2025 සැප්තැම්බර් 13 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි කනිෂ්ඨ ද්විතීයික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. ශිෂ්‍ය නායක නායිකාවන් 30 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූ අතර එය සම්බන්ධීකරණය කරන ලද්දේ පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් භාර ගුරුවරිය වන අනෝෂා විජේබණ්ඩාර මහත්මිය විසිනි.
YMCA හි කාර්ය මණ්ඩලය සහ තරුණ නායකයින් විසින් පවත්වන ලද එක්දින වැඩමුළුවට නායකත්වය, කණ්ඩායම් හැඟීම ඉස්මතු වන ආකාරයේ ක්‍රියාකාරකම්, වැඩසටහන් සැලසුම් කිරීම සහ ගැටළු විසඳීම පිළිබඳ සැසි ඇතුළත් විය. එහිදී විවිධ ක්‍රීඩා, කණ්ඩායම් සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් දරුවන් සමඟ එක්වෙමින් සිදු කරන ලදී.
වැඩසටහන අවසානයේ සහභාගී වූ ශිෂ්‍ය නායක නායිකාවන් හට සහතික පතක් ප්‍රදානය කළ අතර ඊට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ශිවංකර රණවිර මහතාට සංගමය ස්තුතිය පළ කෙරේ. වැඩසටහන අවසානයේදී අදහස් දක්වමින් අනූෂා විජයබණ්ඩාර ගුරුතුමිය සහ සිසුවියන් YMCA වෙත සිය කෘතඥතාවන පළ කළ අතර අනාගතයේදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කරගෙන යෑමට කැමැත්ත පළ කරන ලදී.


No comments:
Post a Comment