Sunday, March 2, 2025

පිටිපන දේවස්ථානයේ පැවැති දහම් පාසල් ශිෂ්‍යනායක නායිකා වැඩමුළුව

පිටිපන දේවස්ථානයට අනුබද්ධ  පිටිපන සහ මංකුලිය යන දහම් පාසල්හී ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් 2025 මාර්තු 2 වැනි දින පිටිපන දේවස්ථානයේදී පවත්වන ලදී.  මේ සඳහා දහම් පාසල් දෙක නියෝජනය කරමින් ශිෂ්‍ය නායක නායිකාවන් පනස් දෙනකුට සම්බන්ධ විය. දේවස්ථාන සහායක පියතුමා වන සුරාජ් පීරිස් පියතුමාගේ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතරිනන් එදින ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැපයීමට මීගමුව සහ පමුණුගම යන තරුණ ක්‍රිස්තියානි සංගම් වෙත ආරාධනය කර තිබිණ.  

මෙම වැඩමුළුව සඳහා මීගමුව YMCA හි ප්‍රධාන ලේකම් රමේෂ් කන්නා, මීගමුව YMCA හි සාමාජික සාමාජිකාවන් වන අයෝමි, ලහිරු සහ සුනෙත් මෙන්ම පමුණුගම, YMCA ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා විසින් පහසුකම් සපයන ලදී.   

නායකත්වය පිළිබඳ ක්‍රීඩා, සිද්ධි අධ්‍යයන සහ සාකච්ඡා හරහා සහභාගිවන්නන් ප්‍රධාන නායකත්ව ගුණාංග, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ගැටළු විසඳීමේ කුසලතා පිළිබඳව අත්දැකීම් එකතු කරගන්නා ලදී. සහභාගිවන්නන්ට සහතික පත්‍රයක් ද පිරිනැමුණු අතර විවිධ ක්‍රියාකාරකම්වලින් පිරුණු මෙම දිනය සතුට දැනුම සහ විනෝදය පිරි දිනයක් වූ බවට සහභාගී වූවන්ගේ සහ සංවිධානය කරන දේවස්ථාන නායකයින්ගේ අදහස් වලින් පිළිබිඹු විය. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip