Wednesday, February 26, 2025

මාකලෝසා සිහින පාසලේ කාර්ය සාධක කමිටුව රැස්වෙයි.

මාකලෝසා සිහිනය පාසලේ කාර්ය සාධක කමිටුවේ බෙපරවාරි මස 26 දින උදෑසන වරුවේ තලාහෙන ක්‍රැබ් කෝව් හීදී රැස්විය. මාකලෝසා  සිහින පාසලේ කාර්ය මණ්ඩලයේ සහ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ස්වේච්ඡා සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වේ. 

2025 වසරට අදාළව සහ සිහිනය පාසලේ කටයුතු හා බැඳුණු අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක යෙදීම, ගැටලු සහ අභියෝග හමුවේ නිර්මාණශීලී විසඳුම් සෙවීම සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා දායකත්වය ලබාදීම මෙම කමිටුවේ වගකීමයි. 

පාසලේ වැඩ කටයුතු සම්බන්ධයෙන් සහ කාර්ය මණ්ඩලය විසින් අනෙකුත් සාමාජික සාමාජිකාවන් දැනුවත් කරනු ලැබූ අතර, ආබාධ සහිත ප්‍රජාවගේ අන්තර්කරණය සඳහා වන ජාතික මට්ටමේ මැදිහත්වීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ. දරුවන්ගේ පෝෂණය,  වෘත්තීය පුහුණු සඳහා යොමුකිරීමට තිබෙන අවස්ථාවන් සොයා බැලීම, සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම පිළිබඳව ද කාර්ය සාධක කමිටුවේ අවධානයට ලක් විය. 

No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip