තිරසාරභාවය සහ පාරිසරික වගකීම සම්බන්ධයෙන් වන අපගේ කැපවීම තහවුරු කරමින් කිලෝ වොට් 6.2 ක ධාරිතාවෙන් යුත් සූර්ය බලශක්ති පද්ධතියක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ගොඩනැගිල්ල වහලය මත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වන පුවත අපි ඔබ සමග ඉතා සතුටින් බෙදා ගන්නෙමු.
තරමක් දීර්ඝ ක්‍රියාවලියකින් පසු, පද්ධතිය 2025 සැප්තැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට සාර්ථකව සම්බන්ධ කරන ලදී. මේ ඔස්සේ විදුලි ඒකක 600 ක් පමණ මාසිකව උත්පාදනය කිරීමට හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙමු.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි මිත්‍ර කණ්ඩායමක් වන ජර්මනියේ මියුනිච් YMCA හි දායකත්වය සංගමය වෙත ලැබිණ. විශේෂයෙන්ම අප සංගමය සමඟ ඉතා සමීපව කටයුතු කරන, සරල සහ පුනර්ජනනීය ව්‍යාපෘති පිළිබඳව උනන්දුවක් දක්වන මියුනිච් YMCA හි මාටින් මහතාගේ මැදිහත්වීම කැපී පෙනීන.
මෙම පියවර සමඟින්, අපගේ තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි දිගුකාලීන බලශක්ති තිරසාරභාවය තහවුරු කිරීමටත්, ගෝලීය හරිත අරමු ඉටු කර ගැනීමටත් ප්‍රධාන පියවරක් තබයි.


No comments:
Post a Comment