පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් හී ළමා සාමාජික සාමාජික සාමාජිකාවන් අතර මිත්‍ර එල්ලේ තරඟ මාලාවක් මාර්තු මස 20 වන දින දුන්ගාල්පිටිය පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්වින.
මේ සඳහා සංගම් දෙක නියෝජනය කරමින් දරුවන් 38 දෙනෙකු සහභාගී විය. තරඟාවලිය තරඟ 3:0 ලෙස මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමය ජයගන්නා ලදි. තරඟ කාරීත්වයක් පැවතියද කණ්ඩායම් දෙකම ඉතා සුහදශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීම කැපීපෙනින.
ක්‍රිඩාව කෙරෙහි පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විශේෂ උනන්දුවක් දක්වන අතර ඉදිරියේදීද ක්‍රීඩා වැඩසටහන් තුළින් දරුවන්ගේ පෞර්ෂ වර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමට කැපවී සිටී.
No comments:
Post a Comment