Monday, April 10, 2023

මාකලෝසා සිහින උපදේශන වැඩ සටහන - Councelling Program at Makalause Dream

මාකලෝසා සිහින පාසල එහි දරුවන්, මාපියන් හා ගුරුවර ගුරුවරිය්න් සඳහා විශේෂ මනෝ උපදේශන වැඩ සටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කරයි. 

මෙහි මුඛ්‍ය පරමාර්ථය දෙමාපියන්ට සහයක් වීම මෙන් ම මාකලෝසා පාසලේ ගුරුවර ගුරුවරියන්ට එක් එක් දරුවා හඳුනා ගැනීම හා සෑම දරුවකුට ම ගැලපෙන අයුරින් ප්‍රතිකාරක ඉගෙනුම්   ඉගැන්වීම් වැඩ සටහනක් සැලසුම් කිරීමය. මේ පිළිබඳව මාපියන් සමග කළ විශේෂ රැස්වීමකින් පසු කටයුතු සැලසුම් කරනු ලැබිණ.

මේ වනවිට මනෝ උපදේශක G.D. අසේල පෙරේරා මහත්මා මේ සඳහා ඉතා වුවමනාවෙන්, කැපවීමෙන් හා දරුවන් කෙරෙහි විශාල ආදරයකින්  කටයුතු කරමින් සිටී. පියවර ගණනාවකින් මේ වැඩ සටහන ක්‍රියාත්මක වෙමින් තිබේ. ඉන් කීපයක් මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන් ය පාසල බැහැදැක දරුවන් හඳුනාගැනීම මුල් පියවර වූ  අතර එහිදී ඔවුන් සමග විවිධ ක්‍රීඩා හා ක්‍රියාකාරකම්වලට සහභාගිවෙමින් ඔවුනට සමීපව කටයුතු කරනු දැකිය හැකි විය. දෙවන පියවර ලෙස ස්වකීය මධ්‍යස්ථානයේ එක් එක් දරුවා හා ඔවුන්ගේ මාපියන් සමග පුද්ගල උපදේශන කටයුත්තක නිරත විය. එය ද මේ වන විට අවසන් වී ඇත. තෙවන පියවර ලෙස එක් එක් දරුවා පිළිබඳ ලිඛිත වාර්තාවක් සැකසීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කෙරේ. සිව්වන පියවර ප්‍රතිකාරක වැඩසටහන් පසු විපරමකට  ලක් කිරීමය. මේ වන විටත් මේ කටයුතු සඳහා  අදාළ සියලු පාර්ශ්වයන්  උනන්දුවෙන් කටයුතු කරමින් සිටිති.

Makalause Dream school is conducting a special counselling program for its children and parents. The aim of this program is to know the child closely by both parents and teachers. With this program it is expected to help parents in their dealings with them. The main objective of this program is to prepare  a customized plan with the help of the counsellor that would give maximum benefit to the children of Makalause Dream . This program was initiated with a special meeting with parents. 

Psycho counsellor and therapist Mr. Asela Perera is very enthusiastic in the mission and render a committed service in the task entrusted to him. This process includes several steps in which the first is a visit to the school and establish a close acquaintance with children. This initial step was successful and enabled the 2nd step which was a personal encounter with the counsellor by both children and parents. Third is a written record of each child and recommendations of the counsellor for both parents and teachers. Yhe last is some follow up sessions for both parents and teachers. At the moment all the parties related to the program are actively and enthusiastically involved in it.

Wednesday, April 5, 2023

පමුණුගම / මියුනිච් ඒකාබද්ධ මෙහෙවර වැඩසටහන 2023

පමුණුගම සහ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගම් අතර වසර කීපයක සිට පවතින මිත්‍රත්වය අලුත් කරමින් මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයින් පිරිසක් 2023 මාර්තු 16 සිට 31 දක්වා ශ්‍රී ලංකාවට පැමිණියහ. අමුත්තන් ගුවන් තොටුපළේදී පමුණුගම YMCA තරුණ තරුණියන් විසින් පිළිගත් අතර පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහය එදිනම සවස YMCA පරිශ්‍රයේ දී තරුණ තරුණියන් සහ පමුණුගම YMCA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පමුණුගම YMCA හි සාමාජිකයින්, ප්‍රතිලාභීන්ගේ සහ තවත් අසල්වැසි YMCA කිහිපයක සහභාගීත්වයෙන් වැඩසටහන් දාමයක් ඒකාබද්ධව සංවිධානය කරන ලදී.

මෙහෙවර කඳවුර - මාර්තු 17 සිට 19 දක්වා පමුණුගම YMCA හිදී

මෙම කඳවුරට තරුණ තරුණියන් 30 දෙනෙක් සහභාගී වූහ. YMCA හි තරුණ තරුණියන් අතර කිතුනු දූත මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම මෙම කඳවුරේ අරමුණ විය. මෙම වැඩසටහන අතරතුරදී බයිබල් අධ්‍යයන, නමස්කාර සැසි, ක්‍රීඩා, ක්‍රියාකාරකම්, සහ සංවාද මගින් ආමන්ත්‍රණය කරන ලද උප මාතෘකා අතර ඇදහිල්ල, ගෝලත්වය සහ දිවැසි මෙහෙවර ඇතුළු ක්‍රිස්තියානි ජීවිතයේ විවිධ පැතිකඩයන් විය. කඳවුරේ අවසාන දිනයේ සහභාගිත්ව දිව්‍ය යාගයක් පවත්වන ලදී. සරත් හෙට්ටිආරච්චි පියතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දිව්‍ය යාගය දෙවිඳුන් තුළ ඉතා සමීප අත්දැකීමක් විය. වැඩසටහන අවසානයේ දී ඉදිරි ක්‍රියාකාරකම් සහ සැලසුම් පිළිබඳව කණ්ඩායම් සංවාදයක් පැවති අතර එහි දී ගත් තීරණ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටට එකඟ විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

ආදර්ශ ගොවිපලේ පැවැති ශ්‍රමදානය - මාර්තු 20 

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පවත්වාගෙන යනු ලබන ආදර්ශ ගෙවත්තේ වැඩ කටයුතු වලට සහභාගි වෙමින් මියුනිච් තරුණ තරුණියන් ශ්‍රමදානයක් සඳහා සහභාගි විය. මෙහිදී ඔවුන් ගෙවත්ත තුළ පවතින ටිකිරි කොටුවෙහි නව පැළ සිටුවීම සහ දැනට පවත්වාගෙන යනු ලබන තුන්සියයකට අධික පැළ සඳහා කාබනික පොහොර යෙදීමට ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබාද දෙන ලදී

පින්තූර සඳහා ක්ලික් කරන්න

චාරිකාව - මාර්තු 21 සිට 24 දක්වා

මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ නියෝජිතයින් සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය තරුණ තරුණියන් දස දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාර්තු මස 21 සිට 24 දක්වා සංචාරයක නිරත විය. සංචාරයේ පලමු ගමනාන්තය වූයේ සීගිරියයි. ඉන් අනතුරුව නවාතැන්පොළට පැමිණි ඔවුන් සවස් වරුව ගත කරනු ලැබුවේ එකිනෙකා සමඟ ඉතා කුලුපගුව කාඩ් ක්‍රීඩා සහ ස්පයික් බෝල් ඇතුළු විවිධ ක්‍රීඩාවල නිරත වෙමින්ය. නින්දට ප්‍රථම බයිබලය අධ්‍යයනය කරමින් ගත කරනු ලැබූ දිනය පිළිබඳව දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔවුන් අමතක නොකෙරිණ. පසුදින පාන්දරම පිදුරන්ගල පර්වතය තරණය කිරීම සඳහා කණ්ඩායමෙන් පිරිසක් පිටත් විය.  සීගිරි පර්වතයට යාබදව පිහිටි මෙම හුදෙකලා පර්වතය තරණය කිරීමෙන් පසුව හිරු උදාව දැක ගැනීමට ලැබීම චමත්කාරද දර්ශනයක් විය. ඉන්පසුව මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ඇටන්වල ග්‍රාමය වෙත කණ්ඩායම පිටත් විය. මෙම ග්‍රාමය තුළ ගතකළ දින දෙක ඇතුළත පාගමන් දෙකක් සඳහා එක්විය. ඉන් පළමුවැන්න වූයේ යාබද නකල්ස් රක්ෂිතය ඇතුළත පිහිටි වල්පොලමුල්ල ගම්මානයයි. මෙම ගම් ගම්මානය වනය තුළ කිලෝමීටර් හතක් ඈතින් පිහිටි හුදකලා ගම්මානයක් වූ අතර තවමත් ඇටන්වල ගම්වාසීන් මෙහි කුඹුරු ගොවිතැන් කටයුතුවල නිරත වෙයි. එමෙන්ම ආසන්නයෙන් පිහිටා ඇති සුන්දර මානිගල තරණය කිරීම ද සොදුරු අත්දැකීමක් විය. මීට අමතරව ගම්මානය තුළ සැරිසරමින් දේශීය ආහාරවල රස විඳිමින් සහ යාබදව ගලාබසින සීතල අතු ගංගාවක දිය නාමින් ඉතා විනෝදයෙන් කාලය ගත කිරීම්ට හැකි විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

