Thursday, September 3, 2020

නිහඬ 50 වන පියවර එලිදකී

"නිහඬ" පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ නිළ පුවත් ලිපියයි. නිහඬ පළමු කලාපය 1978 වසරේ මැයි මස 01 දින පළකෙරිණ. එතැන් පටන් නිහඬ ආ දිගු ගමනේ පනස්වන පියවර 2020 අගෝස්තු මස 30 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේදී එළිදැක්වින. නිහඬ පනස්වන කලාපය පසුගිය කලාප වලින් උපුටාගත් ලිපි සහ නිර්මාණවල එකතුවකින් සමන්විත පොතක් වශයෙන් ඉදිරිපත්කොට ඇත.මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා චාම් උත්සවයක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා සංගමයේ පාලක මණ්ඩල සාමාජික සාමාජිකාවන්, ක්‍රියාකාරී සාමාජිකාවන්, නිහඬ සඳහා ලිපි සකසමින් සහ සංස්කරණයේ යෙදෙමින් සහයවූවන් ඇතුළු ආරාධීතයින් පිරිසක් සහභාගී විය.

මෙහිදි, "නිහඬ" ආ ගමන සහ ලැබූ අද්දැකීම් පිළිබඳව නැවත හැරී බැලිමක් සිදු කෙරිණ. මීට අමතරව නීතීඥ වින්සන් බූලත්සිංහල මහතා විසින් ප්‍රධාන දේශනය "සිවිල් සමාජ වගකීම් සහ මාධ්‍යයේ කාර්යයභාරය" යන මැයින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබින. 

1978 වසරේ සිට 50 වන පියවර තෙක් නිහඬ සංස්කරණය කරමින් දායකවී තිබූ පැරණි සහ වර්තමාන සාමාජික සාමාජිකාවන් 7 දෙනෙකු ද අගයමින් සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කෙරුනු අතර නිහඬ 50 වන පියවරේ මුල් පිටපත් ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා වෙනුවෙන් නීතීඥ වින්සන් බුලත්සිංහල මහතාට පුදකරන ලදි.

මෙම චාම් උත්සවය වර්ණවත් කරමින් සංගමයේ ළමා සහ තරුණ සාමාජික සාමාජිකාවන් විසින් නර්තනයක් සහ ගීතයක් ඉදිරිපත් කෙරිණ.





No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip