Tuesday, December 23, 2025

Carol Visit කැරොල් සංචාරය

Following an annual tradition, the children of the YMCA of Pamunugama went from home to home singing Christmas carols on 22nd December 2025.

25 children, together with 4 youth leaders, took part in the event. Along with singing carols, they also gave away small gifts to the homes, sharing love and kindness during the Christmas season.

The carol service brought joy to many families and helped spread the true message of Christmas—love, peace, and togetherness. This beautiful tradition continues to strengthen the connection between the YMCA and the community.

සුපුරුදු පරිදි මේ වසරේ ද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් කැරොල් ගායනා කරමින් දෙසැම්බර් මස 22 වන දින සවස් වරුවේ ගම වටා සංචාරය කරන ලදි. 

මෙහිදී ඔවුන් ජේසු උපත හා බැඳුන සාමයේ පණිවුඩය රැගෙන ගෙයින් ගෙට කරොල් ගීත ගායනා කරමින් ගමන් කළ අතර නිවෙස් වල සිටි දරුවන් හට ත්‍යාගද පුද කරන ලදි. 

මේ සඳහා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 25 දෙනෙකු සහ තරුණ නායක නායිකාවන් 4 දෙනෙකු සම්බන්ධ විය.

Saturday, December 20, 2025

වාර්ෂීක විවිධ ප්‍රසංගය 2025

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දුවා දරුවන්ගේ හැකියාවන් එළිදැක්වෙන වාර්ෂීක විවිධ ප්‍රසංගය 2025 දෙසැම්බර් මස 20 වන දින සංගනයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වින. 

මෙහිදී මාකලෝසා සිහින පාසල, පෙර පාසල සහ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන් 50 ක් පමණ තම හැකියාවන් ඉදිරිපත් කරන ලදි. ඉතා වර්ණවත් සහ විචිත්‍රවත් රංගන සහ නර්ථන අංගයන් 12 කින් ප්‍රසංගය සමන්විත වූ අතර පැය එකහමාරකට ආසන්න කාලයක් පුරාවටම සහභාගීවූවන් අමන්දානන්දයට පත් කරන ලදි. 

සංගමය හා සම්බන්ධ සියළු දරු දැරියන් හට ත්‍යාග ප්‍රධානයද මෙහිදී සිදුවූයේ සුපුරුදු පරිදි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය මිත්‍ර කණ්ඩායමකගේ අනුග්‍රාහයෙනි.

මේය නැරඹීමට ගම්වාසීන් සාමාජික සාමාජිකාවන්, අසල්වාසීන් සහ දෙමාපි‍යන් ඇතුළු 200 කට අධික පිරිසක් සහභාහී විය. 

මෙම ප්‍රශංගය සඳහා දරුවන් පුහුණු පුරුදු කළ ගුරුතුමියන් හට, දරුවන් සූදානම් කරමින් දායකත්වය දැක්වූ දෙමාපියන් හට මෙන්ම ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සංවිධාන කටයුතු වලින් සහය වූ තරුණ හවුල වෙත මෙන්ම ප්‍රසංගය නරඹමින් දරුවන් දිරි ගැන්වීනට එක්වූ සියළු දෙනා හට සංගමයේ ස්තූතිය. 

ත්‍යාග සපයමින් දායක වූ ඕස්ට්‍රේලියානු හිතවතුන් හටද සංගමයේ විශේෂ ස්තූතිය පිරිනැමේ. 

පින්තූර සඳහා ක්ලික් කරන්න

Annual Concert 2025

The Annual Concert of the YMCA of Pamunugama, showcasing the talents of its children, was successfully held on 20th December 2025 at the Association’s main hall.

Nearly 50 children representing the Makalosa Dream School, Pre-School, and Scout Group took part in the event. 

The concert featured 12 colourful and vibrant performances, including dances and stage items, which entertained the audience for almost one and a half hours.

As customary, the prize distribution ceremony for all children associated with the YMCA of Pamunugama was also conducted during the event, with the generous support of a group of Sri Lankan friends living in Australia.

The programme was attended by more than 200 people, including villagers, YMCA members, neighbours, and parents. 

The Association extends its sincere appreciation to the teachers who trained the children, the parents who supported and prepared them, the Youth Club members who assisted in organizing the event, and everyone who attended and encouraged the young performers. Special thanks are also extended to the friends in Australia for their generous contribution of gifts for the children.