බාලදක්ෂයින් සමඟ පැවැති මෙහෙවර කඳවුර - මාර්තු 25

පමුණුගම YMCA බාලදක්ෂයින් සඳහා වූ මෙහෙවර කඳවුරක් මාර්තු 25 වන දින YMCA පරිශ්‍රයේදී පැවැත්විණි.  කණ්ඩායම් ක්‍රියාකාරකම්, ක්‍රීඩා සහ ගායනය වලින් මෙම වැඩසටහන් සමන්විත විය. ඒ ඔස්සේ ක්‍රිස්තුස් වහන්සේ සමීපව අත්දැකීමට දරුවන්ට අවස්ථාවව උදාවිය. එදින දරුවන් හට දිවා ආහාරය සපයනු ලැබුවේ සංගමයේ පොදු මුළුතැන්ගේ වැඩසටහන හරහාය. මාස හයක පමණ සිට පවත්වාගෙන යනු ලබන මෙම වැඩ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නේද මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමය සමග එක්ව ඇස්කර් තරුණ ක්‍රිස්තියානි සංගම් බාලදක්ෂ කණ්ඩායමයි. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය දැකබලා ගැනීමටද මෙය අවස්ථාවක් විය. 

පින්තූර සඳහා ක්ලික් කරන්න

කුබ් තරඟාවලිය - මාර්තු 26

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විශේෂයෙන් YMCA ජාලය හරහා ශ්‍රී ලංකාවේ Kubb ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියා වී ඇත. පමුණුගම, මීගමුව, මොරටුව සහ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගම් නියෝජනය කරමින් කණ්ඩායම් 26 ක සහභාගිත්වයෙන් කුබ් තරගාවලියක් සංවිධානය කර තිබුණි. විවෘත ඉසව්වට කණ්ඩායම් 15ක් තරගවැදි අතර වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා පැවති කනිෂ්ඨ ඉසව්වට කණ්ඩායම් 11 ක් තරඟ වැදිණ. කණ්ඩායමක් ක්‍රීඩකයින් 3 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ක්‍රීඩකයින් 78 කට වැඩි පිරිසක් සහභාගී වූහ. YMCA මිතුරන් සහ සාමාජිකයින් ද ක්‍රීඩකයින්ට සහයෝගය දැක්වීමට එක් විය. තරගාවලිය ඉතා ඉහළ ක්‍රීඩාශීලිත්වයකින් මෙන්ම සුහදශීලී වූ ආකාරයෙන් පැවතිණ. මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමය කණ්ඩ දෙකෙහිම ශූරතාව දිනාගත් අතර විවෘත අංශයේ අනුශූරතාව පමුණුගම සහ මියුනිච් ඒකාබද්ධ කණ්ඩායමට හිමිවිය. කනිෂ්ඨ අංශයේ අනුශූරතා කුසලානය ද මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයට හිමි විය. ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ විශේෂ කුසලාන පිරිනැමිණ.

පින්තූර සඳහා ක්ලික් කරන්න

කොළඹ සංචාරය - මාර්තු 27

මියුනිච් කණ්ඩායම පමුණුගම YMCA හි මිතුරන් සමඟ කොළඹ සංචාරයක නිරත විය.. ඔවුන් කොළඹ ගාලු මුවදොර සහ ඒ ආසන්න ප්‍රදේශයේ සැරිසරමින් කාලය ගත කරන ලදී.  සවස් වරුවේ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත පැමිණි පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක් සහ කෙටි වැඩ වැඩසටහනක් කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කර තිබිණ.

පින්තූර සඳහා ක්ලික් කරන්න

Makalause Dream School වෙත පැමිණීම - මාර්තු 28

මියුනිච් මිතුරන්, ආබාධ සහිත ළමුන් සඳහා වන "Makalause Dream" YMCA පාසල නැරඹීම් සඳහා එක්විය.  එදින ඔවුන් දරුවන් සමග විනෝද වෙමින් ක්‍රීඩා කරමින් සතුටු විය. එදින දිවා ආහාරය ද මියුනිච් නියෝජිතයන් දරුවන් හා සමඟ එක්ව ලබා ගන්නා ලදී. මෙවැනි වැඩසටහනක් පැවැත්වීමේ YMCA හි අරමුණ සහ ශ්‍රී ලංකාව තුළ පොදුවේ ආබාධ සහිත පුද්ගලයින්ට ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව පාසල් කළමනාකාරීත්වය විසින් අමුත්තන්ට පැහැදිලි කරන ලදී. මෙදින එක්ව ගත්කළ කාලය මියුනිච් මිතුරු මිතුරියන්ට මෙන්ම පාසලේ දරු දැරියන්ට ද ඉතා සොඳුරු අත්දැකීමක් විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

ශ්‍රී ලංකාව / ජර්මානු සංස්කෘතික ප්‍රසංගය - 29 මාර්තු 2023

ඒකාබද්ධ සංස්කෘතික ප්‍රසංගය පැවැති වැති වැඩසටහන් දාමය අතුරෙන් විශේෂ තැනක් ගන්නා ලදී. . YMCA ප්‍රධාන ශාලාවට රැස්ව සිටි විශාල ජනකායක් ඉදිරියේ පමුණුගම YMCA තරුණ තරුණියන් සහ ළමුන් විවිධ අංග 18කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කළහ.  Makalause Dream පාසල, නැටුම් කණ්ඩායම් සහ බාලදක්ෂ ළමුන් ද ප්‍රසංග ඉදිරිපත් කළ අය අතර වූහ. පමුණුගම සහ මියුනිච් YMCA හි තරුණ තරුණියන් ඒකාබද්ධ නැටුම්, ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ද දායක වූහ. ජර්මානු මිතුරන් විසින් සාදන ලද ජර්මානු බනිස් වර්ගයක් ද ප්‍රසංගය අතරතුර ප්‍රේක්ෂකයන්ට පිරිනැමීය. ප්‍රසංගය ඉදිරිපත් කළ සියලුම දරුවන්ට සහ තරුණ තරුණියන්ට, දරුවන් පුහුණු කළ ගුරුවරුන්ට සහ උත්සවයට සූදානම් වීමට සහය වූ තරුණ තරුණියන්ට සංගමයේ විශේෂ ස්තුතිය පුදකර සිටී.

පින්තූර සඳහා ක්ලික් කරන්න

සමුගැනීම - මාර්තු 30

සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් Nayomi's Water Front Indian Restaurant හි සංවිධානය කර තිබුණි. මියුනිච් හි මිතුරන්, පමුණුගම YMCA හි තරුණ තරුණියන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් විය. අවසාන සාකච්ඡාවලදී සියලු දෙනාටම තම හැඟීම් එකිනෙකා සමඟ බෙදා ගැනීමට අවස්ථාව ලැබුණු අතර සෑම කෙනෙකුටම සොඳුරු මතකයන් රාශියක් සහ ඉගෙන ගත් බොහෝ දේ තිබුණි. අනාගත වැඩසටහන් වඩාත් යහපත් කිරීමට උපකාරී වන කෙටි ඇගයීමක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුව තිළිණ හුවමාරු කරගැනීම සිදුවිය. රාත්‍රී ආහාරය ලබා ගැනීමට අමතරව මෙම සංචාරය අතරතුර අවසන් වරට එක්ව ක්‍රීඩා කිරීමටත් සතුටින් එකිනෙකා සමඟ සංවාදයේ යෙදෙමින් දහස් හුවමාරු කර ගැනීමටත් මෙය අවස්ථාවක් විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

මියුනිච් හි මිතුරන් ඔවුන්ගේ ආපසු ගුවන් ගමන සඳහා නොවැම්බර් 31 වන උදෑසනින්ම පිටත් විය. මෙම සංචාරය අතරතුරතුර පැවති සියලු වැඩසටහන හොඳින් සංවිධානය කරගැනීමට සහාය දැක්වූ සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන් හට සංගමයේ ප්‍රණාමය පුද කෙරේ.  එමෙන්ම සංචාරයට එක්වූ මියුනිච් තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් නික්ලස් ස්ටෙෆාන් මහතා හට ද කණ්ඩායමට නායකත්වය ලබාදුන් මාර්ටින් කැනොරිච් මහතා හට සහ පැමිණි  සියලුම තරුණ තරුණියන්ට සංගමයේ ස්තුතිය.  

Tuesday, April 4, 2023

Christian Mission Programme 2023

Refreshing the long standing friendship between Pamunugama and Munich YMCAs a group delegates from the YMCA of Munich visited Sri Lanka from 16 - 31 March 2023. 9 young people led by Martin Knorich and Mr. Niklas Stefan the General Secretary of the YMCA of Munich were among the visitors. Group was welcomed by the Pamunugama YMCA youth at the Airport and the welcome dinner was held at the YMCA premises on the first evening with the participation of youth and Board Members of the YMCA of Pamunugama. During their stay in Sri Lanka, a chain of events were organized jointly with a participation of members and beneficiaries of the YMCA of Pamunugama and several other neighbouring YMCAs.

Mission Camp - 17 to 19 March at YMCA of Pamunugama

30 young people attended the camp. Further strengthening of the Christian Mission among young people in the YMCA was the objective of the event. Different aspects of Christian living including faith, discipleship and prophetic mission were among the sub-topics addressed through bible studies, worship sessions, games, activities, acts and dialogues during the programme. On the last day of the mission camp, a participatory holly mass was held. It was new experience to many at the YMCA to be in Christ sharing communion together. Before finishing the camp, participants had group discussions on way forward in the Christian Mission activities of the YMCA both locally and jointly in the future. It was agreed to carry on several new activities as well as to continue with the ongoing programmes. 

Click for pictures

Work in the Model Farm

Young people from the Munich YMCA assisted the YMCA model farm located at the YMCA backyard on 20 March. They provided labour to plant new plants in the mini garden located inside the model farm as well as to add organic fertilizers to over 300 plants growing in the model farm. 

Click for Pictures

Sightseeing - 21 to 24 March

10 young people from Pamunugama also joined the visitors in the sightseeing. First destination of the sightseeing was Sigiriya. After climbing Sigiriya on the first day, group spend the night at Lion's Lodge Sigiriya. Despite the tiredness, group had a great time of fellowship together in the evening praying, reading bible and playing cards and spike ball. On the following day a majority of the group climbed Pidurangala a neighbouring rock to Sigiriya to see the sunrise which was spectacular. Then the group proceeded to Atanwala a village bordering to Nuckles Mountain Range and world heritage rainforest. During the stay for two days group hiked to 2 different destinations. 1. Walpolamulla which is an isolated village 7 kms deep inside the forest where people are still farming during paddy seasons. 2. Manigala a rock which is a famous tourist destination for sunrise withing 45 mins of climbing distance. Group also had a lot of time playing spike ball and Kubb at the garden of premisses used for accommodation. Experiencing the village life eating local food, bathing in the beautiful stream experiencing the creation of God was a joy to all who joined the trip. Leaches were the only challenge during the stay in a mountain village of Atanwala.

Click for Pictures

Mission Camp with Scouts - 25 March

A mission camp for the scouts of the YMCA of Pamunugama was held on 25 March at the YMCA premises. 40 kids joined the programme learning about God through acts, group activities, games, singing and playing together. During the day, Munich YMCA experienced the Community Kitchen Programme (Supported by YMCA YWCA Scouts of Asker jointly with Munich YMCA) which has been providing lunch for Scouts and Guides for last 6 months on Saturdays.

Click for Pictures

Kubb Tournament - 26 March

YMCA of Pamunugama has been pioneering in promoting Kubb in Sri Lanka specially through the YMCA network. A tournament was organized with the participation of 26 teams from Pamunugama YMCA, Munich YMCA, Moratuwa YMCA and Negombo YMCA. 15 teams compete in the open event while 11 teams compete in the junior event held for children below 16 years of age. Over 78 players attended as players where 3 players consisted a team. YMCA friends and members also joined to support the players. It was held in good spirit and Negombo YMCA won championship in both categories while Pamunugama and Munich joint team clinched on to the runners up trophy in the open category. Runners up trophy in the Junior category also was won by Negombo YMCA. Winners also were awarded with gifts and chocolates. 

Click for Pictures

Visit to Colombo YMCA - 27 March

Munich group visited Colombo with friends from Pamunugama YMCA. They walked through Colombo Galle face, and surroundings. During the visit the group were hoisted by Colombo YMCA for an evening programme where they had tea and an opening of a carrom playing area. 

Click for Pictures

Visit to Makalause Dream School - 28 March

Munich friends visited the "Makalause Dream" YMCA School for Children with Disabilities. Day was spend playing, dancing and enjoying with students. Group also had lunch together with the students in the school. School management has explained the visitors on the objective of YMCA in conducting a such programme and the hardships and challenges for the people with disabilities in Sri Lanka in general. Children of the school were very happy to have visited as they always enjoy the company of visitors. 

Click for Pictures

Sri Lanka / German Cultural Show - 29 March 2023

The joint cultural show was one of the highlights of the visit. Young people and children of Pamunugama YMCA performed over 18 different acts in front of a large crowd gathered in the YMCA Main Hall. Children from Makalause Dream School, Dancing Group and Scouts were among those who performed. Young people from Pamunugama and Munich YMCAs also contributed with joint dances, games and fun activities. A typical German bun made by German friends also offered to the audience during the show. YMCA extend a special thank to all the children and youth who performed, teachers who trained the children and young people who assisted with preparations of the event.

Click for Pictures

Farewell - 30 March

A farewell dinner was organized at the Nayomi's Water Front Indian Restaurant. Friends from Munich and youth and board members of the YMCA of Pamunugama joined the farewell dinner. All had the opportunity of sharing their feelings with one and other during final discussions and everyone had a lot of fond memories and many things learnt. Also made a short evaluation which will be helpful in making the future programmes even better. It was also the occasion to share gifts with each other and make final speeches. While enjoying dinner young people also spend the whole evening playing Kubb and Spike ball for one last time during this exchange visit. It was an emotional moment for many as the human relationships and friendships built during the stay was special and strong.

Friends from Munich left early on 31 November for their return flight. YMCA of Pamunugama thank YMCA Munich, and all who visited Pamunugama including Mr. Nilklas Stefan, the General Secretary and Martin Knorich the team leader for making it a special and memorable two weeks in Christ together in Sri Lanka.

Wednesday, February 15, 2023

අදධ්‍යාපනයේ වටිනාකම පිළිබඳව ව පැවැති උත්ප්‍රේරණ වැඩසටහන - Motivational Programme for the Children of YMCA

අභියෝග ජයගෙන දරුවන්ගේ අධ්‍යාපන ඉහලනන්වා ගැනිම සදහා වැඩසටහනක් පෙබරවාරි මස 3 දින පමුණුගම YMCA හා සම්බන්ධ දරු දැරියන් වෙනුවෙන්  පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. මෙය NISD ආයතනයේ සිසුන් පිරිසක් විසින් මෙහෙයවන ලදී. මේ සදහා 7 වසරේ සිට 11 වසර දක්වා ළමා හවුලේ සහ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන් 20 දෙනෙකු පමන සහභාගි විය. එම වැඩසටහනට අතරතුරදී පහත් මාතෘකා පිළිබඳව අවධානය යොමු විය. 

* Johari window, smart, * තමා තුළ පවතින කුසලතා හා ගුණාංග  හඳුනා ගැනීම සහ පැමිණෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දීම * දරුවන්ගේ අන්තර්ජාලය සහ සන්නිවේදනය භාවිතය. 

පැවැති සංවාද සඳහා දරුවන් සක්‍රීය දායකත්වයක් ලබාදුන් අතර වැඩසටහන අවසානයේ ඒ පිළිබඳව ඔවුන්ගේ දනාත්මක ප්‍රතිචාර තුලින් පැහැදිලි වූයේ ඔවුන්ගේ ජීවිතවලට මෙම වැඩසටහනෙන් යමක් උකහා ගැනීමට හැකි වූ බවයි.

A motivational programme to assist education of the children of the YMCA of Pamunugama was held on 03 February, 2023 at the YMCA of Pamunugama Main Hall. This was conducted by a group of students from NISD. 20 children from the children's Club and Scout Group of the YMCA of Pamunugama participated programme. 

The program focused on following topics.

* Johari window, smart, * Recognizing the skills and qualities within oneself and successfully facing the coming challenges * Children's use of internet and communication.

At the end of the programme children sharing their views mentioned that they were able to learn the value of education in succeeding their lives. 

Tuesday, February 7, 2023

පමුණුගම, මීගමුව සහ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් හැත්තෑපස් වන නිදහස් දිනය සමරයි

පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව 75 වන නිදහස් දිනය සමරන ලදී. මෙම විශේෂ සංවත්සරය නිමිත්තෙන් මොරටුව, පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම්හී බාලදක්ෂයින් එක්ව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් භූමියේදී කඳවුරක් සංවිධානය කරන ලදී. පමුණුගම ත. ක්‍රි. සං. ආබාධ සහිත සිසුන් සඳහා වූ මාකලෝසා සිහිනය පාසලේ බාලදක්ෂයින් 8 දෙනෙකු ඇතුළුව බාලදක්ෂයින් 55 දෙනෙක් මෙම කඳවුර සඳහා සහභාගී විය. මීට අමතරව පාසල් ළමුන් 15 දෙනෙකු සහ පෝතක බාලදක්ෂයින් 8 දෙනෙකු ද උදෑසන සැසියේදී කඳවුරට සහභාගී වූහ.

සුපුරුදු පරිදි බාලදක්ෂ රැළියෙන් දිනය ආරම්භ වූ අතර එහිදී ජාතික කොඩිය ඔසවා ජාතික ගීයනා කරන ළදි. අනතුරුව පමුණුගම YMCA හි කාර්ය මණ්ඩලයක් (චමෝදි) නිදහස පිළිබඳ කෙටි අදහස් පළකිරීමක් සිදුකෙරින. රැලියෙන් පසු බාලදක්ෂයින් ක්‍රීඩා, ගීත සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළු ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම් රැසකට එක්විට. දවස නිමා වූයේ ගිනි මැළ සංදර්ශනයකිනි.



Pamunugama, Moratuwa and Negombo YMCA Scouts celebrate Independence Day

Sri Lanka celebrated the 75th Independence day on 04 February, 2023. To mark this special anniversary, the Scouts of Moratuwa, Pamunugama and Negombo YMCAs together organized a day camp at the YMCA of Pamunugama. There were 55 scouts all together including 8 scouts with disabilities of the Makalause Dream School of the YMCA of Pamunugama. 15 pre-school children and 8 cub scouts also attended the camp during the morning session.

Day started with the Scout rally where the scouts hoisted the national flag and sang the national anthem. Then a staff (Chamodi) of Pamunugama YMCA gave a speech on the Independence. After the rally scouts had a number of indoor and outdoor activities including games, songs and group activities. Day ended with a Campfire.



Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip