Wednesday, October 15, 2025

“Is Your Child Safe?” – Parental Awareness Program

A parental awareness program titled “Is Your Child Safe?” was organized by the Setthappaduwa Village Public Safety Committee, affiliated with the Dungalpitiya Police, on October 11th at the YMCA of Pamunugama Main Hall.

The event featured two main presentations. The first session, conducted by the Child Rights Officer of the Gampaha District Secretariat, focused on the responsibilities of parents in ensuring their children’s safety and well-being. It highlighted the importance of a positive family environment and the role of parents’ exemplary behavior in the healthy development of children.

The second session was conducted by the Officer-in-Charge of the Dungalpitiya Police, who discussed the legal framework for child protection and the actions that can be taken in cases of abuse or neglect.

About twenty parents from the area participated in the program and shared that they gained valuable knowledge and practical insights. The YMCA of Pamunugama contributed to the success of the event by providing the venue and supporting the hospitality arrangements.

"ඔබගේ දරුවා සුරක්ෂිතද" - දෙමාපිය දැනුවත් කිරීම

දුංගාල්පිටිය පොලිසියට අනුබද්ධ සෙත්තප්පාඩුව ග්‍රාමයේ මහජන ආරක්ෂක කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ දෙමාපිය දැනුවත් කිරීමක් ඔක්තෝබර් මස 11 වන දින මුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. 

එම දැනුවත් කිරීම ප්‍රධානය ඉදිරිපත් කිරීම් දෙකකින් යුක්ත වූ අතරේ පළමුවැන්න වූයේ දරුවන්ගේ යහ පැවැත්ම සඳහා දෙමාපියන්ගේ වගකීම කුමක්ද යන්නයි. විශේෂයෙන්ම දරුවන් සංවර්ධනය කිරීමේදී පවුල් පරිසරය හොඳින් පවත්වා ගැනීමේ වැදගත්කම මෙන්ම දෙමාපියන්ගේ ආදර්ශමත් හැසිරීමේ වැදගත්කම මෙහිදී සංවාදයට ගැණින. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරි අධිකාරි මහතා විසින්ම පළමු සැසිය මෙහෙයවන ලදී. 

දෙවනුව තම ඉදිරිපත් කිරීම සිදුකළේ දුංගාල්පිටිය පොලීසියේ ස්ථාන භාර නිලධාරි තුමියයි. ඇයගේ ඉදිරිපත් කිරීම තුළ විශේෂයෙන්ම අවධානය යොමු කළේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා වන නීතිමය පසුබිම සහ දරුවන් හට යම් පචාරයක් හෝ අපහරණයක් සිදුවූ අවස්ථාවක ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවයි. 

මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ දෙමාපියන් ඇතුළු විසි දෙනෙකු පමණ ගෙන් යුක්ත කණ්ඩායමක් සහභාගි විය. මෙම වැඩසටහන සඳහා සහභාගි වීම තුළින් ඉතා වටිනා කරුණු රැසක් දැන ගැනීමට ලැබුණු බව සහභාගී වූ දෙමාපියන් විසින්ම පවසන ලදී. වැඩසටහනක් සාර්ථක කර ගැනීම සඳහා ශාලාව සහ සංග්‍රහ කටයුතු සඳහා දායක වෙමින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයට ද  මැදිහත් වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙමු.

Sunday, October 5, 2025

පමුණුගම YMCA හි බාලදක්ෂයින් ළමා දිනය සමරයි

ඔක්තෝබර් පළවෙනි දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය පමුණුගම YMCA හි YMCA බාලදක්ෂයින් 26 දෙනෙකු සහ මකලෝසා සිහිනය පාසලේ බාලදක්ෂයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තොම්බර් 04 වන දින පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේදී සමරන ලදී. මෙම අවස්ථාවට තරුණයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකුගේ සහාය ලැබුණි. 

වැඩසටහන ආරම්භ වූයේ බාලදක්ෂ රැලියත් සමගිනි. ඉන්පසු නිර්මාණාත්මක ඔරිගාමි සැසියක් පැවැත්වූ අතර එහිදී ළමයින් සුළඟේ කැරකෙන කඩදාසි පංකා සෑදූහ. ඉන් අනතුරුව දරුවන් ගීත කීපයකට කණ්ඩායම් නර්තනයේ යෙදුනේ ඉතා සතුටින් සහ උද්යෝගයෙනි.  

පසුව බාලදක්ෂයින් මිත්‍රත්වය, කරුණාව සහ පිළිගැනීම පිළිබඳ වටිනා පාඩමක් කියා දුන් නීමෝ සහ ලයිකා කෙටි චිත්‍රපට නැරඹූහ. එයින් අනතුරුව සියළුම දෙනා එක්ව දිවා හආහාරය ගැනීමෙන් පසු වැඩසටහන නිමා විය  

මෙම සැමරුම දරුවන්ට සතුට හා උද්යෝගය ගෙන දුන්නා පමණක් නොව, සුපුරුදු පරිදි YMCA ක්‍රියාකාරකම් හරහා සිදුවන මකලෝසා සිහින පාසලේ සහ YMCA බාලදක්ෂයින් අතර ඇති බැඳීම ශක්තිමත් විය.

පින්තුර සඳහා ක්ලික් කරන්න

Saturday, October 4, 2025

Children’s Day Celebration with Scouts at YMCA of Pamunugama

On October 4, 2025, a Children’s Day celebration was held at the YMCA of Pamunugama with the participation of 26 YMCA Scouts and 10 Scouts from Makalause Dream School. The event was supported by seven youth and staff members..

The programme began with a Scout rally. This was followed by a creative origami session where the children made paper fans that spin in the wind. Afterwards, everyone joined in for action songs and dances that filled the hall with laughter and enthusiasm.

Afterwards Scouts watched short films Nemo and Laika, which carried valuable lessons about friendship, kindness, and acceptance. The event concluded with a delicious lunch shared among all participants.

The celebration not only brought happiness and excitement to the children but also strengthened the bond between the Makalause and YMCA Scouts as it usually does through the YMCA activities. 

Tuesday, September 30, 2025

Makalause Swimming Day - මාකලෝසාවේ පිහිණුම් දිනය

මාකලෝසා සිහින පාසලේ දරුවන් 2025 සැප්තැම්බර් මස 30 වන දින පමුණුගම ලේක් වීව් හී පැවති පිහිනුම් වැඩසටහනකට සම්බන්ධ විය.  මේ සඳහා සිසුන් දහ දෙනෙකුට එක්ව සිටි අතර ඔවුන් සමඟින් පාසලේ කාර්ය මණ්ඩලයද සම්බන්ධ විය. පිහිනීමෙන් අනතුරුව ඔවුන් එක්ව දිවා ආහාරය ද ලබා ගන්නා ලදී. පාසල ඇතුළත සිදුවන ක්‍රියාකාරකම්වලට අමතරව දරුවන් බාහිර කටයුතුවලට සම්බන්ධ කිරීම තුළින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනය මෙන්ම සතුට විනෝදය ලබා දීම වැඩසටහන් සංවිධානය කිරීමේ අරමුණයි.  

The children of Makalosa Dream School took part in a swimming program at Lake View, Pamunugama, on September 30, 2025. Ten students joined the activity, accompanied by school staff, and afterward, they all enjoyed lunch together. The program was organized with the aim of bringing joy and entertainment to the children by engaging them in extracurricular activities beyond their regular school routine.

Thursday, September 18, 2025

බලශක්ති තිරසරභාවය වෙනුවෙන් නව සූර්ය බල ශක්ති පද්ධතියක්

තිරසාරභාවය සහ පාරිසරික වගකීම සම්බන්ධයෙන් වන අපගේ කැපවීම තහවුරු කරමින් කිලෝ වොට් 6.2 ක ධාරිතාවෙන් යුත් සූර්ය බලශක්ති පද්ධතියක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් ගොඩනැගිල්ල වහලය මත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වන පුවත අපි ඔබ සමග ඉතා සතුටින් බෙදා ගන්නෙමු. 

තරමක් දීර්ඝ ක්‍රියාවලියකින් පසු, පද්ධතිය 2025 සැප්තැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට සාර්ථකව සම්බන්ධ කරන ලදී. මේ ඔස්සේ විදුලි ඒකක 600 ක් පමණ මාසිකව උත්පාදනය කිරීමට  හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙමු. 

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි මිත්‍ර කණ්ඩායමක් වන ජර්මනියේ මියුනිච් YMCA හි දායකත්වය සංගමය වෙත ලැබිණ. විශේෂයෙන්ම අප සංගමය සමඟ ඉතා සමීපව කටයුතු කරන, සරල සහ පුනර්ජනනීය ව්‍යාපෘති  පිළිබඳව උනන්දුවක් දක්වන මියුනිච් YMCA හි මාටින් මහතාගේ මැදිහත්වීම කැපී පෙනීන.  

මෙම පියවර සමඟින්, අපගේ තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි දිගුකාලීන බලශක්ති තිරසාරභාවය තහවුරු කිරීමටත්,  ගෝලීය හරිත අරමු ඉටු කර ගැනීමටත් ප්‍රධාන පියවරක් තබයි. 

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip