ලෝක බාලදක්ෂ දිනය සැමරීම සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් වැඩසටහනක් 2025 පෙබරවාරි 22 වන දින සංගම් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයා සිහිපත් කිරීම සහ බාලදක්ෂ සේවාවේ වටිනාකම් සැමරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.
බාලදක්ෂයින් 27 දෙනෙකු, මාකලෝසා සිහින පාසලේ බාලදක්ෂයින් 10 දෙනෙකු, මව්වරුන් ඇතුළු ස්වේච්ඡා සේවකයන් 13 දෙනෙකු ඇතුළු දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය. වැඩසටහන බාලදක්ෂ රැලියෙන් ආරම්භ වූ අතර එහිදී බාලදක්ෂයින් විසින් බේඩන් පවෙල් සාමිවරයා සහ බාලදක්ෂ කටයුතු ආරම්භය සිහිපත් කරන ලදී.
විවධ ක්‍රියාකාරකම්හී යෙදෙමින් බාලදක්ෂයින් දිනය ගතකරන ලදි. ඔවුන් විවෘත ගින්නක් මත රොටි සෑදූ අතර එය බොහෝ දෙනෙකුට සිත්ගන්නාසුලු අත්දැකීමක් විය. සිදු කරනු ලැබූ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුලින් මිත්‍රත්වය සහ අබාද සහිත සිසුන් අන්තර්කරණය ගොඩනගා ගැනීමට හැකි විය. පසුව ඔවුන් විනෝදාත්මක චිත්‍රපටයක් නැරඹින. තවත් විශේෂ කටයුත්තක් වූයේ සාම සිතුවමක් පින්තාරු කිරීමයි.
No comments:
Post a Comment