Tuesday, December 16, 2025

හොංකොං YMCA මූලස්ථානයේ සියවස් සැමරුම

හොංකොං YMCA මූලස්ථානයේ සියවස් සැමරුම 2025 නොවැම්බර් 24 සිට 27 දක්වා සිම් ෂා ට්සුයි හි අපේ හිටි හොංකොං YMCA මූලස්ථානයේ පැවති අතර වසර සියයක් මුළුල්ලේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සේවාව සහ ඇදහිල්ලේ ගමන එහිදී සමරන ලදී. 

පමුණුගම YMCA නියෝජනය කරමින් මෙම වැදගත් ජාත්‍යන්තර උත්සවයට සහභාගී වීමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය ප්‍රධාන ලේකම් රිද්මා ෆොන්සේකා හට ද ආරාධනා ලැබී තිබිණ.  

දින හතරක් පුරා පැවති සැමරුම අතරතුර පැවැති ආරම්භක සංස්කෘතික උත්සවය, YMCA ප්‍රජා සේවාවන් පිළිබඳව දැන ගැනීම සඳහා සංවිධානය කර තිබූ නිරාවරණ චාරිකා, හොංකොං නගරය දැක ගැනීම සඳහා වන චාරිකා, සියවස් සැමරුම් මෙහෙය සහ ප්‍රධාන සැමරුම් රාත්‍රී භෝජනය යන අවස්ථා සඳහා රිද්ම ෆොන්සේකා සහභාගීි වන ලදී . 

මෙම උළෙලට සහභාගි වීම තුළින් රටවල් ගණනාවක තරුණු ක්‍රිස්තියානි සංගම් නායක නායිකාවන් මෙන්ම ලෝක තරුණ ක්‍රිස්තියානි සංගම් එකමුතුවේ සභාපතිතුමිය හමුවීමේ අවස්ථාවද පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ප්‍රධාන ලේකම් වෙත හිමි විය. එහිදී අදහස් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ලැබීම සහ නව සබඳතා ගොඩනඟා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. 

සමස්තයක් වශයෙන්, සියවස් සැමරුමට සහභාගි වීමට ලැබීම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට බෙහෙවින් උපකාරි විය. උණුසුම් ආගන්තුක සත්කාරය සහ විශිෂ්ට සංවිධාන කටයුතු වෙනුවෙන් හොංකොං YMCA හි ප්‍රධාන ලේකම් පීටර් හෝ මහතාට සහ සමස්ත සංවිධායක කණ්ඩායමට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය සිය කෘතඥතාව පළ කරයි.

Participation of Pamunugama YMCA GS at the Centennial Celebration of the YMCA of Hong Kong

The Centennial Celebration of the YMCA of Hong Kong Headquarters, held from 24 to 27 November 2025 in Tsim Sha Tsui, marked 100 years of dedicated service, faith, and community engagement.

Ridma Fonseka, General Secretary, was invited to attend this significant international event, representing the YMCA of Pamunugama. His participation highlighted the strong relationships between the YMCA of Pamunugama and its global friends.  

During the four-day celebration, Ridma took part in key centennial events, including the opening cultural fellowship, selected exposure visits highlighting YMCA community initiatives, the centennial worship service, and the thanksgiving gathering. 

These engagements provided valuable opportunities for dialogue, exchange of experiences. The centennial celebrations also provided a valuable opportunity for Ridma to meet and engage with YMCA leaders from around the world, including several National General Secretaries and the President of the World YMCA

Overall, his participation in the centennial celebration was a meaningful experience that reinforced international collaborations. The YMCA of Pamunugama extends its sincere appreciation to Mr. Peter Ho, General Secretary of the YMCA of Hong Kong, and the entire organizing team for their warm hospitality and excellent arrangements.

2 වන ආසියානු YMCA මෙහෙවර සමුළුව

2025 නොවැම්බර් 21 සිට 24 දක්වා හොංකොං හි හොංකොං YMCA හෝටලයේ  හි පැවති 2 වන ආසියානු YMCA මෙහෙවර සමුළුවට පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයෙහි හි ප්‍රධාන ලේකම් රිද්ම  ෆොන්සේකා සහභාගී විය. මෙම සමුළුවට ආසියාව පුරා රටවල් සහ ජර්මනිය, එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් 70 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය.  

ජොහාන් 10:9 - " දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද,  ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුලට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය." යන දේව වාක්‍යය තේමා කොට ගනිමින් මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර, යාච්ඤාව, මෙනෙහි කිරීම සහ නමස්කාරය සඳහා සමුළුව අතරතුර මූලික තැනක් ලබා දෙන ලදී.  එමෙන්ම මෙහි  ප්‍රධාන සංකේතාත්මක මොහොතක් වූයේ පැරිස් පදනමෙහි පිටපතක් අත්සන් කිරීම මගින් පැරිස් පදනම තරුණ ක්‍රිස්තියානි සංගමයේ හදවත ලෙස පිළිගන්නා බව සහභාගි වූ පිරිස විසින් තහවුරු කිරීමයි.

ආසියානු තරුණ ක්‍රිස්තියානි සංගම් මෙහෙවර ජාලයේ ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයකු වන රිද්ම ෆොන්සේකා මෙම සමලුව සඳහා ලෙස ක්‍රියාකාරී ලෙසම්බන්ධ වූ අතර කුඩා කණ්ඩායම් සාකච්ඡා මෙහෙයවමින් ද, නොවැම්බර් 24 වන දින උදෑසන මෙනෙහි කිරීම මෙහෙයවමින් සහ සර්ව රාත්‍රික යැදුම් මෙහෙයේ එක් කොටසකට නායකත්වය දෙමින් කටයුතු කරන ලදී.   

සමුළුව අතරතුර සාකච්ඡා සඳහා මඟ පෑදූ ප්‍රධාන සැසි 4ක් පැවැත්විණි.

1. ප්‍රධාන දේශනය 1 - YMCA මෙහෙවර සමාලෝචනය: මියුනිච් YMCA හි ප්‍රධාන ලේකම් ජෝකිම් ෂ්මුට්ස් මහතා, නොවැම්බර් 21 වන දින පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉදිරිපත් කරන ලදී.

2. ප්‍රධාන දේශනය 2 - ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපගේ පදනම ශක්තිමත් කිරීම: සේලම් YMCA හි සභාපති ආචාර්ය සැමුවෙල් ස්ටීවන්ස්නො, වැම්බර් 22 වන දින ටාඕ ෆොන්ග් ෂාන් ක්‍රිස්තියානි මධ්‍යස්ථානයේදී ඉදිරිපත් කරන ලදී.

3. ප්‍රධාන දේශනය 3 - ඇදහිල්ල තුළින් ජනතාව වෙතට යෑම: මෙහෙවර පුළුල් කිරීම සහ තිරසාර කිරීම: හොංකොං හි YMCA හි ප්‍රධාන ලේකම් පීටර් හෝ මහතා, නොවැම්බර් 23 වන දින යිම් ටින් ට්සායි හිදී ඉදිරිපත් කරන ලදී.

4. ප්‍රධාන දේශනය 4 - දෙවිඳුන් තුළ රැකවරණය සොයා ගැනීම: දැක්ම සහ හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම, CITY ​​ව්‍යාපාරයේ නිර්මාතෘ සහ එක්සත් ජනපද ජාල නායක ආචාර්ය ඩේවිඩ් නිව්මන්නො, වැම්බර් 24 වන දින තරුණ ක්‍රිස්තියානි සංගම් රැස්වීම් ශාලාවේදී ඉදිරිපත් කරන ලදී.

මෙම වැඩසටහනට චාරිකා දෙකක් ද ඇතුළත් විය:  වූ ටාඕ ෆොන්ග් ෂාන් ක්‍රිස්තියානි මධ්‍යස්ථානයට ගිය ගමන තුළින් නමස්කාරය සහ මෙනෙහි කිරීම සඳහා අවස්ථාවක් උදා වූ අතර යිම් ටින් ට්සායි හි ශාන්ත ජෝසප් දේවස්ථානයට සංවිධානය කර තිබූ චාරිකාව තුළින් ඇදහිල්ල, සංස්කෘතිය සහ ප්‍රජා මෙහෙවර ඒකාබද්ධ කිරීම පිළිබඳ අධ්‍යනය කිරීමට හැකි විය.   

ආසියාව පුරා YMCA ක්‍රිස්තියානි මෙහෙවර ශක්තිමත් කිරීම සහ පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කුළුණු ලෙස සහයෝගීතාවය, නායකත්ව සංවර්ධනය සහ තරුණ කිතුණු ශ්‍රාවකත්වයේ වැදගත්කම සමුළුව නැවත තහවුරු කළේය.

Pamunugama YMCA at the 2nd Asia YMCA Mission Conference – Hong Kong

Ridma Fonseka, General Secretary of the YMCA of Pamunugama, attended the 2nd Asia YMCA Mission Conference held at the YMCA of Hong Kong from 21–24 November 2025. The conference brought together over 70 participants from across Asia, along with representatives from Germany, England, and the USA, strengthening regional and global Christian fellowship within the YMCA movement.

Grounded in John 10:9 – “I am the gate; whoever enters through me will be saved”, the conference focused on prayer, reflection, worship, and mission renewal. A key symbolic moment of the gathering was the reaffirmation of the Paris Basis, with participants signing it again as a collective commitment to the Christian foundation of the YMCA.

Ridma Fonseka, a core group member of the Asia YMCA Christian Mission Network, actively contributed as a small group leader, facilitated discussions, led a session during the overnight prayer event, and also led the morning devotion on 24 November.

There were 4 Keynote Sessions which led to discussions during the conference.

  • Keynote 1 – YMCA Mission Review
    Mr. Joachim Schmutz, General Secretary, Munich YMCA
    Delivered during the welcome dinner on 21 November, setting the tone for mission reflection.

  • Keynote 2 – Entering Through Christ: Strengthening Our Foundation
    Dr. Samuel Stephens, President, Salem YMCA
    Delivered on 22 November at Tao Fong Shan Christian Centre.

  • Keynote 3 – Going Out in Faith: Expanding and Sustaining the Mission
    Mr. Peter Ho, General Secretary, YMCA of Hong Kong
    Delivered on 23 November at Yim Tin Tsai.

  • Keynote 4 – Finding Pasture: Nurturing Vision and Partnerships
    Dr. David Newman, Founder and US Network Leader, CITY Movement
    Delivered on 24 November at the Grand Assembly Hall.

The programme also included two brief exposure visits: one to Tao Fong Shan Christian Centre for worship and reflection, and another to St. Joseph’s Chapel at Yim Tin Tsai, highlighting the integration of faith, culture, and community mission.

The conference reaffirmed the importance of collaboration, leadership development, and youth discipleship as essential pillars for strengthening and sustaining the YMCA Christian mission across Asia.

Monday, December 15, 2025

හෙල්ප් ඕෆෙන්ස් නව් සංවිධානයේ අනුග්‍රහකත්වයෙන් මේවරත් නත්තල් ත්‍යාග Christmas Gift Distribution sponsored by Australia’s Help Offense Now

ඕස්ට්‍රේලියාවේ හෙල්ප් ඕෆෙන්ස් නව් සංවිධානයේ අනුග්‍රහකත්වයෙන් වාර්ෂිකව සිදු කෙරෙන නත්තල් ත්‍යාග ප්‍රදානය මේ වසරේදී ද පැවැත්වේ. 

එහි පළමු පියවර ලෙස පමුණුගම සුරස බාලිකා සංවර්ධන මධ්‍යස්ථානයේ දැරියන් පනස් දෙනෙකු සඳහා ත්‍යාග ප්‍රධානය පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මැදිහත්වීමෙන් 2025 දෙසැම්බර් 15 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කෙරිණ. 

හෙල්ප් ඕෆෙන්ස් නව් ආයතනය නියෝජනය කරමින් ත්‍යාග ප්‍රදානය සඳහා දෙදෙනෙකු සම්බන්ධ වූ අතර පාලක මණ්ඩල සාමාජික ඉසුරු පීරිස් මහතා සහ ප්‍රධාන ලේකම් රිද්ම ෆොන්සේකා ද සම්බන්ධ විය. 

The Annual Christmas Gift Distribution sponsored by Australia’s Help Offense Now was held this year as well.

As the first phase of this initiative, a gift distribution for 50 girls of the Pamunugama Surasa Balika Development Center was successfully conducted at the center on 15th December 2025, with the support of the YMCA of Pamunugama.

Two representatives from Help Offense Now, Board Member Isuru Peiris and General Secretary Ridma Fonseka, participated in the distribution and shared the joy of the Christmas season with the children.

Thursday, December 4, 2025

මාකලෝසා පාසලේ දෙමාපිය පුහුණු වැඩසටහන

මාකලෝසා පාසලේ දෙමාපිය දිනය 2025 නොවැ.22 ශනිදා පාසල් පරිශ්‍රයේ පවත්වන ලදී. එහි මුඛ්‍ය අරමුණ වූයේ ඉගෙනුම් ඇතුළු වෙනත් ආබාධ සහිත දරුවන් පිළිබඳ දෙමාපිය වගකීම් පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම ය. මෙම වැඩසටහන සඳහා පාසලේ දරුවන්ගේ දෙමාපියන් දොළොස් දෙනෙකු සහභාගි විය.

මෙහි සම්පත්දායක වූයේ මනෝ විශේෂඥ ආචාර්ය ඩග්ලස් හෙට්ටිආරච්චි මහත්මා ය. එහිදී පහත කරුණු සංවාදයට ලක්විය:

  • දරුවා තේරුම් ගැනීම
  • අවශ්‍ය ප්‍රතිකාර හා ඒ සඳහා යොමුවිය යුතු තැන්
  • ඔවුන්ගේ අයිතිවාසිකම්
  • ඔවුන්ගේ හැකියාවන් දියුණු කිරීමේ ක්‍රමවේද
  • ස්වාධීන වීමට ඔවුන් සූදානම් කිරීම
  • එල්ලවන සමාජ පීඩනයන් හා හෙළාදැකීම්වලට මුහුණ දීම

උක්ත කරුණු කාරණා සරල හා සුගම අයුරින් සියලු දෙනාටම අවබෝධ වන අයුරින් ක්‍රියාකාරකම් හා සංවාද ඇසුරින් ඉදිරිපත් කෙරිණි. අවසානයේදී දෙමාපියන්ගේ බොහෝ ගැටලුවලට විසඳුම් සංවාද කෙරිණි.

මෙදින මාකලෝසා දරුවන්ගේ දෙමාපියන්ට ඉතා ඵලදායි දිනයක් විය.

A Meaningful Session on Caring for Children with Disabilities

A training programme was held on Saturday, 22nd November 2025 at the school premises to help parents gain a better understanding of how to care for children with disabilities. The session was conducted by Dr. Douglas Hettiarachchi, who explained everything in a very simple and clear way. He spoke about understanding the child as a person with disabilities, the treatments they may need and where to find those services, their rights, how to develop their abilities, how to support them to become independent, and how to face social pressure and negative comments from society. All these points were presented in a way that was easy for every parent to understand and relate to.

Dr. Hettiarachchi also shared many examples from real-life situations, which helped parents connect the ideas to their own experiences. He encouraged parents to observe their children closely, spend quality time with them, and celebrate even small improvements. He also reminded them that each child learns at a different pace and that patience, love, and consistency are key. Parents were guided on how to create a supportive home environment and how to work together with teachers, doctors, and therapists for the child’s growth.

At the end of the session, 12 parents who participated asked questions and received clear and helpful answers. The conference gave them confidence and hope, and many felt better prepared to support their children. It was truly a meaningful and fruitful day for the parents of Makalause children. 

Wednesday, December 3, 2025

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පණිවිඩය

ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දිනය සමරන අද දිනයේදී අප සංගමයේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් සිදුකෙරෙන වැඩසටහනක් වන මාකලෝසා සිහින පාසලේ දරුවන් වෙත අපගේ සුභ පැතුම් පුද කරමු. අපගේ පාසල ඔටිසම්, ඩවුන්සින්ඩ්‍රෝම් සහ ඉගෙනීමේ ආබාධ සහිත දරුවන්ට සහාය වන අතර, අපි සෑම දරුවෙකු තුළ පවතින ආවේණික ගුණාංග ඉහලින් අගය කරමු.   

ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීමේදී අපි සෑම විටම සංවේදී, මෘදු සහ කල්පනාකාරී විය යුතුය. ඔවුන්ගේ මානව ගෞරවය, ආරක්ෂාව සහ සතුට පළමුකොට සැළකිය යුතු යැයි අපි විශ්වාස කරමු. එමෙන්ම මෙවැනි දරුවන්ගේ දෙමාපියන් මෙම දරුවන් සම්බන්ධයෙන් විශාල වගකීමක් සහ කැපවීම් සමුදායක් සිදුකරන අතර ඔවුන්ව බලගතු කිරීමද අතිශය වැදගත් වේ.

ලොව පුරා සිටින සියලුම ආබාධ සහිත පුද්ගලයින් වෙත අපගේ සුබ පැතුම් මෙම විශේෂ දිනයේදී එක් කරන අතර  ඔවුන් සියලු දෙනා සෑම අවස්ථාවකදීම අන්තර් කරණය තුළ පූර්ණ මානව හිමිකම් භුක්ති විදින පුරවැසියන් බවට පත්වීමට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.  

එමෙන්ම ආබාධ සහිත ප්‍රජාව අන්තර්කරණය වෙනුවෙන් ලොව පුරා කැපවී කටයුතු කරන සියලු පුද්ගලයන්ද සියලුම සංවිධානද අපි හිතා ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරමු. 

ගෞරවයෙන්,

මුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය

Message from the YMCA of Pamunugama for the International Day of Persons with Disabilities

Today, on the International Day of Persons with Disabilities, we honor the children of Makalause Dream School, a programme of the YMCA of Pamunugama. Our school supports children with Autism, Down Syndrome, and learning disabilities, and we value each child deeply.

We must always be sensitive, gentle, and thoughtful when making decisions for them. Their dignity, safety, and happiness must come first. It is also very important to empower and support the parents of these children, who carry their responsibilities with great love and strength.

We extend our warm greetings to all persons with disabilities around the world. May they be respected, included, and supported everywhere.

We also thank everyone working for disability inclusion at different capacities. Your efforts bring hope and change.

With love and respect,
YMCA of Pamunugama

Wednesday, November 19, 2025

Youth from Pamunugama and Negombo YMCAs Unite for a Friendly and Fun Kubb Tournament

A Kubb Tournament was held on November 19th at the Pamunugama YMCA grounds, with children and scouts from both the Negombo YMCA and Pamunugama YMCA participating. A total of 33 children competed in 11 teams.

After the first round of league matches, the team representing the Pamunugama YMCA—Sihansa, Sugeetha and Vishwa—emerged victorious in the final, securing an impressive win. The runner-up was the team from the Negombo YMCA, consisting of Sanidu, Anuhas and Hirushi.

This Kubb Tournament was more than just a sporting event; it was a meaningful day that promoted cooperation, friendship, fun, and happiness among the children of both YMCAs. The event highlighted the YMCA’s ongoing commitment to developing children’s abilities and character through sports.

Click for Pictures

නිවාඩුව වෙනුවෙන් පැවැති සුහද කුබ් තරගාවලිය

පමුණුගම සහ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගම්හි ළමා සාමාජික සාමාජිකාවන් සහ බාලදක්ෂයින් සහභාගි වූ කුබ් තරඟාවලියක් පමුණුගම තරුණ ක්‍රිස්තියානි  සංගම් භූමියේදී නොවැම්බර් මස 19 වන දින පැවැත්විණ. මේ සඳහා දරුවන් 33 දෙනකු කණ්ඩායම් 11 ක් යටතේ තරග කරන ලදී. 

ලීක් ක්‍රමයට පැවැති පළමු වටයෙන් පසු අවසන් තරගය සඳහා ක්‍රීඩා කළ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සිහන්ස, සුගීත, විශ්ව සමන්විත කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. අනුශූරතාවය දිනා ගත්තේ මීගමුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ හි සනිඳු, අනුහස් සහ හිරුෂි ඇතුළු කණ්ඩායමයි. 

මෙම කුබ් තරගාවලිය හුදෙක්ම ක්‍රීඩා ඉසව්වක් පමණක් නොව, සංගම් දෙකේ දරු දැරියන් අතර සහයෝගිතාව, සුහද සම්බන්ධතා, විනෝදය සහ සතුට වර්ධනය කළ අර්ථවත් දිනයක් ලෙසින් සනිටුහන් විය. ක්‍රීඩාව තුළින් දරුවන්ගේ හැකියාවන් සහ පෞරුෂ වර්ධනය වෙනුවෙන් තරුණ ක්‍රිස්තියානි සංගමය නිරන්තරයෙන් කැපවී සිටින බවට මෙම ඉසව්ව සාක්ෂි දැරීය.

Friday, November 14, 2025

YMCA Annual Tour for children

The annual educational and recreational tour for the children of the Pamunugama Young Men's Christian Association (YMCA) successfully took place on November 15, 2025, starting at 5:45 AM from the Seththappaduwa Church of the Mother of God. The group comprised 40 participants, including 31 children from Makalause Dream School and YMCA, staff, youth members, and parents. The initial stops included the Kalutara Bodhiya, where the structure of the stupa and Buddhist history were visited and explored, followed by a visit to Richmond Castle to study Sri Lanka's colonial history and traditional architecture.

The tour then covered conservation and culture. The group visited the Kosgoda Sea Turtle Hatchery to learn about sea turtle conservation methods. Following this, the Ambalangoda Mask Museum offered a unique cultural experience, providing valuable knowledge on traditional masks and the history of Shanthikarma (healing rituals). Lunch was later enjoyed on the beautiful Peraliya beach.

After lunch, the educational visits continued at the Peraliya Tsunami Museum. Here, participants learned about the scientific process behind tsunamis and the facts surrounding the 2004 disaster, as well as the history of the Peraliya train accident. The final destination was the Galle Fort, which the group visited at 5:00 PM. They spent time exploring the fort, learning about its historical significance and colonial past.

The group departed the fort at 6:30 PM, successfully concluding the tour and returning home by 9:15 PM. Overall, the trip was highly beneficial, providing important knowledge and enriching the participants' understanding of Sri Lanka's Buddhist and colonial history, the importance of nature conservation, and the nation's rich cultural heritage.

Click for more pictures

YMCA අධ්‍යාපනික චාරිකාව

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන අධ්‍යාපනික සහ විනෝදය  චාරිකාව 2025 නොවැම්බර් 15 වන දින උදෑසන 5.45  ට සෙත්තප්පාඩුව දේවමාතා මණ්ඩපය ආරම්භ විය. මේ සඳහා මාකලෝසා සිහින පාසලේ සහ YMCA ළමුන් ළමුන් 31 දෙනෙකු,  කාර්ය මණ්ඩලය, තරුණ තරුණියන් සහ දෙමාපියන් ඇතුළු 40 දෙනෙකුගේ පිරිසක් සහභාගී වූහ.

පළමුවෙන් කළුතර බෝධිය දැක බලා ගත් අතර, එහිදී ස්තූප ව්‍යුහය සහ බෞද්ධ ඉතිහාසය පිළිබඳව දැනුම ලැබිණි. අනතුරුව, රිච්මන්ඩ් කාසලය වෙත ගොස් ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය හා පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පය ගැන අධ්‍යයනය කළෙමු.

කොස්ගොඩ කැස්බෑ අභිජනනාගාරයේදී කැස්බෑ සංරක්ෂණ පිළිබඳව ඉගෙන ගත්තෙමු. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරය නැරඹීමෙන් අපගේ සංස්කෘතික උරුමය හා ශාන්තිකර්ම ඉතිහාසය පිළිබඳව දැනුම ලැබීම විශේෂ අත්දැකීමක් විය. දවල් ආහාරය ලබාගත්තේ සුන්දර පැරෑලිය මුහුදු වෙරළේදී ය. ඉන් අනතුරුව පැරැලිය පිහිටි සුනාමි කෞතුකාගාරය නිරීක්ෂණය කර, සුනාමි ඇතිවන විද්‍යාත්මක ක්‍රියාවලිය හා 2004 අනතුරේ තොරතුරු පිළිබඳව දැනුම ලබා ගත් අතර, පැරෑලිය දුම්රිය අනතුරේ ඉතිහාසයද දැන ගන්නා ලදී.  

අවසන් ගමනාන්තය වූ ගාල්ලට සවස 5.00ට ළඟා වී, ගාලු කොටුව තුළ කාලය ගත කර, එහි ඓතිහාසික වැදගත්කම සහ යටත් විජිත ඉතිහාසය පිළිබඳව තවත් කරුණු ඉගෙන ගන්නා ලදී. සවස 6.30 ට කොටුවෙන් පිටත් වූ අතර, රාත්‍රී 9.15ට නැවත නිවෙස් වෙත පැමිණීමත් සමඟ සියලු සැලසුම් සාර්ථකව අවසන් විය.

මෙම සංචාරය තුළින් ශ්‍රී ලංකාවේ බෞද්ධ හා යටත් විජිත ඉතිහාසය, සොබාදහම් සංරක්ෂණයේ වැදගත්කම, සහ සංස්කෘතික උරුමය පිළිබඳව වැදගත් දැනුමක් ලබා ගැනීමට හැකි විය.

පින්තූර සඳහා ක්ලික් කරන්න

Thursday, October 30, 2025

ඉන්දියා ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් තරුණ හුවමාරු වැඩසටහන යටතේ තරුණ කණ්ඩායමක් පමණුගමට

ඉන්දියානු තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික කවුන්සිලයේ (NCYI) තරුණ කණ්ඩායමක් 2025 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් 2 දක්වා ශ්‍රී ලංකා තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. මෙම පිරිස් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් තරුණ තරුණියන් 9 දෙන්නෙකුගෙන් සමන්විත වන අතරින්  ඔවුනට නායකත්වය ලබා දෙන්නේ ඉන්දියානු තරුණ ක්‍රිස්තියානි සංගම් ජාතික සභාවේ ලේකම්වරුන් දෙදෙනෙකු වන ආචාර්ය කෝෂි ඇලෙක්සැන්ඩර් සහ සුජින් යන මහත්වරුන් විසිනි. 

කණ්ඩායම ඔක්තෝබර් 29 වන දින උදෑසන පමුණුගම YMCA වෙත පැමිණ පසුදා දක්වා රැඳී සිටියේය. මෙම කාලය අතරතුරදී පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සත්කාරකත්වය සැපයූ අතර දිනය ආරම්භ කරන ලද්දේ පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ වැඩසටහන් සහ ව්‍යාපෘති පිළිබඳව සහ ප්‍රදේශය පිළිබඳව හඳුන්වා දීමකිනි.  

ඉන් පසුව කණ්ඩායම පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් පවත්වාගෙන යනු ලබන මාකොලෝසා සිහින පාසල වෙත පැමිණියෝය.  එහිදී ඔවුන් පාසලේ වැඩකටයුතු සහ ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය වෙනුවෙන් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ මැදිහත්වීම පිළිබඳව දැනුවත් වන ලදී. මෙහිදී ගුරුවරුන්, කළමනාකාර තුමන් සහ දරුවන් සමග ඉතා සුහදශීලීව ගතකල කාලය කණ්ඩායම් දෙකටම ඉතා හැඟීම්බර සහ සුවිශේෂී අත්දැකීම් එක්කරන ලදී.  

දිවා ආහාරයෙන් පසු, පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් ලංකාව තුළ ප්‍රවර්ධනය කරන Kubb ක්‍රීඩාව ඉන්දියානු මිතුරන් වෙත හඳුන්වා දෙන ලදී. ඉන් අනතුරුව සුහදශීලීව තරග කීපයක් පැවැත්වුණේ පමුණුගම තරුණ තරුණියන් පහළොස් දෙනෙකු සහ මීගමුව තරුණු ක්‍රිස්තියානි සංගමයේද තරුණ තරුණියන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙනි. 

ඉන් අනතුරුව දෙරටේම තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් සංස්කෘතික සාකච්ඡාවක් පැවැත්විණ. එහිදීම සංස්කෘතික විශ්වාසයන් සහ ඇදහිලි, සංගීතය සහ චිත්‍රපටිය ඇතුළු කලාව, ආහාර සහ ඇඳුම් වැනි සංස්කෘතික අංගයන්හි දෙරටේ පවතින සමානතා සහ අසමානතා පිළිබඳව තොරතුරු බෙදා ගන්නා ලදී. පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ දරුවන්ගේ නර්තන අංග තුනක් ද මේ අතරේදී ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ පාලක මණ්ඩල සාමාජිකයින් ද එක් වූ අතර දෙපාර්ශ්වය අතර සිහිවටන හුවමාරුවක්ද සිදුකිය. අවසානයේ සියලු දෙනා එක්වෙ රාත්‍රී ආහාරය ලබා ගන්නා ලදී.  

මෙම සංචාරය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිස්තියානි සංගම් අතර මෙන්ම තරුණ  තරුණයින් අතර මිත්‍රත්වය සහ සහයෝගීතාවය ශක්තිමත් කළ අතර, YMCA ක්‍රියාකාරකම් සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳව අධ්‍යයනයකට අවස්ථාවක් වූයේ බොහෝ සුන්දර මතක ඉතිරි කරමිනි. 

Wednesday, October 29, 2025

Visit of Youth from the National Council of YMCAs of India to Pamunugama YMCA

A group of youth from the National Council of YMCAs of India (NCYI) visited Sri Lanka from 27 October to 2 November 2025 through the National Council of YMCAs of Sri Lanka. The delegation included nine youth members representing different regions of India, along with two leaders — Dr. Koshy Alexander Vaidyan and Mr. Sujin, both Secretaries of NCYI.

The team arrived at Pamunugama YMCA on the morning of 29 October and stayed until the following day. The YMCA of Pamunugama hosted the group and began the visit with a brief introduction to the YMCA and its community work in the area.

Then the delegation visited the Makalause Dream School, where they learned about the Disability Inclusion Project run by the YMCA of Pamunugama. They met the teachers, manager, and students, spending time together in meaningful interaction. The experience was touching and inspiring for both the visitors and the local community.

After lunch, the visitors were introduced to Kubb, a community-building game promoted by the YMCA. Around 30 participants took part in the games — including 15 youth from Pamunugama YMCA, 6 from Negombo YMCA, and the visiting youth from India. The activity created a friendly and energetic atmosphere, helping the groups connect through teamwork and play.

The day ended with a cultural discussion and three dance performances by YMCA children. Board members of the YMCA of Pamunugama also joined the evening programme, which concluded with a shared dinner. Before the group’s departure, mementos were exchanged as a gesture of friendship and appreciation.

The visit strengthened friendship and collaboration between YMCA youth of India and Sri Lanka, provided shared learning on YMCA activities and community engagement, and created new bonds through cultural and recreational exchange. It was a simple but meaningful experience that reflected the true spirit of the YMCA movement.

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip