Monday, April 10, 2023

මාකලෝසා සිහින උපදේශන වැඩ සටහන - Councelling Program at Makalause Dream

මාකලෝසා සිහින පාසල එහි දරුවන්, මාපියන් හා ගුරුවර ගුරුවරිය්න් සඳහා විශේෂ මනෝ උපදේශන වැඩ සටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කරයි. 

මෙහි මුඛ්‍ය පරමාර්ථය දෙමාපියන්ට සහයක් වීම මෙන් ම මාකලෝසා පාසලේ ගුරුවර ගුරුවරියන්ට එක් එක් දරුවා හඳුනා ගැනීම හා සෑම දරුවකුට ම ගැලපෙන අයුරින් ප්‍රතිකාරක ඉගෙනුම්   ඉගැන්වීම් වැඩ සටහනක් සැලසුම් කිරීමය. මේ පිළිබඳව මාපියන් සමග කළ විශේෂ රැස්වීමකින් පසු කටයුතු සැලසුම් කරනු ලැබිණ.

මේ වනවිට මනෝ උපදේශක G.D. අසේල පෙරේරා මහත්මා මේ සඳහා ඉතා වුවමනාවෙන්, කැපවීමෙන් හා දරුවන් කෙරෙහි විශාල ආදරයකින්  කටයුතු කරමින් සිටී. පියවර ගණනාවකින් මේ වැඩ සටහන ක්‍රියාත්මක වෙමින් තිබේ. ඉන් කීපයක් මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන් ය පාසල බැහැදැක දරුවන් හඳුනාගැනීම මුල් පියවර වූ  අතර එහිදී ඔවුන් සමග විවිධ ක්‍රීඩා හා ක්‍රියාකාරකම්වලට සහභාගිවෙමින් ඔවුනට සමීපව කටයුතු කරනු දැකිය හැකි විය. දෙවන පියවර ලෙස ස්වකීය මධ්‍යස්ථානයේ එක් එක් දරුවා හා ඔවුන්ගේ මාපියන් සමග පුද්ගල උපදේශන කටයුත්තක නිරත විය. එය ද මේ වන විට අවසන් වී ඇත. තෙවන පියවර ලෙස එක් එක් දරුවා පිළිබඳ ලිඛිත වාර්තාවක් සැකසීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කෙරේ. සිව්වන පියවර ප්‍රතිකාරක වැඩසටහන් පසු විපරමකට  ලක් කිරීමය. මේ වන විටත් මේ කටයුතු සඳහා  අදාළ සියලු පාර්ශ්වයන්  උනන්දුවෙන් කටයුතු කරමින් සිටිති.

Makalause Dream school is conducting a special counselling program for its children and parents. The aim of this program is to know the child closely by both parents and teachers. With this program it is expected to help parents in their dealings with them. The main objective of this program is to prepare  a customized plan with the help of the counsellor that would give maximum benefit to the children of Makalause Dream . This program was initiated with a special meeting with parents. 

Psycho counsellor and therapist Mr. Asela Perera is very enthusiastic in the mission and render a committed service in the task entrusted to him. This process includes several steps in which the first is a visit to the school and establish a close acquaintance with children. This initial step was successful and enabled the 2nd step which was a personal encounter with the counsellor by both children and parents. Third is a written record of each child and recommendations of the counsellor for both parents and teachers. Yhe last is some follow up sessions for both parents and teachers. At the moment all the parties related to the program are actively and enthusiastically involved in it.

1 comment:

  1. Appreciate your mission.
    God bless the workers and the children.
    Shelto.

    ReplyDelete

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip