිළධාරියෙකු සහභාගී විය. වැඩසටහන අතරතුර අදහස් දක්වමින් ස්ථානාධිපතිතුමන් ප්‍රකාශකර සිටියේ මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම තුළින් ප්‍රදේශයේ දරු දැරියන් සහ වැඩිහිටියන් හට විනෝද වීමට අවස්ථාව සැළසෙන අතර ජනතාව අතර සුහදතාවට වර්ධනයවීම සිදුවන බවයි. එමෙන්ම පසුගිය වතාවන්ට වඩා වැඩි පරිශ්‍රමයක් යොදා සරුංගල් නිර්මාණයකොට තිබූ බවද ස්ථානාධිපති තුමන් ප්‍රකාශකරන ලදි. 

සරුංගල් උළෙලේ සංවිධාන කටයුතු සිදුකිරීමේදී පාලක මණ්ඩළය සහ තරුණ සාමාජික සාමාජිකාවන් ඉමහත් පරිශ්‍රමයක් යොදා කටයුතු කරන ලදි. ඔවුන්ට සංගමයේ 
ප්‍රණාමය පුදකෙරේ.



















No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip