Tuesday, February 7, 2023

පමුණුගම, මීගමුව සහ මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් හැත්තෑපස් වන නිදහස් දිනය සමරයි

පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව 75 වන නිදහස් දිනය සමරන ලදී. මෙම විශේෂ සංවත්සරය නිමිත්තෙන් මොරටුව, පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම්හී බාලදක්ෂයින් එක්ව පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගම් භූමියේදී කඳවුරක් සංවිධානය කරන ලදී. පමුණුගම ත. ක්‍රි. සං. ආබාධ සහිත සිසුන් සඳහා වූ මාකලෝසා සිහිනය පාසලේ බාලදක්ෂයින් 8 දෙනෙකු ඇතුළුව බාලදක්ෂයින් 55 දෙනෙක් මෙම කඳවුර සඳහා සහභාගී විය. මීට අමතරව පාසල් ළමුන් 15 දෙනෙකු සහ පෝතක බාලදක්ෂයින් 8 දෙනෙකු ද උදෑසන සැසියේදී කඳවුරට සහභාගී වූහ.

සුපුරුදු පරිදි බාලදක්ෂ රැළියෙන් දිනය ආරම්භ වූ අතර එහිදී ජාතික කොඩිය ඔසවා ජාතික ගීයනා කරන ළදි. අනතුරුව පමුණුගම YMCA හි කාර්ය මණ්ඩලයක් (චමෝදි) නිදහස පිළිබඳ කෙටි අදහස් පළකිරීමක් සිදුකෙරින. රැලියෙන් පසු බාලදක්ෂයින් ක්‍රීඩා, ගීත සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළු ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම් රැසකට එක්විට. දවස නිමා වූයේ ගිනි මැළ සංදර්ශනයකිනි.



No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip