Monday, April 17, 2023

Down syndrome day, 2023 - ඩවුන් සින්ඩ්‍රෝම දිනය, 2023

March 21st was a special day for Makalosa Dream School (MDS). We had two visiting teams. A group of Norwegians and a team from Ravi Industries, Ekala.

Norwegian team on their way to Sigiriya never forgot to pay MDS a visit and spend a considerable time in entertaining our students. They were very friendly and made our children happy with their songs and dancing. They made the children active and participate in the various activities they performed . They too enjoyed the items performed by Makalause children.Towards the end of their entertaining activities, they gave presents to the children. Makalause chilren had a nice time with this Norwegian team.

The 2nd group was from the Ravi Industries Ekala. A few from Ravi industries had some preparatory visits to MDS and were very well prepared for the day. And on the day of down syndrome they presented a very well prepared function. A famous actor cum singer Richard Manamudali was with them along with a musical group who entertained Makalause students. Makalause students too presented their items and made the occasion delightful. 

It was really a delightful day for MDS with not only food, drinks and personal gifts but also very useful items from both the visiting teams to MDS.

2023 මාර්තු 21 මාකලෝසා සිහින පාසලට සුවිශේෂී දිනයක් විය. එදින අමුත්තන් කණ්ඩායම් දෙකක් අප පාසල බැහැදුටූහ. එක් කණ්ඩායමක් නෝවීජියානු කණ්ඩායමක් වූ අතර අනෙක් කණ්ඩායම හේලීස් සමාගමට අයත් ඒකල රවි ඉන්ඩස්ට්‍රීස් වෙතින් විය.

සීගිරි පව්ව හා ශ්‍රී ලංකාවේ වෙනත් සුන්දර ස්ථාන දැක ගැනීමට යන අතරතුර මාකලෝසා දරුවන් සමග සැලකිය යුතු කාලයක් ගත කරනු පිණිස නෝවීජියානු තරුණ කණ්ඩායම මාකලෝසා සිහිනයට උදෑසනින් ම පැමිණියහ. ඉතාමත් ම මිත්‍රශීලී පිරිසක් වූ ඔවුහූ ඔවුන්ගේ ගීත හා නැටුම්වලින් දරුවන් ප්‍රමුදිත කළහ. ඔවුහූ මාකලෝසා දරුවන් සිය විනෝදාත්මක ක්‍රියාකාරකම් සමග සම්බන්ධ කර ගන්නට ද අමතක නොකළහ. මාකලෝසා දරුවෝද විවිධ විචිත්‍රාංග ඉදිරිපත් කරමින් අවස්ථාව සුන්දර කළහ. මෙම නෝවීජියානු කණ්ඩායම සමග ගතකළ එම කාලය සැබවින් ම මාකලෝසා දරුවන්ට අසිරිමත් මොහොතක් විය.

එදින මාකලෝසාවට පැමිණි අනෙක් කණ්ඩායම වූයේ ඒකල රවි ඉන්ඩ්‍රස්ටීස් සමාගමයි. මෙදින සඳහා පූර්ව සූදානම් කටයුතු වෙනුවෙන් සංවිධායකයන් කීප දෙනෙක් මෙම ස්ථානය බැහැදුටූහ. අන්තුරුව අදාළ දිනයේදී හොඳින් සැලසුම් කළ වැඩසටහනක් ඉදිරිපත් කළහ. ප්‍රසිද්ධ නළුවකු හා ගායකයකු වන රිචඩ් මානමුදලි මහත්මා සමග ගායක වාදක කණ්ඩායමක් ද මේ අවස්ථාවට රවි ඉන්ඩස්ට්‍රීස් කණ්ඩායම සමග පැමිණියහ. ඔවුන්ගේ ගායන හා වාදනවලින් මාකලෝසා දරුවන්ගේ දවස ප්‍රීතිමත් එකක් විය. මාකලෝසා දරුවන්ගේ විවිධාංග ද මේ වැඩසටහනට ඇතුළත් විය. 

මෙම කණ්ඩායම් දෙක ම කෑමෙන් බීමෙන් හා පුද්ගල ත්‍යාගයන් ලබා දීමෙන් මාකලෝසා දරුවන් සතුටු කළා පමණක් නොව මාකලෝසාවට ප්‍රයෝජනවත් උපාංග ගණනාවක් ද පරිත්‍යාග කළහ.


No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip