Tuesday, February 2, 2021

Scouts at YMCA after a while

With the escalation of Covid 19 second wave YMCA had to temporally stop regular gatherings of the Scouts in the YMCA premises. Scouts were only involved with the Covid 19 Special Scout Programme which they had to follow from their homes. Scouts were so eager to meet physically and they had the first opportunity to do so on 31 January, 2021.Special Scout Meeting was held in the YMCA following all the health regulations. 

Scout Master Danuka and the staff led the day where scouts enjoyed the company of fellow scouts singing, participating in games and having meals together. At the event, scouts who have successfully completed the First Phase of Covid 19 Special Scout Programme were awarded with the souvenir badge.

20 Scouts joined the day and also discussed the future activities of the Scout Programme at the event. YMCA is looking forward to continue scouts activities with physical meetings in the future while give priority to the safety of the scouts.




කළකට පසු රැස්වූ බාලදක්ෂයෝ

කොවිඩ් 2 වන රැල්ල සමඟ සියළුම බාලදක්ෂ රැස්වීම් නැවත්වීමට සිදුවූ අතර දරුවන් නිවසේ සිට සිදු කරන ලද කොවිඩ් 19 බාලදක්ෂ වැඩසටහන හා සම්බන්ධව සිටියහ. කෙසේ වෙතත් දරුවන් නැවත සාමාන්‍යය බාලදක්ෂ රැස්වීම් පැවැත්වීම සඳහා ඉතා කැමැත්තෙන් පසුවූ අතර, ඒ සඳහා අවස්ථාව 2021 ජනවාරි මස 31 ඉරුදින දරුවන්ට උදාවිය.

එදින විශේෂ බාලදක්ෂ හමුවක් සංගමයේ දී සංවිධානය කොට තිබුනේ බාලදක්ෂ නායක ධනුක ජයමාන්න මහතාගේ සහ කාර්යය මණ්ඩලයේ මැදිහත්වීමෙනි. කලකට පසු එහිදී තම මිත්‍ර බාලදක්ෂයින් සමග ගීත ගායනා කරමින්, ක්‍රිඩාවල යෙදෙමින් සහ එක්ව ආහාර ගමිනින් බාලදක්ෂ කටයුතු වල යෙදීමට අවස්ථාව හිමිවිය. කොවිඩ් 19 විශේෂ බාලදක්ෂ 
වැඩ සැළැස්ම නිම කරන ලද ළමුන් හට සමරු පදක්කම් පිරිනැමීමද එදින සිදුවිය.

මෙදින රැස්වීම සඳහා දරුවන් 20 දෙනෙකු සහභාගී වූ අතර ඉදිරි බාලදක්ෂ ක්‍රියාකාරකම් සහ නිවසේ සිට සිදුකරගෙන යන කොවිඩ් 19 විශේෂ බාලදක්ෂ වැසටහනේ දෙවන පියවරේ ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරින. පවතින තත්වයන් හමුවේ වුවද හැකි සෑම අවස්ථාවකම සෞඛ්‍ය නීති පිළිපදිමින් ඉදිරියටත් සාමාන්‍ය බාලදක්ෂ කටයුතු පවත්වාගෙන යෑමට සංගමය බලාපොරොත්තු වේ.













Saturday, January 23, 2021

එම්. පී. නෙත්තසිංහ ශිෂ්‍යත්ව වැඩසටහන

2020 වර්ෂයේදි පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය හරහා ක්‍රියාත්මක කරන ලද නවතම ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස එමි.පී. නෙත්තසිංහ ශිෂ්‍යත්ව වැඩසටහන හදුන්වා දිය හැකිය. පමුණුගම ප්‍රදේශයේ ජීවත්ව ඒ ආශ්‍රිතව පාසල්  අධ්‍යාපනය ලබා දැනට ඇමරිකාවෙි ජීවත්වන නිර්මලී ප්‍රනාන්දු මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයින් විසින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා  මුල්‍යමය අනුග්‍රහය ලබා දෙන ලද අතර 2022 වර්ෂයේදී  අ.පො.ස.  උසස් පෙළ විභාගය සඳහා මුහුණදිමට නියමිත සිසුවියන් දෙදෙනෙකු මෙි සඳහා තෝරාගනු ලැබුහ. 

තවද 2020 දෙසැම්බර් මස ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2022 අගෝස්තු මස මෙම දරුවන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන තෙක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.  මෙම වැඩසටහන සඳහා දරුවන් තෝරාගැනීමෙිදී ඔහුන්ගේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හා  පවුලේ ආර්ථීක අපහසුතා සැළකිල්ලට ගත්  අතර සෑම මසකට වරක්ම රු.3,000 ක මුදලක් දරුවන් හට ලබාදිම සිදුකරයි. 2020 දෙසැම්බර් මස 10 වන දින මෙම වැඩසටහන සඳහා මුල්‍යමය අනුග්‍රහය ලබා දෙන නිර්මලී මහත්මිය හා ශිෂ්‍යත්වලාභි මෙම දරුවන් අතර විශේෂ හමුවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවති අතර මෙි තුළින් දෙපාර්ශවය අතර සුහදතාවයද තවදුරටත් වර්ධනය විය.

Wednesday, December 16, 2020

කොවිඩ් වසංගතයට මුහුුණ දීම සඳහා මාකලෝසා සිහින පාසලේ දරුවන් හට විශේෂ වැඩසටහන් සැළැස්මක්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන වල එකමුතුවේ ඉදිරිපත් කිරීමක් ලෙස කොවිඩ් වෛරසය හෙතුවෙන් නිවෙස් තුලට වී සිටින දරුවන් හට ක්‍රියත්මක කිරීම සදහා ක්‍රියාකාරකම් ඇතුලත් පොත් පිංචක් නිර්මාණය විය.

මෙම කාලය තුල දරුවන්ට නොලැබි යන පාසල්  අධ්‍යාපනය විකල්ප ක්‍රම භාවිතයෙන් ලබා දීමට දැරූ උත්සහයයක ප්‍රතිඵලයක් ලෙසද මෙම වැඩමාලාව ඇතුලත් පොත් පිංච දැක්විය හැක. මෙම පොත දරුවන්ගේ අධ්‍යාපනය, කායික, මානසික, විනොදාස්වාදය යන සියල්ලක්ම කැටි වූ අත් පොතකි.

මේ හරහා දරුවන්ගේ කාලය ප්‍රයෝජනවත්  හා ඵලදායී ලෙස ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමද අරමුණක් වේ. දෙමාපියන් හට ක්‍රියාකාරකම් පොත් පිංච හඳුන්වාදීම සහ බෙදාදීම 2020 දෙසැම්බර් මස 07 වන දින මාකලෝසා සිහින පාසලේදී සිදුවූ අතර අප සංවිධානයට අනුබද්ධිත අනිකුත් ආයතන වල බෙදා හැරීම් කටයුතු මේ දිනවල සිදුවේ.







Friday, December 4, 2020

කොවිඩ් 19 දෙවන රැල්ලට සංගමයේ ප්‍රතිචාර

මෙි දිනවල පැතිර යන කොවිඩි වසංගත තත්වය හේතුවෙන් සෙත්තප්පාඩුව ප්‍රදේශයටද බලපෑම් සිදුවිය. ඒ කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙකුම එම ප්‍රදේශයෙන් හමුවීම නිසාය. තවද මෙම තත්වය මත මෙම ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් හා පවුල් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළයාම පදනම් කර ගනිමින් පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මෙි සඳහා මැදහත් වීමට තීරණය කරන ලදී.

ඒ අනුව මෙම ප්‍රදේශයේ ජනතාවට නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දෙමින් දැනුවත් කිරීමෙි පත්‍රිකා සමඟ සෑම නිවසකටම ගොස් දෙවන වරටත් සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණ 5 බැගින් මුව ආවරණ  800ක් බෙදා දීමෙි වැඩසටහනක් 2020 නොවැම්බර් මස  26 වනදා පවත්වනු ලැබීය. මෙි සඳහා සංගමයේ පාලක මණ්ඩලයේ උපදෙස් අනුව සංගමයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වය හිමිවිය.

එමෙන්ම සංගමය හා සම්බන්ධ ළමා සාමාජිකයින් තිදෙනෙකුගේ පවුලේ සාමාජිකයෙකු බැගින් ආසාදනයට ලක්වී තිබූ අතර නිරෝදානයට ලක්කොට තිබූ එම පවුල් සඳහා වියලි සලාක මල්ලක් බැගින්ද ලබා දෙන ලදි.

Tuesday, December 1, 2020

විවෙිචනාත්මක මාධ්‍ය භාවිතය හා තොරතුරු සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩසටහන

සන්නිවෙිදන පුහුණු මධ්‍යස්ථානය (CCT), UNDP ශ්‍රි ලංකා ආයතනය සමඟ එක්ව තරුණ තරුණියන්ගේ  මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන ලද විවෙිචනාත්මක මාධ්‍ය භාවිතය හා තොරතුරු සාක්ෂරතාවය පිළිබඳ තෙදින වැඩසටහනක් 2020, නොවැම්බර් මස 23, 24,25 වන දිනයන්හිදී සූම් තාක්ෂණය ඔස්සේ පැවති අතර ඒ සඳහා අප සංගමය නියෝජනය කරමින් වැඩසටහන් සම්බන්ධීකාරිණි හිමල්ෂා චමෝදි මහත්මිය සම්බන්ධ විය.

මෙම වැඩසටහන තුළදී සත්‍ය හා අසත්‍ය තොරතුරු හදුනාගැනීම, මාධ්‍ය හැසිරීම හා පක්ෂග්‍රාහිභාවය හදුනාගැනීම,  සමාජ මාධ්‍ය යහභාවිතයන් පිළිබඳව අවබෝධය ලබා දීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, වෛරී කථනය වාර්තා කළ හැකි ආකාර යනාදිය පිළිබඳව න්‍යාත්මක හා ප්‍රායෝගික අවබෝධයක්ද  ලබා දෙන ලදී. 

Programme Calendar

  • 27 October, 2015 - Reading Camp at Peralanda
  • 24 October, 2015 - Rover Phase 01 Training
  • 15 October, 2015 - Pre-School Fair
  • 04 October, 2015 - Children's Day
  • 19 September, 2015 - Ape Sindu Patiya Fund Raising Event
  • 12 September, 2015 - Day Camp at Colombo YMCA
  • 24-26 August, 2015 - Scout Camp at Riverstan
  • 31 July, 2015 - Prefects Training Workshop
  • 31 July, 2015 - Pre-School Exhibition
  • 27 June, 2015 - Pre-school Trip