Wednesday, April 7, 2021

පෙර පාසලට කලින්ම පැමිණි අවුරුද්ද

සංගමයේ පරෙපාසල හරහා අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය භාහිර කටයුතු සහ වැඩසටහන් හරහා දරුවන්ගේ පූර්ණ වාර්ධනය උදෙසා ක්‍රියා කරණු ලබයි. 

උදාවූ බක්මහේ යෙදී ඇති ප්‍රධානතම ජාතික සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හිංදු අළුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට හුරු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද දින සංගම් පෙර පාසලේ දී පැවැත්වින. 

එහිදී, කිරි ඉතිරවීම, අවුරුදු කෑම මේසට, රබන් ගැසීම, හිස තෙල් ගෑම සහ ඔංචිලි පැදීම වැනි අළුත් අවුරුද්ද හා බැඳුණු විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් දරුවන් සතුටි වයි. මෙවැනි වැඩසටහන පැවැත්වීම තුළින් දරුවන් හට ජාතික වැදගත්කමක් ඇති සංස්කෘතික අංග පිළිබඳව අවබෝධයක් ලබාදීම සිදුකෙරේ.







පාස්කුව සැමරූ පමුණුගම YMCA දරුවෝ

ක්‍රිස්තුතුමන්ගේ දුක්ප්‍රප්තියෙන් පසු විජයග්‍රාහී නැවත නැගිටීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු ප්‍රජාව මහත් හරසරින් පාස්කු මංගල්‍යය සමරයි. 

සංගමයේ බාලදක්ෂ බාලදක්ෂිකාවන් එක්ව මෙම උත්කර්ෂවත් මංගල්‍යය සමරමින් විශේෂ වැඩසටහනක් 2020 අප්‍රියල් මස 03 වන ආලේලූයියා සෙනසුරාදා දින පවත්වන ලදි. 

එහිදී, දේව වචනය මෙනෙහි කිරීම, විවිධ ද්‍රශ්‍ය ඉදිරිපත් කිරීම් තුළින් කිතුණු දුක්ප්‍රාප්තිය සහ විජයග්‍රාහී නැවත නැගිටීම සිහි කිරීම, මනස්තාප වීම සහ මුළුමහත් ලෝක වාසීන් වෙනුවෙන් යාච්ඤා කිරීම සිදුකරන ලදි.


Tuesday, February 23, 2021

ලෝක බාලදක්ෂ දිනය සැමරූ පමුණුගම බාලදක්ෂයෝ

ලෝක බාලදක්ෂ දිනය පෙබරවාරි මස 22 වන දිනට යෙදී ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දින උපන් බාලදක්ෂ ව්‍යාපරයේ නිර්මාතෘ වන බේඩ්න් පවෙල් මහතාගේ ජන්ම දිනය සිහිවීම පිණිසය. මෙම දිනය ලොව පුරා බාලදක්ෂයින් විසින් ඉතා උනන්දුවන් සමරණු ලබයි.

මීට සමගාමීව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ බාලදක්ෂයින් ද ලෝක බාලදක්ෂ දිනය සැමරීම සඳහා 2021 පෙබරවාරී මස 22 වන දින සංගමයේ දී එක් රැස්විය. මෙහිදී බාලදක්ෂ රැලිය පවැත්වීමෙන් අනතුරුව බේඩ්න් පවෙල් මහතාගේ ජීවන කතාව පිලිබඳව බාලදක්ෂයින් දැනුවත් කරන ලදි. ඉන් අනතුරුව බාලදක්ෂයින් සුළු සංග්‍රහයක් බුක්තිවිඳ ගීත ගායනා කිරීමෙන් අනතුරුව කෙටි වැඩසටහන නිමා විය. 

මේ සඳහා බාලදක්ෂ සහ බාලදක්ෂිකාවන් 20 ක් සහභාගී වූ අතර සංගමයේ කාර්යය මණ්ඩලයද සහභාගී විය. 




YMCA Scouts celebrates the thinking day

Scouts of the Pamunugama YMCA gathered on 22 February, 2021 at the YMCA premises to mark the World Scouts Day. This day is celebrated by all the brothers and sisters in the Scout Movement World Wide as it is the Birth day of the Baden Powel who is the founder of the Great Scout Movement.

Scouts started the gathering with flag hoisting and later listen to the life story of Baden Powel also known as BP among the scouts. Then the scouts enjoyed a small meal and sang songs and had a nice chat sitting on a circle. 20 scouts and YMCA staff attended the occasion. 





Thursday, February 4, 2021

Evaluation of 2020 and Innovative ideas for 2021

Members of the YMCA of Pamunugama gathered at the YMCA premises on the independence day to evaluate the success of the YMCA of Pamunugama activities during the year 2020 and to look for innovative ideas for 2021. Event started with a flashback of 2020 using pictures. After the presentation members shared their thoughts and significant memories they had from 2020. 

Then the discussion was led by Aruna Shantha Nonis, consultant of Pamunugama YMCA. Members discussed on  the things that we could have done better and on the lessons learnt though our involvements. This discussion was held in order to learn and enrich the quality of programmes to be conducted in the year 2021. Further discussion was agreed by members to finalize the programme plan for the year 2021.



2020 පසු විපරුම සහ 2021 සඳහා නව සාමාජික අදහස් විමසීම

2020 සංගමයට පමණක් නොව මුළු මහත් ලෝක වැසියන්ටම වෙනස් සහ අභියෝගාත්මක වසරක් විය.  සංගමයේ වැඩසටහන් සුපුරුදු පරිදි සිදු කිරීමට නොහැකි වූ අතර කුමන තත්වයක් මත වුවද සංගමයේ මෙහෙවර නවතා දැමිය නොහැක යන පදමන මත සංගමය වසර පුරාවටම විවිධ උපක්‍රම සහ ක්‍රමවේදයන් භාවිතා කරමින් ජනතා මෙහෙවරෙ නොකඩවා සිදු කරීමට උත්සාහ දැරිණ. 

නිමාවූ 2020 වසර පිළිබඳව පසුවිපරුමක් සිදු කිරීමට සහ 2021 වසරේ සංගටමයේ වැඩකටයුතු කුමන අයුරින් සිදුවිය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ සාමාජික හමුවක් 2021 පෙබරවාරි මස 04 වන නිදහස් දින පැවැත්වින. 

වැඩසටහන ආරම්භ කරමින් ප්‍රධාන ලේකම් විසින් 2020 වසර තුළ සිදුකරන ලද වැඩසටහන් පිළිබඳව ආවර්ජනයක් සිදු කෙරින. ඉන අනතුරුව 2020 වසර තුළ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව සාමාජික සාමාජිකාවන් තම අදහස් ඉදිරිපත් කළ අතර, ඉන උගත් පාඩම් සහ තවදුරටත් සංගමයක් ලෙස මැදිහත්වීමට තිබූ අවස්ථාවන් පිළිබඳවද සාකච්ඡා කලේ 2021 වසර සඳහා වැඩසටහන් නිර්මාණය කිරීමේ දී ඒවා කෙරෙහි සැලකිල්ළක් දැක්වීමේ අරමුණෙනි.

මෙම වැඩසටහනේ දෙවන පියවර ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර එහිදී 2021 වසර තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත. සංවාදය මෙහෙයවමින් සාමාජික අදහස් ක්‍රමවත් ලෙස විමසීම සඳහා සංගමයේ උපදේශක අරුණ ශාන්ත නෝනිස් මහතා ඉතා වැදගත් මෙහයක් ඉටුරන ලදි.



Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip