Monday, April 10, 2023

Excursions for Makalause Dream Students - දෛනික ජීවිතයේ අත්දැකීම් සඳහා හුරු කිරීම

Makalause Dream School organized and participated in three excursions during the month of March. The purpose of these excursions was to expose the children of Makalause to real life situations and train them to decision making and taking turns. 

On the10th of March the children with their teachers went to visit Delatura church. They were given an explanation as to what a church is, its purpose, its architecture and its activities. During this visit they actively participated in a Christian rite called " Way of the Cross " with the guidance of their teachers. 6 children and three teachers participated in the event.

And on the 16th the school visited Ja-ela Buddhist temple. Nine children and all  the teachers participated in the event. The children were given an introduction on a Buddhist temple: its structure, its different parts,  their purpose and the meaning and the activities of a temple. A Buddhist monk residing in the temple helped in these explanations. 

On the 31stof March, students with their teachers experienced a train tour. 7 children and the three teachers participated in the event. A few parents came to help in this train tour. In this tour each student was given a personal training on going to the counter, pay the fee and get a ticket for the train. During this tour they could visit Katunayake international airport and the Buddhist temple on the way to the Investments Promotional Zone ( IPZ ). They had their lunch at at the temple and came back to Jaela by train in the evening.

මාකලෝසා සිහින පාසල මාර්තු මාසය තුළ චාරිකා 3ක් සංවිධානය කර සහභාගි විය. මෙම චාරිකාවන්හි අරමුණ වූයේ සැබෑ ජීවිතයේ අවස්ථාවනට මුහුණ දී ක්‍රියා කිරීමත්, අවස්ථානුකූල තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමත්, තමන්ගේ වාරයේදී ක්‍රියාත්මක වීමට පුහුණු වීමත් ය. 

මාර්තු 10 ව්න සිකුරාදා දරුවෝ සිය ගුරුවරුන් සමග දෑලතුර දේවස්ථානය බැහැදුටූහ. දේවස්ථානයක් යනු කුමක්ද, එහි අරමුණ, එහි හැඩය හා අනුබද්ධ ක්‍රියාකාරකම් ගැන පැහැදිළි කිරිමක් මෙහිදී සිදු විය. මෙම ගමනේදී දරුවෝ සිය ගුරුවරුන් ද සමග පාද නමස්කාරය නම් වත්පිළිවෙතට ද සහභාගි වූහ. ගුරුවර ගුරුවරියන් තිදෙනා සමග දරුවන් සය දෙනෙක් මේ සඳහා සහභාගි වූහ. 

සැලසුම් කර තිබූ පරිදි මාර්තු 16 දා මාකලෝසා දරුවෝ හා ගුරුවර ගුරුවරියෝ ජාඇල බෞද්ධ විහාරය බැහැ දකින්නට ගියහ. දරුවෝ 9දෙනෙක් ගුරුවර ගුරුවරියන් තිදෙනාද සමග මෙයට සහභාගි වූහ. මෙහිදීද ඔවුනට පන්සලක් යනු කුමක්ද, එහි කොටස් මොනවාද, එහි ආකෘතිය කෙබඳුද, එහි කෙරෙන ක්‍රියාකාරකම් මොනවාද, එවායේ අර්ථයන් හා අරමුණු මොනවාද යන්න ගැන පැහැදිළි කිරීමක් කරන ලදී. බෞද්ධ ස්වාමින්වහන්සේ කෙනෙකුගේ උදව්ව මේ සඳහා ලැබිණි. 

මාර්තු 31 දින මාකලෝසා සිසු සිසුවියෝ දුම්රිය චාරිකාවක් අත්දුටූහ. සිසු සිසුවියන් හත් දෙනෙක් ගුරුවරුන් තිදෙනා ද සමග මීට සහභාගි වූහ. මාපියන් කීප දෙනෙකුගේ ආධාරය ද මෙම ගමන සඳහා ලැබී තිබිණි. 

මෙම චාරිකාවේදී එක් එක් සිසුවාට/ සිසුවියට කවුන්ටරයට ගොස් මුදල් ගෙවා ටිකට්පතක් ගැනීමට පුහුණුවක් ලබාදිය හැකිවිය. තවද මෙම චාරිකාවේදී කටුනායක ගුවන් තොටුපළ හා ගුවන්‍ යානා නැග්ගීම, බැස්සීම වැනි ක්‍රියාකාරකම් සමීපව දැක ගැනීමට හැකිවිය. තවද ආයෝජන ප්‍රවර්ධන කලාපය සමීපයේ ඇති විහාර භූමිය බැහැදුටු මාකලෝසා දරුවෝ එහිදී සිය දිවා ආහාරය ලබාගත්හ. අනතුරුව එදින සවස දුම්රියෙන් යළි ජා ඇළට පැමිණි ඔවුහූ එතැනට පැමිණ සිටි මාපියන් හා ගුරුවරුන් සමග යළි සිය ගම්බිම් බළා ගියහ.

Click for more pictures - පින්තූර සඳහා ක්ලික් කරන්න

1 comment:

  1. මෙම වැඩසටහන්ද, ළමයින්ට මග පෙන්වන්නන්ගේ කැපවීමද අගය කරමි.
    "දරුවන්ට මා වෙත ඒමට ඉඩ දෙන්න; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය".

    ReplyDelete

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip