සමාජ වගකීම තේරුම් ගැනීම සහ ක්රියාත්මකවීම පිළිබඳව සංවාද මාලාවේ මූලික සංවාදයක් ජනවාරි මස 11 වන දින පමුණුගම YMCA හීදී පැවැත්වින. යොවුන් හවුලේ නියෝජිතයින් කීපදෙනෙක් සහ ජනෝදානය කණ්ඩායමේ දේශපාලන සාක්ෂරතාවය පිළිබඳ කමිටුවේ නියෝජිතයින් මෙම රැස්වීම සඳහා සහභාගී විය.
සරත් ඉද්දමල්ගොඩ පියතුමන් විසින් සංවාදය මෙහෙයවූ අතර මනුෂ්යත්වය, පීඩිතභාවයේ විවිධ හැඩයන් සහ එයින් මිදීම සඳහා කුමක් කළ යුතුද වැනි කරුණු එහිදී අවධානයට ලක්විය. මීලඟ සංවාදය පුනරුදය පිළිබඳව සිදු කිරීමට කණ්ඩායම එකඟ වූ අතර ඊට පෙර සමාජ වගකීම ඉටුකිරීමෙහි ලා ක්රියාකාරී සැලැස්මක් සකසා ගැනීමටද තරුණ පිරිස එකඟ විය.
No comments:
Post a Comment