Sunday, September 7, 2025

YMCA සරුංගල් උත්සවය 2025

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මඟින් සංවිධානය කළ වාර්ෂික සරුංගල් උත්සවය 2025 “එක්ව සිනාසෙමින්, එක්ව පියාසර කරමු” යන තේමාව යටතේ සැප්තැම්බර් 07 වන දින කැපුන්ගොඩ,  සරක්කුව වෙරළේදී පැවැත්වින. අවට ප්‍රදේශවලින් පැමිණි 1,000 කට වැඩි පිරිසක් මෙම මෙම අවස්ථාවට සහභාගි වූ අතර, සරුංගල් 130 කට අධික සංඛ්‍යාවකින් අහස වර්ණවත් විය. උත්සවය සංවිධාන කටයුතු සිදුකරනු ලැබුයේ සංගමයේ තරුණ හවුලේ පූර්ණ මැදිහත්වීමෙනි.  පවුල් වශයෙන් සහ සියලු වයස් කාණ්ඩ නියෝජනය කරමින් ජනතාව මීට සම්බන්ධවී සිටීම විශේෂත්වයකි. 

විශේෂ අමුත්තන් ලෙස දුන්ගල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිනිය, සෙත්තප්පඩුව ග්‍රාම නිලධාරීනිය, කැපුන්ගොඩ සහ සෙත්තප්පාඩුවේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි වූ අතර, විනිශ්චය කටයුතු සඳහාද ඔවුන්ගේ සහය හිමිවිය.

ප්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තරඟකරුවන්ට රු. 20,000, රු. 15,000 හා රු. 10,000 මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනමන ලදී. වැඩි සහභාගීත්වයක් දිරිමත් කිරීම සඳහා සැනසිලි ත්‍යාග 5 ක් ද ලබාදීමට කටයුතු කරන ලදී. සංගමයේ මාකලෝසා සිහින පාසලේ  දරුවන් ද උත්සවයට එකතු වීම තුළින් අන්තර්කරණය සඳහා සගමයේ ඇති කැපවීම තහවුරු කරණ ලදි. 

මෙම උත්සවයේ අරමුණ ප්‍රීතිය සහ විනෝදය පමණක් නොව, ප්‍රජාවේ එකමුතුකම සහ සමගිය ශක්තිමත් කිරීමයි.  මේ වන විට, සරුංගල් උත්සවය සෑම වසරකම බොහෝ දෙනා බලාපොරොත්තු වන ප්‍රියතම වාර්ෂික උත්සවයක් ලෙස හැඳින්විය හැක.

පින්තූර සඳහා ක්ලික් කරන්න

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip