Saturday, February 1, 2025

පමුණුගම මීගමුව මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලියේ 4 වන අධියර

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම් අතර පැවැත්වෙන මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලියේ 4 වන අධියර 2025 පෙබරවාරි 1 වන දින දුන්ගල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එය මිත්‍රත්වය සහ විශිෂ්ට ක්‍රීඩාශීලිත්වයෙන් පිරුණු දවසක් විය.

කණ්ඩායම් දෙක අතර පන්දුවාර 10 තරග තුනක් පැවැත්විණි. මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමය ඉන් තරඟ තුනට දෙකක් ලෙස ජයග්‍රාහනය කොට මිත්‍රත්ව කුසලානයට හිමිකම් කියන ලදි. මීළඟ වසරේ පැවැත්වෙන මීලඟ තරඟ වාරය දක්වා මෙම විශේෂ කුසලානය ඔවුන් සතු වනු ඇත. මෙම විශේෂ සම්ප්‍රදාය අපගේ බැඳීම ශක්තිමත් කරන අතර ක්‍රීඩාවේ ජීවගුනය ජීවමාන කරයි.

මිරාජ්ගේ නායකත්වයෙන් යුත් පමුණුගම කණ්ඩායම සහ ජෙෆ්රිගේ නායකත්වයෙන් යුත් මීගමුව කණ්ඩායම තරඟාවලිය පුරාවටම විශිෂ්ට සාමූහික දක්ෂතාවයක් පෙන්නුම් කළහ. මෙම වාර්ෂීක වැඩසටහන නිකම්ම තරඟාවලියකට වඩා සහෝදරත්වයේ සහ ක්‍රීඩාශීලිත්වයේ සැමරීමක් වන අතර ක්‍රීඩාව තුළින් තාරුන්‍ය එක් රැස් කිරීම තරුණ ක්‍රිස්තියානි සංගම් හී ප්‍රදාන කර්තව්‍යයක් වේ.


No comments:

Post a Comment

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip